කිසියම් ජාතියක අනන්‍යතාව සැබවින්ම හඳුනාගත හැකි ප්‍රබලම සාධකය ඔවුන්ගේ සාහිත්‍යය බව කිව හැක. සාහිත්‍යය තුළ අඩංගුව ඇති තොරතුරුවලින් පැහැදිලි වන්නේ ජන ජීවිතය තුළ දක්නට ලැබෙන සිරිත් විරිත් සාර ධර්ම සහ සිතුම් පැතුම් ආදිය බව කිව හැකිය.
සාහිත්‍යය නොයෙක් නොයෙක් ආකාරයෙන් අපගේ ජීවිතයට සම්බන්ධ වන බව දැකිය හැක. ඇසීමෙන් කතා කිරීමෙන් කියවීමෙන්, ගැඹුරින් සිතීමෙන් සහ ලිවීමෙන් ද සාහිත්‍යය අපගේ ජීවිතය සමග බැඳී යන්නේය. තවත් තැනක සඳහන් වන්නේ සාහිත්‍යය සමාජය අලංකාර කරන බවය.
භාෂාව රස ගැන්වීමටත් එය වඩවා පෝෂණය කිරීමටත් දායක වන්නේ සාහිත්‍යයයි. ඒ අනුව සාහිත්‍යය තුළ දක්නට ලැබෙන ගද්‍ය පද්‍ය ආදී සියලුම නිර්මාණ භාෂාව බබළවන බවද කිව හැක. සාහිත්‍යයේ රසවත් අංගයක් වූ කවියද අපූරු කලා මාධ්‍යයක් වන්නේය.
සාහිත්‍යය අලංකාර කරන කවිය නැතහොත් පද්‍යය අප නන් අයුරෙන් රස විඳින බවද කිව හැකියි. සාහිත්‍යය තුළ විවිධ ලෙස බැබෙළන්නා වූ කවි කලාව අතීතයේ පටන්ම ජනතාව අතර රසාස්වාදනය වෙමින් පවතින බවද පැහැදිලි වේ. අප රටේ ඈත අතීතයේ සිටම කවිය ජන ජීවිතයේ රසාංගයක් ලෙස පැවැති බව විද්‍යමාන වේ.
ඒ අනුව බිහි වූ ජනකවිය ජාතික සංස්කෘතියේ කැඩපතක් බවට පත් වූ අයුරු ද කල්පනා කළ හැක. ඒ අනුව දේශීයත්වය අපගේ උරුමයන් සහ අපේ භාෂාව මෙන්ම අපේ බෞද්ධකම ගැන ද කතා කරන විට අපේ සිංහල කවිය අපට අමතක කළ නොහැක.
අපට නොයෙක් විට පොත්වල ලියැවුණ බොහෝ කවි කියවීමට ලැබේ. වර්තමානයේදී අපේ පැරණි ජනකවිද පොත්වල මුද්‍රණය කර ඇත. එසේ වුවද මෙහි පහත දක්වනුයේ පොතේ දක්නට නැති අප්‍රකට කවි කිහිපයකි.
එක්තරා ගමක එදෝරිස් සීයා නම් වූ කාගෙත් ආදරයට ලක් වූ මැදිවියේ ගැමියෙක් වාසය කළේය. විවාහකයකු වූ ඔහුට දුවෙක් සහ පුත්‍රයෙක් ද සිටියහ. පසු කලෙක බිරිඳ මිය යාමෙන් පසුව ඔහු ගමෙහි හුදකලාව ජීවත් වීය. ඔහුගේ දරුවන් දෙදෙනා රැකියාවන්හි නියුතුව කොළඹ ප්‍රදේශයේ ජීවත් වුවද එදෝරිස් සීයා ගමෙහිම නතරව සිටියේය.
පවුලක් වෙන්නයැයි බලකළ නිසා මට
‘මීන’ත් රැගෙන යමි උඩරට පළා තට
එබැවින් ඔහුගේ පුතා සහ දුවද තම පියාට අවශ්‍ය කෑම බීම සහ වෙනත් අඩුපාඩුද සපයා දෙන මෙන් හන්දියේ සිරිපුර හෝටලයට ඇණවුම් කර තිබිණ. ඒ අනුව සිරිපුර හෝටලයේ මුදලාලිද තමා ළඟ ෙස්වය කරන මීනාච්චි නොහොත් මීනා නමැති මැදිවියේ දෙමළ කාන්තාව මගින් එදෝරිස් සීයාට අවශ්‍ය කෑම බීම සහ එදිනෙදාට අවශ්‍ය ද්‍රව්‍යයන්ද යවන ලදි. එය මීනා ගේ රාජකාරිය විය.
