(අතුල බණ්ඩාර සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
දැනට වසා දමා තිබෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ පීඨ හතර යළි විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවී ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයට මේ වන විට බලපා තිබෙන දැඩි නියං තත්ත්වය නිසා රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයට ජලය සැපයීමේ අසීරුතාවයක් උද්ගත වී තිබෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් දැනුම් දී තිබෙන බැවින් විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය මගින් මෙම තීරණය ගත් බව උපකුලපතිවරයා කීය.
ඒ අනුව මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, කළමනාකරණ අධ්‍යයන පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණ විද්‍යා පීඨය යන පීඨ හතර නැවත විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මහතා කියා සිටියේ මෙම පීඨ හතරෙහි සිසු සිසුවියන් හාර දහසක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි. ඔවුන් සියලු දෙනාම මිහින්තලේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි නේවාසිකාගාරවල නවාතැන් ගෙන සිටින නිසා මේ අවස්ථාවේ එතරම් පිරිසකගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් ප්‍රමාණවත් අයුරින් ජලය සැපයීමට අසීරු බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාර චමින්ද ලොකුබරණ මහතා තමාට දැනුම් දුන් බව කී උපකුලපතිවරයා ඒ අනුව මෙම තීරණය ගත් බව පැවැසීය.
රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ නේවාසිකාගාරවල සිසු සිසුවියන් අතර පැපොල රෝගය හා වෛරස් උණ රෝගයක් පැතිර යාම නිසා පසුගිය 08 වැනිදා හදිසියේම මිහින්තලේ පරිශ්‍රයේ පවත්වාගෙන යන පීඨ හතර වසා දැමීමට මෙම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය තීරණය කරනු ලැබීය.
වසා දැමුණු එම පීඨ හතර පෙරේදා (27) යළි විවෘත කිරීමට නියමිතව තිබුණි. නමුත් ඒ අතරතුර මෙම ජල ගැටලුව පැන නැගුණු නිසා එම පීඨ හතර විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බව උපකුලපතිවරයා පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වතුර නෑ: රජරට සරසවි පීඨ 4 ක් යළි ඇරීම තවත් කල්යයි
දිමුත් Wednesday, 29 August 2018 06:48 AM
විශ්වවිද්‍යාලයක් හදන කොට හරියට සැලසුම් කරපු නැති ප්‍රශ්න තමයි මේ පේන්න තියෙන්නේ.