IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අසුරැමුණි බ්‍රාහ්මණයාගෙන් රාවණාට න්‍යෂ්ඨික අවි දැනුම

 

රාවණ රජතුමා යුද්ධයකට ඇද දමනු ලැබුවේ සිය නැගණිය ගේ වැරදි ක්‍රියා කලාපය නිසාය. එතුමා න්‍යෂ්ටික අවි පවා භාවිත කළේ නැත. ඒ තම අහිංසක ජනතාව ගැන අනුකම්පා කළ නිසාය. වර්තමානයේ මෙන් යුද්ධ උපක්‍රමයක් ලෙස සැඟ වී සිට පහර දුන්නේ නැත. ලෝකයේ බොහෝ රටවල් සහ ග්‍රහලෝක සමඟ මිත්‍රකම් ගොඩ නගා ගෙන සිටිය ද ඔවුන් ගේ සහාය ලබා ගත්තේ ද නැත. ඒ ඔවුන් සහාය ලබාදීමට සූද‌ානමින් සිටි මොහොතකය. එහෙත් ඒවා සියල්ල ප්‍රතික්ෂේප කළේ නිහතමානීව ඔවුන් අගය කරමිනි. පසුව මුහුණට මුහුණ සටන් කළේ සෑබෑ වීරයකු ලෙසිනි. අවසානයේදී තමාගේම පස්ලෝ හී සර පහරින් තාවකාලිකව මේ ලෝකයෙන් හැර යන බව දැන, දැනම යුද්ධය මෙහෙයවූයේ වීර හෙළයකු, වීර හෙළ සෙන්පතියෙකු ලෙසිනි. එපමණක් නොව එවකට මිසයිල තාක්ෂණය ගැන දැන සිටි එකම පුද්ගලයා වූයේ ද එතුමා යැයි. ආචාර්ය ඔබේසේකරයෝ පවසති.   


ඔහු පවසන කරුණු විශ්මයජනකය. රාවණ යුගයේ පැවතියේ දියුණු ශිෂ්ටාචාරයකි. තුල්සිද‌‌ාස්, රාමායනයේ සඳහන් කර ඇති පරිදි එම යුගයේ රන් භාණ්ඩ, මැණික්, රිදී, මුතු, පමණක් නොව පස්ලෝ ද භාවිත කර තියෙනවා. වසර දොළහක කාලයක් පුරාවට පැවති රාම රාවණ යුද්ධයේදී වුව ද සතුරන්ට දඬුවම් ලබා දුන්නේ ඒක පාර්ශ්වික තීරණයක් ගෙන නොවේ. විවිධ පාර්ශ්වයන් ගේ විනිශ්චයකරුවන් යොද‌ා සාධාරණ ලෙස නඩු ඇසීමෙන් පසුවයි. රාම රාවණ යුද්ධයට වසර හතක් ගතවීමෙන් පසු තවදුරටත් මෙම යුද්ධය ඇදී යාම වළක්වනු පිණිස මේඝනාද (ඉන්දාජිත්) කුමාරයා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට රාවණ රජතුමාට යෝජනාවක් ඉදිරිපත් කළේය. මේඝනාද යනු රාවණා රජුගේ පුතනුවන් ය. එහෙත් ඔහු ඊට අවසර ලබා දුන්නේ නැත. ඒ සතුරු හමුද‌ාව පමණක් නොව තම හමුද‌ා සෙබළුන් මෙන්ම රටෙන් භාගයක් ද විනාශ වන බව දැන ගෙන සිටි නිසාය. මෙයින් පැහැදිළි වන්නේ ද රාවණා ගේ උද‌ාර ගතිගුණ බොහොමයක්ම පැවති බවයි.   


කෙසේ වෙතත් එද‌ා එද‌ා න්‍යෂ්ටික අවි සාද‌ා තිබූ බව ස්ථිර ය. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ඒ ගැන මෙසේ අදහස් දක්වයි.
අසුරුමුණි බ්‍රාහ්මණයා යටතේ න්‍යෂ්ටික අවි නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණා. ඒ වන විට ඉන් නිසි ප්‍රතිළපල නෙලා ගෙන අවසන්. අසුරුමුණි බ්‍රහ්මණයා සහ ශ්‍රී මුණි බ්‍රාහ්මණයා යන දෙදෙනා අඟහරු ලෝකයේ තොරතුරු දැනගෙන සිටි විද්වතුන් දෙදෙනෙකු බවත්, ඔවුහු රාවණා රජුට එම තොරතුරු පිළිබඳ දැනුම ලබා දුන් බවත් රාවණ පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. න්‍යෂ්ටික අවි නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා ඇතුන් පස් දෙනෙකු ගේ බරට රත්රන් වැය කොට ඇති බවත්, මෙම යුද්ධයේදී න්‍යෂ්ටික අවි යොද‌ා ගැනීමෙන් රාම ගේ බලය බිඳ වැටෙනු ඒකාන්ත බවත් මේඝනාද කුමරු පවසනවා. ඊට පිළිතුරු වශයෙන් රාවණ රජතුමා හරි අපූර්ව උත්තරයක් ලබා දෙනවා.   