මේ වන විට එදෝරිස් සීයාගේ බාල සොහොයුරාගේ පුතා වන කරෝලිස් නමැති මැදි වියේ ඥාති පුත්‍රයාද නතරව සිටියේ එදෝරිස් සීයා සමගය. තනිකඩයකු වූ කරෝලිස්ගේ රැකියාව වූයේ වරින් වර උඩරට පහතරට ඇවිදිමින් වෙළඳාම් කිරීමය. මාස දෙක තුනකට වරක් ගමට පැමිණ යාම ඔහුගේ පුරුද්දක් විය.
ඔහුගේ මෙම කල් ක්‍රියාව ගැන ලොකු තාත්තා වූ එදෝරිස් සීයා එතරම් කැමැත්තක් නොදැක්වීය. ඔහු නිතරම තම ඥාති පුත්‍රයාට කීවේ කසාදයක් බැඳ පවුල් ජීවිතයක් ගත කරන ලෙසය. ඒ සෑම විටම කරෝලිස් ප්‍රකාශ කළේ තමන්ට ගැළපෙන කාන්තාවක් හමුවුණ දවසක කසාදයක් බැඳ පවුලක් වන බවයි.
වසරක් පාසා වට වන්දනාවේ යාම එදෝරිස් සීයාගේ සිරිත වූයෙන් ඔහු ෙමවරද වට වන්දනාවේ පිටත්ව ගියේ කරෝලිස්ට ගෙදර දොර බලා ගන්නා ලෙස බාර කරමින්ය. වන්දනා ගමන නිම කළ එදෝරිස් සීයා සතියකින් පමණ ගමට පැමිණි විට ඔහුට දකින්නට ලැබුණේ ගෙදර දොර වසා දමා කරෝලිස් ගමෙන් පිටව ගොස් ඇති බවය.
පසුව ඔහු හන්දියේ සිරිපුර හෝටලයට ගොස් තොරතුරු විමසූ විට අසන්නට ලැබුණේ අපූරු පුවතකි. කෝපයෙන් යුතුව නිවසට පැමිණ ගෙදර දොර හැර බැලූ එදෝරිස් සීයාට දක්නට ලැබුණේ සාලයේ මේසය මත තබා තිබූ කුඩා දැන්වීමකි. එහි මෙහි පහත සඳහන් කවිය ලියා තිබිණ.
පවුලක් වෙන්නයැයි බලකළ නිසා මට
‘මීන’ත් රැගෙන යමි උඩරට පළා තට
ආයෙත් නො එන්නෙමි යළි මේ දිහා වට
සමාවෙයන් ලොකු අප්පොච්චියේ මට
(පොතේ නැති කවි)
කිවයුතු පණිවිඩය අඩු නොවන ලෙස ප්‍රකාශ කර ඇති බැවින් මෙම කවිය රසවත් නිර්මාණයක් බව කිව හැකිය. මෙය පොතේ නැති කවියකි.
දකුණේ එක්තරා රෝහලක සිදුවූ පුවතක් පිළිබඳව වාර්තාවක් 2010 වර්ෂයේදී පුවත්පතක පළවිය. එහි සඳහන් වූයේ ගෙවුඩගල් විශේෂයක් පුලුස්සා මැණික් බවට හැර වූ තොරතුරකි. එම පුවතේ වැඩිදුරටත් සඳහන් වූයේ වැරදි කරුවන්ට නීතියෙන් දඬුවම් නියම කළ බවය.
එම පුවත පළ වූ පසුව එක් දවසක මහා මාර්ගය අසල විදුලි කණුවක එල්ලා තිබූ පුවරුවක මෙහි පහත සඳහන් කවිය ලියා තිබෙනු දක්නට ලැබිණ.
