අභ්‍යවකාශයේ ගගන සක්මනකට එක්වුණු පළමු කාන්තාවන් දෙදෙනා මතකද? ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනයේ ගගනගාමිනියන්. ඔවුන්ගෙන් එක් අයකු ජෙසිකා මියර් ය. අනෙක් තැනැත්තිය ක්‍රිස්ටිනා කොක්ය. ගගන සක්මනක් යනු අභ්‍යවකාශයේ පාවෙමින් යම් කිසි කාර්යයක හෝ ගවේෂණයක නියැලීමය. ඉංග්‍රීසියෙන් මෙය හැඳින්වෙන්නේ ‘ස්පේස් වෝක්’ යනුවෙනි. පසුගිය ඔක්තෝබර් 18 වැනිදා එම ගගන සක්මනට සහභාගී වීමෙන් පසු 40 හැවිරිදි ක්‍රිස්ටිනා කොක් තවමත් පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටී. 40 හැවිරිදි ක්‍රිස්ටිනා පසුගිය 28 වැනිදා, යළිත් වාර්තාවක් පිහිටුවූවාය. ඒ, වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැදී සිටි කාන්තාව වෙමිනි.
ක්‍රිස්ටිනා කොක් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේ පසුගිය මාර්තු 14 වැනිදාය. පසුගිය සැප්තැම්බර් 28 වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කළ දින ගණන 288 කි. මීට පෙර අභ්‍යවකාශයේ වැඩිම දින ගණනක් රැඳී සිටි ගගනගාමිනිය පෙගී විට්සන් ය. පෙගී ද නාසා ගගනගාමිනියකි. කෙසේ නමුත් ක්‍රිස්ටිනා දැන්ම පෘථිවියට පැමිණෙන්නේ නැත. ඇය පෘථිවියට යළි පැමිණෙනු ඇත්තේ ලබන පෙබරවාරියේ ය. ඒ වනවිට ඇය අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටින දින ගණන දින 300 පසු කරනු ඇති බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ක්‍රිස්ටිනා කොක් මේ වනවිට ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට ගොස් සිටින්නේ ‘එක්ස්පෙඩිෂන් 61’ නමින් නම් කළ ගගනගාමීන් කණ්ඩායමේ පියසැරි ඉන්ජිනේරුවරිය ලෙසිනි. මේ වනවිට පෘථිවි කක්ෂයේ රැඳවූ අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටින්නේ ක්‍රිස්ටිනා කොක් පමණක් නොවෙයි. තවත් ගගනගාමීහු පස් දෙනෙක් විවිධ පර්ෙය්ෂණ කරමින්, කඩත්තු කටයුතුවල යෙදෙමින් නැවැතුම්පොළේ රැඳී සිටිති.
ක්‍රිස්ටිනා හැමොක් කොක් උපන්නේ 1979 ජනවාරි 29 වැනිදාය. ඇය විවාහකය. ක්‍රිස්ටිනා නාසා ගගනගාමිනියක බවට පත් වූයේ 2013 වසරේදීය. නාසා ආයතනය 2024 දී ගගනගාමිනියක සඳට යැවීමට සූදානම් වෙයි. ඒ, ‘ආටිමීස්’ නමැති ගගන මෙහෙයුම යටතේය. පළමු වරට කාන්තාවක සඳ මත පය තබනු ඇත්තේ මෙම මෙහෙයුමේදීය. ඒ සඳහා තෝරාගෙන සිටින ගගනගාමිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඇත්තේ ද ක්‍රිස්ටිනා කොක්ගේ නම යැයි පැවැසෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ වැඩිම දින ගණනක් ගත කළ පිරිමියා එසේත් නැතිනම් ගගනගාමියා ද නාසා සාමාජිකයෙකි. ඔහු ස්කොට් කෙලී ය. කෙලී 2015 සහ 2016 කාලයේ දින 340 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටියේය.
ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නාසා ගගනගාමිනියගෙන් තවත් වාර්තාවක්