බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන බොනී මිලර්, ඇගේ අට හැවිරිදි පුතු ද්විතීය අධ්‍යාපනය ලැබීම සඳහා පාසලකට ඇතුළත් කිරීමට නොසෑහෙන දුකක් විඳිමින් සිටින්නීය. පාසල් සෙවීමට දුෂ්කර වී තිබෙන්නේ ඇගේ පුතුගේ ලස්සන, දිගු කැරලි කෙස් වැටිය නිසාය. ෆාරුක් ජේම්ස් නමැති මෙම දරුවාගේ පියා අප්‍රිකානු රටක් වෙන ඝානාවේ උපත ලද්දෙකි. මව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි.
සංස්කෘතික හේතු මත මේ මාපියෝ දරුවාට වයස අවුරුදු 3 වෙන තුරු කෙස් කැපීමෙන් වැළකී සිට ඇත. එය කොතරම් දිගට හා ලස්සනට වැවී තිබෙන්නේ ද යත්, කාන්තාවකගේ දිගු කෙස්වැටියක් තරමටම සුන්දරය. එහෙත් දරුවාගේ කෙස් වැටිය දිගු වැඩිවීම නිසා ඔහුගේ සොහොයුරා පවා ගිය පාසලෙන් ඔහු ශිෂ්‍යයෙකු ලෙස භාරගැනීමට නොහැකි යැයි දන්වා තිබේ.
ඔහුගේ සොහොයුරා පාසල් ගොස් තිබෙන්නේ වසර 23කට පෙර ය. එකල පවා පාසලේ තිබූ විලාසිතා ප්‍රතිපත්තියක් හේතුවෙන් ඔහුගේ කෙස් කොට වැඩි යැයි නිතර පාසලෙන් චෝදනා ලැබූ අතර කෙස් නිසා කිහිප වරක්ම පාසලෙන් නෙරපා හරින්නට ඔන්න මෙන්න තිබියදී යන්තම් බේරී තිබිණ. පාසලෙන් වූ කරදරය ඉවසන්නට බැරි තැන ඇය සපත්තු පොලිෂ් එකක් ගෙන එය දරුවාගේ හිසේ ඇතිල්ලුවාය.
බොනී මිලර් සිතා සිටියේ පාසලේ විලාසිතා වර්තමානය වෙන විට වෙනස් වී ඇති බවයි. එහෙත් එදා වැඩිමල් පුතුගේ කෙස් කොට වැඩි යැයි කියූ පාසලම අද පොඩි පුතුගේ කෙස් දිගු වැඩි යැයි කියයි. එමෙන්ම පාසල් කිහිපයකට අයැදුම් කර තිබුණද, ඒ සියල්ලෙන්ම ප්‍රතික්ෂේප වන්නටද වූ බැවින් පාසලේ සිසුන්ගේ කෙස් පිළිබඳ ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි කියමින් ඇය නඩු මඟට පිළිපන්නාය.
ඒ අනුව හිස කෙස් විලාසිතා පිළිබඳ ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නට පාසල එකඟ විය. එහෙත් විලාසිතා සංශෝධනය කරන මුවාවෙන් ඔවුන් කර තිබුණේ වර්ගවාදය ඇවිලෙනසුළු දෙයකි. එනම් කළු ජාතිකයන්ගේ හා මිශ්‍ර ජාතිකයන්ගේ බහුලව දක්නට ලැබෙන කොණ්ඩා මෝස්තර වෙන කොණ්ඩා ගෙතීම හා ගොතා පෝනියක් මෙන් බැඳීම තහනම් කිරීමයි.
මෙම විවාදයට හේතු වූ ෆුල්හැම් පිරිමි පාසලේ නිල ඇඳුම හා විලාසිතා ගැන කියැවෙන්නේ මෙසේ ය. දරුවන්ගේ කෙස් වැවී තිබිය යුත්තේ නිල ඇඳුමේ කොලරය දක්වා පමණි. බොනී මිලර් මෙම කොණ්ඩා නීති ගැන කෝපය පළ කරන්නේ, බහුතරයක් එසේ නීති පනවා තිබෙන්නේ ක්‍රිස්තියානි පාසල්වල බව පැහැදිලි කරන්නීය.
පුද්ගලයෙකුට උපතින් ලැබුණ කෙස් අනුව ඔහු හෝ ඇය සමාජයෙන් කොන් විය යුතු නැතැයි බොනී මිලර් කියා සිටින්නීය. රටේ නීති සම්පාදකයන් මැදිහත් වී මේ ගැටලුව විසඳන තුරු තමාගේ සටන නොකඩවා කරන බව ඈ කියන්නීය. ඒ සඳහා ලෝකය පුරා සිටින එවැනි වෙනස්කම්වලට ලක්වූවන් සම්බන්ධ කරමින් ඇය අන්තර්ජාල පෙත්සමක් පවා නිර්මාණය කරමින් සිටින්නීය. කෙස් පදනම් කරගෙන වෙනස් ලෙස සැලකීම මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ඇගේ අදහසයි.
දිගු කෙස් වැටිය නිසා තමන්ගේ පුතා නිතර අපහාසයට හා හෑල්ලුවට ලක්වී ඇතත්, ඔහු ඉතා ශක්තිමත් පෞරුෂයකින් යුත් දරුවෙක් බව ඈ කියයි. කෙස්වැටිය කපනවාට ඔහු තදින්ම විරුද්ධ ය. දැනටමත් ඔහු නළුවෙක් තරමට ජනාදරයට පත්ව සිටියි.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
දිගු කොණ්ඩය නිසා පාසලක් අහිමි වූ දරුවා