දරන තනතුරුවලට නිසි වැඩ නොකර ඉහළට කන් නොදී
ගරන නො වටින ගෙවුඩ කැට ගෙන පාට කෙරුමෙහි ඇත යෙදී
මරණයෙහි දොරකොඩට සපැමිණි ගිලනූනට උවැටැන් නොදී
කරන කැත වැඩ වලට මුන් ගේ ඉහට හෙණ ගැසුවත් මදී
(පොතේ නැති කවි)
රැකියාවේ වගකීම පැහැර හරිමින් අනිසි ක්‍රියාවන්හි යෙදෙන බොහෝ රාජ්‍ය සේවකයන් ගැන නොයෙක් තොරතුරු පුවත් පත්වල පළව තිබෙනු අපට බොහෝ විට දැකිය හැක. එවැනි සිදුවීමක් පිළිබඳව ළියැවුණ මෙම කවිය සාර්ථකව ප්‍රබන්ධ කර ඇති බව පැහැදිලි වේ. මෙම කවියද පොතේ නැති කවියකි.
උගතුන් ප්‍රකාශ කරන්නේ කවි රචනා කිරීමේදී ඒ හා සම්බන්ධ උපදේශයන්ට අනුව කවි ප්‍රබන්ධ කළ යුතු බවය. අලංකාර, උපමා, උපමේය ආදී උසස් කාව්‍ය ලක්ෂණ ඇතුළත් කර ලියැවෙන කවිය වඩා ශෝභාමත් වන බව අදහස් වේ. කාව්‍ය ශාස්ත්‍රයේ දක්වන පරිදි යවහන් දෝෂ පුනරුත් දෝෂ ආදියෙන් තොරව ප්‍රබන්ධ වන කවිය රසයෙන් අනූන බව ප්‍රකාශ වේ.
මෙහි පහත සඳහන් වන්නේ අමුතු ආකාරයකට ප්‍රබන්ධ කළ අපූරු කවියකි. මෙම කවියේ ඉස්පිලි, ඇලපිලි පාපිලි කිසිවක් දක්නට නැති වීම විශේෂයකි.
කරදර කලට ගලයට ඉඳගන කවට
නරවර බසට පණ යනවට කවට මට
හරකට තණ කවන කටවට බලන විට
පරපණ යන කලට බණ පද අසන වට
(පොතේ නැති කවි)
එක් වරම මෙම කවිය කියවන විට මෙහි කිසිදු තේරුමක් නැති බව පෙනුණද මෙය අලංකාර කවියක් බව පැහැදිලි වේ. විස්තර සොයා බැලීමේදී මෙම කවිය ප්‍රබන්ධ කර ඇත්තේ කෙසෙල් හේනාව නම් වූ ගමේ පදිංචිව සිටි බටගොඩ පිස්සා නම් තැනැත්තකු විසින් බව පෙනුණි.
කෙසේ වෙතත් මෙම කවියේ අදහස එක් වරම අපට නොවැටහුණ ද මෙම කවිය ගැමියකු ගේ දුෂ්කර ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැකිය.
පුවත්පතක පළවූ විස්තර අනුව දුෂ්කර ගම්මානයක් වූ දම්මන්තැන්න නම් වූ ගම්මානය පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.
එම විස්තරයට අනුව 2010 වසරේදී පමණ දම්මන්තැන්න ගමේ ජීවත්ව සිට ඇත්තේ ගැමියන් 14 දෙනෙක් පමණි. මෙම ගමට දම්මන්තැන්න යන නම ලැබීම පිළිබඳවද ඇත්තේ අපූරු කතාවකි.
ඒ අනුව අතීතයේදී ගම්මානයක් සඳහා හොඳම ස්ථානයක් සොයා යන කුමාරවරු දෙදෙනකු මෙම ප්‍රදේශය හරහා දෙපැත්තකින් පැමිණ ඇති අතර එසේ පැමිණි එක් කුමාරයෙක් කන්දක් තරණය කරමින්ද අනෙක් කුමාරයා තැනිතලාවක් පසු කරමින්ද පැමිණ ඇත.
ඇදුරු දිසාපාමොක් ගිය තැනක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
ඒ අනුව ‘‘තැන්න පසුකර පැමිණි කුමාරයා කන්ද අසල දී’’ මම දැන් තැන්නේ සිටිනවා යැයි අනෙක් කුමාරයාට ඇසෙන සේ හඬනඟා දක්වා ඇත. ඒ අනුව ඒ කුමාරයා පසුකළ තැනිතලාව දම්මන්තැන්න ලෙස ප්‍රසිද්ධියට පත් වූ බව එම කතා පුවතයි.
