IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


අතීතයට ගිය මාතර තානායම

ගැමි රස කතා

මාතර නගරයෙහි ඉතිහාසය ලන්දේසි පාලනයට නතු වූයේ ක්‍රි.ව. 1780 දී බවට එහි ඇති ඔවුන් විසින් ගොඩනැගූ කොටු පවුරෙහි සඳහන් වෙයි. එවකට එහි වාසය කළ ලන්දේසි සෙබළුන් හට මෙන්ම අනෙකුත් නිලධාරීන් හට වෛද්‍ය පහසුකම් ලබාදී මෙහිදී එකී වෛද්‍යවරුන් නවාතැන් ගත් නේවාසිකාගාරය අද මාතර තානායම බවට පත්ව ඇති බව එහි ඉතිහාසය ​ෙපන්වා දෙයි. දෙවනුව එහි සිටි වෛද්‍යවරු ඉවත්වීමත් සමගම එදා සිට අද දක්වාම මෙම තානායම පවත්වාගෙන යන අතර වසර හයකට ආසන්න කාලයක් වසා දමා තිබුණි. ඒ 2004 වර්ෂයෙදී සිදුවූ අවාසනාවන්ත සුනාමි සිද්ධිය හේතුවෙනි. 


නාගරික සංවර්ධන අධිකාරිය සහ මාතර මහ නගර සභාව අතර ඇතිවූ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම වටිනා දැකුම්කලු ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම දිනෙන් දින කල් ගතවූ අතර දෙවනුව කෙසේ හෝ 2010 වසරේදී අභිනව පාලනයක් යටතෙහි මෙම තානායම විවෘත වූයේ දහසක් 


කම්ක​ෙටාලු මැදය. මෙය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව අභිනව තානායම් පාලකතුමා අමුතු අදහස් ඇති අලුත් දේ කිරීමට පෙළඹෙන පුද්ගලයෙකු බව පැහැදිලි වන්නේ එහි භෝජනාගාරයෙහි සවිකර ඇති සුළං පන්කාව නෙත් ගැටුණු විටය. 


ලන්දේසි යුගයෙහි ‘මැක්ඩොවල්’ නම් පාලකවරයාගේ ආකෘතියක් අනුව නිපදවන ලද මෙම සුළං පංකාව ඇත්ත වශයෙන්ම විශ්වකර්ම ක්‍රියාවකි. එදවස විදුලි බලය නොමැති අවධියක කෙනෙකු විසින් අතින් ඇදීමෙන් මෙය ක්‍රියාවට නංවන ලදී. මැක්ඩොවල් නම් ජෙනරල්වරයා මෙම පවන්පත නැතිනම් සුළං පංකාව එම ගොඩනැගිල්ලේ වහල මත විශාල ලීයක සවිකළ මෙය ලී පුවරුවකට සවිකල කඹයක් ඇදීමෙන් ක්‍රියාත්මක වෙයි. 


එදවස කෙනෙකු විසින් අතින් අැදීමෙන් සිහිල් සුළං ලබාදී තිබූ මෙය නව තාක්ෂණය යටතෙහි නිපදවා ඇති අතර එය අද දෙස් විදෙස් රට වැසියන් මෙන්ම පුරවැසියන් මවිත කිරීමට සමත් වී ඇත. 


මෙම පංකා ලන්දේසි යුගයේ ඉදිවූ පල්ලිවල ඉතාමත් ජනප්‍රිය විය. ශාන්ත ෆ්රැන්සිස් පල්ලියද වුල්ෆන්ඩෝල් පල්ලියද ඒ අතර විය. කොළඹ ඉදිවූ විශේෂිත ගොඩනැගිලිවලද මෙම පංකා සවිකිරීම හේතුව නිසා රස්නය අඩුකිරීමට ​බොහෝදුරට උපකාරී වී ඇත. අපගේ රටෙහි 40 දශකයෙහි අගභාගයේදී සාමාන්‍ය නගරවල විදුලි බලය නොමැති බව තතු දත් අය හොඳාකාරවම දනිති. 


