IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පොරොන්දම් ගලපා බලා රසවත් යුගදිවියකට ඇතුළුවන්න

විවාහය අජාසත් කරන දෝෂ කාන්තා කේන්දරයෙන් හඳුනාගන්න

 

විවාහය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම අවශ්‍යයි. එය යහපතටත් අයහපතටත් හේතු වේ. විවාහය මාපියන්ගේ උපදෙස් මත ජ්‍යෙතිෂ්‍යයේ දැක්වෙන පොරොන්දම් ගැලපීම් අනුව සිදු කරන අතර සමහරුන් රහස් ප්‍රේම සබඳතාවන් අනුව හිතුවක්කාර ලෙස විවාහ වුවද ටික දෙනෙකුට එය සාර්ථක වුවද වැඩි දෙනෙකුට හිරිහැර කරදර ඇති වී දෙදෙනා වෙන් වී දික්කසාද නඩුමගට බැස නීතියේ පිහිට පතන්නට සිදුව ඇති බව ඔබ ද හොඳින් දැක අසන්නට ඇත. සමහරුන් වස විෂ පානය කිරීම, කපා කොටා ජීවිත විනාශ කර ගැනීම් ආදිය ද දක්නට ඇත. ඒ නිසා රූපයට ධනයට රැකියාවට ලොල් වී නොරැවටී ජ්‍යෙතිෂයේ සිද්ධාන්තයන් අනුව පොරොන්දම් ගැලපීම් පරීක්ෂා කර විවාහ වුවොත් දෙදෙනාටම නසින තුරු සාර්ථක රන් රස සේ කිරි පැණි සේ රසවත් යුග දිවියක් ගත කළ හැක.   

එනිසා විවාහ වන්නට පෙර ස්ත්‍රී කේන්ද්‍ර වල පිහිටා ඇති විවාහය අපායක් කරන වෛශ්‍යා, වෛධව්‍යදරිද්‍ර, විෂ කන්‍යා, කාල සර්ප යෝග, කුජ භෞම දෝෂ ආදීන් ගැන සලකා බැලීම ඉතා වැදගත් වේ.   


කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් අනුව මේෂ වෘෂභ තුලා වෘෂ්චික කුම්භ යන ලග්නවලින් උත්පත්තිය ලැබූවන්ගේ රවි කුජ ශුක්‍ර රාහු යන ග්‍රහයින් 11 වැන්නේ පිහිටා ඇත්නම් විවාහ ජීවිතය කෙළවර වන්නේ නීතියේ පිහිට පතාය.   


රවි, චන්ද්‍ර, ශුක්‍ර, කුජ රාහු යන ග්‍රහයින් 2, 6, 8, 12 යන ස්ථානවල සිටීමද 7 වැන්නේ අධිපතිය ශනිගෙන් පීඩා වීම විවාහය කැඩී වෙන්වීමට මුල් වේ.   


ලග්නය මකර නම් රවි චන්ද්‍ර දෙදෙනා 8 වැන්නේ ද කුජ කිවි රාහු 3 දෙනා 7 වැන්නේ සිටිය​හොත් විවාහය කැඩේ.   


මකර රාශි​ෙයන් උපත ලබා රවි සඳු 8 ද සිකුරු 6 ද සිටියහොත් විවාහය අවාසනාවන්තයි.   


කුජ ශනි දෙදෙනා හත් වැනි භාවයේ සිටිය හොත් විවාහය කැඩී වැන්ඳඹුවක වේ.   


ස්ත්‍රී කේන්ද්‍රයේ 7 හෝ 8 හි ශනි කුජ රාහු යන පාපී ග්‍රහයින් යෙදී තිබීම ස්වාමියාට අපල ඇති වේ.   


කුජ චන්ද්‍ර දෙදෙනා සංයෝගව සිටීම හා රවි 7 වැන්නේ සිටීම පුරුෂයාට අශුභ පළ ඇති කරයි.   


රාහු ශනි දෙදෙනා සුභ ග්‍රහ දෘෂ්ඨි නොලබා ස්ත්‍රී කේන්ද්‍රය 7, 8 භාවවල සිටිය හොත් ස්වාමියා දිවි නසා ගනී. එමෙන්ම පුරුෂ කේන්ද්‍රයක 6, 7, 8 යන ස්ථානවල කුජ රාහු ශනි යන ග්‍රහයෝ පිළිවෙළින් පිහිටා ඇතිනම් භාර්යාවට අපල ගෙන දෙයි. ශනි පාපව පීඩිත වී 7, 8 යන භාවවල සිටීමෙන් විවාහය කැඩී බිඳී යයි. කාල සර්ප යෝගය පුරුෂ කේන්ද්‍රයක යෙදී රාහු කුජ පාප පීඩිත වීම භාර්යාව මරණයට පත් වන ​යෝගයකි.   


පුරුෂ කේන්ද්‍රයක 1, 7 රාහු කේතු සිටීම හා ඔවුනොවුන් මාරු වී සිටීමද විවාහය කැඩෙන ග්‍රහ පිහිටීමකි.   


ඉහත කරුණු එසේ වුවත් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ කේන්ද්‍රවල පිහිටා ඇති බාධක බලයන් කේන්ද්‍ර ගැළපීම් අනුව වෙනස් වේ. ඒ සඳහා සියලු සිද්ධාන්ත ගවේෂණ කළ යුතුයි. ඒ අනුව දොස් නිදොස් වී සාර්ථක වන අවස්ථා තිබේ. එය සිදු විය යුතු වන්නේ ජන්ම කේන්ද්‍රය පූර්ණ ගවේෂණයක් කිරීමෙන් බව දත යුතුයි.   


එනිසා විවාහය වීමෙන් පසු මිය යන තාක් විවාහ ජීවිතය තුළ සතුටින් සැනසීමෙන් සාර්ථක කර ගැනීමට සඳහා ජ්‍යෙතිෂ්‍යයේ පිහිට ඔබත් ලබා ගන්න.   

 

 

 

 

 

 

 


ඉඳුවර ගෞරව සම්මානනීය, වාස්තු විද්‍යා උපදේශක ජිනදාස එදිරිසිංහ   
පොලිසිය අසල, රඹුක්කන.   



අදහස් (0)

පොරොන්දම් ගලපා බලා රසවත් යුගදිවියකට ඇතුළුවන්න

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 107 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 80 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 47 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site