පොදු පහසුකම් කිසිවක් නැති දම්මන්තැන්න ගමේ පාසල් නැත. එම ගමේ දරුවන් පාසලකට යන්නේ සැතපුම් ගණනක් පයින්ම ගොසින්ය. ග්‍රාම සේවා නිලධාරි මහතකු වත් නොමැති මෙම ගමට රජයේ නිලධාරීන් ගේ කිසිම අවධානයක් යොමු වී නොමැති බව කියනු ලැබේ. දැනට මෙම ගමේ ජීවත් වන්නේ පවුල් 4ක් පමණක් බවද සඳහන් වේ. පහත දක්වන්නේ දම්මන්තැන්න ගම පිළිබඳව අසන්නට ලැබෙන කවියකි.
දම්මන් තැන්න රූසිරි ගමයි බොලං
වෙලට නැමුණු පොල් පේළිය රුවයි බොලං
ඉලන්දාරි සෙල්ලම් කළ වෙලයි බොලං
දම්මන්තැන්න හැරලා යා නොහැක බොලං
(පොතේ නැති කවි)
වර්තමානයේදී දම්මන්තැන්න ගම ක්‍රම ක්‍රමයෙන් ගැමියන්ගෙන් ඈත්ව ගියද දම්මන්තැන්න අත්හැර යාම දුකක් බව මෙම කවියෙන් කියැවේ. පොතේ නැති මෙම දුක සිතෙන කවිය ප්‍රකාශ කර ඇත්තේ දම්මන් තැන්නේ පාරම්පරික ගැමියකු වූ 74 හැවිරිදි ඊ.එම්. කරුණාරත්න බණ්ඩා මහතාය.
දම්මන් තැන්නේ තවදුරටත් ජීවත් ෙවන්ට නොහැකි බැවින් ගමහැර යන ගැමියන්ගේ ගම පිළිබඳ ඇති දුක මෙම පොතේ නැති කවියෙන් විස්තර වේ.
මහා මාර්ග දෙපස සහ වෙනත් නොයෙක් පාළු ස්ථානයන්හි කැළි කසළ දමා යාම අද අප රටේ බොහෝ ප්‍රදේශවල සිදුවන අශෝභන ක්‍රියාවක් බව නිරතුරුවම අපට දක්නට ලැබේ. මේ අයුරු තැන් තැන්වල කැළි කසළ දමා යාම ජනතාවට විශාල කරදරයක් මෙන්ම එය පරිසරය විනාශ වීමට හේතුවක් බවද කිව හැකිය.
හිස් ප්ලාස්ටික් ඇසුරුම් ප්ලාස්ටික් බෝතල් පොලිතින් ඇසුරුම් මෙන්ම හිස් බියර් ටින් හිස් වීදුරු බෝතල් ආදී විවිධ කැළි කසළ මග දෙපස මෙන්ම තැන් තැන්වල දමා යාම අද පරිසරය විනාශ වීම පිළිබඳව මහා ගැටලුවක් බවට පත්ව ඇති බව කිව යුතු නොවේ. ජනතාව කොතරම් දැනුම්වත් කළද අදත් මෙම කැළිකසළ තැන් තැන්වල බැහැර කිරීමේ ක්‍රියාව නතර ෙවන බවක් පෙනෙන්නට නැත.
ගාල්ල අක්මීමන ප්‍රදේශයේ අතුරු මාර්ගයක් අසල විදුලි කණුවක සවිකර තිබූ පුවරුවක දක්නට ලැබුණ පහත සඳහන් කවියේ සඳහන් වූයේ පරිසරය විනාශ ෙවන අයුරින් මග දෙපස කැළි කසළ දමන පුද්ගලයන්ට දෙවියන් ගේ ශාපය වැදිය යුතු බවය.
බල්ලන් සිටිති තැන තැන මෙහි කුණු දමන
ජාතක වුණේ බල්ලන්ටයි උන් අමන
සුදු පිරුවට ඇඳන් පෙන්වන හොඳ මුහුණ
මුන් සැම හැඳි ගෑවියන් දෙවියනි සැණින
(පොතේ නැති කවි)
පරිසරය රැකීමට කැමැති අයුක්තිය නො ඉවසන කෙනෙකු විසින් රචනා කර ඇති මෙම කවියෙන් පරිසරයට හානි කරන අය නින්දාවට පත්කර ඇත. පොතේ නැති මෙම කවියෙන් ඔහු දෙවියන්ට කන්නලව්වක් (දෙවියන්ගෙන් ඉල්ලීමක්) කරන බවද පැවසේ.
