(දයාරත්න ඇඹෝගම)
රුපියල් ලක්ෂ 180 ක වියදමින් ඉදි කෙරුණු අනුරාධපුර මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(24) ජනතා අයිතියට පත් කෙරිණි.
එහිදී අදහස් දැක්වූ මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා මෙසේද පැවසිය.
“මේ වගේ දුෂ්කර ප්‍රදේශවල ජනතාව අනිවාර්යෙන්ම දහසකුත් එකක් දුක් ගැහැට මධ්‍යයේ තමයි ජීවත් වෙන්නේ, එක පැත්තකින් කාලගුණය හරස් වෙනවා බොහෝ අවස්ථාවන් වලදී පානීය ජලය ටිකවත් නැතිව යනවා සමහර වෙලාවට. මේ ප්‍රදේශවල ඇති වෙන දූවිල්ල බොහෝ විට මේ ඉන්න වැඩි දෙනෙක්ව ලෙඩ රවලට හසු කරනවා.
මොවුන් කොහොම හරි බඩගින්න නිවන්න ඕන නිසා ආහාර ගන්නේ. පෝෂණය පැත්ත බැලීමක් නෙමෙයි වෙන්නේ, ඒ නිසත් ලෙඩ රෝග ඇති වෙනවා. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයට ආවේණික වෙච්ච වකුගඩු රෝගයත් මේ ප්‍රදේශයේ බහුල වශයෙන් තිබෙනවා. මෙහෙම ගත්තම ජීවත්වීමට බොහෝම අපහසුතාවයක් තියෙනවා ජනතාවට.
නමුත් ජනතාවගේ අපහසුතාවයන් මගහරින්නට නම් රජයේ මහා දැවැන්ත මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා. මේ අය බලාකියා ගන්න. ඒ බලාකියා ගැනීමේදී ප්‍රධාන කාරණයක් විදිහට අපි දකින්නේ නිරෝගීකම, රෝග හැදෙන්නැති වෙන්නත්, හැදුනු රෝගය සුව කර ගන්නත් මේ ස්ථාන වැදගත් වෙනවා. ජනාධිපතිතුමා මැදිහත් වීම මත ප්‍රධාන කරුණු දෙකකට සංවර්ධනය පැත්තෙන් ප්‍රමුඛත්වයක් ලබා දීලා තියෙනවා. ඒ තමයි සෞඛ්‍ය හා අධ්‍යාපනය.
ඊට අමතරව දිවයිනේ දැවැන්ත ප්‍රශ්නය වන මත්ද්‍රව්‍යය සඳහා දැඩි තීන්දු අරගෙන දැඩිව ක්‍රියා කරනවා. එතුමාට මේ රටේ මිනිසුන් විතරක් නෙමෙයි විදේස් රටවලින් පවා ප්‍රශ්න ගැටලු එනවා, තර්ජන, අභියෝග එනවා. නමුත් එතුමා සෘජුව කටයුතු කරගෙන යනවා. අපේ අම්මලා-තාත්තලාගේ අවශ්‍යතාවය, ඕනෑකම තියෙන්නේ අපේ දරුවා මේවායෙන් බේරා ගත යුතුයි කියන එක.
තමුන්නාන්සේලාට හැමදේටම කොළඹ තියෙන මහා පෞද්ගලික අංශ වලට යන්න පුළුවන්කමකුත් නෑ. ගමේ තියෙන රෝහලට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ, ගමේ තියෙන තැනින් තමයි බෙහෙත් ටික ගන්නේ. ඒ තැන දියුණු කරන එක, අවශ්‍යය පහසුකම් ටික දෙන එක අපේ රජයේ වගකීමක් යුතුකමක් වෙනවා” යැයි පැවසීය.
මෙම අවස්ථාවට ඉපලෝගම ප්‍රාදේශිය සභාවේ සභාපති නිහාල් තිලකවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මහඉලුප්පල්ලම ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ජනතා අයිතියට