අහස කැලැඹූ අපූරු සිදුවීමක්
නත්තලේ අසිරිය නත්තල් තරුවයි. මෙය බෙත්ලෙහෙම් තාරකාව යනුවෙන් ද හැඳින්වෙයි. ප්‍රඥාවන්තයන් (රජවරු) තිදෙනාට, ජේසු බිලිඳා සොයා ඒමට මඟ පෙන්නුවේ මෙම බෙත්ලෙහෙම් තාරකාවයි. බෙත්ලෙහෙම් තාරකාව ගැනත් එහි සුලමුල සොයා ගැනීමටත් තාරකා විද්‍යාඥයෝ වසර ගණනාවක් තිස්සේ වෙහෙස මහන්සි වූහ. ඔවුන් පෙන්වා දෙන අන්දමට නත්තල් තරුව, ‘තරුවක්’ නොවෙයි. එය, එදා ඒ සුවිශේෂ දිනය දා, රෑ අහසේ දිස්වුණු ‘සුවිශේෂී’ සිදුවීමකි.
ඉතිහාස වාර්තා අනුව, තාරකා විද්‍යාවේ සහ බයිබලයේ සඳහන් වන අන්දමට, තාරකා විද්‍යාඥයෝ නව තාක්ෂණය යොදා ගනිමින් ගණනය කිරීම් කරමින් නව අධ්‍යයනයක් සිදු කළහ. එම අධ්‍යයනය අනුව, විද්‍යාඥයන් පවසන්නේ, ක්‍රි.පූ. 6 වැනි සියවසේ අහසේ දිස්වුණු මෙම තරුව, තරුවක් නොව, මේෂ රාශිය සහ ග්‍රහලෝක කිහිපයක්, හිරු සමඟ එක එල්ලයට පිහිටීමක් කියායි. එම ග්‍රහලෝක වන්නේ අප සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බෘහස්පති, පෘථිවිය සහ සඳය. මේවා හිරු සමඟ එක එල්ලයට පිහිටි අවස්ථාවේදී, දීප්තිමත් ආලෝකයක් දිස්විය. මෙම ‘පිහිටීම’ අභ්‍යවකාශයේ සිදුවුණු ඉතා විරල සිදුවීමක් යැයි ද තාරකා විද්‍යාඥයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.
මෙම නව අධ්‍යයනය සිදු කිරීමෙහිලා පුරෝගාමියා වූයේ ප්‍රංශයේ පැරිස් නුවර නෝත්‍රදාම් විශ්ව විද්‍යාලයේ ‘න්‍යායාත්මක තාරකා භෞතික විද්‍යාව සහ විශ්වසම්භවවේදය පිළිබඳ මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස්ය. දශකයකට වැඩි කාලයක් තිස්සේ මහාචාර්යවරයා බෙත්ලෙෙහම් තාරකාවේ සුලමුල සෙවීමට වෙහෙසුණු එක් අයකු ලෙස පිළිගැනෙයි.
‘නත්තල් තාරකාව ගැන සුලමුල සෙවීමට මම විතරක් නොවෙයි, බොහෝ තාරකා විද්‍යාඥයන් සහ භෞතික විද්‍යාඥයන් වසර ගණනාවක් තිස්සේ වෙහෙසුණා. නත්තල් තරුව දිස්වුණේ කොහොමද ? ඒක මොන වගේද ? ඒක දකින්න ලැබුණේ කීයටද ? කවදාද ? අපේ හිරු තරුවක්. අප සෞරග්‍රහ මණ්ඩලයේ ආසන්නම තරුව ඇල්ෆ් සෙන්චූරි. රෑ අහසේ දිස්වන තරු අලෝකවර්ෂ බිලියන ගණනක් ඈත විශ්වයේ ඇති ඒවා. ඉතිං නත්තල් තරුව, එසේත් නැතිනම් බෙත්ලෙහෙම් තරුව කියා දිස්වුණේ මොන තරුවද ? මේක බොහෝ දෙනෙකුට ගැටලුවක් වුණා’ යැයි මහාචාර්යවරයා පැහැදිලි කරයි.