සරසවිය නැතහොත් විශ්වවිද්‍යාලය යනු අධ්‍යාපනය පිළිබඳ උසස්ම ආයතනයයි. සරසවි අධ්‍යාපනය සෑම දෙනකුටම ලැබිය නොහැකිය. සරසවි සිසු සිසුවියන් අතර විවිධ මතිමතාන්තර විවිධ අදහස් දරන පිරිස් දක්නට ලැබේ.
නව අදහස් බිහි කිරීම විප්ලවවාදී ස්වරූපයෙන් හැසිරීම පාලකයන්ට සහ ආයතනයන්ට විරුද්ධව අරගල කිරීම කණ්ඩායම් ලෙස රැස්වී අදහස් ප්‍රකාශ කිරීම සහ උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම ආදී ක්‍රියාකාරකම්වල යෙදීමද වර්තමාන සරසවි සිසුන්ගේ ස්වභාවයන්ය.
සරසවි සිසුන් අතර විප්ලවවාදීන් මෙන්ම හොඳ සාහිත්‍යකරුවන්ද, කවියන්ද, නව චින්තකයින්ද සිටින බව බොහෝ විට දක්නට ලැබේ. මෙහි දක්වන සරසවි පද්‍ය දෙකින් එය මනාලෙස පැහැදිලි වේ.
ඇදුරු දිසාපාමොක් ගිය තැනක් නැත
සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
හෝඩිය බොඳව සිතියම් පොත මැකී ඇත
දින නියමයක් නැත සරසවි වසා ඇත
පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ලුණුයි පොලුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර ෙන්රංජන ගඟ වේවා
කැන්ටින් මුදලාලි අජරාමර වේවා
(පොතේ නැති කවි)
සරසවිය පිළිබඳවත් සරසවි සිසු සිසුවියන් ගේ ජීවන තොරතුරු පිළිබඳවත් ලියැවුණ මෙම පද්‍යවලින් ප්‍රකාශ වන්නේ සරසවියේදී අත්දැකීමට ලැබෙන සිදුවීම්ය. විශ්වවිද්‍යාලවල ඇතිවන ප්‍රශ්නකාරී ගැටලුවලදී සරසවි සිසු සිසුවියන්ද ගුරු ඇදුරන්ද බොෙහා් අපහසුතාවන්ට පත් වන බව මෙම කවිවලින් දර්ශනය වන්නේය.
සරසවි ජීවිතයේදී මුහුණපාන දුක් ගැහැට ගැන පොතේ නොලියවුණ මෙම පද්‍ය මගින් ප්‍රකාශ වන්නේය. සැමදාම කෑමට ලැබෙන එකම ගණයේ ආහාර පාන ගැනත් එම ආයතනවල අයිතිකාරයන් ගැනත් ඔවුන් වෙනුවෙන් කරන සුහද ප්‍රාර්ථනයන් ගැනද මෙහි දක්වා ඇත්තේ ඔවුන් ගැන අනුපමේය කරුණාවෙන්ය.
නවග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් ගැන සිහිපත් කරන පහත සඳහන් කරන කවිය දක්නට ලැබුණේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විදුහලක පන්ති කාමරයක තබා තිබූ කළු ලෑල්ලකය.
සඳු සිකුරු අඟහරු
විෂ්ණුට කැපුවෙ සෙනසුරු
එසේ නම් දෙවිවරු
කෙසේ වේවිද අපගේ ගුරුවරු
(පොතේ නැති කවි)
මෙම පොතේ නැති කවියෙන් කිය වෙන්නේ කුමක්ද? නව ග්‍රහයන් පිළිබඳව උපහාසයක් දක්වන මෙයින් දෙවියන්ගේ අවගුණ ගැන අදහසක් ප්‍රකාශ වේ. දෙවියන් පවා ඒ අයුරු ක්‍රියා කරන්නේ නම් අපේ ගුරුවරු කුමන ආකාරයට කටයුතු කරාවිදැයි යන සැකයක් මෙහි නඟා ඇත්තේය. ග්‍රහයන් පවා එසේ කරන්නේ නම් වරදක් සිදුවුවහොත් ගුරුවරුන් ගැන වුවද විශ්වාසයක් නැති බව පොතේ නැති මෙම කවියේ අදහස වේ.
