(කාංචන කුමාර ආරියදාස)
රජයේ ඉඩමක දස වසරක් භුක්ති වින්දහොත් සින්නක්කර ඔප්පුව ලබාදෙන රජයේ වැඩසටහනට යටතේ ඉඩම් ලබාගැනීමේ අරමුණ ඇතිව ව්‍යාජ ලෙස රජයේ රක්ෂිත අත්පත් කරගන්නා මහා පරිමාණ ජාවාරමක් ඓතිහාසික රිටිගල කඳු පාමුළ ගනේවල්පොල කඳුබොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව තොරතුරු අනාවරණය වී තිබේ.
කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගනේවල්පොල රිටිගල කඳු පාමුළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කඳුබොඩ ප්‍රදේශයේ ඉතා රහසිගතව කණ්ඩායමක් විශාල ගස් වැල් කපා දමා රිටිගල රක්ෂිතය හෙළිපෙහෙළි කර ගිනි තබමින් සිටින බවට ලැබුණු තොරතුරක් අනුව එහි ගිය විට මෙම කරුණ අනාවරණය කර ගැනීමට හැකි විය.
ඒ අනුව අද (09) දහවල් එම ස්ථානයට යන විටත් විශාල භූමි ප්‍රමාණයක් වනය විනාශ කර ගිනි තබා තිබෙන අතර විශාල භූමි ප්‍රමාණයක් හෙළිපෙහෙළි කර මේ වන විට කජු පැළ සිටුවා භුක්තිය ඔවුන්ගේ සතුකර ගැනීමේ ක්‍රියාවලිය දැක ගැනීමට හැකියාව ලැබිණි.
එයට සමගාමීව රිටිගල රක්ෂිතයේ ඉපැරණි ගස් සියල්ල කපා ගිනි තබා විනාශ කරමින් ඉඩම් හෙළි පෙහෙළි කරන ආකාරය විවිධ ඉදිකිරීම් සඳහා අඩිතාලම් කපා ගඩොල් රක්ෂිතයේ ගෙනැවිත් දමා තිබෙන ආකාරයද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
රක්ෂිතයේ පිහිටි ඉතා වටිනා රූක්ෂ ගස් මුල්වලට ගිනි තබා ඒවා ද විනාශ කිරීම මෙම ජාවාරම්කරුවන් විසින් ඉතා ජයටම සිදුකෙරෙන යන ආකාරය ද රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
මේ වනවිට ස්ථාන හයක පමණ අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක් මෙසේ අත්පත් කරගෙන ඇතිබව ප්‍රදේශවාසීහු කියති .එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බවට හැඟවෙන ලී කැබලි වලින් මායිම් සටහන් කර තිබෙන ආකාරයද රක්ෂිතය තුළ දක්නට ලැබිණි. මෙම මහා පරිමාණ ජාවාරම පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැකිරාව අඩවි වන කාර්යාලය විමසීමේදී එහි ඉහළ නිලධාරීහු සහ පහළ නිලධාරීහු පරස්පර ප්‍රකාශ නිකුත් කළහ.
මුලින්ම අප මේ පිළිබඳව විමසීම සඳහා කැකිරාව අඩවි වන නිලධාරී රවින්ද්‍ර ලාල් මහතා හමුවීමට එම කාර්යාලයට ගියෙමු.
ඒ මහතා කියා සිටියේ පුද්ගලයන් දෙදෙනෙකු මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කොට තිබෙන බවයි. ඔවුන් පැරණි බලපත්‍රයක් පෙන්වූ බවද එය තමාට පිළිගැනීමට නොහැකි බවද ඩවි වන නිලධාරි රවීන්ද්‍රලාල් මහතා පැවසීය. එමෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලී කණුවලින් මායිම් සටහන් කිරීමත් සිදු කර නැති බව ද ඔහු මෙහිදී කියා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
රිටිගල රක්ෂිතයේ ඉඩම් කොල්ලයක්
sharm warn Wednesday, 10 July 2019 09:30 AM
මේවා පිටුපසින් දේශපාලන හස්ත නැහැයි කියලා කවුරු හරි කියන්නකෝ .. අපි හරි ආසයි අහන්න .. කෝ මේ පාටලී චම්පික ... අර කිවේ අනාගත දේශගුණ පෙරලි ගැන .. මේ වෙන්නේ ඒවාට පාර කපන ඔහෙලගේම හෙන්චයියන්ගේ සහයෝගය තමයි .. පරිසර අධිකාරියයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි ගොර ඇද ඇද නිදි ... අල්ල ගන්න එවුන් වත් ඇප පිට එලියට දාලා තියෙන්නේ ..ඉතුරු ටිකත් ඉවර කරපන් කියල වෙන්න ඇති ... අඩු ගානේ ගමේ මිනිස්සුන්ට වත් මේ අපරාදේ ට විරුද්ද වෙන්න බැරිද ???