පුතණ්ඩ... අපට න්‍යෂ්ටික අවි තිබෙන බව සැබෑය. මේ තරම් සුළු සටනකට... රාම වැනි සුළු මිනිසෙකුට න්‍යෂ්ටික අවි භාවිතා කිරිම විහිළුවක්. අපේ බලගතු අවි පාවිච්චි කළහොත් මේ මුළු දිවයිනෙන් භාගයක්ම එකවර විනාශ වෙනවා.. එවිට රාම ගේ වඳුරු හමුද‌ාව පමණක් නොවෙයි අපේ හමුද‌ාවත්, අසරණ රටවැසියනුත් වැනසෙනවා. යුද්ධයේදී සතුරන් මිස, අහිංසක ජනතාව මියයන ආකාරය බලන්න මම කැමති නැහැ. එමනිසා න්‍යෂ්ටික අවි භාවිත කරන්න එපා.. යනුවෙන් පවසා තියෙනවා. ඔහු කොතරම් සංවේදී පුද්ගලයෙක් ද යන්න පැහැදිළි කිරීමට එම උද‌ාහරණය පමණක් වුවත් ප්‍රමාණවත්.   


රාවණා රජතුමාට රහස් අවි ගබඩාවක් තිබුණි. ඒ ගැන දැන ගෙන සිටියේ කිහිප දෙනෙකි. රාම රාවණා යුද්ධය පැවති එක දවසක මේඝනාද කුමරු සිහිනයෙන් රහස් අවි ගබඩාව ගිනි ගන්නා බව පෙනෙයි. පසුව ඔහු රාවණා මාලිගයේ පිහිටි එම අවි ගබඩාවට ගොස් පරික්ෂා කර බැලීය. පුදුමයකි. රාවණා ගේ ත්‍රිශූලය එහි නැත. එපමණක් ද නොව එහි සුරැකිව තිබුණු රන්, රිදි, පස්ලෝ ඊතල තුන ද නැත. මෙම ඊතල නැතිවීම පිළිබඳව රාවණ රජතුමා තදබල ලෙස බියට පත්විය. එහෙත් එය පෙන්වූයේ නැත. එයට හේතුව නම්, ඊතල තුනෙන් එකක් මගින් තමන් නින්දකින් සිහිමුර්ඡා කිරීමට සමත් වන බව දැන ගෙන සිටි නිසාය.   


රාවණා රජතුමා ප්‍රධාන සටන් සඳහා එවකට තෝරා ගෙන තිබුණේ අමාවක පෝය දිනයන්හි රාත්‍රී කාලයයි. නාගසර සහ අග්නිසර යනුවෙන් හඳුන්වා දී ඇත්තේ විෂ පෙවූ ඊතල විශේෂයක් නොව, දුන්නක් මගින් විදීමට හැකි ඊතලයක් ආකාරයට සාද‌ා තිබූ බෝම්බ විශේෂයකි. ඒවා සාමාන්‍ය බෝම්බ   මෙන් නොව විෂ යොද‌ා  සකස් කරන ලද සුවිශේෂී එකකි. ආචාර්ය ඔබේසේකරයන් පවසන ආකාරයට පුරාණ ශාස්ත්‍රීය ග්‍රන්ථ අනුව මෙම වෙඩි බෙහෙත් සාද‌ාගෙන තිබෙන්නේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙනය. තවද වෙඩි බෙහෙත් සාද‌ා ගැනීමේදී අළුහුණු බහුල වශයෙන් යොද‌ා ගෙන ඇති බවත් පැහැදිළි වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.   
දුන්නෙන් විදින බෝම්බවලට අමතරව ගුවන් යානා මගින් සතුරු කඳවුරුවලට හෙළන ලද බෝම්බ ද තිබුණි. බෝම්බ හෙළීමට ශක්තිමත් ගුවන් යානා හමුද‌ාවක් ද ඔහු සතු විය. අමාවක දිනයන්හි ගුවන් හමුද‌ාව විසින් බෝම්බ හෙළීම ඉතාමත් බිහිසුණු අත්දැකීමක් එක් කළේය. ඈත සිට එය නරඹන්නෙකුට දිස් වන්නේ අහසෙහි මල් වෙඩි සංදර්ශනයක් පවතින ආකාරයෙනි. ඉන් නිකුත් වන භයානක හඬ දෙසවන් දෝංකාර දෙයි. එම බෝම්බවලට හසුවීමෙන් පමණක් නොව ඉන් ලබා දෙන කම්පනයෙන් පවා බොහෝ දෙනෙක් මියගියහ.   