වැලමිටි වංගු දහ අටකින් දඟකාර
කවදා කොහොම කැපුවද මේ මහපාර
දහ අට වංගුව ගැන අප කවුරුත් අසා ඇත්තෙමු. දහ අට වංගුව යනු මහියංගණය හරහා මහනුවර දක්වා ඇති මහා මාර්ගය හඳුන්වන කෙටි නාමයකි. මෙම මාර්ගයේ වංගු නැතහොත් නැමි දහඅටක් (18) හමුවන නිසා මෙම මාර්ගය දහ අට වංගුව නමින් ප්‍රසිද්ධව ඇත.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මහා මාර්ග පද්ධතිය හැඳින්වීමේදී A 26 මාර්ගය ලෙස නම් කර ඇත්තේ මහියංගන මහනුවර දහ අට වංගු මාර්ගයයි. දහ අට වංගුව මාර්ගය ආරම්භ වන්නේ කැම්මිටියාන හන්දිය හරහා ඇති විශාල කන්ද හරහාය. ඒ අයුරු ඇරඹෙන දහඅට වංගුව මාර්ගය අවසාන වන්නේ හසලක නගරයට සමීප වෙමින්ය.
දහඅට වංගුව පාර කැපී ආරම්භ වී ඇත්තේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලයේදීය. මෙම මාර්ගය තැනීෙම් අවශ්‍යතාව වූයේ වතු වගාවේ නිෂ්පාදන ද්‍රව්‍ය (තේ කොළ සහ එන්සාල්) කොළඹට ගෙන යාමය. ඒ අනුව හුන්නස්ගිරි කපොල්ලේ සිට උඩු දුම්බර (මිනිපේ) හරහා දහඅට වංගුව මාර්ගය නිර්මාණය වී ඇත.
කෙසේ වෙතත් 2010 වර්ෂය වන විට එදා තිබූ දහඅට වංගුව දහ හත් (17) වංගුව බවට පත්ව ඇත. එනම් දහඅට වංගුව මහා මාර්ගය නවීකරණය කිරීම නිසාය. ඒ අනුව මෙහි දක්වන මහියංගණ මහනුවර දහඅට වංගුව ගැන ලියැවුණ මෙම කවියද පොතේ නැති කවියක්ය.
උස් කඳු පෙනේ බිහිසුණු ලෙස අවතාර
අයියෝ තව දුරද මහියංගණ වේර
වැලමිටි වංගු දහ අටකින් දඟකාර
කවදා කොහොම කැපුවද මේ මහපාර
(පොතේ නැති කවි)
එක් මැතිවරණ සමයකදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයෙක් තමා කැමති පක්ෂයේ අෙප්ක්ෂකයා දිනවීමට බොහෝ මහන්සිව ඇප කැපව ක්‍රියා කළේය. හෙතෙම ප්‍රධාන පක්ෂයකින් ඉදිරිපත් වූ ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කර වීමට ඔහුගේ දැන්වීම් ඇලවීම ප්‍රචාරක පුවරු ප්‍රසිද්ධ කිරීම එම අපේක්ෂකයාගේ රූපය සහිත පෝස්ටර් ඇලවීම ආදී බොහෝ කාර්යයන් ඉටු කළ අතර ප්‍රචාරක රැස්වීම්වල තමාගේ හිතවතා දිනවීම සඳහා හිටිවන කවි කියමින්ද සහයෝගය දැක්වීය
කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් වීමේදී ඔහුගේ අපේක්ෂකයා පරාජයට පත්ව තිබීම නිසා හෙතෙම බොහෝ සිත් තැවුලටත් දුකටත් පත්විය. එදින රාත්‍රියේදී මධුවිතෙන් සප්පායම් වූ ඔහු මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී තමාගේ හිතවත් අපේක්ෂකයාගේ මුහුණ ඔහුගේ නෝනාටත් වඩා අතගා තිබෙන බව සඳහන් කරමින් හිටිවන කවියක් නිවසේ අයට ඇසෙන්නට කියා ඇත.
මේ අත් දෙකෙන් ඇල වූ පෝස්ටර් ගාන
දන්නේ මා පමණි මැදියම් රෑ පාන
අපෙ මැතිඳුන්ගෙ ලස්සන ඒ සුදු මූණ
මැතිනිට වඩා අතගා ඇත මේ සේන
(පොතේ නැති කවි)
තමාගේ අපේක්ෂකයා පරාජයට පත්වීම ගැන දුක් වන මෙම ආධාරකරුවා මෙහිදී තම හිටිවන කවියෙන් ප්‍රකාශ කරන්නේ තම හිතවතාගේ මුහුණ ඔහුගේ නෝනාටත් වඩා අත ගෑ බවකි. එයින් අදහස් වන්නේ දැන්වීම් ඇලවීමේදී ඒවා ඉතා හොඳින් අතගාමින් ඇල වූ බවකි.
