(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල, මතුගම, කළුතර ඇතුලු අධ්‍යාපන කොට්ඨාසයන්හි සිසුන් ඉලක්ක කර කේරළ ගංජා ජාවාරමක නිරත වූ හිටපු යුද හමුදා සෙබළෙකු කේරල ගංජා ග්‍රෑම් 200 ක් හා ගංජා සුරුට්ටු ඉරීමට ගන්නා දුම්වැටි ෆිල්ටර් 35 ක් සමග අද (23) අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු පවසති.
අත්අඩංගුවට පත් විශ්‍රාමික හමුදා සෙබළා කුඩලිගම පදිංචි 31 හැවිරිදි අයෙකි.
සැකකාර සෙබළා කලක සිට කළුතර දිස්ත්‍රික්කය පුරා ඇති පාසල් හා උපකාරක පංති අවට ගැවෙසෙමින් සිසුන් හා මිත්‍ර වී, කේරළ ගංජා පානයට හුරු කර මෙම ජාවාරම කර ඇතැයි නිලධාරීන් අනාවරණය කර තිබේ. ඇතැම් අවස්ථාවල උපකාරක පංතිවල අත් පත්‍රිකා බෙදීම් වැනි කටයුතුවල නිරත වන අය හා එක්ව එම පත්‍රිකා බෙදීමට ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බවත් අනාවරණය කරගෙන තිබේ.
මෙම සැකකරු සිසුන් 10 දෙනෙකුගේ කණ්ඩායමකට ගංජා පැකට්ටුවක් රු. 3000ක මුදලකට අලෙවි කර ඇති බවත් එමගින් ගංජා පානය කරන තවත් කණ්ඩායම් හඳුනා ගැනීමට එම කටයුතු කර ඇති බවච පොලිස් නිලධාරියෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් විශ්‍රාමික සෙබළා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
===========
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිසුන්ට ගංජා අලෙවි කළ හිටපු හමුදා සෙබළා අත්අඩංගුවට