IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


අලුත් හූනන් වර්ග තුනක් ලංකාවෙන් සොයා ගනියි

දිසානායකගේ දිවාසැරි හූනා

කව්මිණිගේ දිවාසැරි හූනා

කොටගමගේ දිවාසැරි හූනා

 

 

නිවසින් පිටතට යන විට හූනකු චුක් චුක් කීවොත් අපේ අය ඉදිරියට තැබූ පය පස්සට ගනිති. කියන දෙයක් හරියටම හරි යන විට එයට ගැමි වහරේ කියන්නේ “හූනා කිව්වා වාගේ”‍ කියාය. හූනන් ඇඟ වැටීමේ සාස්තරය ගැන සඳහන් බව කියමින් අවුරුද්ද මුල දී ලිත් විකුණති. මිනිසකු කිඹුලකුගෙන් බේරී එනවිට ”‍කිඹුලා පවසන්නේ ගෙදර ගියත් මගේ මල්ලීගෙන් බේරෙන්න බෑ”‍ යනුවෙන් යැයි ජන වහරේ තිබේ. කිඹුලාගේ මල්ලී යනු හූනාය. 


බිත්ති දිගේ ඒ මේ අත දුවමින් කෘමි සතුන් කා දමන හූනා ගැමියන් අතර අසුබ සතකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත්තේත් හූනන් ගැන අප්‍රසන්න වූ හැඟීම් ඇත්තේත් මේ ජනවහරේ හා අප සංස්කෘතියේ ඔවුන්ට ලැබී ඇති ස්ථානය හේතුවෙනි. 


නමුත් හූනා යනු මිනිසාට ඉතාමත් සමීපව ජීවත්වන ආහාර දාමයේ අපූරු සේවාවක් ඉටුකරන සත්ත්ව විශේෂයකි. 


පසුගිය දා ශ්‍රී ලංකාවෙන් ලෝකයට හඳුන්වාදුන් නව හූනන් විශේෂ කිහිපයක් මෙරට ජාතික විරුවන්ට ගෞරවයක් ලෙස නම් කිරීමත් සමගම ඒ පිළිබඳ දැඩි විවේචන එල්ලවෙනු දක්නට ලැබුණි. එම පර් යේෂණය සිදුකළ සුරන්ජන් කරුණාරත්න මහතා විසින්ම නව හූනන් විශේෂ තුනක් නැවත වතාවක් ලෝකයට හඳුන්වා දී තිබේ. 
“මම කලින් අවස්ථාවේ ලෝකයට හඳුන්වාදුන් නව හූනන් විශේෂ මෙරට ජාතික වීරයන්ට ගෞරවයක් ලෙස නම් කළ නිසා මට විශාල චෝදනාවක් එල්ල වුණා. ඇතැම් අය සමාජ මාධ්‍ය ඔස්සේ වගේම මට දුරකථන ඇමතුම් පවා දීලා කිව්වා අම්මාගේ නමින් නම්කරගනින් කියලා. මේ නිසා මම මෙවර හූනන් තුන්දෙනකුගෙන් දෙන්නෙක් මගේ අම්මාගේ හා තාත්තාගේ නමින් නම් කළා. අනිත් හූනා නම් කළේ සත්ත්ව විද්‍යා ක්ෂේත්‍රයට අනූපමය සේවයක් කළ මහාචාර්ය සරත් කොටගම මහතාගේ නමින්”‍ 


සුරන්ජන් ඇතුළු කණ්ඩායම විසින් කරන ලද මේ සොයා ගැනීම පිළිබඳ වූ පර් යේෂණ වාර්තාව උභයජීවී හා උරග සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සඟරාවේ 2019 දෙසැම්බර් මස 31 වැනි දින ප්‍රකාශයට පත්වීමත් සමගම එම සොයාගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම ලැබී තිබේ. ඒ අනුව මෙරට දී හමුවන හූනන් විශේෂ සංඛ්‍යාව 58 දක්වා ඉහළ ගොස් ඇති අතර ඝන හතකට අයත් ඔවුන් අතරින් මෙම හූනන් තුන්දෙනා ද ඇතුළුව හූනන් විශේෂ 48ක් ම ශ්‍රී ලංකාවට ආවේණික වීම විශේෂත්වයකි. 
ඔවුන් අලු‍තෙන් සොයාගත් මෙම නව හූනන් තිදෙනා නෙමස්පිස් කෞමිනියේ, නෙමස්පිස් දිසානායකේ සහ නෙමස්පිස් කොටගමේ යනුවෙන් නම්කර තිබේ. නෙමස්පිස් යනු ඔවුන්ගේ ඝන නාමයයි. මේ ඝනයට අයත් සියලු‍ හූනන් දිවා කාලයේ පමණක් ක්‍රියාශීලී​වෙන රාත්‍රී කාලයේ නිද්‍රාශීලීව ගතකරන සත්ත්ව විශේෂ වන බැවින් ඔවුන් සිංහල බසින් හඳුන්වනු ලබන්නේ කෞමිනිගේ දිවාසැරි හූනා, දිසානායකගේ දිවාසැරි හූනා සහ කොටගමගේ දිවාසැරි හූනා යන නම්වලිනි. 


