මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පයක් අනුව ඓතිහාසික සේරුවිල සෑයේ ස්වර්ණ ප්‍රාකාර පුජාව පසුගියදා පැවැත්විණි
මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්යාණවංශ නිකායේ සේරුවිල සරණකිත්ති අනුනායක හිමියන්ගේ ආශිර්වාදයෙන් සහ මහමෙව්නාව භාවනා අසපුවාසී හිමිවරුන්ගේත් ශ්‍රද්ධා රූපවාහිනියේත් ශ්‍රද්ධා ගුවන් විදුලියේත් මෙහෙයවීම යටතේ ලොව පුරා සැදැහැවතුන්ගේ ආධාර උපකාර සහිතව මෙම රන්වැට වසරකටත් අඩුකාලයක දී තනවන්නට යෙදුණි.
බුදුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ සහ කේෂ ධාතූන් වහන්සේලා රන් බුදු පිළිමයක සිරසෙහි පිහිටුවා නිදන් කොට කාවන්තිස්ස මහරජු විසින් සේරුවිල මංගල මහා සෑ රජුන් තැනවු බව වංශ කතාවේ කියැවේ.
එම සෑ රජුන් හට උපහාර පිණිස ඉදිකරන ලද රන්කණු දහසකින් පමණ සමන්විත ස්වර්ණ ප්‍රාකාරයක් බඳු වූ අසදිස මහා රන්වැට පසුගිය 31 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ සුරතින් මහාසංඝරත්නයේ සහ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් මංගල මහා සෑ රජුන් වෙත පූජා කැරිණි.
මහා සෑ වන්දනාව සඳහා සෑ රජුන් සැරසීමේ කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන් සෑ රජුන් මුළුමණින් ම සුවඳ පැනින් දෝවනය කිරීමෙන් අනතුරුව ආරම්භ විය.
පින්කම වෙනුවෙන් සෑ රජාන්ගේ පේසා වළලු ද කොත් කැරැල්ල ද සතරැස් කොටුව ද දේවතාකොටුව ද සුවඳ මලින් සරසා මල් කංචුකද පළදා තිබිණි.
එසේ සුවඳ මලින් සිදුකළ සැරසීම් අතර සුවිශේෂීම අංගය වූයේ සෑ රජුන්ගේ බඳ වටා දාමයක ආකාරයෙන් පළඳා තිබූ මුළුමණින්ම මලින් ගොතන ලද සුවිශාල මල් මාලා සමුහයයි.
ගුවන් ගැබෙන් මල් වරුසා ඇද හැළෙද්දී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර සහ හේවිසි වාදන මැද රන් වැට විවෘත විය.
අමරපුර මහා සංඝසභාවේ සභාපති ශ්‍රී කල්යාණවංශ නිකායේ මහානායක දොඩම්පහළ චන්දසිරි මහානායක හිමි ද මහමෙව්නාව භාවනා අසපු වාසී මහා සංඝරත්නය ඇතුළු හිමිවරුන් 500 නමක් ද මෙහෙණින් වහන්සේලා සිය ගණනක් ද ඊට වැඩම කළහ.
පින්කම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂ බලකාය,ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආයතනයන් රාශියක් එක්ව සිටීම සුවිසේශී විය. පැමිණි ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් උදෙසා නොයෙක් ආකාරයේ දන්සල් ද විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සේරුවිල ස්වර්ණ ප්‍රකාර පුජාවේ අසිරිය
දුශාන් Friday, 05 December 2014 03:57 PM
පින් සිද්ද වෙන වැඩක් (දී)
මතුගම Monday, 09 June 2014 05:26 PM
සාධු සාධු සාධු! (නි)