IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


පෙරභව ගොවිපොළේ සතුන් සොයාගිය දැරියක්

​පෙර භවයේ ප්‍රබල සාක්කි  

 

 

සත්ත්ව ගොවිපොළක් සහ වතුපිටි හිමිව සිටි පවුලක උපත ලැබූ දියණියට නම් දී තිබුණේ මාරියා යනුවෙනි. පියාගේ වතුපිටිවලට යාමටත් ගැමි පරිසරයත් ඇය කුඩා කළ සිට බෙහෙවින් ඇලුම් කළාය. හුරුබුහුටි රූමත් තරුණිය වන විට ඇය සොයා පෙම්වතුන් එන්නට විය. එහෙත් එම පෙම්වතුන්ගේ සබඳතාවලට පියා විරුද්ධ වීය. ඇයට පෙම් කළ එක් පෙම්වතෙකු සිය දිවි නසාගෙන ජීවිතයෙන් සමුගන්නේ ඇය බලවත් කම්පාවට පත් කරවමිනි.  


අනතුරුව ඇය හුදකලා ජිවිතයකට පුරුදුවන්නට වූවාය. ඉඳහිට හෝ ඇය ඇසුරු කරනු ලැබුවේ එක් මිතුරු කතක් සමගය. එම මිතුරියගේ නිවසට නිතර යාමට ඇය පුරුදුව සිටියාය. ඇගේ සිත තුළ ඇති වූ කාන්සිය මහහැරගැනීමට මිතුරිය සමඟ කතාබහ කරනවිට ඇගේ ප්‍රධාන මාතෘකාව වූයේ මෙලොවින් සමුගෙන ගොස් යළි උපතක් ලැබීම පිළිබඳවය. ඇගේ මෙම මානසික තත්ත්වය මගහැරවීම සඳහා පියා දැඩි උත්සාහයක් ගත්තේය. බොහෝ විට ඇයම විනෝද සැණකෙළිවලට කැඳවාගෙන යාමටද පියා උත්සාහ කළේය.  


එහෙත් ඒ කිසිවකින් ඇගේ මානසිකත්වය වෙනස්කරවීම අපහසු බවක් පෙනුනි. මේ අතර ඇය රෝගීවන්නට වූවාය. ඇගේ පෙණහලුවල ඇති වූ ආබාධිත තත්ත්වයක් නිසා වචන ප්‍රකාශ කිරීමද අපහසු විය. උගුර සම්බන්ධ ආබාධයක් ලෙසද දක්නට ලැබිණි.   


ඇගේ රෝගී තත්ත්වය INFECTION යනුවෙන් වෛද්‍යවරුන් විසින් හදුන්වාදී තිබිණි. රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් වර්ධනය වීය. අවසානයේ ඇය ක්‍ෂය රෝගයෙන් (TUBERCULOSIS) පෙලෙන්නට වූවාය. තම රෝගී තත්ත්වය පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් ඇයට තිබිණි. එම රෝගී බවෙන් මියයෑම සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොගෙන ඇය කාලය ගත කළාය.  


අසාධ්‍ය තත්ත්වයට පත් වී සිටි ඇය ඇගේ මිතුරිය සමග යළි ඉපදීම පිළිබඳව කතාබහා කළාය. දිනක් ඇගේ මිතුරිය සමඟ කතා කළ ඇය ‘‘මට මැරෙන්න ඕනෑ. මම ඔයාගේ දුවක් වෙලා නැවත ඉපදෙනවා. මට කතාකරන්න පුළුවන් වුණාම මගේ ජීවිත තොරතුරු ඔයාට කියන්නම්. එතකොට එහි සත්‍යතාව ඔයාට දැනගන්න පුළුවන්.’’ යනුවෙන් ප්‍රකාශ කරන්නට වූවාය.  


ඇගේ ​රෝගී තත්ත්වය ඉතා අසාධ්‍යවන විට ඇය විසි අට වැනි වියේ පසුවූවාය. අවසානයේ ඇයට වචන උච්චාරණය කිරීමටද අපහසු විය.   
දරුණු ක්‍ෂය රෝගියකු බවට පවත් සිටි ඇය ජීවිතයෙන් සමුගනු ලැබුවේ දෙමාපියන් ඇතුළු ඥාතීන් දැඩි කම්පාවට පත්කරවමිනි. ඇගේ අකල් මරණය පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වූයේ ඇගේ මිතුරිය විය. ඇගේ මරණයට තුඩු දුන් හේතුව වූයේ (PULMONARY INFECTION PROBABLY TUBERCULOSIS) යනුවෙන් වෛද්‍ය වාර්තාවල සඳහන් වීය.  
ඇගේ මරණය සිදුවී මාස දහයක් ගතවිය. මාරියාගේ මිතුරිය සිගිති දියණියක් මෙලොවට බිහි කළාය. එම දැරියට මාර්තා යනුවෙන් නම් තැබිණි. මියගිය තරුණිය ප්‍රකාශ කළ පරිදිම මිතුරියගේ දියණිය පෙරභව තොරතුරු අනාවරණය කරන්නට වූවාය. පුනර්භව පර්​ෙ‌ය්ෂකයෙකු වූ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් බ්‍රසීලයේදී සිදුකළ ප්‍රථම පුනර්භව පර්යේෂනය මෙය විය. එම පර්​ෙ‌ය්ෂණයේදී දැරිය පුනර්භවය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම අතිශය පුදුම අයුරින් සිදුවී තිබිණි.  


