IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එද‌ා ජේසුගේ ජෙරුසලම සිහිගන්වන ඉතාලියේ හොල්මන් නගරය

රටකින් රටකට

ක්‍රිස්තු චරිතය අලලා නිපැයූ චිත්‍රපටයක දර්ශනයක්

 

ලොව සියලුම පැරණි සභ්‍යත්වයන් බිහි වූවේ ගංගාධාර ආශ්‍රිතව ය. ඒ ජලය මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ප්‍රධාන තැනක් ගන්නා බැවිනි. එහෙත් ක්‍රි.ව. හත් වැනි සහ අට වැනි සියවස්වලදී මධ්‍ය ඉතාලියේ බැසිළිකාතා පළාතේ හුණුගල් ප්‍රභේදයක් වෙන මතේරා ප්‍රදේශය ජනාවාස වූයේ වැසි දිය මත විශ්වාසය තබා ය. විසි වැනි සියවස වෙන විට ඉතාලියේ සිදුවූ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම ප්‍රදේශයට ලැබුණු වැසි ප්‍රමාණය අවම වීම, මෙසේ ගොඩනැගුණු විසල් නගරයේ පරිහානියට හේතු විය. 

 
ක්‍රි.ව. හත්සීයයත් අටසීයයත් අතර, මතේරා නගරය ගෙඩනැගීමේදී ප්‍රදේශයේ පැවති හුණුගල් ප්‍රයෝජනයට ගැනුණි. පෘථුවි පෘෂ්ඨයට හානි නොවෙන පරිදි නිෂ්චිත ක්‍රමවේදයකට අනුව දෝනා ලෙස හුණුගල හාරමින් නගරය ගොඩනැගීම සඳහා ගල් ලබාගෙන ඇත. පහත මාලයක හාරාගත් හුණුගල් ලෙනක පියස්ස ඉහළ මාලයේ තවත් හුණුගල් ලෙනක උද්‍යානය හෝ සඳළුතලය විය. මෙලෙස මතේරා නගරය නිර්මාණය කිරීමට ගල් ලබාගැනීමේදී තට්ටු දහයක් පමණ ගැඹුරට ලෙන් පද්ධතියක් නිර්මාණය වී ඇත. ගඩොලින් නොව ගලින් තැනූ බැවින් මෙම නගරය “සස්සි” නම ලැබීය. (ඉතාලි භාෂාවෙන් සස්සි යනු ගල් ය) පුරාවිද්‍යාඥයින් තම පර්යේෂණයන්ට අනුව පවසන්නේ මතේරා හි ස්වභාවික හුණුගල් ගුහා තුළ ප්‍රාග් ඓතිහාසික මිනිසා ද ජීවත් වී ඇති බව ය. 


නගරයේ ජල පහසුකම් සඳහා ක්‍රමවත්ව තනාගත් කානු පද්ධතියක් මගින් ගලා ආ වැසි ජලය එක් රැස් කර ගැනීමට හුණුගල හැරීමේන් ජල ටැංකි පද්ධතියක් භූගතව නිර්මාණය කරගෙන තිබුණි. එහෙත් ශතවර්ෂ කීපයක් ගතවීමත් සමගම ප්‍රදේශයට ඇද වැටුණු වැසි ප්‍රමාණය මදින් මද අඩුවීම හේතුවෙන් සස්සි වැසියෝ දැඩි ලෙස ජල හිඟයකට මුහුණපෑහ. 


දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව විදුලි බලය, ජල පහසුකම් සහ දුරකතන පහසුකම් කිසිත් නොලද සස්සි හි ජන ජීවිතය වඩාත් දුක්ඛද‌ායී විය. තරුණයෝ නගරය හැරයන්නට වූහ. නගරය තුළ රැඳුනෝ මහල්ලෝ සහ කාන්තාවෝ පමණි. ළදරු මරණ සංඛ්‍යාව ඉතාලියේ අනෙකුත් ප්‍රදේශ හා සසඳන විට ඉතාම ඉහළ අගයක් ගති. එහි දුප්පත්කම කෙතරම් වැපිරී තිබුණේද යත්, ශීත කාලයේ නිවාස උණුසුම් කර ගැනීම සඳහා වත්කමක් නොවූ සස්සි වැසියෝ, ශරීරය උණුසුම්ව තබාගැනීම සඳහා සත්ව ගාල් තුළ සතුන් සමග නිද‌ාගත් බව පැවසේ. ඉතාලියේ දුප්පත්ම නගරය සස්සි බව වාර්තා විය. ඒ වන විට සස්සි නගරයේ ජනගහනය දහඅටදහසක් පමණ විය. එවකට ඉතාලියේ අගමැතිව සිටි ‘දි ගස්පරි” 1950 දී පැවසුවේ සස්සි නගරය ඉතාලියේ අවමානය බව ය. 


රජය මැදිහත්වීමෙන් සස්සි නගරයට ආසන්න මතේරා ප්‍රදේශයේ සියලු පහසුකම් සහිත නිවාස යෝජනා ක්‍රමයක් අරඹා 1956 වෙන විට සස්සි නගරයේ සිටි සියලුම වැසියන් එහි පදිංචි කරවනු ලැබිණ. හිස් වූ නගරයේ නිවාස සහ මංමාවත් වල්බිහි විය. පසුව රජයේ ගැසට් නිවේදනයක් මගින් සස්සි නගරය තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශ කෙරිණ. සස්සි නගරය හොල්මන් නගරයක් බවට පත්වූයේ එලෙස ය. 