රාවණ ගේ ගුවන් හමුද‌ාව සතුරු හමුද‌ාව ඉලක්ක කර ගෙන, ඔවුන් ගේ කඳවුරුවලට පමණක් බෝම්බ හෙළීමට තරම් දක්ෂයෝ වූහ. අඳුර එයට බාධාවක් නොවුණේ දහවල් දි ගුවන් යානා මගින් ගොස් සතුරු කඳවුරු හඳුනා ගන්නා බැවිනි. තවද සතුරු කඳවුරු පිළිබඳ ඔත්තු බැලීමට වෙනම සංවිධානයක් ද පිහිටුවා තිබුණි. මේ නිසා රාම ලක්ෂ්මන කුමාරවරුන්ට දින කිහිපයක් එක ස්ථානයක රැඳී සිටීමට නොහැකි විය. නිරතුරුවම කඳවුරු මාරු කිරීමට සිදු විණ. ඒ, කුමන අවස්ථාවක බෝම්බයක් වැටේවිද යන්න පැවසිය නොහැකි නිසාය.   


රාවණ රජු තම බෝම්බ සඳහා යොදා ගත් ද්‍රව්‍ය කිහිපයක්ම තිබුණි. ඒ අතර ”මරද‌ාන් වැලි” යන පුපුරණ ද්‍රව්‍ය යොද‌ා සකස් කරන ලද බෝම්බය අති භයානකය. එය බෝම්බ වලට සමාන ගිනි බෝම්බයකි. මෙම බෝම්බය පිපිරීමත් සමගම එහි අඩංගු වැලි ගිනි ගෙන ඒ ප්‍රදේශය පුරා පැතිරී යයි. එය සතුරන් ගේ දෙනෙත් අන්ධ කළෝ ය. එපමණක් ද නොව උණුසුම් වැලි කිසියම් පුද්ගලයෙකුගේ හෝ සතකුගේ ශරීරයෙහි ස්පර්ශ වුවහොත් පිළිිස්සි යනු ඇත. රාවණා කතා සංග්‍රහයේ සඳහන් වන අයුරින් ඒ ආකාරයට ගිනි බෝම්බය හෙළා ඇති ස්ථාන වශයෙන් ගිනිවැල්ගොඩ, ගිනිවැල්ල, ගිනිවැල්ගහ ආදී ස්ථානයන් අද දැක්වේ. මරද‌ාන් වැලි සොයා ගෙන ඇත්තේ කොළඹ, මරද‌ාන, බළපිටියේ මරද‌ාන, මීගමුවේ මරද‌ාන යන ප්‍රදේශවලිනි.   


ඒ ආකාරයේ නිෂ්පාදනය කරන ලද බෝම්බවලට විෂ ඇතුළත් කර තිබෙන්නේ කෘත්‍රිම නාග විෂ සහ ස්වභාවික නාග විෂ මිශ්‍ර කිරීමෙනි. කෘතිම නාග විෂ නිපදවන ඖෂධීය වට්ටෝරු රාවණ කතා පුස්කොළ ග්‍රන්ථයේ සඳහන්ව ඇති අතර, ඒ පිළිබඳව විස්තර නොකරන්නේ සමාජයට ඉන් අවැඩක් සිදු විය හැකි බැවින් යැයි ඔහු වැඩිදුරටත් පවසයි.   


යකඩ නිෂ්පාදනය සඳහා එවකට යපස් උණු කර ගෙන තිබේ. යපස් උණු කිරීමෙන් ලැබෙන ද්‍රව්‍ය ”යබර” නම් වේ. මෙම යබර උපයෝගී කර ගෙන ”යබර වෙඩි” සාද‌ා ඇත. යබර වෙඩි ද බෝම්බයකි. එය ඉතා භයානක තත්ත්වයේ පවතී. එය පිපිරීමෙන් පසු උණු වී වැටෙන එම බෝම්බ කොටස් ශරීරයට ස්පර්ශ වූ වහාම පිළිස්සී මාරක තුවාල ඇති කරයි. මෙම බෝම්බ හෙළන්නේ රාවණ ගේ පුත් ඉන්ද්‍රත් ගේ සහශ්‍රගත නම් වූ ගුවන් යානය මගිනි. මෙම ගුවන් යානය අහසට නැඟ යුද්ධ බිමට ළං වන විට ඈත පිටසක්වල ජීවින් පවා බියට පත් වන බව පැරණි පොත්පත්වල සඳහන් කර තිබෙන්නේ ඔහු ගේ ශක්තිය ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරමිනි. කෙසේ වුවත් ඈත ග්‍රහලෝකවල ජනයා මොහුට බියක් දක්වා ඇත්තේ ශක්‍ර දේවේන්ද්‍ර අල්ලා ගෙන අවුත් සිර කිරීමට සමත් වූ නිසා බව පැවසේ.   


