තාරකා විද්‍යාඥයෝ රහසක් හෙළි කරති
වසර මිලියන 130 කට පෙර, ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, විශ්වයේ ඈත කෙළවරක තරු දෙකක් එකිනෙක හැපුණි. හැපුණේ නියුට්‍රෝන තරු දෙකකි. තරු ඝට්ටනයෙන් නිකුත්වුණු ආලෝකය සහ කම්පන තරංග විශ්වය පුරා දෝංකාර දෙමින් පැතිර ගියේය. මෙම අති ප්‍රබල ඝට්ටනය වසර මිලියන 130 කට පසු, පසුගිය අගෝස්තු 16 වැනිදා පෘථිවි තාරකා විද්‍යාඥයන්ට අසන්නත්, දකින්නත් ලැබුණි. සිත් කළඹන මෙම අපූරු සංසිද්ධිය, තාරකා භෞතික විද්‍යාවේ නව පිටුවක් ෙපරළීමට සමත් විය.
ඇමෙරිකාවේ වොෂින්ටන් සහ ලුවිසියානා ජනපදවල පිහිටි, රේසර් කිරණ නිරෝධනමාන ගුරුත්ව තරංග නිරීක්ෂණාගාරයේ (මෙම නිරීක්ෂණාගාර කෙටියෙන් හැඳින්වෙන්නේ ‘ලිගෝ’ නමිනි.) සහ නාසා ආයතනයේ විද්‍යාඥයන්ට විශ්වයේ ඈත සිදුවුණු තරු ඝට්ටනයේ කම්පන තරංග සහ ආලෝකය අසන්නටත් දකින්නටත් ලැබුණේ පෘථිවියේ අති ප්‍රබල තාරකා විද්‍යා දුරේක්ෂවලින් සහ පෘථිවි කක්ෂයේත් අභ්‍යවකාශයේත් රඳවා ඇති දුරේක්ෂ ආධාරයෙනි.
පසුගිය අගෝස්තු 16 වැනිදා ඔවුන්ට ඒ ගැන දැනගන්න ලැබුණු අතර, දත්ත සියල්ල විශ්ලේෂණය කරමින් ලෝකවාසීන්ට ඒ බව දැනුම්දීම සිදු කෙරුණේ පසුගිය ඔක්තෝබර් 16 වැනිදාය. දත්ත විශ්ලේෂණයේ දී යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන්ගේ ද සහාය ලැබී ඇති බව වාර්තා වේ.
තරු ඝට්ටනය සිදුවී තිබුණේ හයිඩ්‍රා තරු පංතියට කිලෝ මීටර් බිලියන දහස් ගණනක් ඈතින් පිහිටි ‘එන්.ජී.සී. 4993’ යනුවෙන් නම් කළ මණ්දාකිණියෙනි. පිපිරුමෙන් පසු, පිපිරුම සිදුවුණු ස්ථානය සහ ඒ අවට රත්තරන් අංශු සහ කැබැලි විසිරී පැතිරී තිබෙන බව විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත.
පිපිරුමෙන් නිකුත් වුණු එම රත්තරන්, පෘථිවි ස්කන්ධය තරම් බරින් යුක්ත යැයි ‘ලිගෝ’ තාරකා විද්‍යාඥයෝ පවසති. රත්තරන් පමණක් නොව, මහා පරිමාණයෙන් ප්ලැටිනම්, යුරේනියම් සහ ඊයම් වැනි සෙසු බර ලෝහ වර්ග ද පිපිරුමත් සමඟ විශ්වයට මුදා හැරුණු බව පැවැසෙයි. සිදුවුණු මෙම සංසිද්ධිය විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත්තේ ‘කිලෝනෝවා’ නමිනි.
පිපිරුමෙන් නිකුත් වුණු ආලෝකය, දීප්තිමත් පැල්ලමක් ලෙසින් එන්.ජී.සී.4993 මණ්දාකිණියෙන් දකින්න ලැබුණු අතර, එම ආලෝකය සෙමින් සෙමින් වියැකී ගොස් අවසානයේ දී රතු පැහැති ලපයක් ලෙස දිස් විය.
ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරදී, මාධ්‍ය හමුවකට එක් වෙමින්, මේ පිළිබඳ සියලුම විස්තර අනාවරණය කළේ ලිගෝ පර්යේෂනාගාරයේ ප්‍රධානී ආචාර්ය ඬේවිඞ් රෙයිට්ස්ය. ‘පළමු වරට විශ්වයෙන් අපට අපූරු චිත්‍රපටයක් දකින්න ලැබුණා. ඒක හඬ සමඟ දකින්න ලැබුණු චිත්‍රපටයක්. නිහඬ චිත්‍රපටයක් නොවෙයි. ගුරුත්ව තරංගවල හඬත්, ඝට්ටනයෙන් නිකුත් වුණු ආලෝකයත් පැහැදිලිව අපට අසන්න සහ දකින්න ලැබුණා. මීට පෙර මෙවැනි දෙයක් අපට අසන්න හෝ දකින්න ලැබිලා නැහැ. තාරකා භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් අප නොදැන සිටි සහ අනුමාන කළ කරුණු රැසක් දැනගන්න ලැබුණා.’ යැයි ආචාර්ය රෙයිට්ස් මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
තාරකා විද්‍යාඥයන්ට දශක ගණනාවක් තිස්සේ පිළිතුරු සොයා ගැනීමට නොහැකි වී තිබුණු ප්‍රශ්න තුනකට මෙම තරු ඝට්ටනයෙන් පිළිතුරු ලැබුණි. පළමු ප්‍රශ්නය නම් නියුට්‍රෝන තරු දෙකක් ගැටී එක් වෙද්දී සිදුවන්නේ කුමක්ද යන්නය. නියුට්‍රෝන තරු දෙකක් එකිනෙක ගැටෙද්දී, ගුරුත්ව තරංග සහ විකිරණ නිකුත් වනු ඇතැයි යන අදහස දශක ගණනවක් තිස්සේ පැවැති අතර, දැන් එය තහවුරු වී තිබේ.
දෙවැනි ප්‍රශ්නය නම්, විශ්වයේ කෙටි ගැමා කිරණ නිකුත් වීම් සිදුවන්නේ ඇයිදැයි යන්නය. එම ප්‍රශ්නයට ද පිළිතුරු ලැබී ඇත. නියුට්‍රෝන තරු එකිනෙක ගැටී පුපුරා යද්දී ගැමා කිරණ නිකුත් වන බව ද මෙම ඝට්ටනයෙන් පැහැදිලි විය. තෙවැනි ප්‍රශ්නය, රත්තරන් වැනි මූල ද්‍රව්‍ය නිර්මාණය වුණේ කෙසේද යන්නය. බර මූල ද්‍රව්‍ය නිර්මාණය මේ වනතුරු අබිරහසක් ලෙස පැවැතිණි. දැන් ඊට ද පැහැදිලි පිළිතුරක් ලැබී ඇත. ඒ, ඒවා නිර්මාණය වන්නේ ද නියුට්‍රෝන තරු එකිනෙක ගැටීමෙනි.
ගුරුත්ව තරංග සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන, එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස සැළකෙන්නේ බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් බ්ලෙයාර්වය. ‘ගුරුත්ව තරංග හසුකර ගැනීමේ, පළමු පර්යේෂණවලට පවා මම දායක වුණා. එදා අපි එම පර්යේෂණ කළේ ඇමෙරිකාවේ. 1973 වසරේදී. නියුට්‍රෝන තරු ඝට්ටනවලදී, ගුරුත්ව තරංග මුදා හැරීමක් සිදුවනු ඇතැයි අනුමාන කරමින් අප ඒ ගැන දශක ගණනාවක් හෙව්වා. හම්බ වුණේ නැහැ. ඔන්න දැන් අවුරුදු 44 කට පස්සේ අපි එදා සෙවූ දේ අද විද්‍යාඥයන්ට සොයා ගන්න හැකිවෙලා. ඒක සුවිශේෂී මෙන්ම ඓතිහාසික සිද්ධියක්’ යැයි ඬේවිඞ් බ්ලෙයාර් කියයි.
විශ්වයේ ගුරුත්ව තරංග සම්බන්ධයෙන් පළමුවෙන් ම අදහස් පළ කළේ, විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය පිළිබඳ ලොවට හෙළි කළ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ය. අයින්ස්ටයින් මීට අවුරුදු 101 කට පමණ පෙර ඉදිරිපත් කළ මෙම ගුරුත්ව තරංග අදහස යථාර්ථයක් බව විද්‍යාඥයන්ට වැටහුණේ 2015 වසරේදීය. විද්‍යාඥයන්ට ගුරුත්ව තරංග හසුකර ගැනීමට හැකිවූයේ පසුගිය 2016 වසරේදීය. සාපේක්ෂතා වාදයට අනුව, ගුරුත්ව තරංග ඇති බව, අයින්ස්ටයින් පැවැසුවේ 1915 වසරේදීය.
