කාංචන කුමාර ආරියදාස
කුඩා දරු දෙදෙනෙකු සමග දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන මවක් ජීවිතය ඉල්ලා දරුවන්නට කන්න බොන්න දෙන්නට නොහැකිව හඬා වැටෙන ශෝකජනක පුවතක් ගලේවෙල බඹරගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වේ.
වසර දොළහක පමණ කාලයක සිට මෙම මව දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇගේ වයස අවුරුදු දෙකහමාරක් සහ අවුරුද්දක් වයස කුඩා පුතුන් දෙදෙනා කටුමැටි ගැසූ නිවසේ කුසගින්නේ හඬා වැටෙන දුක්බර දසුන් දැක ගැනීමට හැකිවිණි.
එච් .වයි .අසෝකා මාලනී (26) මහත්මිය දෙදරු මවකි .ඇයගේ ස්වාමි පුරුෂයා වූ එම්. ජි. නයනානන්ද රත්නසූරිය කුලීවැඩ කරමින් දරුණු වකුගඩු රෝගයෙන් පෙළෙන බිරිඳවත් කුඩා දරුවන් දෙදෙනාත් පෝෂණය කිරීමට රැකබලා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටී. මේ දිනවල පවතින නියං තත්ත්වය නිසා ඔහුට කුලී වැඩක් හෝ නොමැතිවීම බරපතළ ප්‍රශ්නයකි.
ගොන්න ගස්යාය බඹරගස්වැව ගලේවෙල යන ලිපිනයේ පදිංචි අශෝක මාලනි මහත්මිය හඬා වැටෙමින් අප සමග කියා සිටියේ මහනුවර හා රාගම වකුගඩු රෝහල්වලින් තමන් ප්‍රතිකාර ලබන බවත් මේ වනවිට වකුගඩුවක් බද්ධ කිරීමට වත් නොහැකි තත්ත්වයේ පැවතීම නිසා තමන් ප්‍රතිකාර ගැනීමට නොයන බවයි. ඒ ප්‍රතිකාර ලබාගැනීමට ගමන් කිරීමට මුදල් නොමැති නිසාවෙන්ය. ඔවුන් පදිංචිව සිටි කුඩා පැල්පත කඩාවැටීමත් සමග කටුමැටි ගැසූ පුංචි නිවසක් තනා ගෙන එහි ජීවත් වෙති.
අප මෙම නිවසේ රැඳී සිටින අවස්ථාවේ කුඩා දරුවන් දෙදෙනා මවගේ ඇඟේ එල්ලෙමින් බඩගිනී යැයි පවසමින් හඬා වැටෙන ආකාරයත් නිවසේ දරුවන්ට කන්නට දෙයක් නොමැති නිසා මව හඬා වැටෙන ආකාරයත් දැකගත හැකි විය.
මෙම මවට රජයෙන් ලැබිය යුතු කිසිදු වරප්‍රසාදයක් නො ලැබීම විශේෂත්වයකි. අවම තරමේ සමෘද්ධි සහනාධාරය හෝ වකුගඩු ආධාර වත් නො ලැබී ඇතැයි ඇය පවසන්නීය. සිය සැමියා උපයාගන්නා මුදලින් දරුවන් දෙදෙනාට ආහාර ලබාදීම සිදුකරන බවත් වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට මහනුවරට සහ කොළඹට ගමන් කිරීමට මුදල් නොමැති නිසා මාස 6 ක පමණ කාලයක සිට ප්‍රතිකාර නොලබා සිටින බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
මෙම අසරණ පවුලට කාගේ හෝ සහයෝගයක් ලබා දෙන්නේ නම් එය මහත් පිනකි. ඔවුන්ගේ ලිපිනය එච්.වයි . අශෝකා මාලනී 585/ 1 ගොන්න ගස්යාය බඹරගස් වැව ගලේවෙල , දුරකථන අංකය 072 65 53 713 , ගලේවෙල කොමාෂල් බැංකුවේ 8090020656 අංකයට මුදලක් බැර කලහැකිය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වකුගඩු රෝගී මව දරුවන්ට කන්න දෙන්න බැරිව ලතැවෙයි