එම නගරයන්හි තිබූ විශේෂයෙන්ම අධිකරණ ශාලාවන්හි විනිසුරුතුමාණන්ගේ ආසනයට ඉහළින් මෙවැනි සුළං පංකා සවිකර තිබූ අතර එක් පුද්ගලයෙකුගේ රාජකාරි කටයුත්ත වූයේ එයට සම්බන්ධකර ඇති රැහැන් ඇදීමෙන් සුළං ලබාදීමයි. 


මෙය අද දකින්නට නොලැබෙන අතර බදුල්ල පෙදෙසෙහි එවැනි ස්ථානයක එවැනි පංකාවක් ඇතැයි කියාද ආරංචියකි. කෙසේ නමුත් මාතර තානායමෙහි එවැනි ඓතිහාසික භාණ්ඩයකට නැවත පණ ලබාදීම අපි අගය කළ යුතුය. 


ලන්දේසි පාලකයකු විසින් හඳුන්වා දුන් මෙම සුළං පංකාව අදත් ඉපැරණි ලන්දේසි ගොඩනැගිල්ලක නව තාක්ෂණය යටතෙහි හෝ දැක බලා ගැනීමට ලැබීම රටවැසියනට වාසනාවකි. මෙවැනි ඉතිහාසයට පණ දුන් එසේම මග පෑදූ මාතර තානායම් පාලකතුමාද අගය කළ යුතුය. 

 


එඩ්මන්ඩ් සමරජීව



අදහස් (0)

අතීතයට ගිය මාතර තානායම

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

දුන්හිද අද්දරට ගිය අද්භූත සංචාරකයා - සේන නානායක්කාර
2025 අප්‍රේල් මස 09 17 0

මුල, මැද, අග අපූරුවට ගළපා, සාටෝපකරණය කොට කතාන්දර විලසින් ඉදිරිපත් කළ ටෙලි නාට්‍යවලට හුරු වී සිටි ප්‍රේක්ෂකයන් අන්දමන්ද කරනු ලැබුවේ දුන්හිඳ අද්දර ටෙලි


’’පිරිමි ළමයි’’ හි ගිනි දෙන තිවංක - මනුජ් ජයකොඩි
2025 අප්‍රේල් මස 09 24 0

මේ දිනවල ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන ‘‘පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ ‘‘තිවංක’’ චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් නම් යහපත් ප්‍රතිචාර ලැබෙන


චරිතාංග නිළියක් වීමයි මගේ එකම බලාපොරොත්තුව - ආවින්ද්‍යා බණ්ඩාර
2025 අප්‍රේල් මස 09 23 0

කලාවේ දියුණුවට නම් තවත් අලුත් අංකුර පැළ විය යුතුමය. මේ එලෙසින් වේදිකාව හරහා පැමිණි අලුත් තරුවකි. ඇයගේ එකම සිහිනය ලොවක් හඳුනන චරිතාංග නිළියක් වීමයි. මේ ම


විවාහ ජීවිතයකට යන්න දැන් තමයි මට ස්ථාවරයක් තියෙන්නෙ
2025 අප්‍රේල් මස 09 26 0

විකාශය වන ජුරාලියා සහ නිමාවක් නැති ආදරය නාට්‍යයේ රඟපාන සුරාජ් ඉදිරියේ රූගත කිරීම් ඇරඹෙන තවත් ටෙලිනාට්‍යයක රඟපෑමට සූදානමින් සිටින අතර ඉන්පසුව ඔහුගේ ව


පිය පරපුරෙන් එන යොවුන් ගී රාවය
2025 අප්‍රේල් මස 09 26 0

යොවුන් ගීත කණ්ඩායමේ චන්ද්‍රලේඛා පෙරේරා මෙම ගීතය ගැයුවේ යොවුන් සිත් තම නාදයෙන් වසඟ කරගත් චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සමඟයි. අද ඔහුගේ සහායට එම ගීයට පණ පොවන


නෙළුම් කුළුණ ලොකු පුතා මේ දිනවල ’මිස්ටර් ප්‍රසිඩන්ට්’ එක්ක
2025 අප්‍රේල් මස 09 11 0

රංගනයක් යැයි නොසිතෙන තරමට චරිත රංගනයක යෙදිය හැකි නම්, එය සැබෑම දක්ෂතාවකි. අතිශයෝක්තියකින් තොරව, ප්‍රියන්ත සිරිකුමාර රංග ශිල්පියා යනු එවැනි ගණයේ අපූරු


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 42 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 189 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 699 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site