රාම රාවණා යුද්ධයේ තෙවැනි වසරේදී එහි මුහුණුවර වෙනස් කරමින් අයෝධ්‍යාවේ භාරත කුමරුන් විසින් රාමගේ සහාය පිණිස මිසර දේශයෙන් කුලී හමුද‌ාවක්, සාමි චොප්රා සෙනෙවියා යටතේ ලංකාවට එවන ලදී. ඉතා දක්ෂ සටන්කාමී සෙබළුන් පන්සිය දෙනා රාවණා ගේ හමුද‌ාවට මුහුණ දුන්නේ නුවරඑළිය කඳුකරයේ දී ය. එහිදී ලංකා හමුද‌ාවේ උග්‍රසේන සෙන්පතියාගේ නායකත්වයෙන් යුත් පිරිස මිසර කුලී හමුද‌ාව සමූල ඝාතනය කළේ අමාවක දින රාත්‍රීයේදී ය. මෙය රාම කුමාරයාට පමණක් නොව මිසරයේ ශත අප්රා රජු ද විශ්මයට පත් කරන ලද්දකි.   


රාවණා රජතුමාට පක්ෂව රටවල් 10 සිටි අතර, රාම වෙනුවෙන් රාවණා රජුව විරුද්ධ රටවල් 10 ක් ද සිටියේ ය. රාමා එම රටවලින් සහාය ලබා ගත්තද, රාවණා රජතුමා පක්ෂ රටවලින් සහාය ලබාගත්තේ නැත. රාවණා කතා පැරණි පුස්කොළ පොතෙහි මේ පිළිබඳව සඳහන් කර තිබේ. රාවණ රජතුමා න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ප්‍රතික්ෂේප කළ ද, රාමාගේ පාර්ශ්වයේ සුශ්රීව සහ හනුමාන් න්‍යෂ්ටික අවි භාවිතා කළ බව රාවණ කතා පැරණි ග්‍රන්ථයේ සඳහන් වේ. රාම රාවණා යුද්ධය අවසානයේ දි රාවණ රජතුමා සිහිනැතිවීමත් සමගම ක්‍රියාත්මක වූ සුශ්රීව සිය යුද්ධ විශේෂඥයන් ගේ උපදෙස් අනුව රකුස් ජනතාවගේ පැරණි වාසභූමිය විනාශ කිරීමට ජලකර අවි යොද‌ා ගත් බව එම පුස්කොළ ග්‍රන්ථයේ සඳහන්ය. එහෙත් එය රාමායණයේ සඳහන් වන්නේ නැත.   


රාවණා රජු ඒ ආකාරයෙන් දියුණු අවි ආයුධ භාවිත කළ ද රාම හෝ වානර ගෝත්‍රිකයෝ න්‍යෂ්ටික අවි දක්ෂ ලෙස පරිහරණය කිරීමට තරම් නිපුණ බුද්ධිමත් ජනතාවක් වූයේ නැත. එසේ වුවත් වානරයන් රාවණ හමුද‌ාව කෙරෙහි පැවතියේ කෝපයකි. මේ නිසා පළිගැනීමට සිතු සුශ්රීව සැලැස්මක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව ඔහු ගේ උපායෙන් බලුකිස්තානයේ අවි නිෂ්පාදනය කළ විද්‍යාඥයෙකු ගෙන් න්‍යෂ්ටික අවි කට්ටලයක් ලබා ගෙන වානර ජාතික කොහොම්බන්ට ලබා දුන්නේය. කොහොම්බන් ජනස්ථානය අසළ මුහුදට ජලකර දමා ක්‍රියාත්මක කළේය. ඒනිසා ඇති වූ මුහුදේ උදම් රළ පහරෙන් ජනස්ථානය විනාශ විය. ඒ අසල තිබූ වානර දූපත් හතක් ද විනාශ විය. මේ බව රාමායනයේ වාර්තා කළේ නැත. ඒ රාමට උදව් කළ වානරයන්ට අපහාසයක් වන බැවිනි. ආචාර්ය ඔබේසේකර කියයි.  


ආචාර්ය ඔබේසේකර අපව පුදුමයට පත් කරවන තවත් කරුණක් නම් රාවණා රජතුමා අඟහරු ලෝකයට පමණක් නොව තවත් බොහෝ ලෝකවලට ගොස් ප්‍රදර්ශනය කර ඇති කුසලතාවයන්ය.

ලබන සතියට   
සිසිර කුමාර බණ්ඩාර 



අදහස් (0)

අසුරැමුණි බ්‍රාහ්මණයාගෙන් රාවණාට න්‍යෂ්ඨික අවි දැනුම

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 10 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 8 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 90 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 97 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 71 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 55 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site