(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )
අසල්වැසි පුද්ගලයෙකු විසින් වල් ඌරන් මැරීමට දැමූ බවට සැකකෙරෙන අනවසර විදුලිය රැහැනක පැටලී 65 වියැති ගොවියෙකු, විදුලිය සැර වැදීමෙන් දිවුල්ලෑගෙඩදී අද (09) එම ස්ථානයේම මියගොස් ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ නිකවැරටිය, දිවුල්ලෑගෙඩ ප්‍රදේශයේ පදිංචි 65 වියැති එල්.එච්.සෝමපාල නැමති විවාහකයෙක් වන අතර, අනවසර විදුලි රැහැන දැමූ බවට වූ සැකකරුද අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
එම ප්‍රදේශයේම පදිංචි සැකකරු තම ඉඩමකට පැමිණෙන වල් ඌරන් මැරීම සඳහා පෙර දින රාත්‍රියේ මෙම අනවසර විදුලිය රැහැන දමා ඇති බවද, අලුයම් කාලයේ වල් ඌරෙකුට විදුලි සැර වැදීමෙන් එම ස්ථානයේම මියගොස් ඇති බවද, මෙම වල් ඌරා කෑගසන හඬ ඇසී ඔහු උදැල්ලක්ද රැගෙන මෙම ස්ථානයට පැමිණ ඇති බවද, එහිදී ඔහුටත් විදුලි සැර වදින්නට ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
අනවසර විදුලි රැහැන් සහ අසල තිබු මියගිය අයගේ බවට සැක කෙරෙන උදැල්ලක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද, සිද්ධිය සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩල නිලධාරීන් සහ පශුවෛද්‍ය නිලධාරීන් හා එක්ව පරීක්ෂණ සිදුකරන බවද , මියගිය අයගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී අද (09) සිදු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කලේය.
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී.අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙය වීමෙන් නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
විදුලි රැහැනේ පැටලී අයෙක් මරුට