දැරිය උපත ලැබූ නිවස පිහිටි ප්‍රදේශයේ ජලය ලබාගත්තේ ගලායන දිය පහරකිනි. එය දුටු දැරිය අපි එහෙදී වතුර ගත්තේ ළිඳෙන් යයි දිනක් පැවසීය. ඒ කොහේදීද යැයි එය ශ්‍රවනය වූ ඇගේ සොහොයුරියක් විමසුවාය. එයට පිළිතුරු දුන් දැරිය එතකොට මම හිටියේ වෙන අම්මා කෙනෙකුයි තාත්තයි’’ යයිද කීවාය.  


අනතුරුව පෙරභව තොරතුරු හෙළි කළ ඇය ඔවුන්ගේ නිවසේ සේවකයෙක් සිටි බවත් දිනක් එම සේවකයාට පියා පහර දෙන විට ඇය ඔහු බේරාගත් බවත් කීවාය. පෙරභවයේ නමද හෙළි කළ දැරිය ඔවුන් පදිංචිව සිටි නිවසේ ගොවිපොළක් තිබූ බවත් එහි ඇතිකළ සත්ත්වයන් ලෙස එළුවන් වැනි සතුන් සහ ගවයින්ද සිටි බවත් පැවසුවාය.  
පෙර නිවසේ ආහාර පිසීමට කෝකියෙකු සිටි බවත් ඇය ප්‍රකාශ කළාය. නිවසේ සුදු බළලෙකු සිටි බවද ඇගේ මතකයේ තිබිණ. ඇය අනාවරණය කළ තොරතුරු අනුව පෙරභවයේ ඥාතීන් ඇතුළු මිතුරන් කීප දෙනෙක්ද ඇය බැලීමට නිවසට පැමිණියහ. එහිදී ප්‍රබල සාක්කියක් බවට පත්වූයේ. පෙර භවයේ පෙම්වතෙකුව සිටි අයෙකු නිවැරදිව හඳුනා ගැනීමය. ප්‍රබල සාක්කියක් බවට පත් වූ එම හඳුනා ගැනීමට පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇත්තේ (RECOGNITION OF ONE OF THE SWEETHEART) යනුවෙනි.  


පෙර භවයේ ගොවිපොළේ සිටි සත්ත්වයින් පිළිබඳව හෙළි කිරීමේදීද අති විශේෂත්වයක් සිදුවිය. එනම් ඒ වන විට දැරිය බැටළුවන් දැක නොතිබිණි. ඇය පැවසුවේ එළුවන් වැනි සතුන් සහ ගවයින් එම ගොවිපොළේ හිටි බවය. ගොවිපොළේ සත්ත්වයින් සිටි බැව් ඇය සඳහන් කර තිබූ ආකාරය පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය.   
I LIVED FAR FROM HERE WHERE THERE WERE MANY COWS, OXEN AND WHERE ALSO THERE WERE ANIMALS LIKE GOATS BUT THEY WERE NOT GOATS  
ඒ වන විට ඇය කිසිදිනෙක බැටළුවන් දැක නොතිබූ අතර උන් හඳුන්වන නම නොදැන සිටියාය. ඒ පෙරභව ගොවිපොළේ ඇතිකරනු ලැබුවේ බැටලුවන්ය.   
මෙම දැරිය අනාවරණය කළ පෙරභවයේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා එම කරුණු ලැයිස්තුවක් පිළියෙල කරනු ලැබීය. එහි සඳහන් වූ වැදගත් කරුණු රැසක් තිබිණි.  


නිවසේ සේවකයෙක් සිටි බැව් කීම  
එම සේවකයාට පියා දිනක් පහරදුන් බැව් හෙළි කිරීම.  
නිවසේ ජලය ගැනීම සඳහා ළිඳක් තිබූ බැව් කීම.  
පියාගේ ගොවිපල ගැන හෙළි කිරීම   
​ගොවිපොළේ සිටි බැටලුවන් ගැන පැවසීය.  
නිවසේ කෝකියෙකු සිටි බැව් හෙළි කිරීම  
සුදු බළලෙකු සිටි බැව් කීම.  
පෙම්වතුන් දෙදෙනෙක් සිටි බැව් හෙළි කිරීම.  
එක් පෙම්වතෙකු සියදිවි නසා ගත් බැව් කීම.  
ඇගේ ප්‍රේම සබඳතාවලට පියා විරුද්ධ වීම වැනි කරුණු වීය.  