ශ්‍රී ලංකාවේ හුදකලාව දක්නට ලැබෙන කඳු ශිඛර තුනක ඇති ගල් ලෙන් ආශ්‍රිතව මෙම හූනන් විශේෂ තුන සොයාගත් බව පර් යේෂකයෝ කියති. බඹරගල කන්දේ ගල්ලෙනකින් මුල්වරට සොයාගත් කොටගමගේ දිවාසැරි හූනා එහි හෙක්ටයාර 20ක පමණ ඉතා කුඩා වන රොදක පිහිටි ගල්ලෙන ආශ්‍රිතව පමණක් දැකිය හැකි ඉතා කුඩා ගහණ ඝනත්වයක් සහිත සත්ත්ව විශේෂයකි. පර් යේෂණයේ නිතරවූ සුරන්ජන් මහතා පවසන්නේ ඔවුන්ට දැකගත හැකිවූයේ හූනන් දහයකට අඩු ප්‍රමාණයක් බවයි. 


පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි හෙක්ටයාර 800ක පමණ ප්‍රදේශයෙන් සොයාගත් නව විශේෂය නම් කර ඇත්තේ සුරන්ජන් මහතාගේ පියාට ගෞරව පිණිස දිසානායකගේ දිවාසැරි හූනා යන නමිනි. ආරණ්‍ය සේනාසනයට අයත් ලෙන් ආශ්‍රිතව මෙම විශේෂයේ හූනන් 100ක් පමණ වාර්තා වූ බව ද හෙතෙම පවසයි. 

 

සුරන්ජන් තම මවගේ නමින් නම් කළ කෞමිණිගේ දිවාසැරි හූනා වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කන්දට ආසන්නයෙන් පිහිටි මන්දාරම් නුවර නැමති කඳු ශිඛරයේ ගල් කුළු ආශ්‍රිතවය. එම ස්ථානයේ ද බෞද්ධ විහාරස්ථානයක් පිහිටා තිබීම විශේෂත්වයකි. 


පර් යේෂණ කණ්ඩායම සඳහන් කරන්නේ මොවුන් වාර්තා වූ කඳු ආශ්‍රිත තවමත් කුඩා වන ගොමු පිහිටා තිබෙන බැවින් මේ හූනන්ට යම් ආරක්ෂාවක් ලැබෙන බවයි. එමෙන්ම ඔවුන් වාර්තා වූ ස්ථාන තුනේම ආරණ්‍ය සහ බෞද්ධ විහාරස්ථාන පිහිටා තිබීම ද හූනන් විශේෂ තුන මෙතෙක් ආරක්ෂා වී සිටීමට හේතුවක් වී ඇත. ආරණ්‍යයන්හි වනාන්තර සුරක්ෂිතව පිහිටීමත් ඒවායේ මිනිස් ක්‍රියාකාරකම් අවම වීමත් ඔවුන්ගේ පැවැත්ම සුරක්ෂිතවීමට හේතුවක් වේ. එබැවින් වන සංරක්ෂණ හෝ නොවන ස්ථානයන්හි මෙවැනි සතුන් තවමත් ආරක්ෂා වී සිටී. මන්දාරම් නුවර කෞමිණිගේ හූනා වාර්තාවූ ස්ථානයේ ද බෞද්ධ විහාරස්ථානයක් පිහිටා තිබීම හේතුවෙන් ගල් කුළු සහිත වනාන්තරයට ආරක්ෂාවක් ලැබී තිබීම හූනන්ගේ පැවැත්මට රුකුලකි. එම කන්දේ මාර්ගය පුළුල් කර තිබීම හා තේ වගාව සඳහා ඇතැම් ස්ථාන හෙළි පෙහෙළි කර තිබීම මොවුන්ගේ පැවැත්මට තර්ජනයක් වී ඇත. 


