(කාංචන කුමාර ආරියදාස)
කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් මොලගොඩ ගලෙන්බිඳුනුවැව දිවුල්වැව ප්‍රදේශයේ හුරුළු රක්ෂිතයේ සහ රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක් සිදුවෙමින් පවතී.
දේශපාලන අධිකාරිය රාජ්‍ය නිලධාරීන් වන සංරක්ෂණ නිලධාරීන් ආදී රාජ්‍ය නිලධාරීන්ගේ දැඩි රැකවරණය මත අක්කර ගණනාවක් මේ වන විට කපා පුළුස්සා විනාශ කර තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
කැකිරාව ආසනයේ එක්තරා දේශපාලන පක්ෂයක ආසන සංවිධායක වරයෙකුගේ අනුදැනුම මත හා ඔහු ළඟ සේවය කරන මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා සේවකයෙකු ලෙස හබරණ හුරුළු රක්ෂිත උද්‍යානයේ සේවකයෙකු සහ තවත් කණ්ඩායමක් විසින් මේ දිනවල කුලී කම්කරුවන් යොදාගෙන අති විශාල භූමියක් මහ ගණ කැලෑව කපා ගිනි තැබීමේ කටයුතුවල නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ප්‍රදේශයට වෙනත් පිටස්තර අයෙකුට ගමන් කිරීමට නොහැකි වන පරිදි ප්‍රදේශයේ අවට ඔවුන්ගේ තැරැව්කරුවන් යොදා තිබෙන බවත් ගම්මානයේ අයෙකු මේ පිළිබඳව පැමිණිල්ලක් හෝ තොරතුරක් රාජ්‍ය නිලධාරීන්ට ලබා දුන හොත් එම අවස්ථාවේ ම දේශපාලන ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ දුරකථන අංක නම් සහිතව ලබා දීම නිසා ප්‍රදේශවාසීන්ද මෙම වන විනාශයට දැඩි බියකින් පසු වෙති.
වන විනාශයන් වලට දැඩිව විරෝධය ප්‍රකාශ කරන පිරිසක් බව සමාජයේ පෙනී සිටිමින් ඉතා රහසිගතව දේශපාලන රැකවරණය මත මෙම වන විනාශය සිදු කරමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.
ඉතා රහසිගත කැමරා ආම්පන්න සමග වෙස් වලාගෙන මෙම රක්ෂිතයට ගිය අපට දැක ගැනීමට හැකි වූයේ රක්ෂිතයේ මහ ගස් මෙන්ම සියලුම ගස් කොළන් කපා බිම දමා ලොකු කුඩා වන සතුන් පවා පුළුස්සා තිබෙන ආකාරයයි. ප්‍රදේශයේ ජනතාව කියා සිටියේ දිවුල් වැව ඉස්මත්තේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම මහා වන භූමිය විනාශ කිරීම සඳහා මිනිස් ශ්‍රම දින සියයක් ගතවූ බවය එක් කම්කරුවෙකු හට රුපියල් 1500 බැගින් දිනකට ගෙවා මෙම මහා විනාශය සිදු කළ බවද ඔවුන් රහසිගතව අප සමඟ පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
රිටිගල රක්ෂිතයේ වන විනාශයක්
Bamunuarachchi Monday, 01 October 2018 06:42 AM
අනේ මෙරටට මොකක්දමේ වෙන්නේ.