මෙම තොරතුරු නිරීක්‍ෂණය කිරීමේදී ප්‍රබල සාක්කි ලෙස සනාථ වූ කරුණු අනුව නිවසේ සිටි සේවකයා සහ කෝකියා පිළිබඳවත් පෙම්වතුන් දෙදෙනා ගැනත් හෙළි කිරීම පියා මවිතයට පත් කළේය. එක් පෙම්වතෙකු සිය නසාගැනීමටද ඇගේ මනසේ පැහැදිලිව තිබූ බැව් දක්නට ලැබිණි.  
පරිසරය පිළිබඳවද ඇගේ මතකය ඉතා පැහැදිලිවීය. ඇලකින් ජලය ලබාගැනීම ඇය හෙළි කළේ ‘‘මෙහෙ වගේ වතුර ගත්තේ ළිදකින් නෙවෙයි.’ යනුවෙනි. පෙර භවයේ මරණය සිදුවීමෙන් පසුව යළි උපතක් ලෙස මිතුරියගේ කුසයෙන් බිහිවෙන දරුවෙකු ලෙස නැවත මෙලොවට එන බැව් ඇය විසින් පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි.   
මිතුරිය හමුවූ කීප විටකදීම ඇය ඒ බැව් ප්‍රකාශ කළාය. එම ප්‍රකාශය පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් වී ඇත්තේ මෙසේය.

  
WHEN REBORN AND AT AN AGE WHEN I CAN SPEAK ON THE MYSTERY OF REBIRTH IN THE BODY OF THE LITTLE GIRL. WHO WILL BE YOUR DAUGHTER, I SHALL RELATE MANY THINGS OF MY PRESENT LIFE AND THIS YOU WILL RECOGNIZE THE TRUTH)   


යළි ඉපදීම පැහැදිලිව මෙලෙස ප්‍රකාශ කර තිබීමද මෙම පුනර්භව සාධකයේ ඉතා වැදගත් ප්‍රබලතම සාක්කියක් බවට පත්විය. 

 
ඉතා කුඩා කළ එනම් වයස අවුරුදු දෙකේ පමණ සිට මෙම දැරිය ඇගේ පෙරභව තොරතුරු අනාවරණය කළ නමුත් පියා ඒ පිළිබඳව අවධානය යොමු නොකළේය. ඇය පියාගෙන් ඉල්ලා සිටියේ පෙරභව නිවසට රැගෙන යන ලෙසය. එහෙත් පියා විසින් ඇය පෙරභව නිවසට රැගෙන යනු ලැබුවේ ඇය වයස අවුරුදු දහයේ පමණදීය.   


අනතුරුව පියා විසින් සිය දියණියගේ මෙම පුනර්භව සාධකය ග්‍රන්ථයකටද ඇතුළත් කරනු ලැබීය. එය ප්‍රථමවරට ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1955 වසරේදීය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ඇගේ මෙම පුනර්භව සාධකය (TWO CASES SUGGESTIVE OF REINCARNATION IN BRAZIL) නම් පර්​ෙ‌ය්ෂණ වාර්තාවකටද ඇතුළත් කර තිබේ.  
මෙම දැරියගේ පුනර්භව සාධකයේ සිදුවී ඇති හඳුනාගැනීම් පිළිබඳවද එම වාර්තාවේ සඳහන් කර තිබේ. එම හඳුනාගැනීම් අතර දැරිය පෙරභව නිවසට ගිය අවස්ථාවේ ඇය විසින් ඔරලෝසුවක් හඳුනාගැනීම අති විශේෂ සිදුවීමක් ලෙස පිළිගෙන ඇත. එයට හේතු වී ඇත්තේ එම ඔරලෝසුව ඇය විසින් හඳුනාගැනීමෙන් පසු එහි පිටුපස සඳහන් කර තිබූ නමකි. එය දුනු මගින් ක්‍රියාත්මක වූ ඔරලෝසුවකි.   


මිය ගිය තරුණියට අයත්ව තිබූ එම ඔරලෝසුවේ පිටුපස ඇගේ නම ලියා තිබීමය.  


දැරිය විසින් එය පෙන්වා දෙනතුරු නිවසේ කිසිවෙක් එය නොදැක තිබීම විශේෂත්වයකි. පෙරභවය සනාථ කළ අතිශය ප්‍රබල සාක්කියක් ලෙසද එම සිදුවීම වාර්තා වීය.  

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

පෙරභව ගොවිපොළේ සතුන් සොයාගිය දැරියක්

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 26 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 18 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 97 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 111 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 81 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 217 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 508 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site