පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස හයයි
හරියටම 2019.4.21 දා ඔහු ද ඇය සමග පුල පුලා බලා සිටි පාස්කු ඉරු දිනය යෙදී තිබුණා.
ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ ආශිර්වාද ලබන්නට තාරුණ්‍යයේ දහසකුත් හීන බලාපොරොත්තු පෙර දැරි කරගත් මේ යුවළ වගේම තවත් දහස් ගණන් දෙනා කොච්චිකඩේ පල්ලියට එදා එන්නට ඇති. ඒත් දෙවියන් යදිමින් සිටි ඒ ජීවිතවලට ලේ විලක්, මස් ගොඩක් මැද අවසන් ගමනේ යැවීමට තරම් දෛවය කුරිරු වුණේ ඇයි ද කියලා තවමත් හීනයක් වගේ.
එක් ක්ෂණයකින් මුළු රටම මළගමක් කළ, මුළු රටම අගාධයට ඇදගත්ත, අහිංසකයන් 350 කට ජීවිත අහිමි කරපු, 500 වඩා වැඩි සංඛ්‍යාවකට තුවාල සිදු කළ ඒ මූසල දවස ගෙවී ගිහින් අදට දින 183 කුත් මාස 6 ක් ගත වී අවසන්.
ව්‍යසනයට මුහුණ දුන් පවුල් තවමත් බලා ඉන්නේ සාධාරණයක් බලාපොරොත්තුවෙන්. ඒත් දීපු එක තීන්දුවක්. දීපු එක දඬුවමක්. දඬුවම් කරපු වැරදිකාරයෙක් නැත. රටේ නීතිය කෙළෙසූ ප්‍රහාරයට වගකිවයුත්තන් වැරදිකාරයන් දේශපාලන වේදිකාවට නංවල අත්පුඩි ගහල පිළිගන්න තරම් ලැජ්ජ නැති මිනිසුන් ඉන්න මේ කුරිරු ප්‍රහාරයට මුහුණ දුන් අයට සාධාරණයක් ඉටුවේ යැයි සිතීම පවා ඇත්තෙන්ම විහිළුවකි.
ඒත් විපතට පත් නැතිවුණු මව්පියන්ට, සහෝදරයන්ට, දරු පැටවුන්ට සාධාරණයක් බලාපොරොත්තුවෙන් කෑ ගහන, රටේ හැමෝටම දැන් ටික ටික අමතක ඒ වේදනාව ජීවිත කාලයට විඳවන මේ අහිංසක මිනිසුන්ට අත් වී ඇති ඉරණම කොයිතරම් ද කියලා ඔවුන් හමුවූදාට ඔබට පේනවා ඇති.
තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබන, හරිහැටි නැගිට ගන්නට හෝ කතා කරන්නට බැරි, පාසල් ගිය නොයන දරුවන්, දෙපා දෑත් අහිමි වුණු අය මේ වේඳනාවන්ගෙන් තවත් කොයිතරම් කාලයක් ජීවත් වෙන්න ද?
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වුණු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූවන් ගෙන් බොහෝ දෙනා මේ වන විට සාමාන්‍ය සුව තත්ත්වයේ පසුවුවත්, තවමත් දරුණු ලෙස ප්‍රහාරයට ගොදුරු වූ කිහිප දෙනෙකු ද මේ වන විට විශේෂ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුකර තිබෙනවා. ඒ අතර තවමත් කොලස්ටම් බෑග් (මලපහ කිරීමට ගන්නා බෑගය) ආධාරයෙන් අවශ්‍යතා ඉටුකර ගන්නා දරුවන් ද ඒ අතර වෙනවා.
විපතට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳව සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ තුවාල ලැබුවන් සඳහා වන්දි ප්‍රදානයක් සිදු වී තිබුණ ද එය ප්‍රමාණාත්මකව, ක්‍රමවත්ව සිදු වී නොමැති බවයි.
කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික සභාව සහන කටයුතු විධිමත්ව සිදුකර තිබුණ ද රජයේ පාර්ශ්වයෙන් සිදුකරන වන්දි ගෙවීමේදී නොසලකා හැරීම රස්තියාදු කිරීම, තුවාල වූවන්ට මෙම වන්දි ප්‍රමාණවත් නොවීම වැනි අඩුපාඩු බොහෝමයක් සිදුව ඇත. කොච්චිකඩේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පවුල් කිහිපයකට තවමත් රජයේ වන්දි මුදල නොලැබීම ඉතා ඛේදනීය තත්ත්වයකි.
ඔවුන්ගේ අනුවේදනීය කතා අප දෙසවන තවමත් රැව් දෙනවා
ගනේෂන් ජේ. සුරාජ්
දෑත් කකුල් තිබිලත් ජීවිතේ ගැන වටිනාකමක් නැති මිනිස්සු අතර සුනුවිසුනු වී ගිය බෝම්බ ප්‍රහාරයෙන් දෙපා අහිමි වුණත් ඔහුත් දෙපයින් නැගී සිටින්නට හීන දකින තරුණයෙක්.
