භාරත
දේව සභාව
අවසන් සතුරාගේ ගෙල සිඳ දැමූ පරාසුරාම වටපිට බැලුවේය. අර්ජුනගෙන් ලබාගත් කුළී හමුදාවේ සෙබළු ජය ඝෝෂා නගන්නට පටන්ගත්හ.
සතුරු නගරය විනාශ කරමින් ඇවිළුණු ගින්න කෙමෙන් නිවී යන සැටි පරාසුරාම දුටුවේය. දැන් හාත්පස අළු වලාවකින් අඳුරු වී තිබේ.
‘‘සියලු සතුරන් අවසන්ද?’’
පරාසුරාම කෑ ගසා ඇසුවේය.
‘‘එසේය’’
සෙබළු පිළිතුරු දුන්හ.
එසේ නම් කුළී හමුදාවට වැටුප් ගෙවන්න.’’
තම සමීපතම සේවකයාට අණ කළ පරාසුරාම, සටන් බිමට ඇවිද ගියේය. තම අසිපතින් කැපී වෙන්වුණු සතුරන්ගේ හිස් හැම තැනමය. සටනේ ජය පානය කළ යුත්තේ ඒ සතුරු හිස් සහ සිරුරු වලට පා පහරක්ද එල්ල කරමිනියි පරාසුරාම අදහස් කළ නිසාය.
එහෙත් එක්වරම ඔහුව දකින්නට ලැබුණේ සිය පියා වූ ජමාද්ග්නිගේ සිරුරය.
‘‘තාත්තා’’
පරාසුරාම අව්‍යක්ත හඬකින් කෑ ගැසුවේය.
සතුරන් කොයි තරම් මැරී වැටුණත් කිසි කම්පාවක් නොදැනුණු පරාසුරාමට තාත්තාගේ මළ සිරුර දුටුවිට දැරිය නොහැකි වේදනාවක් ඇතිවිය.
ඔහු වහාම තම හමුදාව කැඳ වූ අතර තාත්තාගේ මළ සිරුර මන්දිරයට රැගෙන යන්නට අණකළේය.
ඊළඟ මොහොතේ බිම දිගාවුණු ඔහු දෙනෙතේ නැඟුණු කඳුළු මිරිකා හරින්නට වෙහෙසුණේය. මුව හරහා විහිදගිය සුසුම් රැල්ල මුව තද කරගෙන හිර කරගත්තේය.
තවදුරටත් සතුරන්ගේ ප්‍රහාරයකට ලක්වන්නට සිදු නොවන බව වටහාගත් බැවින් පරාසුරාමට නොබියව බිම වැතිරී සිටින්නට බාධාවක් නොවීය. ඔහු තම පියාගේ ගුණ සිහිපත් කරමින් හෝරාවකට වඩා වැතිර සිටියේය.
අනතුරුව නැගී සිටි ඔහු තම කෙටේරිය සුරතට ගත්තේය. ශිවගෙන් තිළිණයක් ලෙස ලැබුණු මේ කෙටේරිය පරාසුරාම පරෙස්සම් කළේ තම ප්‍රාණය තරමටමය. එම කෙටේරියට ශිව සතු ශක්තිය සහ බලය මොනවට මුසුකර තිබූ නිසාය.
එපමණක් නොවේ. ශිව යනු පරාසුරාමගේ ගුරුවරයාද වූයේය. යුද්ධය යනු කලාවක් බව කියාදුන්නේද, ඒ යුද කලාව මොනවට ප්‍රගුණ කරවූයේද ශිවමය.
ඕනෑම බිහිසුණු සටනකින් ජයගන්නට පරාසුරාම සමත්කම් ලැබුයේද ශිවගෙන් උගත් මේ සටන් කලාව හේතුවෙනි.
ඔහු ඊළඟට ඇවිද ගියේ කෛලාෂ මැදුර වෙතය. ශිව උතුමාණන් හමුවී ඔහුට ස්තුති කිරීම පරාසුරාමගේ අරමුණ විය.
එහෙත් කෛලාෂ මැදුරේදී ශිව හමුවන්නට කලින් පරාසුරාමට මුණ ගැසුණේ ශිවගේ පුතණුවකු වූ ගනේෂය.
එහෙත් ගනේෂ ගැන තැකීමක් නොකළ පරාසුරාම ෙෙකලාෂ මන්දිරය තුළට යන්න හැදුවේය. අත ඉදිරියට දැමූ ගනේෂ පරාසුරාමගේ ගමන වැළැක්වීය.
‘‘ඔබ කොෙහද යන්නෙ?’’
ගනේෂ ඍජු හඬින් විමසුවේය.
‘‘ඇයි? මම යන්නෙ ශිව උතුමාණන් මුණගැහීමට.
පරාසුරාම කීවේය.
දැන් බෑ.. මේ මොහොතේ මගේ මව්පියන් සිටින්නෙ නින්දේ. ඔවුන් අවදි කළ නොහැකියි.
