IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උපත් පාලන පෙත්තට වසර 68යි

1960 මැයි මාසයේදී උපත් පාලන පෙත්ත භාවිතය සඳහා ප්‍රථම නීත්‍යානුකුල අනුමැතිය ලැබු​ෙණ්ය. එදා මෙදාතුර ගතවූ පනස් වසර තුළ ‘‘උපත් පාලන පෙත්ත’’ එය නිපදවීමේ මුඛ්‍ය අරමුණද වෙනස් කරමින් අලුත් බලයකින් කාන්තාව ශක්තිමත් කර අැත. 

  
උපත් පාලන පෙත්ත අද ලෝකය පුරාම ප්‍රචලිත වූවකි. අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීම සඳහා මේ පෙත්ත නිෂ්පාදනය කොට භාවිතයට අවතීර්ණ වූයේ 1960 මැයි මාසයේ වුවද, ඒ සඳහා අනුමැතිය ලබන්නට දීර්ඝ සටනක් කරන්නට සිදුවිය. අනවශ්‍ය දරු උපත් වළක්වා ගැනීමටත් සිත් සේ ලිංගික සබඳතා පවත්වා ගැනීමට විවාහකයන්ට උපකාරවීමටත් අරමුණු කරනලද මේ උපත් පාලන පෙත්ත, අද බහුතරයක් අවිවාහක කාන්තාවන්ගේ භාවිතයට නතුව ඇති අතර, ​බො​හෝ රටවල බහුතරයක් ස්ත්‍රීන් විටමින් පෙත්තක් ගන්නා අයුරින් දිනපතා භාවිතයට පටන්ගෙන තිබේ. එදා ගෘහනියක්වූ කාන්තාව අද වැඩට යන කාන්තාවක් බවට පත් කිරීමේ ලෝක සංකල්පය හා ප්‍රවනතාවට වක්‍රාකාරයෙන් දායක වූයේ දරු උපත් සීමා කිරීමේ බලවතාවූ උපත් පාලන පෙත්තයි.   


උපත් පාලන පෙත්ත බිහිවීමට පෙර - කාන්තාවගේ ප්‍රථම වගකීම වූයේ දරුවන් වැදීමය. දරුවන් ඇති දැඩි කර බලා කියා ගැනීමය. විශාල පවුලක් ඇති කළ කාන්තාවට තවත් රැකියා අවස්ථාවක්ද? ඇතැම් බටහිර පවුල්වල ළමයින් දහය දොළහ හා පහළොවක් සිටියහ. මෙවැනි ලොකු පවුල් සමග ස්ත්‍රියට දරුවන් බලාගන්නා වගකීමෙන් මිදිය නොහැකි වීය. පෙත්ත උපදින්නට පෙර ඇමෙරිකානු සුදු පවුලක සාමාන්‍ය දරු සංඛ්‍යාව හතක් වීය.   
‘‘පෙත්ත’’ට විරුද්ධවූ ප්‍රථම බලවේගය කතෝලික පල්ලියයි. එදා තිබුණු පල්ලියේ සංකල්පය වූයේ දරුවන් හැදීමේ චේතනාවෙන් හැරුණුකොට ලිංගික සබඳතා පැවැත්වීම නුසුදුසු බවයි. මේ අදහස තිබියදී වුවද එදා මිනිසුන්ද දරු උපත් වළක්වා ගැනීම සඳහා යම් යම් ක්‍රම භාවිතා කළහ. පල්ලියේ මතය කොතරම් බලවත්වී ද යත් 1873 දී ඇමෙරිකානු කොන්ග්‍රසය නීතියක් සම්මත කළේ කවර ආකාරයක හෝ උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම නීති විරෝධී බව තහවුරු කරමිනි.  


උපත් පාලන පෙත්තේ මාතාව - හිරගෙදරට  


1879 නිව්යෝක් නුවර එක් කතෝලික මවක් පනස් වැනි වියේදී මිය ගියාය. මේ වනවිට ඇය දහ අටවතාවක් දරු ප්‍රසූති දහ අටක් කළ කාන්තාවක් වූවාය. ඇගේ දේහය අබියස ඇගේ වැඩිමහල් දුව තාත්තාට ප්‍රසිද්ධියේ දොස් නැගුවේ අනවශ්‍ය පරිදි ඇය ගැබ් ගැන්වීම හේතුවෙන් ඇය අකාලයේ මියගිය බවටය. මේ වීර දියනියගේ නම මාග්‍රට් සැන්ගර් වීය.  


මාග්‍රට් සැන්ගර් එදා සිහිනයක් දුටුවාය. අනවශ්‍ය දරු උපත් වළක්වාලන්​ෙන් කෙසේද? ඒ සඳහා පෙත්තක් නිපදවන්නට නොහැකිද? මේ සිහිනය අනුව ඇය 1912 හෙද සේවයට එකතු වූවාය. උපත් පාලනය ගැන ඇය හඬක් නගන්නට වූවාය. ඇය ‘‘වුමන්ස් රිබෙල්’’ (Womens Rebel) නමින් සඟරාවක් අාරම්භ කළාය. එහි ප්‍රතිඵලයක් ලෙස මාග්‍රට් සැන්ගර් හිරභාරයට පත්විය. ඇය හිරගෙදරින් පලා ගියාය. ඇය ඇමෙරිකාවෙන් පිටවී යුරෝපයට ගියාය. එහෙත් ඇගේ මෙහෙවර අත් නොහැරියාය.   


