විවාහය ස්ත්‍රී - පුරුෂ දෙදෙනකුගේ ඇතිවීමට නැතිවීමට මුළුමනින්ම හේතු සාධක වන අතර ඔවුන්ගේ සැප හෝ දුකද මිනිය හැකිය. විවාහය සාමූහික සම්බන්ධයක් නිසා මානසික හා භෞතික වර්ධනයක් ඇති කෙරෙයි. සිකුරු ග්‍රහයා විවාහ කාරකයාය. මොහු බලවත් වුවොත් විවාහය ක්‍රමානුකූලව සැපවත්ව හැඩගස්වා ගැනීමට ගුරු පසුබිම සකසාදෙයි. කම්පලය, විශ්වාසය, ප්‍රභූත්වය හා ලෝකෝත්තර සැප ලබාදෙන්නේත් ගුරු ග්‍රහයාය.
සිකුරු බලවත් වූ විට කාමයට අධිපතිව ලිංගික ජීවිතය කෙරෙහි ප්‍රධාන වන නිසා පර අඹු සැමියන් සොයා යන කාම උමතුව මැඩලීමට ගුණගරුක ගුරුගේ බලය වැදගත් වේ. කුජ හා සිකුරු විසින් කරනු ලබන කාමුක හැඟීම් අතිධාවනයේ යෙදවීමෙන් විවාහ දිවිය කඩා දමයි. එනිසා විවාහය කඩා බිඳදමන්ට කුජ හපනෙකි. නමුත් ගුරුගේ සෞම්‍ය ගුණගරුකත්වය හොඳට ලැබුණොත් කුජට හිතුවක්කාරකම් කිරීමට නොහැකිවේ. ඊට හේතුව පුද්ගලයා ගුණගරුක මනසින් යුක්තවන නිසාය.
ශනි ග්‍රහයා විවාහ දිවියේදී මුදල් හිඟය, කලකෝලාහල කලකිරීම් ඇතිකරවයි. මෙහිදී කුජ, සිකුරු බාධක නොවීම බොහෝ වැදගත්වේ. එනිසා ගුරු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. නැතිනම් විවාහ දිවිය කටුකව අවාසනාවන්ත සිදුවීම් වලින් වලකා ගත හැකිවේ.
ඒ අනුව 2, 12, 6, 8 අධිපතියේ 5 වැනි භාවයේ යෙදීම ජීවිතය අවුල් කරයි. 7 අධිපති ලග්නය 5 - 9 යන ස්ථානවල යෙදීම උසස් විවාහයක් ලබාදෙයි. 7 අධිපති ශුභ රාශිගතවීම ඉතා වටිනා යෙදීමකි. 9, 11, 4 රාශි ගතවීම සැප සම්පත් විවාහයක් ගෙනදේ. වෘෂභ ලග්න කරුවකුගේ කුජ 9 යේ යෙදුනද යහපත් විවාහයක් ඇතිවුවත් ආගමට ලැදි නොවේ. 4 වැන්නේ යෙදීමෙන් භූමි වස්තු ගේදොර හිමිවේ.
සිංහ ලග්නකරුවකුගේ 4 ශනි සිටීමෙන් කාර්මික අංශයට බරවූ අයකු සමග විවාහයද 9 ශනි සිටියොත් ආර්ථිකයෙන් පෝෂණයවූ විවාහයක්ද, 11 ශනි නම් කීකරු බිරියක් ස්වාමියකු ලැබේ. 7 වැන්න බාධක වුවොත් සැපයෙන් හීනවේ. ධනු, මීන, මිථුන, කන්‍යා ලග්න හිමියන්ද එසේමය. එම ලග්න හිමියන්ගේ 7 බාධක ස්ථානය වේ.
ධනුවට මිථුන 7 වේ. එය බාධකය. මීනයට කන්‍යාව 7 වේ. එය බාධක ස්ථානය වේ. මිථුනට, ධනුද කන්‍යාවට මීන ද හත්වැන්න බාධක වේ. එවැනි අයගේ 7 අධිපතියා 12, 2, 3, 6 රාශිගතවූ විට විවාහ ප්‍රමාද කරයි. එම රාශි අධිපතියන් හා යෝග වූ විට තදබල අපල විවාහ ප්‍රමාද වීමද විටෙක විවාහයක් නොවී වැන්දඹු භාවයේම තබයි. යෝජනා කොතරම් ආවත් යටපත්වී ඉටු නොවේ. ධනු, මීන, මිථුන, කන්‍යා ලග්නකරුවන්ට විවාහ අසාර්ථක වන්නේ ඔවුන් සුදුසුකම් සොයමින් යන පණ්ඩිතකම නිසාය.
ශාස්ත්‍රීය, අධ්‍යාපනය, ගුණදම්වලට අධිපති බුධ පාපී නපුංසක ග්‍රහයෙක් වන අතර ලෝකෝත්තර පැත්තට නැඹුරුවේ. මේ බුධ ගුරු ලෞකික සුවයට කාමුක ඉන්ද්‍රියන් පිනවීමට කැමති නැත. බුද්ධිය වර්ධනය කරගැනීමට උත්සාහ දරයි. එවැනි තැන සිකුරුගේ වාසයට නුසුදුසු වේ. කුජ සිකුරු බල අධිකයා බුධ, ගුරුගේ ස්ථානයට ආශා නොදක්වයි. අහස පොළොව ෙමන් විරුද්ධ වේ. විවාහය දෙදරයි. දික්කසාද වේ.
ඉගෙනීමට ලොල්වන බුද්ධිමත් අය පොතපතටම ඇලී ගැලී සිටීමෙන් විවාහ ජීවිතය සාර්ථක නොවේ. සැපයද අඩුවේ. එබැවින් සමගියෙන් සාර්ථකත්වය ඇතිකරගෙන විවාහ වීමට සහකරුගේ හෝ සහකාරියගේ හඳහන් ගළපා විවාහවීම ඔබට සැනසිල්ල ගෙනදේ. එය ඔබේ ජීවිතයට ආලෝකයක්ම වෙයි.
ගුප්ත විද්‍යාකීර්ති වාස්තුවිද්‍යා උපදේශක
ජිනදාස එදිරිසිංහ
පොලිසිය අසල
රඹුක්කන
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කාමයට අධිපති සිකුරුත් විවාහ කඩාදැමීමට හපන් කුජයාත් මැඩලීමට ගුරුගේ බලය වැදගත් වේ