IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ගංවතුරෙන් යටවෙන වැනීසිය

ලෝකෙන්  ටිකක්  

 

 

ඇළ මාර්ගවලින් වෙන් වෙන කුඩා දූපත් 118කටත් වැඩි ප්‍රමාණයක් පාලම් මගින් සම්බන්ධ කරමින් ඉදිකර තිබෙන වැනිස් නගරය වැනිස් කළපුවේ පිහිටා තිබේ. සාම්ප්‍රදායික ගොන්ඩෝලා බෝට්ටු හා ඇළ මාර්ගවලින් යුත් වැනිස් නගරය සංචාරක ව්‍යාපාරය සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙය යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ද වේ. 
පසුගිය බදාදා වැනිසියට බලපෑ ගංවතුර තත්ත්වය හා එදින මැදියම් රැයේ දී අඩි 6කටත් වැඩියෙන් නැගුණු වඩදිය හේතුවෙන් මෙහි තිබෙන සියවස් ගණනක් පැරණි ගොඩනැගිලි හා ඉපැරණි බැසිලිකා දේවස්ථානය ආදියට දැඩි හානි සිදුවිය. 


1966න් පසු මෙවැනි දරුණු වඩදියක් වාර්තා වූයේ එදිනයි. වැනිස් නගරයේ පුරපති ලුයිගි බ්‍රග්නාරෝ මේ අනතුරෙහි වගකීම පටවන්නේ ගෝලීය දේශගුණ වෙනස්වීම කෙරෙහි ය. 
අධික වැසි හා ප්‍රබල සුළං නිසා ඇතිවූ මෙම ගංවතුර තත්ත්වයෙන් වැනිස් නගරය ආශ්‍රිත කලාපයට ද හානි සිදුවිය. මෙම උපද්‍රවය හමුවේ දෙදෙනෙක් මියගිය අතර ඉන් එක් අයෙකුගේ මරණයට හේතු වූයේ යටවූ නිවසේ ජලය ඉවත් කිරීමට යාමේ දී විදුලි සැර වැදීමයි. 


වැනිස් නගරයෙන් සියයට 80කටත් වැඩි ප්‍රමාණයක් වඩදිය අවස්ථාවේ යටවී තිබුණු අතර ජලයෙන් යටවුණු එහි තිබෙන බහුතරයක් ඉපැරණි හා ඓතිහාසික ගොඩනැගිලිවලට දැඩි හානි සිදුවී ඇතැයි වාර්තා වේ. පෙසාරෝ හි නූතන කලා ගැලරිය ඇතුළු ගොඩනැගිලි කිහිපයකම කුඩා පරිමාණ ගිනි ගැනීම් ද ඇතිව තිබිණි. 


මෙවැනි දරුණු වඩදිය නැගීම්වලින් පුරාණ නගරය ආරක්ෂා කිරීම සඳහා ගංවතුර බාධකයක් නිර්මාණය කිරීම 1984දී ඇරඹුණ ද නොයෙක් වංචා, දූෂණ හා හිතාමතා ප්‍රමාද කිරීම් නිසා අද වෙන තුරු එම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට නොහැකි වී ඇත. දේශගුණ විපර්යාසයට දොස් නගමින් සිටියහොත් ලෝක උරුමයක් වෙන සුන්දර වැනිස් නගරය අනාගත පරම්පරාවලට හැබැහින් දැක ගැනීමට ඉතිරි නොවනු ඇත. 

 



අදහස් (0)

ගංවතුරෙන් යටවෙන වැනීසිය

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 43 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 66 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 84 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 45 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 113 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 93 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 222 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 305 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site