විශ්වයේ ආලෝක වර්ෂ බිලියන ගණනක් ඈත යෝධ කළු කුහර එකිනෙක ගැටෙද්දී ගුරුත්ව තරංග මුදා හැරෙන බව විද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබුණි. දැන් නියුට්‍රෝන තරු ඝට්ටනයකදී ද එසේ ගුරුත්ව තරංග මුදා හැරෙන බව ඔවුහු සොයා ගනු ලැබ සිටිති.
අපගේ හිරු ද තරුවකි. පෘථිවියේ අපට කිට්ටුම තරුව වන්නේ හිරුය. හිරු ඇත්තේ පෘථිවියේ සිට සැතපුම් මිලියන 93 ක් දුරිනි. හිරුගෙන් නිකුත් වන ආලෝකය පෘථිවි අපට ලැබෙන්නේ මිනිත්තු 8 ක් ගත වීමෙන් පසුවය. පැයට කිලෝ මීටර් මිලියන 150 ක දුරක් ගමන් කරමින් හිරුගේ ආලෝකය, සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටි කුරු ග්‍රහයා ප්ලූටෝ වෙත යෑමට ගත වන කාලය පැය 12 කි.
පරතෙරක් නැති මේ මහා විශ්වයේ, තාරකා විද්‍යාඥයන් අභ්‍යවකාශ වස්තූන් අතරේ දුර මැනීම සිදු කරන්නේ ආලෝක වර්ෂවලිනි. අප සෞරග්‍රහ මණ්ඩලයට සමීපතම තරුව වන්නේ ප්‍රොක්සිමා සෙන්චූරිය. මෙය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 4.25 ක් දුරිනි. මෙම තරුවෙන් නිකුත් වුණු ආලෝකය පෘථිවි අපට දකින්න ලැබෙන්නේ වසර හතරක් ගත වෙද්දී යැයි පැවැසෙයි. අප සතුව ඇති රොකට්ටු හෝ අභ්‍යවකාශ යානා යොදා ගෙන මේ තරුව අසලට යන්න හැදුවොත්, ඊට අවුරුදු දහස් ගණනක් ගතවේවි.
තරුවක් යනුවෙන් හැඳින්වෙන්නේ වායු බෝලයකි. තරුවක ප්‍රධාන වශයෙන් අඩංගු වී ඇත්තේ හීලියම් සහ හයිඩ්‍රජන්ය. තරුවක මැද න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදුවෙයි. පිපිරීම් සිදුවෙයි. ඒවා න්‍යෂ්ටික පිපිරීම්වලටත් වඩා බිහිසුණුය. එම පිපිරීම්වලදී, මහා ශක්ති ප්‍රභවයක් නිකුත් කෙරේ. තරුවක් ආලෝකය සහ තාපය විහිදුවන්නේ ඒ අනුවය. තරුවක් මැද උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 16 ඉක්මවයි. මෙතරම් උණුසුමකින් එක් වැලි මිටකට කිලෝ මීටර් 150 ක් දුර ඇති සියලුම දේ අසුරු සැණින් දූවිලි බවට පත් කළ හැකිය. තරුවක ඇති තාපයෙන් අධික වායු පවතින තත්ත්වය තාරකා විද්‍යාඥයන් නම් කරන්නේ ‘ප්ලස්මා’ යන නමිනි.
තරුවක ආයුෂ අවසන් වූ පසු, තරුව මැද ඇති හයිඩ්‍රජන් වායුව දැවී අවසන් වෙද්දී, තරුව පිම්ඹී විශාල වෙයි. මෙම අවස්ථාවට පත්වුණු තරු හැඳින්වෙන්නේ රතු යෝධයන් යනුවෙනි. මෙම තරු යෝධයන් ඉන්පසු පෘථිවිය තරම් කුඩා ප්‍රමාණයට හැකිළෙයි. මෙවැනි තරු හැඳින්වෙන්නේ සුදු වාමනයන් යන නමිනි. නියුට්‍රෝන තරුවල වැඩිපුරම ඇත්තේ නියුට්‍රෝනය. මේවා ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර ඝනත්වයෙන් වැඩිය. සාමාන්‍යයෙන් නියුට්‍රෝන තරුවන විශ්කම්භය කිලෝ මීටර් 20 ක් පමණ යැයි පැවැසෙයි. තේ හැන්දක තැබිය හැකි ප්‍රමාණයේ නියුට්‍රෝන තරුවක්, ටොන් මිලියනයක් බරින් යුක්ත වෙයි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තරු දෙකක් හැප්පිලා ඈත විශ්වයේ ජංජාලයක්