දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමඟ මිනිසා අනාගතයේ දවසක අභ්‍යවකාශයේ පාවෙන නගර නිර්මාණය කර, ඒවායේ ජීවත් වනු ඇතැයි යන අදහස හුදෙක් විද්‍යා ප‍්‍රබන්ධවලට පමණක් සීමා වූවක් නොවෙයි. යම් හෙයකින් පෘථිවිය විනාශ වුවහොත් හෝ පරිසරය සහ වායු දූෂණය ඉහවහා ගොස් පෘථිවියෙහි ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදාවුවහොත් මිනිසා මෙවැනි නගර තමන්ගේ නිවහන බවට පත් කර ගනු ඇත. එවැනි එක් අභ්‍යවකාශ නගරයක් නිර්මාණය කිරීමේ සැලැසුම් පසුගිය දා ලොවට අනාවරණය වූ අතර, එම නගරය ඉදිකිරීමේ පළමු අදියර ලබන 2017 වසරේ දී සිදුවනු ඇත. මෙම නගරය හැඳින්වෙන්නේ ‘ඇස්ගාඩියා’ යනුවෙනි.
ස්කැන්ඩිනේවියා, ඩෙන්මාර්ක්, නෝර්වේ සහ ස්වීඩන් යනුවෙන් හඳුන්වන රටවල අතීතයේ විසූ රණකාමී ගෝති‍්‍රකයෝ වයිකිංවරුය. මොවුහු මොවුන් විසින් දැව යොදා නිර්මාණය කළ නැව්වල නැගී රට රටවල් ආක‍්‍රමණය කළහ. වයිකිංවරුන්ගේ දේව පුරාණයට වන්නේ ඇස්ගාඩ් දෙව්වරු සහ ඇස්ගාඩ් දෙව්ලොවය. අද ඇස්ගාඩ් දෙවිවරුන් ගැන ලොකු කුඩා කවුරුත් හොඳින් දනිති. ඒ, මාවල් චිත‍්‍රකතා වීරයකු වන ‘තෝර්’ ගේ චරිතය සිනමාවට එක්වී ඇති නිසාය. මාවල් චිත‍්‍රකතා සහ සිනමා නිර්මාණවලට අනුව තෝර් සහ ඇස්ගාඩ් දෙව්ලොව, දෙව්ලොවක් නොව, වෙනත් විශ්වයේ ජීවය පිරුණු ලෝකයකි. ඇස්ගාඩියන් දෙව්ලොවේ මහ දෙවිඳුවන්නේ ඕඩන්ය. මිටියක් අතැතිව වික‍්‍රම කරව තෝර් ඔහුගේ පුත‍්‍රයෙකි.
‘ඇස්ගාඩ් විශ්ව නිවහන’ පිළිබඳ අදහස යථාර්ථයක් බවට පත් වන්නේ ලොව රටවල් විද්‍යාඥයන්ගේ එකමුතුවෙනි. ලබන වසරේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමෙන් පසු, ‘ඇස්ගාඩ්’ අභ්‍යවකාශ නගරය සඳහා ‘මුල් ගල’ තැබෙනු ඇත. ‘ඇස්ගාඩ්’ අභ්‍යවකාශයේ මිනිස් වාසය සඳහා ඉදිකෙරෙන යෝධ නගරයකි. කෘති‍්‍රම ජලාශ, වැව් පොකුණු, තණබිම් සහ වෙනතුවලින් ද මෙම නගරය අලංකාර වනු ඇත. මේ වනවිට මෙම ඇස්ගාඩියා නගරයේ පුරවැසියකු වීමට පෘථිවි වැසියන්ට අවස්ථාව ලබා දී ඇති අතර, ඒ වෙනුවෙන් ඇති වෙබ් අඩවියට ගොස් සාමාජිකත්වය ලබා ගැනීමට පවා පුළුවනි. කෙසේ නමුත් ඇස්ගාඩියා නගරයේ පුරවැසියන් වනු ඇත්තේ පළමු 1,00,000 යැයි ද පැවැසෙයි. ලබන වසරේ ආරම්භ කළත් ලෝකයේ රටවල් රැසක සාමූහිකත්වයෙන් ඉදිවන මෙම අභ්‍යවකාශ නගරය නිර්මාණය කිරීමට නම් වසර ගණනාවක් ගතවනු ඇත.
‘ඇස්ගාඩ්’ පුරවරය නිර්මාණය වෙද්දී, පෘථිවියේ විවිධ බලවත් රටවල් අභ්‍යවකාශයට ද අයිතිවාසිකම් කියනු ඇත. ඒත් ‘ඇස්ගාඩ්’ පුරවරය සම්බන්ධ ව්‍යාපෘතියේ ප‍්‍රධානී ආචාර්ය ඊගෝර් අෂුර්බේලී පවසා ඇත්තේ මෙම පුරයේ පුරවැසියන් වන අය ‘එක් ජාතියක්’ ලෙස පිළිගන්නා බවත්, ඔවුන් ඇස්ගාඩියන්වරුන් ලෙස හැඳින්වෙනු ඇති බවත්ය. රුසියන් ජාතික ආචාර්ය ඊගෝර් අෂුර්බේලී යනු ජාත්‍යන්තර ගගන පර්යේෂණ ආයතනයේ ප‍්‍රධානියාය. ඔහු මේ සියල්ල අනාවරණය කළේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවට ලොව ප‍්‍රධාන මාධ්‍ය රැසක මාධ්‍යවේදීන් සහභාගී වූ බව ද වාර්තා වේ. ආචාර්ය ඊගෝර් අෂුර්බේලී මේ වනවිට යුනෙස්කෝ සංවිධානයේ ‘අභ්‍යවකාශ විද්‍යා’ සන්සදයේ සභාපතිවරයා ද වෙයි.
