IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අක්කාගේ කුසෙන් යළි උපන් ගිටාර් වාදකයා

​පෙරභවයේ  ප්‍රබල සාක්කි

 

 

එක්දහස් නමසිය පනස් හතේ ජුනි 8 වැනිදා උපත ලද පිරිමි දරුවා නම් කරන ලද්දේ පර්ටි යනුවෙනි. නිරෝගි දරුවෙකු ලෙස ඔහු උපත ලැබුවත් වසර දහයක් ඇතුළත අනතුරු රැසකට මුහුණදීමට සිදුවිය. වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවී ජීවිතය බේරුණු එම දරුවා ප්‍රථම වරට අනතුරකට පත්වූයේ මවගේ ඇකයේ සිටියදීය. නෑවීමට ගිය අවස්ථාවක දී ඔහු මව අතින් ගිලිහී නාන තටාකයට වැටුණි. වයස අවුරුදු දෙකහමාරේ දී දියේ ගිලී සිදුවීමට ගිය මරණයෙන් ඔහු බේරා ගැනීමට මවට හැකි විය. 

 
නැවත වයස අවුරුදු හතරේ දී ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබූ ස්ථානයක දී අබලි ද්‍රව්‍යයක් අැඟ මතට කඩා වැටී ඔහුගේ දෙපා අනතුරට පත්විය. දෙපාවලට වෙළුම්පටි යොදා මාස පහක් පමණ ඔහු රෝහල්ගතව සිටියේය. එයින් ද ඔහුගේ ජීවිතය බේරුණේය. නැවත වයස අවුරුදු පහේ දී ඔහු සුනඛයෙකුගේ සපා කෑමකට ලක්විය. දරුණු ලෙස සපා කෑ නමුත් පර්ටි එම අනතුරෙන් ද දිවි ගලවා ගත්තේය.   


මේ අයුරින් වරින් වර සිදුවූ අනපේක්ෂිත අනතුරු නිසා ඔහුට අධ්‍යාපනය ලැබීම ද අවහිර විය. වැඩිදුර අධ්‍යාපනය නොලැබූ ඔහු වයස අවුරුදු දහසයක් පමණ වනවිට රැකියාවකට යොමුවිය. ඒ සමගම කුඩා කල සිට ඔහු සංගීතයට මහත් ආශාවක් දැක්වූ අයෙකු බවට පත්වී සිටියේය. ගිටාර් වාදනයට දක්ෂ බවක් දැක්වූ පර්ටි වටිනා ගිටාර් සංගීත භාණ්ඩයක් ද හිමි කරගෙන සිටියේය.   


රැකියාවලට යාමේ දී ඔහු බොහෝ විට වෛද්‍ය පරීක්ෂණවලින් අසමත් වීම නිසා රැකියා ලබා ගැනීම ද දූෂ්කරව සිටියේය. තරුණවියට පත්වන විට ඔහු මත්පැන් පානයට ද හුරුවිය. වයස අවුරුදු 18ක් පමණ වන විට ඔහු දියවැඩියා රෝගියෙකු බවට පත්වූයේය. වෛද්‍ය පරීක්ෂණවල දී එම රෝගී තත්ත්වය හඳුන්වන ලද්දේ (Developed Diabetes) යනුවෙනි. තරුණ වියේදීම ඔහු දරුණු දියවැඩියා රෝගයෙන්ම හදිසියේ මරණයට පත්විය.   


ඔහුගේ හදිසි මරණය දෙමාපියන්ට මෙන්ම පවුලේ ඥාතීන්ට ද ඇදහිය නොහැකි විය. මරණින් පසු ඔහු සතුව තිබූ ඔහු පැලඳි අත් ඔරලෝසුවක් ඔහුගේ ප්‍රියතම භාණ්ඩයව තිබූ ගිටාර් භාණ්ඩයත් ආරක්ෂිතව නිවසේ තැන්පත් කර තිබිණි. ඒවා තබා තිබුණේ කුඩා අල්මාරියකය.   
ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේ දෙමාපියන් සිටියේ සංචාරයක් සඳහා පිටත්ව ගොසිනි. එහිදී සිදුවූවක් ද මව පුදුමයට පත් කළේය. ඔවුන් සංචාරය සඳහා ගමන් ගනිමින් සිටි දුම්රිය මැදිරියේ දී මව සිහිනෙන් ඇගේ පියාව දක්නට ලැබිණි. පියාව දක්නට ලැබීම කිසිවෙකුගේ මරණයක් දක්වන සංඥාවක් ලෙස ඇයට අත්දැකීම් ලැබී තිබිණි. එම දර්ශනය දුටු වහා ඇය බිය පත්විය. ඒ බැව් සැමියාට ද දැනුම් දුන්නාය. එහෙත් සැමියා පැවැසුවේ ඇගේ මානසික විකාරයක් ලෙසය.   
පසු දින ඔවුන්ට අසන්නට ලැබුණේ පර්ටි හදිසියේ මරණයට පත්වූ බවකි. ඔහු මරණයට පත්වන විට 18 වන වියේ පසු විය. එය සිදුවූයේ 1975 වසරේ දීය. වසරක් ගතවිණි. පර්ටිගේ සොහොයුරිය දරුවෙකු පිළිසිඳ ගැනීම සිදුවිය. එම දරුවා වයස අවුරුද්දක් පමණ වන විට බහ තේරීම ආරම්භ කළේය. වයස අවුරුදු එකහමාරක් වන විට ඔහු පෙරභවයට සම්බන්ධ වදන් අනාවරණය කරන්නට විය.   


