(දිලීප් ජයසේකර / රොෂාන් දිලිප් කුමාර)
පොලිස් විශේෂ කාර්ය බළකාය මැතිවරණයෙන් පසු දිගින් දිගටම දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සඳහා පස් ප්‍රවාහණය කරනු ලබන ටිපර් රථ ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වහා නවතන ලෙස ඉල්ලා ටිපර් රථ රියදුරන් 200ක් පමණ අද (14) සුරියවැව බස්නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවයක් නියැළිණි.
විරෝධතාවයට එක්ව සිටි පිරිස් පැවසුවේ දිගින් දිගටම පොලිස් විශේෂ කාර්ය බළකාය අධිවේගි මාර්ගයට පස් සපයන ටිපර් රථ රියදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ,ඒ හේතුව නිසා සිය රැකියාව පවා දැඩි ලෙස අනතුරට ලක් වි ඇති බවත්ය.
ටිපර් රථ රියදුරෙකුට දිනකට ඉතා සුළු මුදලක් වැටුප ලෙස හිමිවන අතර විශේෂ කාර්ය බළකාය අසාධාරණ ලෙස ටිපර් රථ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේදි වරකට රුපියල් 20,000ක් හෝ 50,000ක පමණ මුදලක් දඩ ලෙස ගෙවිමට සිදු වන බවත් ඔවුන් පවසයි.
එමෙන්ම ටිපර් රථ රියදුරන් පවසන්නේ නීත්‍යානුකූල ලෙස බල පත්‍ර ලබා ගැනීමෙන් පසුව පස් ප්‍රවාහනය කරනු ලැබුවත් පොලිස් විශේෂ කාර්ය බළකායෙන් දැඩි ලෙස බාධා ඇති වෙන බවත් අද (14) ටිපර් රථ 07ක් අත්අඩංගුවට ගත් බවද ටිපර් රථ රියදුරන් පවසති.
ටිපර් රථ රියදුරන් පවසන්නේ තමන් රජයේ දැවැන්ත සංවර්ධණ කාර්යයක් සඳහා පස් ප්‍රවාහනය කරනවා මිසක් වෙනත් ජාවාරම් සඳහා පස් ප්‍රවාහනය නොකරන බවත්ය. ඒ නිසා ඉදිරියේදී මේ සදහා සාධාරණ විසදුමක් වගකිවයුතු පාර්ශව වලින් නොලැබෙන්නේ නම් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පස් ප්‍රවාහනය කරනු ලබන ටිපර් රථ රියදුරන් එක්ව දැඩි තීරණයක් ගන්නා බවත් ඔවුන් වැඩි දුරටත් පැවසිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සුරියවැවදී පස් ප්‍රවාහණය කරන ටිපර් රථ කරුවන් විරෝධතාවයක
lal Wednesday, 14 February 2018 03:48 PM
ඉස්සරවෙලාම මේගොල්ලන්ට පාරේ විනයක් ඇතුව වාහනේ පදවන හැටි ඉගෙනගන්න කියන්න.
ajith Thursday, 15 February 2018 02:38 AM
ඔය ටිපර් රියදුරු මහත්වරු හිතාගෙන ඉන්නේ මහා මාර්ගය අයිති එයාලට විතරයි කියලා. ඉතා අධික වේගයෙන් සහ අනතුරු දායක විධියටයි රිය පදවන්නේ. පස් පටවල ඒක ටෙන්ට් රෙද්දකින් වහන්නයි නීතිය කියන්නේ. මේ ගොල්ල ඉරිච්ච ටෙන්ට් කෑල්ලකින් යන්තම් නාමිකව වහගෙන යනවා. වාහනේ වේගෙට එම රෙදි කැල්ල විසිවේවි යනවා කොඩියක් වගේ. පාරේ යන අයගේ ඇස් වල පස්.