අවුරුදු මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළෝ ඩයිනසා්රයෝය. ඩයිනසෝරයන්ගේ යුගය අවසන් වූයේ යෝධ ග‍්‍රහක දෙකක් පෘථිවියේ ගැටීමෙනි. ඊට පසු යෝධ ග‍්‍රාහක පෘථිවියේ හැපුණු නමුත් ඒවා මහා විනාශයක් කළ හැකි ආකාරයේ දැවැන්ත ග‍්‍රාහක නොවිණි. ඉදිරියේ දී පෘථිවියේ බැක්ටීරියා පවා ඉතිරි නොකර මහා විනාශයක් සිදු කළ හැකි විදියේ ග‍්‍රහක ගැටීමක් සිදුවීමේ අවදානමක් පවතී. මෙම අවදානමෙන් මිදීමට, පෘථිවිය ආරක්ෂා කිරීමේ නව සැලැස්මක් සහිතව ඇස්ගාඩ් නිර්මාණය වනු ඇත. ‘ඇස්ගාඩ්’ පුරවරය ලේසර් කිරණ අවිවලින් සහ රොකට් මිසයිලවලින් සන්නද්ධ වනු ඇත. ඒ, ග‍්‍රහකයකින් හෝ කවදා හෝ දිනෙක පිටසක්වළින් (එසේ වේවි යැයි සිතිය නොහැක) ආක‍්‍රමණයක් එල්ල වුවහොත් ඊට මුහුණ දීම සඳහාය. ‘ඇස්ගාඩ්’ පුරවරයේ වැසියන් පෘථිවියේ ආරක්ෂකයන් වනු ඇත. දැනට පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළ හුදෙක් තාවකාලික නැවැතුම්පොළක් පමණි. එහෙත් මෙම ඇස්ගාඩියන් පුරවරය සදාකාලික නවාතැන්පොළක් වනු ඇත.
‘ඇස්ගාඩ්’ පුරවරය නිර්මාණයේ අතුරුඵලයක් ලෙස පෘථිවි කක්ෂය කසළ ගොඩක් බවට පත්වීමේ අවදානමක් ද පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ වනවිටත් අභ්‍යවකාශය කසළ ගොඩක් බවට පත්වී අවසන්ය. මිනිසුන් රහිත අභ්‍යවකාශ යානයක්, ෂටලයක් හෝ රොබෝ ගවේෂණ යානයක් හෝ අභ්‍යවකාශයට යැවීම පහසු කාර්යයක් නොවේ. ඊට හේතුව පෘථිවි ගුරුත්වාකර්ෂණයයි. ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී ඉහළට විදීමට නම් අධික බලයක් අවශ්‍ය වෙයි. අභ්‍යවකාශ යානා ෂටල ආදිය පෘථිවි වායුගෝලයෙන් ඔබ්බට පෘථිවි කක්ෂයට ගෙන යන්නේ අධි බලැති රොකට්ටුය. පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටු අකි‍්‍රය වන්නේ ඒවා රැගෙන එන අභ්‍යවකාශ යානා, ෂටල හෝ චන්ද්‍රිකා අභ්‍යවකාශයට මුදා හැරීමෙන් පසුවය. එසේ අකි‍්‍රයවී පෘථිවි කක්ෂයේ රැඳී පාවෙමින් පවතින සුන්බුන් සහ යානා කැබැලි අභ්‍යවකාශ කසළ ලෙස හැඳින්වෙයි.
ඇතැම් රොකට්ටු ආපසු පෘථිවියට වැටේ. ඒවා වැටෙන්න සැලැස්වෙන්නේ සාගරයටය. නාවික හමුදා සීරුවෙන් සිට, එම රොකට්ටු කොටස් සොයා ගන්නා අතර එම කොටස් යළි එකලස් කරමින්, රොකට්ටු නිර්මාණය කෙරේ. යළි ආපසු පෘථිවියට නොපැමිණෙන, අභ්‍යවකාශයේ රැඳෙන කැබැලි සහ සුන්බුන් ද ඇත. වසර ගණනාවක් තිස්සේ මිනිසා අභ්‍යවකාශය සමඟ කළ ගනුදෙනුවල අවාසනාවන්ත ප‍්‍රතිඵලයක් ලෙස අද පෘථිවි කක්ෂය වටා කසළ ගොඩක් එක් රැස්වී, පාවෙමින් පවතී. මෙම සුන්බුන් විටින් විට පොළොවට පතිත වෙයි. ඇතැම් අවස්ථාවලදී පෘථිවි කක්ෂයේ රැඳී ඇති මෙම සුන්බුන්වලින් කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකාවලට ද තර්ජනයක් එල්ල වෙයි.
අභ්‍යවකාශයේ සුන්බුන් සහ කසළ අතරේ, මළපහ පවා ඇත. වාසනාවකට පෘථිවි වායුගෝලයට ඇතුළු වුවහොත් මේවා ඉක්මනින් දැවී අළුවී යයි. පෘථිවියට වැටෙන්නේ නැත. එසේ දැවී යන මළපහ වල්ගා තරු යැයි වරදවා වටහා ගත් අවස්ථාද ඇත. අභ්‍යවකාශයට මළපහ එක් වන්නේ පෘථිවි කක්ෂයට යන එන ගගනගාමීන් නිසාය. ඔවුන් වෙනුවෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතා මිල අධික සුවිශේෂී වැසිකිළියක් ද ඉදි කර ඇත. මෙම වැසිකිළියේ අපවහන සියල්ල මුදා හැරෙන්නේ අභ්‍යවකාශයට ය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අභ්‍යවකාශයේ සුරපුරය ඇස්ගාඩියා