ප්‍රථම වරට ඔහුගේ පෙර භවයට සම්බන්ධ ප්‍රබල ප්‍රකාශය හෙළි වූයේ ඡායාරූපයක් දැකීමෙනි. ඔහු පෙර භවයේ දී දෙපා අනතුරට පත්ව සිටිය දී ගන්නා ලද ඡායාරූපයක් ඔහු දුටුවේය. එය දුටු සැණින් හඳුනාගත් දරුවා.   
අන්න මම කුකුල් තුවාල වෙලා හිටි හැටි යැයි පැවසීය.   
අනතුරුව නිවසේ තිබූ ඡයාරූප ඇල්බම් නිතර බැලූ ඔහු එහි ඇති ඡායාරූප පිළිබඳව විස්තර කරන්නට වූයේ දෙමාපියන් පුදුමයට පත් කරවමිනි. එහි තිබූ සියලුම ඡායාරූප හොඳින් හඳුනාගත් එම දරුවා එහි තිබූ ඔහුගේ පෙරභව ඡායාරූප නිවැරදිව තමාගේ බැව් ප්‍රකාශ කළේය. එම හඳුනා ගැනීම් සිදුවූයේ කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකින් තොරවය. ඡායාරූප දුටු සැණින් එ්වා විස්තර කිරීමට ඔහු පුරුදුව සිටියේය. 

 
වයස අවුරුදු දහයේ දී පමණ පෙර භවයේ දී ඔහු සුනඛයෙකු විසින් සපා කෑම සිදුවූ අයුරු ඔහු විස්තර කළේය. එය සිදුවූයේ ද සුනඛ සපා කෑම සිදුවූ වයසේ සිටි ඡායාරූපයක් දැකීම නිසාය. පෙර භවයේ තවත් සිදුවීමක් ඔහුගේ මතකයේ තිබිණි. එනම් මිතුරෙකුගේ නිවසක තිබූ සාදයක් අනාවරණය කිරීමය. එහිදී සිදුවූ ගිනි ගැනීමක් ද නිවැරදිව හෙළි කිරීමට එම දරුවාට හැකියාව තිබිණ.   


පෙර භවයේ දෙමාපියන් දැකීමට ප්‍රථම ඔවුන්ගේ ඡායාරූප දුටු සැණින් ඔවුන්ව නිවැරදිව පෙන්වා දීමට ඔහුට තිබූ හැකියාව පුදුම උපදවන සුළුය. මෙම පුනර්භව පර්​ෙ‌ය්ෂණයේ දී ඉතා වැදගත් කරුණු වූයේ එම ඡායාරූප හඳුනා ගැනීම්ය. තවත් සති කිහිපයක් ගතවිය.   
දිනක් නිවසේ තිබූ කුඩා අල්මාරියක් විවෘත කළ මව එහි තිබූ ඇඳුමක් ඉවත දැමීමට සූදානම් වූවාය. එය කුමක් ද කාගේද යන්න මව විසින් ප්‍රකාශ නොකළාය. එය තම මියගිය සොහොයුරාගේ ඇඳුමක් විය.   


එය දුටු සැණින් හඳුනාගත් දරුවා එපා එපා ඒක විසි කරන්න එපා. ඒ ඇඳුම මගේ යැයි පැවැසීය. මේ වන විට තම පුත්‍රයා පෙරභවය අනාවරණය කරන බවට සාක්කි රැසක් දෙමාපියන්ට දක්නට ලැබිණි.   


මේ අතර ඉතා ප්‍රබල සාක්කියක් පිළිබඳ සිදුවීම වූයේ ඔහුගේ ගිටාරය විය. පෙරභවයේ ලෙසම එම දරුවා ද සංගීතයට මහත් ආශාවක් දැක්වූ අයෙකු විය. ඔහු පෙර භවයේ දී ගිටාර් වාදකයෙකු වී සිටි බව නිවසේ දී කිසිවෙකු විසින් හෙළිකර නොතිබිණි. තම දරුවා අනාවරණය කරන තොරතුරුවල සත්‍යතාව කෙසේ දැයි නිරීක්ෂණ කිරීම දෙමාපියන්ගේ අරමුණ විය.   