කොච්චිකඩේ පල්ලිය කියන්නේ කතෝලික අපේ හදවත. අපි ජීවිතේ ආරක්ෂිතව තැන කියලා අපි යන්නේ පල්ලියට. එතැනදී අපිට මේ වගේ දෙයක් වුණාම අපි ජීවිතේ තවත් බලාපොරොත්තු වෙන්නේ මොනව ද?
මම නිතර කොච්චිකඩේ පල්ලියට යනවා. එදත් මමයි බිරිඳයි දෙන්නම පාස්කු පූජාවට උදෙන්ම ගියා. එදා සෙනඟ වැඩි නිසා මමයි බිරිඳයි හිටියේ පල්ලිය පසුපසට වෙන්න වගේ. බෝම්බ පුපුරපු වෙලාවේ මොකක්ද වුණේ කියලා එකපාරටම මට හිතාගන්න බැරි වුණා. වීසිවෙලා වැටුණට සිහිය නැති වුණේ නැහැ. නැගිට ගන්න බෑ කියලා දැනුණත් මම හෙව්වේ බිරිඳට මගේ කකුලට ගොඩක් තුවාල වෙලා කියලා මට දැනුණෙත් නැහැ. මොකද ඉණෙන් පහළ හිරි වැටිලා වගෙයි.
රෝහලට අරගෙන ගියහම දොස්තර මහත්තුරු කිව්වා මගේ ජීවිතේ බේරගන්න නම් කකුලක් අයින් කරන්න වෙනවා කියලා.
මොකද වෙලා තියෙන්නේ?
ඇයි මගේ කකුල අයින් කරන්නේ කියලා ඒ වෙලාවේ මං ඇහුවලු. මට ඒ මුකුත් මතක නෑ. මට මතක ඔයාව බේරගන්න නම් කකුල අයින් කරන්න වෙනවා කිව්වා කියලා විතරයි. කකුල අයින් කරන්නේ නැතුව ජීවිතේ බේරගන්න බෑ කියලා ඒ වෙලාවේ වෛද්‍යවරු ගොඩක් වගේ හිත හැදුවා. දෙවියන්ව සිහිකරගන්න එක තමයි මට ඉතිරි වෙලා තිබුණේ.
මගේ කකුල ඉවත් කළේ 21 වෙනිදමයි. 22 වෙනිදා මට සිහිය එනකොට මගේ කකුල තිබුණේ නෑ. මුල් සති දෙක තුනක් යනකම් ඒක මට ගොඩක් මානසිකව බලපෑවා. හිත හදාගත්තේ ගොඩක් අමාරුවෙන්. ඉස්සර කරපු දේවල්. දුවලා පැනලා කරන්න දැන් මට බැහැ. මම ජීවත් වුණු විදිහට දැන් මම එකතැන් වෙලා කියලා දැනෙන කොට හිතට දරාගන්න අමාරුයි. දැන් මම ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ. මොනවා කරන්න ද දෙවියන් දෙන දෙයක් අපි භාරගන්න ඕනනේ.
‘අහිමි වූ වම් පාදය දෙස බලා ගනේෂන් මොහොතකට නිහඬ විය.’
තාම මට අවුරුදු 25 යි. මගේ බිරිඳටත් අවුරුදු 25 යි. අපි දෙන්නෙගම ජීවිතේ හොඳම කාලේ, අපිට තවම බබාලා නැහැ. මගේ කකුල ඉවත් කරාට පස්සේ බිරිඳක් ගොඩක්ම මානසික අතින් වැටුණා. බිරිඳක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. මගේ වැඩකටයුතු කරන්න කවුරුත් නැති නිසා බිරිඳ රැකියාවෙන් අයිනි වුණා. ඇය තමයි මම වෙනුවෙන් කැපවෙලා මගේ වැඩ ගෙදර වැඩ සියලුම දේ කරන්නේ.
දැන් කොහොමද ගනේෂන්ගේ ප්‍රතිකාරවල තත්ත්වය?
දැන් සියලුම ශල්‍යකර්මයන් කරලයි තියෙන්නේ. සායනවලට සති දෙකෙන් දෙකට වගේ යනවා. තෙරපි ව්‍යායාම කරනවා. වෛද්‍යවරුන්ගේ පැත්තෙන් මට කරන්න පුළුවන් හැමදේම කරලා තියෙන්නේ. කකුල නෑ කියලා හිතින් වැටුණට මම මනසින් උත්සාහ කරනවා කොහොම හරි නැගිටින්න.
මගේ කකුල නැති වුණාට පස්සේ මම කල්පනා කළේ රට බේරගන්න ගිය රණවිරුවෝ කොච්ච නම් අතපය නැතුව ඉන්නව ද කියලා. ඒත් හිතේ දුකක් තියෙනවා. දෙවියන් වඳින්න ගිය අපව ඇයි මේ විදිහට දේශපාලන වාසි තකා බිල්ලක් කරගත්තේ කියලා.
