(රංජිත් රාජපක්ෂ )
හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කඳුරට හින්දු පූජක සංවිධානයේ ලේකම් ශ්‍රීව ශ්‍රී වේලු ශර්මා පූජකවරයාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් පහර දී අලාභ හානි කර ඇතැයි දිඹුලාගල පොලිසිය කියයි.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පූජකවරයාගේ නිවස ඉදිරිපිට තිබූ මොටර් රථයට කොටගල මේෆිල්ඩ් වත්ත ප්‍රදේශයෙන් ත්‍රිරෝද රථයකින් පැමිණි නාදුනන තිදෙනෙකු විසින් අද (04) මුගුරු වලින් පහර දී පලාගිය බව පුජකවරයා පැවසීය.
වතුකරය නියෝජනය කරන දේශපාලනඥයින් මෙම පහර දීම කරන්නට ඇති බවත්, 71 වන නිදහස් සැමරුම් දිනයේදීත් රට තුළ කිසිදු නිදහසක් නොමැති බවත්, මෙම පහර දීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
වතුකම්කරු සත්‍යග්‍රහයේ යෙදෙන පූජකවරයෙකුගේ මෝටර් රථයට ප්‍රහාරයක්