IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


රංගිරි දඹුලු විහාර භාරකාර හිමිගේ ජන්ම දිනයට අසරණ පවුලකට නිවසක්

(කාංචන කුමාර ආරියදාස)


ලාදුරු රෝගයෙන්  සහ තවත් රෝග කිහිපයකින් පෙළෙමින් සිය මව සමඟ කුඩා පැළක දිවි ගෙවූ අසරණ පවුලකට නව නිවසක් තනා භාරදීමේ  මහා පිංකමක් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම උල්පතගම ග්‍රාමයේදී සිදුකෙරිණි.


ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාර හා  ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර රංගිරි දඹුලු වළගම්බා මහ පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල ස්වාමීන් වහන්සේගේ 58 වෙනි ජන්ම දිනය 13 වන දිනට යෙදී තිබිණි. 


ඒ අනුව උපන්දිනයට දිනකට පෙර ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ වලගම්බා පිරිවෙනෙහි කුඩා හිමිවරුන් කිහිප දෙනෙකු එක්ව උන්වහන්සේගේ උපන්දිනය සිහි ගැන්වීම පිණිස මෙම අසරණ පවුලට උපන්දිනයට දිනක් තිබියදී මෙම නිවස තනාභාර දීම විශේෂත්වයකි.


ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචි සමන්ත පුෂ්පකුමාර සහ ඔහුගේ මව චාලට් නෝනා යන දෙදෙනාට මෙම නිවස බාරදීම සිදු කෙරිණි.


සමන්ත පුෂ්පකුමාර  කාලයක සිට ලාදුරු රෝගීන් සහ විවිධ රෝගාබාධ කිහිපයකින්ම නිසා  ඉතා අසරණව කාගෙන් හෝ ඉල්ලා ගන්නා මුදලින් තව මව ජීවත් කරවමින් සිටියේය. ඔහු කුඩා කටු මැටි ගැසූ පැල්පතක තම මව සමඟ ජීවත්වන බව  ප්‍රදේශයේ බොහෝ දෙනෙකු දැන සිටියහ.


 පසුව දඹුල්ල  ප්‍රදේශයේ පදිංචි තරුණයකු  එස් .ඒ . චන්දන අරුණසිරි මහතා මේ පිළිබඳව අවබෝධ කරගෙන රංගිරි ශක්ති යොවුන් සංසදය, දඹුල්ල ප්‍රදේශයේ තරුණ පිරිසක්, මෙන්ම මෙත් බෝසත් පාරමිතා පදනම එක්ව මෙම නව නිවස ඉදිකොට  රාහුල නා හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබුණි.


නව නිවසක් ඉදිකර  ඔවුන්ට භාර කරන අවස්ථාවේ එම ස්ථානයට වැඩම කළ මහා සංඝරත්නය මෙම නිවසේ තවත් අඩුපාඩු විපරම් කර බලන අවස්ථාවේ දී ඔවුන්ට වැසිකිලියක් නොමැති බව අනාවරණය වී පසුව මෙම ස්ථානයට වැඩම කළ මහා සංඝරත්නය එම ස්ථානයේ ඔවුන් වෙනුවෙන්  සම්පුර්ණ වැසිකිලිය තනා දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.


මහා සංඝරත්නය වැඩමවා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අඹගස්වැවේ රාහුල මහ නා හිමියන් විසින් නව නිවසේ පීත්ත පටිය කපා දොර විවෘත කර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිවසෙහි වඩා හිඳුවා මෙම පවුලට නිවස භාර කිරීම සුභ මොහොතින් සිදු කෙරිණි.



අදහස් (0)

රංගිරි දඹුලු විහාර භාරකාර හිමිගේ ජන්ම දිනයට අසරණ පවුලකට නිවසක්

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 263 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1264 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 355 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 422 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 418 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 306 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site