රෝහලෙන් ගෙදර එනකොට මට රෝද පුටුවක් දුන්නා. මම කැමැති නැහැ රෝද පුටුවකට වැටිලා ඉන්න. මම ටික ටික පුරුදු වුණා කිහිලිකරුවකින් ඇවිදින්න. දැන් මට එක දෙයයි ඕන. මට කෘත්‍රිම ප්ලාස්ටික් කකුලක් දාගන්න පුළුවන් නම් මට ආයෙම නැගිටින්න පුළුවන්.
මීට මාස 6කට පෙර මතකයන්
‘ගනේෂන්ට දැන් රැකියාව කරන්න අපහසුයි නේද? මා ඇසූ විට ගනේෂන්ගේ බලාපොරොත්තු සහගත දෑසින් නැවතත් මා දෙස බැලුවා.’
මම එහෙම හිතන්නේ නැහැ. මාස හයක් තිස්සේ මම හිතුවා. ඒත් මට නැවත නැගිටින්න පුළුවන් කියන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. මම පෞද්ගලික ආයතනයක රැකියාව කළා. ඇත්තටම මගේ ආයතනයෙන් මට ගොඩක් උදව් කළා. අදටත් මං ගැන හොයලා බලනවා. මගේ කකුල කපපු දවසේ ඉඳලා මේ වෙනකම් මගේ මාසික වැටුප ගෙවනවා.
මේ විදිහට හැමදාම ජීවත් වෙන්න බෑ. බිෂොප් හවුස් එකෙනුත් අපට හරියට උදව් කරනවා. මම බිෂොප් හවුස් එකටත් කිව්වා පුළුවන් නම් මට ප්ලාස්ටික් කකුලක් අරගෙන දෙන්න කියලා. මට ඕන ඉක්මනට නැගිටින්න. ප්ලාස්ටික් කකුලක් ලක්ෂ 16 විතර වෙනවා. කකුල නැතිවුණා කියලා බෑ අපි මේ ජීවිතෙන් නැගිටින්න ඕන.
ගනේෂන්ට රජයෙන් දෙන වන්දි මුදල ලැබුණ ද?
කකුල කපලා දැන් මාස 6 ක් වෙනවා. තවම මට රජයෙන් රුපියලක්වත් ලැබුණේ නැහැ. මගේ තාත්තා රෝහලෙන්, ග්‍රාම සේවකලගෙන් ඉල්ලන හැම ලියකියවිල්ලම ගෙනිහින් බාර දීලා දැන් මාස තුනකටත් වැඩියි. ඒත් තවම පිළිතුරක් නෑ. බිෂොප් හවුස් එකෙන් දීපු වන්දි මුදලින් තමයි අපි මේ විදිහට හරි ජීවත් වෙන්නේ.
අපි ජීවත් වෙන්නේ කුලියට. ආර්ථිකය පැත්තෙන් අපිට බිෂොප් හවුස් එකෙන් උදව් කරනවා. ඒත් හැමදාම බලාපොරොත්තු වෙන්න බැහැ.
අපි ජීවිතේට මුණ දෙන්න ඕන කොහොම හරි. වෙච්ච දේවල් ලේසියෙන් අමතක කරනවා කියනවා නෙමෙයි. අපිට නැගිටින්න මොකක් හරි මාර්ගයක් පෙන්වන්න කියලා මම ඉල්ලන්නේ. දැන් කෝ වගකිවයුත්තෝ? වැරදිකරුවෝ? කිසිම හා හූවක් නෑ. ඔක්කොම දැන් පෙර පරිදිම බොහොම හොඳට ඉන්නවා. අඩුම තරමේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? කියලවත් මේ ආණ්ඩුවෙන් බැලුවේ නැහැ. වන්දි මුදලවත් දීගන්න බැරි ආණ්ඩුවකින් පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉල්ලන එක විහිළුවක්
දයා කරුණාව පිරී හිත් ඇති ඔබට ද ගනේෂන්ට මෙන්ම ප්‍රහාරයෙන් පීඩා විඳින අය වෙනුවෙන් යමක් කළ හැකි වේ නම් අගරදගරු පදවි සමාජ සේවා ආයතනය මහත් සද්භාවයෙන් ක්‍රියාත්මක කර ඇති සෙත්සරණ කරිටාස් ආයතනයට උපකාරයන් කළ හැකිය. විස්තර 0112688999 දුරකථන අංක අමතා දැනගත හැකිය.
නදීශා අතුකෝරළ
ඡායාරූප - චානුක කුලසේකර
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි
ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්
ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික
තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ
සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ් සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
“කකුලක් නැතිවුණාට මනසින් නැගිටින්න උත්සාහ කරනවා”
K.h.nuwan kumara Thursday, 23 April 2020 03:50 AM
උත්සාහය තිබුනනම් නැගිටින්න පුළුවන්.