පර් යේෂකයන් පවසන්නේ මෙම හූනන් විශේෂ තුනම පරිසර සාධකවලට අතිශය සංවේදී බවයි. සීතල සහිත පරිසරයකට අනුවර්තනය වී ඇති මොවුන් සෙල්සියස් අංශක 28 හෝ ඊට අඩු උෂ්ණත්වයක හා වාතයේ ආර්ද්‍රතාව සියයට 70 ක් පමණ ඇති අඩු සුළං වේගයක් සහිත පරිසරයකට ඔවුහු වැඩි කැමැත්තක් දක්වති. 
තුරු වියන් කපා දැමුවහොත් මේ පරිසර තත්ත්වයන් වෙනස් වී යා හැකි බවත් වඩාත් වියළි තත්ත්වයන් හුමුවේ මේ ක්ෂුද්‍ර වාසස්ථාන වියැළී ඇතැම්විට සිරුර පවා වියැළී ඔවුන් මිය යා හැකි බවත් සුරන්ජන් මහතා පවසයි. එමෙන්ම වනාන්තර විනාශවීමේ ප්‍රතිඵලයක් ලෙස කුඹලන් වැනි පරපෝෂිතයන් ඔවුන්ගේ බිත්තරවලට හානි කිරීම බහුල වන බැවින් එය ඔවුන්ගේ පැවැත්මට තවත් තර්ජනයකි. 


අලු‍තෙන් සොයාගන්නා ලද මෙම හූනන් විශේෂ තුනම උපරිම සෙන්ටිමීටර පහක පමණ විශාලත්වයකට වැඩෙන අතර සාමාන්‍යයෙන් අපට දැකිය හැකි හූනන්ට සාපේක්ෂව උදරීයව සහ පෘෂ්ඨීයව පැතලි ස්වරූපයකින් යුක්තය. ගල්වල ඇති මිලි මීටර 2-3ක් පමණ වූ පැලු‍ම් තම වාසස්ථාන බවට පත්කරගෙන ඒවායේ ආරක්ෂාකාරීව දිවිගෙවන මොවුන් ගලේ පැල්ම එම ප්‍රමාණයට වඩා විශාලවන විට එම ස්ථානය අතහැර වෙනත් ආරක්ෂිත ස්ථාන තෝරාගන්නා බව ද පර් යේෂකයන් විසින් නිරීක්ෂණය කර තිබේ. ඉතා කුඩා හූනන් විශේෂ ලෙස හඳුනාගෙන ඇති මොවුන් අනෙකුත් විශාල හූනන්ගේ ගොදුරු බවට පත්වන අවස්ථා ද නිරීක්ෂණ කර තිබේ. 
මෙම විශේෂ තුනේ ම ගැහැනු සතුන් ජූලි-අගෝස්තු හා ජනවාරි-පෙබරවාරි යන අවස්ථා දෙකක දී වරකට බිත්තර දෙකක් බැගින් දමන අතර එම බිත්තර කුඩා සෘජුෆෝම් බෝලයක් තරම් වෙයි. දවස් 30-40ත් අතර කාලයේ දී බිත්තර මෝරා පැටවුන් එළියට එන අතර ඔවුන් මාස දෙකක පමණ කාලයක ඇවෑමෙන් වැඩිහිටි සතුන් බවට පත්වෙයි. දැනට කර ඇති අනුමානයන් අනුව මොවුන්ගේ උපරිම ආයු කාලය වසර දෙකකට ආසන්න බව විශ්වාස කරයි. 


පැහැදිලිව වක්වූ නියපොතු සහිතව රළු ගල් පෘෂ්ඨයේ දිව යාමට හැකි අයුරින් ඔවුන්ගේ පාද පරිනාමය වී ඇති අතර ඇසේ කණිකාව ද රවුම් ස්වරූපයක් ගැනීම විශේෂත්වයක් බව පර් යේෂකයෝ කියති. 


ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සමාජය තුළ හූනන් පිළිබඳ ඇති ආකල්පවල පැහැදිලි වෙනසක් කළ යුතු බවයි. කොඳුඇට පෙළක් සහිත හෙවත් පෘෂ්ඨවංශී සත්ත්වයන් වන හූනන් පරිසරයේ සමතුලිතතාවට වැදගත් මෙහෙවරක් කරන අතර මෙම මෙහෙවර මූල්‍යමය වශයෙන් තක්සේරු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදීමට තමන් ඇතුළු කණ්ඩායම කටයුතු කරමින් සිටින බව ද සුරන්ජන් කරුණාරත්න මහතා පැවසීය. 