මුලින්ම සස්සි හොල්මන් නගරය තුළ ජේසුගේ ජෙරුසලම දුටුවේ ඉතාලි ජාතික සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක පියෙර් පාඔලෝ පසොලීනිය. ඔහු විසින් ක්‍රිස්තු චරිතය අළලා 1964 දී නිර්මාණය කරන ලද චිත්‍රපට​ෙය් ජෙරුසලමේ එළිමහන් පසුබිම් දර්ශන සඳහා මුළුමනින්ම යොද‌ාගනු ලැබුවේ සස්සි නගරයයි. එතැන් පටන් බයිබලය ආශ්‍රිත චිත්‍රපට සඳහා සස්හි නගරය සුදුසුම පසුබිම් දර්ශන තලය ලෙස ලෝ පතළ චිත්‍රපට අධ්‍යක්ෂවරු දුටුවෝය. මේ අනුව, ලෝ පතල බෙන්හර් සහ ඔස්ට්‍රේලියානු ජාතික හොලිවුඩ් නළු මැල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටය ද දර්ශනගත වූයේ මෙහිදීය. ලොව අවධානය යළි සස්සි හොල්මන් නගරය වෙත යොමුවීමට මෙම චිත්‍රපටවල ජාත්‍යන්තර සාර්ථකත්වය බොහෝ සේ බලපෑවේය. 


සස්සි නගරයේ පොළොව මතුපිට හුණුගලින් නිර්මාණය කරන ලද නගරයට අමතරව. ඒ නගරය නිර්මාණය කිරීම සඳහා හුණුගල් ලබාගැනීම සඳහා ක්‍රමවත්ව පතල් හෑරීමේදී භූගත නගරයක් ද නිර්මාණය වී ඇත. හුණුගලින් නිමා කර ඇති මතුපිට නගරය අතිචමත්කාරජනකය. සස්සි හි පොළොව මතුපිට මෙන්ම භූගතව ද දේවස්ථාන 156ක් ඇත. මේ වෙන විට දේවස්ථාන විස්සක් පමණ සංරක්ෂණය කර සංචාරකයන්ට නැරඹීමට කටයුතු යොද‌ා ඇත. මෙම දේවස්ථාන අතර “මුල්ම පාපයේ කුඩා දේවස්ථානය” නම්වු භූගත පල්ලිය තුළ හුණුගල මත සිතුවම් කර ඇති චිත්‍ර වසර දහසකට අධික කාලයක් ගතවුවද තවමත් යම් තරමකින් සුරක්ෂිතව පවතී. මෙම පැරණි චිත්‍ර භක්තිය මෙන්ම චමත්කාරයද දනවයි. 


 පඩිපෙළින් සහ ආරුක්කුවලින් නිර්මාණය කර ඇති භූගත වර්ග මීටර් එක්දහස් දෙසීයක් පමණ වෙන දැවැන්ත ‘කාස කාවා” නම් වූ ලෙන විශ්මිත නිර්මාණයකි. මේ ලෙන තුළ 1960 පමණ වනතුරු නීති විරෝධී පවුල් කීපයක් පදිංචිව සිටි බවද කියැවේ. 

 

මුල්ම පාදයේ කුඩා දේවස්ථානය

භූගත මැදිරියක්

පොළොව මතුපිට නගරයේ කොටසක්

 


සස්සි නගරයේ අලංකාරය දුටු යුනෙස්කෝව 1993 දී මෙම හොල්මන් නගරය ලෝක උරුම ලයිස්තුවට එක්කර ගත්තේය. 


සස්සි දි මතේරා අද ඉතාලියේ සංචාරක ආක්ශනයකි. ඉපැරණි යුගය පාදක කරගනිමින් නිපදවෙන චිත්‍රපටවලට නැතිවම බැරි එලිමහන් දර්ශන තලයකි. ඇතැම් හුණුගල් ගුහාවක් අද සුඛෝපභෝගි හෝටල් කාමරයකි. ලොව සුප්‍රසිද්ධ ලේඛකයෝ ද කවියෝද සිත්තරුවෝ ද අද සස්සි හි සංරක්ෂණය කරන ලද භූගත නවාතැන්පොළවල පදිංචිව සිට තම නිර්මාණකරණයේ යෙදෙති. එහෙත් සස්සි හෝලමන් නගරය මුළුමනින්ම ජනාවාස කිරීම තවමත් හතනම් ය. එය එලෙස ම තබාගැනීම ඉතාලි සංචාරක ව්‍යාපාරයට ලාභද‌ායී ය.


2019 යුරෝපයේ සංස්කෘතික අගනගරය ලෙස යුනෙස්කෝව විසින් නම් කර ඇත්තේ ද මතේරා හි සස්සි නගරයයි. මෙම ප්‍රදේශයෙන්ම සොයාගන්නා ලද කෞතුක වස්තූන් සංචාරකයන්ට නැරඹීම සඳහා එක්තැන් කර ඇති භූගත කෞතුකාගාරය ලොව ප්‍රථම භූගත කෞතුකාගාරයයි. අද වසරකට දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ ද හය ලක්ෂයක් සස්සි හොල්මන් නගරය නරඹන බව ඉතාලි සංචාරක දෙපාර්තමේන්තුව කියයි. එද‌ා ඉතාලියට අවමානයක් වූ සස්සි නගරය අද අභිමානයකි. 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය. 



අදහස් (0)

එද‌ා ජේසුගේ ජෙරුසලම සිහිගන්වන ඉතාලියේ හොල්මන් නගරය

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 106 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 80 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 47 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 772 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site