පිට රටක සේවය කළ අපේ ශ්‍රී ලාංකික තරුණයන් කණ්ඩායමක් එරට එක් නවාතැනක නතරව සිටි අතර ඔවුහු එහිදී බොහෝ විනෝදයෙන් කාලය ගත කළහ. ඔවුන්ගේ රැකියාව වූයේ කම්කරු සේවාවන්ය. ඔවුන් අතුරෙන් එක් තරුණයෙක් මෙතෙක් දවස් රැකියාව සඳහා ඇන්ද කලිසම බොහෝ සේ පරණව ඇඳිය නොහැකි ලෙස අබලන්ව තිබූ බැවින් එයට සමුදී එය ඔවුන්ගේ නවාතැනට ඇතුළු වන දොරටුව අසල එල්ලා තැබුවේය. ඒ සමගම ඔහු මෙහි දක්වන කවියද කොළයක ලියා එයද කලිසමේ අමුණා තැබිය.
මාස දහතුනක් නුඹ ගැහුවා පතුරූ
අමතක නොෙව් නුඹ මට පිහිට වූ අයුරූ
එනමුත් අඳින්නට බැහැ මෙහි ඉන්න තුරූ
එනිසා ආයුබෝවන් කලිසම මිතුරූ
(ෙපාතේ නැති කවි)
මෙය දුටු සෙසු මිතුරන් සියලු දෙනා එම කවිය කියවා රසවින්ද අතර ඔවුන්ගෙන් එක් තරුණයෙක් එම කවියට පිළිතුරක් ලෙස තවත් කවියක් ලියා එම කොළයද කලිසමේ අමුණා තැබීය.
කළ ගුණ සැලකීම ඔබගේ අගේ කොට
නැහැ මට කටක් ඔබ ගුණ නිති පවසන්ට
ඔබ වැනි උතුම් අයගේ ඇසුරෙහි ඉන්ට
පතනෙමි යළි යළිත් මතු ඔබ හමුවන්ට
(පොතේ නැති කවි)
ගද්‍යයෙන් ප්‍රකාශ කරන දෙයට වඩා පද්‍යයෙන් ප්‍රකාශ කරන බොහෝ දේවල් අපට ඉක්මනින්ම මතකයේ රැඳෙන බව සිතිය හැක. සමාජය දැනුම්වත් කිරීමේ මහා කාර්යයක් ඉටුකළ හැකි උපදේශාත්මක බොහෝ කවි වර්තමානයේ දී බොහෝ විට අපට දැකිය හැක. බස් රථවල ගමන් කරන මගීන්ගේ දැන ගැනීම සඳහා ප්‍රබන්ධ කරන ලද පහත දක්වන කවි දෙකද පොතේ නැති කවි දෙකක්ය.
අප හට සිදුවේය ලොකු ලොකු දඩ කන්න
සෙසු හැම දෙනා හට සිදු වෙයි තෙර පෙන්න
ඔබ ගේ පොකැට්ටුව ඉඩ ඇත නැති වෙන්න
ඇතුළට ගොසින් දොරටුව ළඟ ඉඩ දෙන්න
ජීවිත රකියි රියැදුරු ගිනි ගොඩක ඉඳ
මුදලුත් මගියනුත් සමගින් සටනේ වැද
දහදුක් විඳියි කොන්දොස්තර රථය මැද
සුළු වරදටත් දොස් පැවැරුම වටින වද
(ෙපාතේ නැති කවි)
මේ අයුරු සොයා බැලීමේදී අපට පැහැදිලි වන්නේ පොතේ ලියැවුණ කවි මෙන්ම පොතේ නැති කවි රචනාද අපේ සාහිත්‍යයේ පවතින බවය. මෙම පොතේ නැති කවිවලින් විනෝදාස්වාදයක් මෙන්ම යම්කිසි දැනුමක්ද ලබාගත හැකි බවද කිව හැකිය.
කේ. මහතුන් ගමගේ
වෙළඟතුඩුව, අම්බලන්වත්ත, ගාල්ල
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පොතේ නැති කවි