මෙම පර් යේෂණ කණ්ඩායමට සුරන්ජන් කරුණාරත්න, ඇන්ස්ලම් ද සිල්වා, මාධව බොතේජු, දිනේෂ් ගබඩාගේ, ලංකානි සෝමරත්න, ඇන්ජෙලෝ හෙට්ටිගේ, නිමන්ත අබේරත්න, මජින්ත මඩවල, ගයාන් එදිරිසිංහ, නිර්මල පෙරේරා, සුලක්ෂණ වික්‍රමාරච්චි, තිළිණ සුරසිංහ, නිරංජන් කරුණාරත්න, මෙන්ඩිස් වික්‍රමසිංහ, කණිෂ්ක උකුවෙල, ආරොන් එම්. බවර් යන මහත්ම මහත්මීහු ඇතුලත් වෙති. 


ඔවුන් ශ්‍රී ලංකාවේ හූනන්, සර්පයන්, කටුස්සන්, සිකනලු‍න් හා කිඹුලන් ආදී උරගයන් පිළිබඳ පර් යේෂණවල නිරතව සිටින ඔවුන් 2020 වර්ෂයේ දී ද තවත් හූනන් විශේෂ පහක් ලෝකයට අලු‍තෙන් හඳුන්වාදීමට සූදානම්ව සිටියි. 


මෙම පර් යේෂණ කටයුතු සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, කොළඹ විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, ජාතික කෞතුකාගාරය යන ආයතනවලින් විශාල සහයෝගයක් ලැබෙන අතර නගාඕ සංවිධානය ඔවුන්ගේ පර් යේෂණ කටයුතු සඳහා මූල්‍යමය ආධාර සපයයි. 

 


සජීව විජේවීර

 



අදහස් (0)

අලුත් හූනන් වර්ග තුනක් ලංකාවෙන් සොයා ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

සඳැල්ල

කියා දෙන්න ආදරේ තරම් චිට්ටි ආච්චි - මෙලනි අශොකා
2025 අප්‍රේල් මස 25 29 0

අසා සිටින අයට වදයක් වෙන තරමට කට කියවමින් අසල්වාසීන්ගේ ඕපාදූප සොයමින්, ඇසුරු කරන අයට ගිනි ගෙඩි දෙමින් වටපිටාවේ කරක් ගසන කාන්තාවන් ඕනෑම සමාජ තලයක දකින්


මට ඔනැම චරිතයක් අභියෝගාත්මකයි - ධනංජය සිරිවර්ධන
2025 අප්‍රේල් මස 25 20 0

විවිධ කලාවන්ට හැකියාවන් ඇති, එකසේ දක්ෂතා දක්වන කලා තරු ක්ෂේත්‍රයෙන් අපිට හමුවෙන්නේ බොහොම කලාතුරකින්. මේ දිනවල පුංචි තිරයෙ ’’ඉරගිනි මද්දහනෙ’’ බණ්ඩාරෙ


තාත්තා තමයි මගේ ශක්තිය - ගයාන් උඩවත්ත
2025 අප්‍රේල් මස 25 19 0

ගීතය මේ වෙන කොට ප්‍රවීණ ගායන ශිල්පී ධනපාල උඩවත්ත මහතාගේ හඬින් වගේම ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ හඬිනුත් අහපු නැති කෙනෙක් නැති තරම්. පියාගේ අඩිපාර දිගේ ආව


පිය සෙනෙහස ගීතවත් කරන - වයංගා මුතුනමගේ
2025 අප්‍රේල් මස 25 22 0

එදා මෙන්ම අද පරපුර පවා ආදරයෙන් වැලඳගන්නා මෙවැනි ගී දහරකින් රසික නෙත් සවන් සිත් මෝහනය කළ ඒ ප්‍රවීණ ගායන ශිල්පියා ඔබට මතක ඇති. ඔහු තමයි ෂෙල්ටන් මුතුනමගේ.


ඉතා නුදුරේම සිනමාවෙන් දකින්න ලැබෙයි - මනෝජ් දේවගේ
2025 අප්‍රේල් මස 25 22 0

ප්‍ර මනෝජ් ඔබව බොහෝ දෙනෙක් හඳුනන්නෙ කල්පන නමින්. එහෙම නේද?


දුවන්න ඔනැ කාලේ දුවන්න ඕනැ - සචින්තනී කෙෘශල්‍යා
2025 අප්‍රේල් මස 25 29 0

රුවත් නුවණත් දක්ෂතාවත් එක ලෙසම පිහිටි තරු අතර දීප්තිමත් තරුවක් වන ඇය කලා වෘත්තියට කොටු නොවී නීතීඥ වෘත්තියත් ගුරු වෘත්තියත් තම ව්‍යාපාරත් සමබරව කරගෙන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 974 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 423 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 573 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site