IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව සූදානම්

 

 

වායු ගෝලයක් නැති, නිසරු, දූවිලි සහ පස්වලින් පිරි අප චන්ද්‍රයාගේ එසේත් නැතිනම් සඳේ ජල අංශු ඇතැයි පළමුවෙන් සොයා ගත්තේ කවුරුන්දැයි දන්නවද? එම සොයා ගැනීම කළේ, ඇමෙරිකාවේ නාසා ආයතනය නොවෙයි. කුඩා දරුවකු නළ ළිං කුහරයකට වැටුණු විට බේරා ගැනීමට පහසුකම් නොමැති, හරිහැටි වැසිකිළි පහසුකම් පවා නැති අසල්වැසි ඉන්දියාවය. 


ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනය (‘නාසා’ මෙන් කෙටියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ඉස්රෝ’ යනුවෙනි.) සඳේ ආවාට අතරේ ජල අංශු ඇතැයි ලොවට අනාවරණය කළේ 2008 වසරේ දී, ඔවුන්ගේ ‘චන්ද්‍රයාන් 1’ සඳ ගවේෂණ යානය මගිනි. 


මෙම ගවේෂණ යානය සඳේ කක්ෂයට පිවිස, සඳ සිතියම් ගත කළේ චන්ද්‍රිකාවක් සේ, සඳ වටා යමිනි. ‘චන්ද්‍රයාන් 1’ ඉන්දීය රුපියල් කෝටි 386 (ඇමෙරිකන් ඩොලර් මිලියන 54) ක නිර්මාණයකි. සඳේ ජල අංශ ඇති බව ‘ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනය’ අනාවරණය කිරීමත් සමඟ නාසා ආයතනය ඒ ගැන වැඩි දුරටත් සොයා බැලුවේය. ‘චන්ද්‍රයාන් 1’ යානයේ සොයා ගැනීම නාසා ද තහවුරු කළේය. 


‘චන්ද්‍රයාන් 1’ සාර්ථකත්වයෙන් පන්නරය ලබා පසුගිය 2019 වසරේ ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම ඇරැඹිණි. ‘චන්ද්‍රයාන් 2’ සංකීර්ණ මෙහෙයුමකි. යානා තුනක් ඊට ඇතුළත් විය. ‘වික්‍රම’ නමැති පතිත කරවන ගවේෂණ යානය සඳට ගොඩබෑමට යැවුණි. ඒ, තුළ ‘ප්‍රාග්යාන්’ යන නමින් නම් කළ රොබෝ රෝවර් යානයක් ද විය. රෝවර් යානයක් යනු එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතු කරන යානයකි. අවාසනාවකට ගොඩබෑමට පහත් කරද්දී, ‘ප්‍රාග්යාන්’ සඳට කඩාවැටුණේය. යානය විනාශ වී මෙහෙයුම අසාර්ථක විය. ඉන්දීය රුපියල් බිලියන 10 ක් අපතේ ගියේය. 


‘ප්‍රාග්යාන්’ සඳට ගොඩබානු දැක ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනයේ මෙහෙයුම් මැදිරියට ගොස් සිටියේය. ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුම අසාර්ථක වී, ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් කඳුළු සලද්දී, ඔහු තුරුලට ගෙන සැනසුවේ ද මෝදි ය. ‘අපි අයෙත් උත්සාහ කරමු’ ඒ, මෝදිගේ වදන් ය. 


ඉන්දීය අභ්‍යවකාශ පර්​ෙ‌ය්ෂණ ආයතනයේ ප්‍රධානී කයිලසවාදියෝ සිවන් පසුගිය දා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවීය. ඒ, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම ගැන කරුණු පැහැදිලි කිරීමටය. ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත්, මෙම වසරේ එනම් 2020 නොවැම්බරයේ ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම දියත් කරන බවත්, ‘චන්ද්‍රයාන් 2’ මෙහෙයුමේ සිදුවුණු අඩුපාඩු නිවැරදි කර ගැනීමට හැකිවුණු බවත් කයිලසවාදියෝ සිවන් මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය. 


චන්ද්‍රයාන් 3 මෙහෙයුමට ඉන්දීය රුපියල් බිලියන 6.5 ක් වැය වෙයි. ඊට අමතරව තව වසර දෙකකින් එනම්, 2022 දී ඉන්දියාව ඔවුන්ගේ ගගනගාමීන් තිදෙනකු අභ්‍යවකශයට යැවීමට ද සූදානම් වන බව කයිලසවාදියෝ සිවන් වැඩිදුරටත් කියා සිටියේය. ඒ, ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම යටතේය. ‘ගගන්යාන්’ අභ්‍යවකාශ මෙහෙයුම සඳහා ඉන්දීය ගගනගාමීන් තිදෙනකු තෝරා ඔවුන්ට පුහුණව ලබා දෙන බව ද කයිලසවාදියෝ සිවන් කියා සිටියේය. ඉන්දීය රජයෙන් මෙම මෙහෙයුමට මේ වනවිටත් මුදල් අනුමත වී ඇති බව ද වාර්තා වේ. 

 


ලුසිත ජයමාන්න 
ඉන්දීය පුවත් සේවා ඇසුරිනි



අදහස් (0)

‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 26 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 18 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 97 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 111 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 81 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site