IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අපි හිතනවාට වඩා කුරුල්ලෝ බුද්ධිමත්

 

කුරුලු‍ මොළේ ගැන විස්මිත හෙළිදරවුවක් පසුගිය දා නවසීලන්තයෙන් අසන්න ලැබුණි. ඒ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයන් පිරිසක් සිදු කළ අපූරු නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම හෙළිදරව්වට පාදක වී ඇත්තේ නවසීලන්තයේ විලෝබෑන්ක් වනජීවි රක්ෂිතයේ සිටින බෲස් නම් ‘කේයා‘ගිරා වර්ගයේ ගිරවකුගේ හැසිරීමය.   


මෙම ගිරවා ආබාධිතයෙකි. දඩයක්කාරයන් විසින් අටවන ලද උගුලක පැටලීමෙන්, ගිරවාගේ හොටේ උඩු පැත්තෙන් කොට‍සක් ඌට අහිමි වී තිබේ. තුවාල ලබා සිටි ගිරවා වනජීවී නිලධාරීන්ට හමුවූයේ 2013 දී නවසීලන්තයේ දකුණු දූපතේ ආතර් පාස් වනාන්තරයෙනි. ක්‍රයිස්ට්චර්ච් වනජීවී රෝහලේ දී ප්‍රතිකාර කර වනජීවී රක්ෂිතයේ කුරුල්ලන්ට වෙන් කළ විශාල කොටසට පසුව ඌ මුදා හැර හැරුණු අතර, අද ඌ එම කොටසේ ජීවත් වෙයි.   

 


හොටේ ඇති අඩුපාඩුව මඟහරවා ගනිමින් ජීවිතය ගෙන යෑමට ගිරවා සාර්ථකව සමත් වී තිබේ. ඕක්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පර්​ෙ‌ය්ෂකයන් නිරීක්ෂණය කරමින් සොයා ගත්තේ එයයි. හොටේ කොටස අඩු බැවින්, ඝන පොත්තක් සහිත ගෙඩි පෙතු හැර කෑමට නොහැකි යැයි වනජීවී නිලධාරීන් සිතූ බැවින් ඔවුන් ගිරවාට මෘදු පලතුරු කෑමට දී තිබේ.   


කෙසේ නමුත්, ගිරවා, අනෙක් කුරුල්ලන්ට ලබාදෙන ඝන පොත්තක් ඇති පලතුරු කෑමට ගනී. ඒ, එම පලතුරු වෙනත් ඝන දෙයකට තද කරමින්, පොත්ත තෙරපා එය කඩා දමමිනි. ගිරවා උගේ පිහාටු පිරිමැද ඒවා පිරිසුදු කරන්නේ, බොරළු හා ගල් කැට ආධාර කර ගනිමිනි. ඒ අනුව පැහැදිලි වූයේ ගිරවා තම අඩුපාඩුව මඟ හරවා ගැනීමට මොළය පාවිච්චි කරමින්, විකල්ප ක්‍රම අනුගමනය කරන බවය‍. එය සැබැවින්ම විස්මිත ක්‍රියාවකි.   
‘ඬේලිමේල්‘ ඇසුරිනි.

 

 

- ලු‍සිත



අදහස් (0)

අපි හිතනවාට වඩා කුරුල්ලෝ බුද්ධිමත්

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 21 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 19 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site