කේන්දර, බාධක, දුක් කම්කටොලු පැමිණෙන විට බොහෝ දෙනෙකුට තම ඡන්ම පත්‍රය ජ්‍යෙතීර්වේදියෙකුට ලබාදී පරීක්ෂා කරවා ගැනීමට සිත් වේ. තවද නව ව්‍යාපාර, විභාග, නිවාස ඉදිකිරීම වැනි අවස්ථාවලදීද සුභ නැකත් සාදවා ගැනීමට තම ඡන්ම පත්‍රය ජ්‍යෙතීර්වේදියාට ලබා දිය යුතුය.
ඡන්ම පත්‍රයක් පරීක්ෂාකිරීමේදී දකින ග්‍රහ අපල තිබේනම් එය සමනය කර ගැනීමට අවශ්‍ය වත් පිළිවෙත්ද කියාදීම ජ්‍යෙතීර්වේදියාගේ යුතුකම සහ වගකීම වේ. එහිදී යම් අලංකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට ‘යන්ත්‍රයක් පලඳින්න’’ කියන අවස්ථාද තිබේ. එම අවස්ථාවේ පවතින ග්‍රහ අපල තත්ත්වය සමනය කිරීමට ගැළපෙන විවිධ යන්ත්‍රය නම් කරන අවස්ථා තිබේ.
එහෙත් සේවා දායකයින් පවසන්නේ එවැනි යන්ත්‍ර පැළඳීමකින් බලාපොරොත්තු වන සහනය ලැබී නොමැති බවයි. මෙයට හේතුව කුමක්ද කියා විමසා බැලීමේදී හේතු ගණනාවක් අනාවරණය කර ගැනීමට හැකි විය.
ඒවා පහත පරිදි පෙළගැස්විය හැක.
1. යන්ත්‍ර, මන්ත්‍ර පිළිබඳව කිසිඳු අවබෝධයක් නොමැති බහුතරයක් අය පොතක ඇති යන්ත්‍රයක් තමන්ට රිසිසේ ඇඳ කරේ බැඳීම.
2. ඇතැම් අය යන්ත්‍රයක් නිවැරැදිව අඳින්නේ නොමැතිව සාදාගත් අකෘති (බ්ලොක්) මගින් යන්ත්‍ර ඇදීම.
3. යන්ත්‍රය නිවැරැදිව ජප නොකිරීම.
4. යන්ත්‍ර ඇඳීමේදී රේඛා කැපීපෙනෙන ලෙස ඇඳීම
5. යන්ත්‍ර ගැබෙහි ලියන වැකි නිවැරැදිව නොලිවීම
ඉහත සඳහන් කරන ලද්දේ යන්ත්‍ර අැඳීමේදී සහ මැතිරීමේදී (ජප කිරීමේදී) සිදුකරනු ලබන පොදු වැරැදි කිහිපයකි. පහත උපදෙස් නිවැරදිව පිළිපදිමින් යන්ත්‍ර සැකසීම සිදුකරන්න. එවිට සේවාදායකයන්ගෙන් යන්ත්‍ර පිළිබඳව චෝදනා එල්ල වන්නේ නැත.
1. යන්ත්‍රය අඳින තඹ පත්‍රය ගැනීමේදී
දිග පළලින් සිව්රැස සුභයි. පළලින් දෙක මරණයි. පළලින් තුන ජයයි. පළලින් හතර රෝගකාරකයි. පළලින් පහ ලාභයි. පළලින් හය නිශ්ඵලයි. පළලින් හත ශ්‍රියා වඩයි. පළලින් අට අර්ථහානි කරයි.
2. යන්ත්‍රය පැලදීමට ගන්නා හුය (නූල)
සතුරු උපද්‍රවයට රතු නූලද, සෙසු සකල ක්‍රියාවන්ට කහ නුලද, සතුරු උපද්‍රවයකට හත් පොටක්ද, සෙසු සකල ක්‍රියාවන්ට නව පොටක්ද ලෙස ගත යුතුය.
3. එක් එක් ග්‍රහ අපලවලට ගැළපෙන යන්ත්‍ර
1. රවිගෙ අපලවලට - සූර්ය මණ්ඩලය, ආඝෝරය
2. සඳුගෙ අපලවලට - රතන යන්ත්‍රය, නවනාථ යන්ත්‍රය, චන්ද්‍ර මණ්ඩලය, නවග්‍රහ යන්ත්‍රය.
3. කුජගෙ අපලවලට - කන්ද කුමාර යන්ත්‍රය, අභිසම්හිදාන යන්ත්‍රය.
4. බුධගෙ අපලවලට - විෂ්ණු ආඝෝරය, විෂ්ණු නීල මණ්ඩලය ශිව සිදම්බර යන්ත්‍රය.
5. ගුරුගෙ අපලවලට - නාරසිංහ යන්ත්‍රය, අභිසම්හිදාන යන්ත්‍රය
6. සිකුරුගෙ අපලවලට - නවනාථ යන්ත්‍රය, ඊශ්වර මණ්ඩලය සංජීවනී යන්ත්‍රය
7. ශනිගෙ අපලවලට - නීළ මණ්ඩලය, මෘතුංජය, විෂ්ණු ආඝෝරය, තද මාරක අපලබලට - මහා මෘත්‍යුංජය
8. රාහුගෙ අපලවලට - නාගර්ජන යන්ත්‍රය
9. කේතුගෙ අපලවලට - අාඝෝරය නාගමාලය, ස්ත්‍රීන්ට - විෂ්ණු ආඝෝරය, නවග්‍රහ ආඝෝරය, පුරුෂයින්ට - ආඝෝරය
මේ ආකාරයට නිවැරැදිව සකසන ලද යන්ත්‍රය, නිවැරදිව ජපකර පැලඳීමෙන් කරදර, බාධක, ලෙඩරෝග දුරු වේ. තවද ව්‍යාපාර, රැකියා, විභාගවලින් ජය ලබාගත හැක.
විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු සිදුකරන දරුවන්ගේ විභාග අාසන්න වන විට දෙමව්පියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිවන බාධා අවම කර ගැනීමටද, ග්‍රහ අපල දුරු කිරීමටද යන්ත්‍ර පැළඳීමට පෙළඹේ.
මෙවැනි අවස්ථාවල සුදුසුම යන්ත්‍රය සකස්කර දී ඔවුනට සාධාරණයක් සිදුකළයුතුය.
එසේම විවාහ ප්‍රමාදවීම්, දරුඵල ප්‍රමාද වීම්, රැකියා ප්‍රමාදවීම් විවිධ ලෙඩරෝග වැනි තත්ත්වයන් වලදීද යන්ත්‍ර පැළඳීම සිදුකරයි. එ්වායින් පිහිටක් ලබාගැනීමටනම් නිවැරදිව යන්ත්‍රය සැකසිය යුතුය. එවිට ඒ මගින් පිහිටක් ලැබෙනු ඇත.
පාඨශාලාචාර්ය, අත්තනගල්ලේ
හේමසිරි විජේසිංහ
658/21, මාලිගාතැන්න,
අත්තනගල්ල.
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ග්‍රහ අපල සඳහා පළඳින යන්ත්‍ර නිවැරැදිව සකසමු