පරාසුරාම ගනේෂ දෙස බැලුවේ කෝපයෙනි.
‘‘මම ශිව උතුමාණන්ගේ භක්තිවන්තයෙක්. ඒ වගේම ශිෂ්‍යයෙක්. ඕනෑම මොහොතක එතුමාණන් හමුවන්නට මට අවසර තියෙනවා.’’
‘‘නැහැ’’
ගනේෂ පරාසුරාමගේ අත තදින් අල්ලා පැවසුවේය.
ගනේෂගේ ග්‍රහණයෙන් හිරවුණු පරාසුරාමගේ හස්තය හිරිවැටිණි. රිදුණු රිදිල්ලට ඔහුගේ මුව පවා ඇදවිය. පරාසුරාම ගනේෂ දෙස රවා බැලුවේය.
‘‘කරුණාකරල මට යන්න දෙන්න.’’
‘‘බැහැ’’
එසේ නම් මට සිද්ධ වෙනවා නුඹට පහරදීමට.
පරාසුරාම කීවේ දත් මිටි කමිනි.
‘‘පහර දීමට... මට..’’
කෝපයෙන් ගිගිරූ ගනේෂ තම අවිය ඇදගත්තේය. ‘‘නෑ මම කොහොමටවත් උඹට තාත්තා හමුවන්නට ඉඩ දෙන්නෙ නෑ.’’
තම කෙටේරිය ඇදගත් පරාසුරාම එහි මිටෙන් ගනේෂගේ කකුලට පහරක් එල්ල කළේය. ඉන් රිදුණු ගනේෂ කකුල ඉවතට ගත් අතර, එය වේදනාවෙන් රිදුම් දුන්නේය. ඒ අවසරයෙන් නැගී සිටි පරාසුරාම කෙටේරිය එල්ල කරගෙන සතුරා දෙස බලාසිටියේය.
ගනේෂට යමක් සිදුවිය. පරාසුරාම මේ එල්ල කර ගෙන සිටින්නේ තම පියාගේ අවියක් බැවිනි. ඒ අවියට එරෙහිව යමක් කරන්නට ඔහුට නොහැකි විය. ඔහු වික්ෂිප්ත දෑසින් පරාසුරාම දෙස බලා සිටියේය.
එහෙත් පරාසුරාම සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඔහු කෙටේරිය ගනේෂ වෙත එල්ල කළ අතර එය පහත් වූයේ ගනේෂගේ එක් දළයක් මතය. එම දළය ටකස් හඬ දෙමින් කැපී වෙන් වී ගිය අතර එය ගනේෂගේ දෙපාමුල පතිත විය.
ඒ හඬට ගැස්සුණු ශිව සහ පාර්වතී නින්දෙන් අවදි වූහ.
වහා යහනින් බිමට බට පාර්වතී, හඬ ආ දෙසට ඇවිද ගියාය. ඇය දුටුවේ තම පුතුගේ එක් දළයක් කැපී පොළොව මත පතිතව තිබෙන ආකාරයය.
පරාසුරාම ගනේෂ ගේ අත වූ අවිය බිම පතිත වන ලෙස පහරක් ගැසුවේය. එවිටම ගනේෂ, පරාසුරාම බදාගත් අතර දෙදෙනා අතර බිහිසුණු සටනක් ආරම්භ විය.
දෙදෙනාම කරට කරය. සටන් කලාවේ ශූරයන් වූ ගනේෂ සහ පරාසුරාම එකිනෙකාට නොපරදින ලෙස පහර එල්ල කළහ. එල්ල කරන පහර වළක්වා ගත්හ.
එහෙත් අවසානයේ ගනේෂට පරාසුරාම මෙල්ල කරගත හැකි විය. වේගයෙන් තල්ලු කර පරාසුරාම බිම වැටෙන්නට සැලැස්වූ ගනේෂ, සිය කකුලෙන් පරාසුරාමගේ පපුව තද කළේය.
තම කෙටේරිය ඇදගත් පරාසුරාම එහි මිටෙන් ගනේෂගේ කකුලට පහරක් එල්ල කළේය. ඉන් රිදුණු ගනේෂ කකුල ඉවතට ගත් අතර, එය වේදනාවෙන් රිදුම් දුන්නේය. ඒ අවසරයෙන් නැගී සිටි පරාසුරාම කෙටේරිය එල්ල කරගෙන සතුරා දෙස බලාසිටියේය.
ගනේෂට යමක් සිදුවිය. පරාසුරාම මේ එල්ල කර ගෙන සිටින්නේ තම පියාගේ අවියක් බැවිනි. ඒ අවියට එරෙහිව යමක් කරන්නට ඔහුට නොහැකි විය. ඔහු වික්ෂිප්ත ඇසින් පරාසුරාම දෙස බලා සිටියේය.
