IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කොරෝනාගෙන් බේරී මුහුණ ඇල්ලීම වළක්වන්න නාසා ආයතනය මාලයක් හදලා

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරී, වයිරසය සමඟ ජීවත් වීමට අපට සිදුවී ඇත. වයිරසයෙන් බේරීමට නම් සෞඛ්‍ය උපදෙස් පිළිපැඳිය යුතුමය. ආසාදිතයකුගෙන් වයිරස විෂබීජ අප සිරුරුට ඇතුළු වෙන්නේ නාසයෙන්, මුඛයෙන් සහ ඇස්වලිනි. ඒ නිසා අපිරිසුදු අත්වලින් මුහුණ ඇල්ලීමෙන් වැළැකිය යුතුය. අප සැමවිටම දෑත් සෝදා පිරිසිදුව තබා ගත යුත්තේ එහෙයිනි. මෙය ඉතා වැදගත්ය. ඊට අමතරව මුහුණු ආවරණ පැලැඳීම ද යෝග්‍ය වෙයි. ‘කොවිඞ් 19’ වයිරසයේ බිහිසුණු ස්වභාවය වන්නේ, ආසාදිතයන් රෝග ලක්ෂණ නොපෙන්නීම සහ එම ආසාදිතයන්ගෙන් අන් අයට රෝගය බෝ වීමය. 


චීනයෙන් ඇරැඹි ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාව ය. මුහුණු ආවරණ පලඳින ලෙසත්, අපිරිසුදු අත්වලින් මුහුණ ඇල්ලීමෙන් වළකින ලෙසත් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ඇමෙරිකන් ජනතාවට උපදෙස් දී තිබේ. මුහුණ ඇල්ලීම පුරුද්දක් කරගත් බොහෝ දෙනකුට මෙය ගැටළුවකි. ‘මා මට හරිම ආදරෙයි. මා මාගේ මුහුණට හරි ආදරෙයි. මා දිනපතා මගේ මුහුණ අල්ලනවා. කොහොමද එහෙම නොකර ඉන්නේ ?’ යැයි මුහුණ ඇල්ලීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අංශ උපදෙස් දුන් අවස්ථාවේදී ඊට ප‍්‍රතිචාර දක්වමින් මෙසේ කීවේ වෙන කවුරුවත් නොවෙයි, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ය. 


‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වූ විට ස්වසන පද්ධතිය අඩපණ වෙයි. පෙණහලුවලට වයිරස විෂබීජ ගමන් කිරීමෙන් නියුමෝනියා තත්ත්වයක් ඇතිවෙයි. ‘කොවිඞ් 19’ මාරක වන්නේ ඒ අනුවය. ඔබ නිරෝගී නම්, වයිරසය නිසා හටගන්නා සංකූලතා අඩුය. ඇමෙරිකාවේ රෝහල් ආසාදිතයන්ගෙන් පිරී යද්දී, අසාධ්‍ය රෝගීන්ට ස්වසන උපකරණ එසේත් නැතිනම් වෙන්ටිලේටර් අවශ්‍ය විය. ඇමෙරිකාවේ ප‍්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගම්, මෝටර් රථ නිෂ්පාදනය පැත්තකට දමා වෙන්ටිලේටර් නිපදවන්න විය. අභ්‍යවකාශයේ රහස් සොයන්න වෙහෙසෙන, 2024 දී සඳට කාන්තාවක් යැවීමට ද සූදානම් වන ඇමෙරිකාවේ නාසා ආයතනය ඒ වැඩ සියල්ල පැත්තකට දමා වෙන්ටිලේටර් නිපදවීම ඇරැඹුවේය.
වෙන්ටිලේටර් නිපදවන අතරතුරේ නාසා ආයතනය තවත් අපූරු උපාංගයක් ද නිපදවා ඇත. මෙය කුඩා මාලයකි. මාලයක් සේ පිටතට පෙනුනත්, මෙම සංවේදක උපකරණයකි. කෙනකුගේ අත්වල චලනය පිළිබඳ විමසිල්ලෙන් පසුවන සංවේදක ඊට අන්තර්ගතය. මාලයෙන් සිදුවන්නේ මුහුණ ස්පර්ශ කිරීම වැළැක්වීමය. ඔබට අමතක වී අත් මුහුණට ළං වෙද්දී, මාලයෙන් අනතුරු ඇඟවීමේ හඬ නිකුත් කෙරේ. නැතිනම් එය ‘වයිබ්‍රේට්’ වීමට පටන් ගනී. ඒ අනුව, මාලය පැලඳ සිටින තැනැත්තාට හෝ තැනැත්තියට ‘මුහුණ ස්පර්ශ කරන්න එපා’ යන පණිවුඩය ලැබෙයි.


මාලය නිපදවා ඇත්තේ නාසා ආයතනයේ රොකට්ට හදන ජෙට් ප‍්‍රචාලන පර් යේෂණාගාරයේ විද්‍යාඥයන් සහ තාක්ෂණ ශිල්පීන් එක්වෙමිනි. මාලය නම් කර ඇත්තේ ‘පල්ස්’ යන නමිනි. මාලයට ගැහැනු පිරිමි භේදයක් නැත. මාලය ත්‍රිමාන මුද්‍රණ තාක්ෂණයෙන් නිර්මාණය වෙයි. මෙය එදිනෙකා භාවිතයට සුදුසු සරල උපාංගයකි. කුඩා මෝටරයකින් සමන්විතය. ප්ලාස්ටික් ආවරණයක් තුළට සංවේදක ඇතුළත් කර තිබේ. 3 වී වර්ගයේ බැටරියකින් පණ ගැන්වෙයි. නිකටට අඟල් 6 ක් හෝ 12 ක් පහළට වන අයුරින් මාලය පැලැඳිය යුතුයි. නාසා ආයතනය එළිදක්වන මාලයට අකමැති නම්, සන්වේදක අඩංගු කොටස පමණක් මිලදී ගැනීමට ද හැකියාව ඇත. ඉන්පසු එම කොටස ඔබට කැමැති විදියේ මාලයකට සවි කිරීම කළ හැකිවෙයි.


ලු‍සිත ජයමාන්න   
‘ද සන්’ ඇසුරිනි   



අදහස් (0)

කොරෝනාගෙන් බේරී මුහුණ ඇල්ලීම වළක්වන්න නාසා ආයතනය මාලයක් හදලා

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 22 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 21 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site