දිනක් නිවසේ භාණ්ඩ නැවත පිරිසිදු කිරීම සඳහා කටයුතු යොදා තිබිණි. එම භාණ්ඩ අතර පෙර භවයේ දී ආදරයෙන් පාවිච්චි කළ ඔහුගේ ගිටාරය ද විය. එය කවරයක දමා කුඩා අල්මාරියක තැන්පත් කර තිබුණේ කිසිවෙකුටත් හඳුනා ගැනීමට ද අපහසු අයුරිනි.   
කුඩා දරුවා ද එදින නිවසේ ඒ මේ අත ඇවිදිමින් සිටියේය. කුඩා අල්මාරියේ තිබූ ගිටාරය අඩංගු බෑගය මව විසින් ඉවතට ගෙන පසෙකින් තැබුවාය. එහි තුළ කුමක් තිබේදැයි කිසිවෙකුට පිටතින් දක්නට නොලැබිණි.   


එම බෑගය ඉවතට ගන්නා විට කුඩා දරුවා ද වහා එහි දුව ආවේය. ක්ෂණයෙන් එදෙස බැලූ ඔහු, අන්න අන්න මගේ ගිටාරය යැයි හඬ නගා පැවැසුවේ නිවසේ සිටි අය පුදුමයට පත් කරවමිනි.   
අනතුරුව එය වාදනය කරන අයුරු ද ඔහු විසින් පෙන්වා දුන්නේය. තවත් දිනක එවැනිම භාණ්ඩ හඳුනා ගැනීමක් සිදුවිය. එදින සිදුවූයේ නිවසේ භාණ්ඩ අතරින් ලාච්චුවක දමා තිබූ අත් ඔරලෝසුවක් ඔහුට දක්නට ලැබීමය. එම ඔරලෝසුව දුටු සැණින් එය තමා පාවිච්චි කළ අත් ඔරලෝසුව බවත් එහි සිදුවී තිබූ තැලීමක් පිළිබඳවත් එම දරුවා මතකයෙන් හෙළි කළේය.   


එම දරුවා තුළත් කුඩා කල සිටම දක්නට ලැබූ තවත් විශේෂත්වයක් වූයේ ජලයට බියවීමය. පෙරභවයේ දී ඔහු වරක් මව අතින් ගිලිහී නාන තටාකයට වැටීම නිසා පෙර භවයේ දී ඔහු ජලයට අතිශය බියක් දක්වා තිබිණි. ඒ අයුරින්ම ඔහු ජලයට බියවීම පෙර භවයේ සිදුවීම නිසා ඇතිවන්නක් ලෙස දෙමාපියෝ විශ්වාස කළහ.   
පෙර භවයේ භාණ්ඩ රැසක් නිවැරදිව හඳුනාගත් පුනර්භව සාධකයන් ලෙස මෙම දරුවාගේ පුනර්භව සිදුවීම පර්​ෙ‌ය්ෂකයන්ගේ දැඩි නිරීක්ෂණයට ලක්කරනු ලැබීය. පෙර භවයේ ජලයට බියපත් වීම පිළිබඳව කළ විමර්ශනය එම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය. (Phobia of water) යටතේ එය සඳහන් කර ඇත.   


When he was young he had a marked phobia of being bathed he was even afraid of a shower bath. මහාචාර්ය ස්ටීවන්සන් සමග පුනර්භව පර්​ෙ‌ය්ෂකයන් සිදු කළ මෙම දරුවා පිළිබඳ පර්​ෙ‌ය්ෂණයේ දී ගිටාරය හඳුනා ගැනීම අතිශය ප්‍රබලතම සාක්කියක් ලෙස පිළිගනු ලැබීය. එය හඳුනා ගැනීම සිදුවී ඇති ආකාරය එයට හේතුව විය. ඒ පිළිබඳව පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.   


He had owned and played a Guitar after his death it had been put in a box that was kept in a cupboard. No one had spoken to about the Guitar but he looked for it and said that it was his. යනුවෙන් හඳුනා ගැනීම වැදගත් සිදුවීමක් ලෙස පිළිගෙන තිබේ.   


සංගීත භාණ්ඩයක් හඳුනාගත් සංගීතවේදියෙකු ලෙස ක්‍රියා කළ අයෙකුගේ පුනර්භව සිදුවීමක් ලෙස වාර්තා වූ ප්‍රථම සිදුවීම මෙය වේ.   
පින්ලන්තයෙන් අනාවරණය වූ මෙම දරුවා පිළිබඳ පුනර්භව සාධකය (European cases of the Reincarnation) යනුවෙන් පර්​ෙ‌ය්ෂණ වාර්තාවලට ද ඇතුළත් කර තිබේ.   

 


තිස්ස ජයවර්ධන

 

 

 



අදහස් (0)

අක්කාගේ කුසෙන් යළි උපන් ගිටාර් වාදකයා

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 26 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 18 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 97 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 111 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 81 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site