ඇය යළිත් ඇමෙරිකාවට පැමිණ 1917 දී ඇමෙරිකාවේ ප්‍රථම උපත් පාලන සායනය පටන් ගත්තාය. ඇය නැවතත් අත්අඩංගුවට පත්ව දින තිහක හිර දඬුවමකින් පසු නිදහස් කරනු ලැබීය. බොස්ටන් නුවර උපත් පාලනය අවශ්‍යතාවය පිළිබඳ දේශනයකට ගිය මාග්‍රට්ට කැතරීන් ඩෙක්ස්ටර් මැක්‍රොනික් නමැති ධනවත් කාන්තාව හමුවීය. කැතරීන් මැසෂුට් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබාගත් දෙවැනි කාන්තාව වූවාය.  
මේ දෙදෙනාගේ එකතුව නිසා උපත්පාලන පෙත්තක් නිපදවීමේ සිහිනය ශක්තිමත්ව දියත් කරන්නට හැකිවිය. 1930 ඇමෙරිකාව පුරා තිබුණු උපත් පාලන සායන සංඛ්‍යාව තිහක් (30) වීය. 1942 වනවිට මේ සංඛ්‍යාව 800 ක් දක්වා වර්ධනය වූයේ මේ කාන්තාවන් දෙදෙනාගේ චිත්ත බලයේ මහිමය නිසාය.   

 

1916 ඇමරිකාවේ ආරම්භ කළ ප්‍රථම උපත් පාලන සායනය

 


උපත් පාලන පෙත්තේ සිහිනය සැබෑ වෙයි   


1951 සැන්ගර්ට ග්‍රෙගරි පින්කස් නමැති විද්‍යාඥයා මුණගැසුණේ අහම්බෙනි. ඔහු හාර්වඩ් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් විය.​ හෝර්මෝන් භාවිතයෙන් දරු උපත් නොමැත්තන්ට දරු උපත් ඇතිකළ හැකි බවට ඔහු පර්යේෂණ කරමින් සිටි තැනැත්තෙකි. මේ වනවිට මේ මහාචාර්යවරයා මේ එන්නත් සතුන්ට ලබාදෙමින් ප්‍රතිඵල ලබමින් සිටියේය. සැන්ගර්ගේ යෝජනාව අනුව කළයුතුව තිබුණේ, උපත් අැතිකිරීමට බලපෑ හෝර්මෝන් එන්නත කනපිට පෙරළීම පමණි. මේ අතර උපත් පාලන පෙත්තේ සිහිනය සැබෑ කිරීමට දායක වූ තවත් වෛද්‍යවරයෙක් ග්‍රෙගරි පින්කස්ට එකතුවීය. ඔහු යහපත් කිතු බැතිමතෙක් වූ​ ජෝන් රොක්ය. ඒ අනුව සිදුවූයේ 1952 දීය. සිහිනය වූ උපත් පාලන පෙත්ත නිපදවූයේ මේ සිව්දෙනාගේ සහ ඔවුන්ට එකතුවූ රසායනික විද්‍යාඥයා වූ මෙක්සිකෝවේ කාර්ල් සිරාසිගේ උනන්දුව මතය. ජෝන් රොක් ද වෛද්‍යවරයෙක් විය.   


ප්‍රථම අත්දැකීම   


ප්‍රථම වතාවට උපත්පාලන පෙත්ත අත්හදා බලන ලද්දේ පුටෝරි​ෙකා්හි නීත්‍යානුකූල නොවූ පරිසරයකය. දරු උපත් වළක්වා ගන්නට යම් ක්‍රමයක් සොයමින් අසරණව සිටි කාන්තාවෝ මේ පර්යේෂණ සඳහා යොදාගත් අතර පර්යේෂණ සාර්ථක වීය. ඇමෙරිකාවේ ප්‍රාන්ත තිහක් උපත්පාලන පෙත්තට දොර වැසූ අතර පෙත්ත භාවිතයට නීත්‍යානුකූල අනුමැතිය හිමිවිය. 1959 ජී.ඩී. සියරල් සහ සමාගම උපත් පාලන පෙත්ත රට තුළ බෙදාහරින්නට බලපත්‍රය ඉල්ලා අයැදුම්පතක් ඉදිරිපත් කළේය. ඒ ප්‍රථම උපත් පාලන පෙත්තේ නම "Enovid" (ඉනොවිඩ්) වීය.  


කතෝලික පල්ලියත් වතිකානුවත් උපත් පාලන පෙත්තට එරෙහි වුවද උපත් පාලන පෙත්ත සමාජය විසින් ආදරයෙන් වැළඳගන්නා ලදී. 1962 දී විසිතුන්වැනි ජෝන් පාප් වහන්සේ වතිකානු කවුන්සලය රැස් කළේ මේ ප්‍රශ්නය සාකච්ඡා කිරීමටය. හයවැනි පෝල් පාප් වහන්සේ උපත් පාලන පිළිබඳ විශේෂ කමිටුවක් පත් කළේය. කාඩිනල්වරු උපත් පාලනයට පක්‍ෂව අදහස් දැක්වුවද අවසානයේ පාප් වහන්සේ උපත් පාලනයට පටහැනිව අදහස් දැක්වීය.   


1970 වනවිට ඇමෙරිකාවේ කතෝලික කාන්තාවන්ගේ සියයට හැත්තෑවක් උපත් පාලන පෙත්ත භාවිතා කරමින් සිටියහ. ඒ රැල්ල ආපසු හරවන්නට කිසිදු ජගතෙකුට නොහැකි විය.  

 

 

 


(2010 මැයි ටයිම් සඟරාවේ පළවූ ප්‍රධාන ලිපියේ සංක්‍ෂිප්ත පරිවර්තනයකි)  

 


සටහන ආචාර්ය නිමල් සේදර



අදහස් (0)

උපත් පාලන පෙත්තට වසර 68යි

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 102 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 33 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 73 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 57 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 38 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 45 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site