එහෙත් පරාසුරාම සිටියේ කෝපයෙන් දැවෙමිනි. ඔහු කෙටේරිය ගනේෂ වෙත එල්ල කළ අතර එය පහත් වූයේ ගනේෂගේ එක් දළයක් මතය. එම දළය ටකස් හඬ දෙමින් කැපී වෙන් වී ගිය අතර එය ගනේෂගේ දෙපාමුල පතිත විය.
ඒ හඬට ගැස්සුණු ශිව සහ පාර්වතී නින්දෙන් අවදි වූහ.
වහා යහනින් බිමට බට පාර්වතී, හඬ ආ දෙසට ඇවිද ගියාය. ඇය දුටුවේ තම පුතුගේ එක් දළයක් කැපී පොළොව මත පතිතව තිබෙන ආකාරයය.
පරාසුරාම වෙව්ළන්නට විය. ගනේෂගේ එක් දළයක් කැපී බිම වැටී තිබේ. තනි දළයක් පමණක් ඇති ගනේෂගේ මුහුණට අවලස්සනක් එකතු වී තිබේ. මේ ගනේෂ වූ කලී තම ගුරුවරයාගේ පුතා බව සිහිපත් වූ කළ පරාසුරාමට බියක්ද දැනිණි. මුව ඇරී සිරුර දහදියෙන් නැහැවෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.
පාර්වතී තමා දෙස ඔරවාගෙන සිටින අයුරු පරාසුරාම දුටුවේය.
සාමාන්‍යයෙන් පාර්වතීගේ දෙෙනත හැමවිටම සන්සුන්ය. ආදරණීයය. එහෙත් මේ මොහොතේ ඇගේ දෑස කෝපයෙන් රතුපැහැ ගැන් වී තිබිණ.
‘‘නුඹ මගේ පුතාට පහර දුන්නා.’’
පාර්වතී කෝපයෙන් පැවසුවාය.
පසෙක වූ කොස්ස සුරතින් ගත් ඇය. ‘‘මම උඹේ හතර හන්දි කඩනවා’’ යැයි යලි ගිගුරුවාය.
‘‘අම්මේ..’’
ගනේෂ පාර්වතී සහ පරාසුරාම මැදට පැන්නේය.
‘‘මේක සටනක්... මායි පරාසුරාමයි අතර ඇතිවුණු සටනක්... සැම සටනකින්ම එක්කෙනෙක් දිනන කොට තව කෙනෙක් පරදිනවා.’’
ගනේෂ කීවේ සංසුන් ලෙසය.
එහෙත් පාර්වතී තවමත් සිටින්නේ පහව නොගිය කෝපයෙනි.
‘පාර්වතී’
ශිවගේ කටහඬ ඇසුණි.
පරාසුරාම වෙත යොමුකර ගත් කොස්ස අතැතිවම පාර්වතී ශිව වෙතට හැරුණාය.
‘‘පාර්වතී පරාසුරාම කියන්නෙ මගෙ ශිෂ්‍යයෙක්. ඒ නිසා ඔහුත් ගනේෂත් යන දෙදෙනාම ඔබේ දරුවන් හා සමානයි. ඒ නිසා ඔය කොස්ස ඉවත දමන්න.’’
ටික වෙලාවක් ගෙවී ගියේය. පාර්වතී ශිව දෙස බලා සිටියාය. ක්‍රමයෙන් ඇගේ පෙනුම යළි සංසුන් වූ අතර හැසිරීම ආදරණීය වූවේය.
‘‘අම්මා පරාසුරාම වැරැදි නැහැ. ඔහුත් මාත් අතර සිදුවූ සටනේදී ඔහු මට පහර දුන්නා. එපමණයි. ඔබ කලබල විය යුතු නැහැ අම්ම.’’
ඊළඟ මොහොතේ ගනේෂ පරාසුරාම දෙස බැලුවේ සිනාවකින් දෙතොල සරසාගෙනය.
එහෙත් පරාසුරාම සිටියේ වික්ෂිප්තවය. කණගාටුව ඔහුගේ මුහුණෙහි සටහන්ව තිබිණි. ගනේෂගේ සිනාව දුටුවිට ඔහුගේ බිය මඳක් පහ වී ගියේය.
පරාසුරාම තම කෙටේරිය දෝතින්ම අල්ලා ගනේෂට පෑවේය.
‘‘මෙය අයිති ඔබට තව දුරටත් මේ කෙටේරිය මා පාවිච්චි කරන්නේ නැහැ.’’
ගනේෂ එවර හඬ නගා සිනාසුණේය.
පරාසුරාම තවමත් බිම වැටී තිබුණු දළය දෝතින් ගෙන, එයද ගනේෂ වෙත පෑවේය.
‘‘මට සමාවෙන්න.’’ පරාසුරාම පැවසුවේය.
ශාන්ත කුමාර විතාන
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පරාසුරාමගේ කෙටේරි පහරෙන් ගනේෂට දළයක් අහිමි වෙයි