නිශාන්ත කුමාර
ඉන්දීය රජයේ සහයෝගය ඇතිව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මෙම මස 24 වැනි දා සිට ඌව පළාත තුළද ක්‍රියාත්මක කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
සුව සැරිය ගිලන්රථ සේවාව ඌව පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාතේ පොලිස්ථාන 26 ක් සඳහා ගිලන්රථ 26 ක් මේ වන විටත් වෙන්කර ඇති අතර එම ගිලන්රථ බෙදා දීමේ නිල උත්සවය මෙම 24 වැනි දා පස්වරු 4.00 ට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හාලි-ඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමක් මත ඌව පළාත තුළ මෙම සුව සැරිය ගිලන්රථ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිලන් රථ බෙදී දීමට පියවර ගෙන ඇත.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සුව සැරිය 24 වැනි දා සිට ඌවටත්