‘අතීත තරු සටහන් අනුව නම්, ජේසු උපත සමයේ අහසේ දීප්තිමත් තරුවක් දිස්වීමට හැකියාවක් තිබුණේ නැහැ. ඊට හේතුව, දීප්තිමත් තරුවක් අපට කිට්ටුවෙන් නැති නිසා. වැඩිදුර සොයා බලද්දී තමයි පැහැදිලි වුණේ. ඒක තරුවක් නොවේ. ඊට වඩා වෙනස් අපූරු සංසිද්ධියක් බව’ යැයි මහාචාර්ය ග්‍රෑන්ට් මැතිව්ස් බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් පුවත් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටී.
ගවලෙනේ උපන් ජේසු බිලිඳා බැහැදැකීමට වටිනා තෑගිබෝග ද රැගෙන පැමිණි තිදෙනා ‘රජවරුන්’ ලෙස පැවැසෙයි. ‘රජවරුන්’ යන අරුතින් මොවුන් අර්ථ ගන්වා ඇත්තේ ඔවුන් ‘ප්‍රඥාවන්තයන්’ නිසාය. ඉතිහාස වාර්තාවලට අනුව, මොවුන් තිදෙනා ලොව පැරැණිතම ‘සොරෝවැස්තියම්’ ආගමට අයත් පූජකවරුන් තිදෙනෙකි. මොවුන් පුරාණ බැබිලෝනියා සහ මෙසපොතේමියා පූජකවරුන බව ද පැවැසෙයි. ‘සොරෝවැස්තියම්’ ආගම බිහි කළේ සොරෝතස්තාර් (ග්‍රීක බසින් සොරෝඇස්ටාර්) පූජකවරයාය. ඒ, අවුරුදු 3,500 කට පෙර පර්සියාවේය. පර්සියාව යනු අද ඉරානයයි.
‘සොරෝවැස්තියම්’ දහමේ දහම් කරුණු ඇතුළත් ගාතා අඩංගු වන පුස්තකය ඇවෙස්තා යනුවෙන් හැඳින්වෙයි. බහුදේව වාදයක් පැවැති අවදියක සොරෝතස්තාර් ඉගැන්වූයේ සිටින්නේ එක් දෙවියකු පමණක් කියාය. එම දෙවියන් සහ එතුමන්ගේ බලය ‘අහුරාමස්ඩා’ යනුවෙන් හැඳින්වෙයි. මෙම දෙවියන් විශ්වයේ ‘ආශා’ පාලනය කරන බව ‘සොරෝවැස්තියම්’ දහමේ විශ්වසය වෙයි. ‘ආශා’ යනු හරි දේ, යහගුණ සහ යහපත යන්නය. මෙම යහපතට ප්‍රතිවරුද්ධ බලය එසේත් නැතිනම් නපුර හැඳින්වෙන්නේ ‘ඩ්‍රාජ්’ යනුවෙනි.
මේෂ රාශියට හිරු, බෘහස්පති, පෘථිවිය, සඳ සහ සෙනසුරු එක එල්ලයට පිහිටද්දී, සිකුරු ග්‍රහයා අනෙක් පසින් මීන රාශියටත්, බුද සහ අඟහරු වෘෂභ රාශියටත් සමාන්තරව පිහිටියේ යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. ජේසු තුමන්ගේ උත්පත්තිය සිදුවුණු අවස්ථාවේදී ග්‍රහ පිහිටීම මෙය විය. ජේසු බිළිඳාගේ උත්පත්ති මොහොතේ සිදුවූ මෙය තාරකා විද්‍යාත්මකව මෙම ග්‍රහ පිහිටීම සුවිශේෂී දුර්ලභ සංසිද්ධියකි. තාරකා විද්‍යාඥයන්ට අනුව, මෙවැනි ග්‍රහ පිහිටීමක් යළි සිදුවී, රාත්‍රී අහසේ යළි දීප්තිමත් ආලෝකයක් දිස්වනු ඇතැයි පැවැසෙන්නේ, තව වසර 5,00,000 කිනි.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘නත්තල් තරුව’ තරුවක් නොවෙයි