IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


හිඹුටුගොල්ලෑව විදුහලට නව ගොඩනැගිල්ලක්

උපුල් තම්මිට

ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කලාපයේ කීර්තිමත් පාසැලක්වන හිඹුටුගොල්ලෑව විදුහලේ භෞතික පහසුකම් සපුරාලමින් ඉදිවූ නව පාසැල් ගොඩනැගිල්ල අද(17) සිසු අයිතියට පත්කෙරිණි.

පසුගිය වසරේ ඔක්තෝබර් මස (17) වැනිදින මෙම පාසැලේ පංතිකාමර හතක් පොල්අතුමඩුවක පවත්වාගෙන යන අයුරු ලංකාදීප අන්තර්ජාල සංස්කරණ පුවතක් මගින් හෙළිකිරීමත් සමගම ඩුබායි හි  ප්‍රමාන සමීක්ෂකයකු ලෙස වසර 15 කට අධික කාලයක් සේවය කරන රුචිර කුලතිලක මහතා හිඹුටුගොල්ලෑව විදුහලට අංගසම්පූර්ණ පාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට කැමැත්ත පළකලේය.

ඒ අනුව පසුගිය වසරේ නොවැම්බර් මස (27) වැනිදින නව ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම රුචිර කුලතිලක මහතාගේ සමීපතම හිතවතකු වන අගනුවර පදිංචි මහේෂ් පෙරේරා මහතා අතින් සිදුවූ අතර මාස දෙකහමාරක් වැනි සුළු කාලයක් තුල අඩි 80 දිගින් හා අඩි 20 පළලින් වේදිකාවක් සහිත නව ගොඩනැගිල්ල ඉදිකර අද සිසු අයිතියට පත්කෙරිණි.

ඒ නිමිත්තෙන් අද හිඹුටුගොල්ලෑව විදුහලේදී උත්සවයක් පැවැත්වුනු අතර එහදී අදහස් දැක්වූ රුචිර කුලතිලක මහතා පවසා සිටියේ විදේශගතව සිටින තමන් ඇතුලු තම හිතමිතුරන් නිරන්තරවම තම මව්බිමේ තොරතුරු දැනගැනීම සදහා ලංකාදීප අන්තර්ජාල සංස්කරණ හා බැදී සිටින බවත් ජාතික වගකීමක් ඉටුකිරීමට උරදෙමින්  මෙම පුවත පළකිරීම සම්බන්ධයෙන් ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට විශේෂ ස්තූතියක් හිමිවන බවත් සදහන් කර සිටියේය.

නව ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රුපියල් මිලියන තුනකට ආසන්න පමණ වැයවී ඇති අතර ඒ සදහා ඩුබායි හි සේවය කරන රුචිර කුලතිලක මහතාගේ හිතවතුන් රැසකගේ ද සහාය හිමිව තිබේ.

නව පාසැල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට ගලෙන්බිදුනුවැව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සුරංජි අංමුදුවගේ විදුහල්පතිනී සන්ධ්‍යා කුමාරසිංහ මහත්මියන් ඇතුලු අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නිළධාරීන් රැසක් සමග හිඹුටුගොල්ලෑව ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (2)

හිඹුටුගොල්ලෑව විදුහලට නව ගොඩනැගිල්ලක්

Ruchira Sunday, 19 January 2020 10:52 AM

දැනට මාස 3කට කලින් මේ දුවා දරුවන් සිටියේ පොල් අතු මඩුවකය. අද ඔවුන්ට ඔවුන්ගේ සිහිනය සැබෑවී ඇත.

:       0       1

Nirmala Rukshan Wednesday, 15 April 2020 04:05 AM

මං 1-11දක්වා අධ්‍යාපන ලැබූ පාසලයි. මා පාසල් යන කාලයේ තිබුනේ 1 ගෙඩනැගිල්ලක් සහ පොල් අතු වලින් සෑදූ තාවකාලික මඩුවකි. රුචිර මහත්තයාට පිං සිද්ධ වෙන්න අද පාසල ඉතාම ලස්සනයි වගේම ගොඩක් දියුණුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 389 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1381 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 434 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 533 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 506 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 388 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 263 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site