IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


බුදුපිළිම වැනසූ ත්‍රස්ත කල්ලිය කොටුකර දුන්නේ ලංකා රක්ෂක දෙවියන්ද?

දෙවිනුවර පුරවරයෙන් ඇසෙන කතාවක්

 

 

බුදුපිළිම ගැන අපේ රටේ විශාල ලෙස කතාබහට ලක්වූ කාලයක් තිබිණි. ඒ සුනාමියේ අතිදැවැන්ත රළගෙඩි වේගයෙන් රට තුළට කඩාවැදුණ සමයේදීය. ගොඩනැගිලි, නිවාස, පාලම්, බස්රථ, දුම්රිය ඇතුළු වෙරළට සමීප සකල සේසතම දහස් ගණන් ජනයා සමග මහ මුහුදට බිලිවෙද්දී බුදුපිළිම පමණක් කිසිදු විනාශයකින් තොරව නිරුපද්‍රිතව ඉතිරිවීමේ විස්මය ජනතා සිත්සතන්වලට තදින් කාවැදී කතාබහට ලක්විය.  


එවැනි බුදුපිළිම බොහොමයක් තනා තිබුණේ කොන්ක්‍රීට් වැනි ශක්තිමත් රළු දේවලින් නොව හුනු බදාම වැනි පහසුවෙන් විනාශ විය හැකි දේවලින් වුවත් බිහිසුණු රළ පහර හමුවේ වුවද උපද්‍රවයකට ලක්නොවී පැවතීමේ විස්මය සියලුදෙනාට දෑසින් දැකගත හැකිවිය.  


විනාශයේ දුක්සුසුම් අතර හිඳ ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් වැඩහිඳිමින් බලා සිටින බුදුරුව මගින් ඒ දිනවල ගෙන ආවේ තරමක හෝ අස්වැසිල්ලකි. එපමණක් නොවේ. ගුණහීන තණ්හා ආශාවන්ගෙන් වෙලී ගිය මිනිස් සමාජයට නිහඬ පණිවිඩයකි.  


ඒ වැදගත් පණිවිඩය කුමක්ද? මිනිස් දිවිය ඉතාම කෙටිය. දිවිය පුරා තණ්හාවෙන්, ආශාවෙන්, ලෝභයෙන් රැස්කරගත් ගෙවල් දොරවල්, ඉඩකඩම්, යානවාහන, රන්රිදී මුතුමැණික්, තනතුරු නම්බුනාම, අඹුදරුවන් මෙන්ම තම ජීවිතයද මොහොතකින් විනාශවීමේ අනිත්‍ය දහම මැනවින් දැකගන්නට සැලැස්විය.  


තමන්ට කියා ඉතිරි වන්නේ තමන් කළ හොඳ නරක පමණි. දිවිය පුරා පිනට දහමට මුල් තැන දෙන ලෙස පිළිම වහන්සේලා ජන සමාජයට නිහඬව වැඩහිඳ කියා පෑවේය. ඒ දිනවල ජනතාව ඒ පිළිමයන්ට කෙළවරක් නැතිව වැඳුම් පිදුම් කළ බවද දැකගත හැකිවිය.  


දැන් යළිත් බුදු පිළිම ගැන රටේ කතාබහ ඇතිවී තිබේ. ඒ හිතාමතාම කිසියම් සංවිධානාත්මක පිරිසක් බුදුපිළිම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීමෙනි. ඉතාම දුෂ්ට නින්දා සහගත අරමුණකින් අන්‍යාගමික අන්තවාදී පිරිසක් එය සිදුකර ඇති බවත් ඉදිරියේදීද එවන් දේ සිදුවිය හැකි බවත් දැන් හෙළිවී තිබේ.  
අන්‍යාගමිකයන් නොදැන සිටියත්, ඔවුන් විශ්වාස නොකළත් බුදුපිළිම විනාශ කිරීම, බෞද්ධ සිද්ධස්ථාන වැනසීම වනාහි මෙලොවදීම විපාක දෙන්නාවූ සුවිසල් පාපකර්මයකි. ඇෆ්ගනිස්ථාන්හි බාමියන් හී ඉපැරණි අතිදැවැන්ත සෙල්මුවා බුදුපිළිම (මුළු ලොවම එපා යැයි කියද්දී) මුස්ලිම් ත්‍රස්තයන් විසින් පුපුරුවා බිම හෙළීමේ මහා අපරාධයේ විපාක වැඩිදවසක් යන්නට මත්තෙන් ලැබිණි.  


ඇමරිකන් ආරක්ෂක මූලස්ථානයට ගුවනින් පහරදීමේ උමතු සැලසුම බින්ලාඩන් කණ්ඩායම ක්‍රියාවට නැගීමත් සමග මුළු ඇෆ්ගනිස්ථානයම විනාශ කරන්නට තරම් ප්‍රහාර මාලාවක් ඇමරිකානුන් ක්‍රියාත්මක කළේ අර ත්‍රස්ත නායකයන්ටද මරු කැඳවමිනි. ඒ රට තුළ යුද ගිනිදැල් තවමත් නිවී නැත.  


විද්‍යාත්මක මානයන්ගෙන් ඔප්පු කිරීමට තරම් හේතුසාධක නැතත් මුළුමහත් බෞද්ධ ලෝකයම නරක දෙයකට නරක ප්‍රතිවිපාක මෙලොවදීම ලැබෙන බව තරයේ විශ්වාස කරන්නේ බුදු වදන්ද පෙරටු කරගෙනය.  


සැබවින්ම බුදු පිළිමයක් යනු කුමක්ද? කල්ප ලක්ෂ ගණන් බුදුබව පතාගෙන සාමාන්‍ය පුද්ගලයකුට හිතාගැනීමටවත් බැරි අන්දමේ මහා පුණ්‍යස්කන්ධයක් රැස්කරමින් පාරමී පුරමින් පැමිණ සකල සත්වයා සසර කතරින් එගොඩ කරවීමේ මහා කරුණාවෙන් දුෂ්කර ක්‍රියාකොට මරසෙන් පරදා සම්බුද්ධත්වයට පත් උතුමකු නිරූපනය කරන්නට මිනිස් අතින් හැඩගැන්වූ නිර්මාණයකි. එය දකින්නන්ට ජීවමාන බුදුන් සිහිවේ. සිත පැහැදේ. සැදැහැවත් බව වැඩේ. පින් සිතිවිලි පහළ වේ. මොහොතකට හෝ සිත නිවී යයි.  
එපමණක්ද? නැත. තථාගත සම්මා සම්බුදු කෙනෙකු ලොව අග්‍රතම උතුමා බව අග්ගප්පසාද සූත්‍රයේ බුදුරදුන් පෙන්වාදී ඇත. ලොව සියලු රත්නයන්ට වඩා බුද්ධ රත්නය උතුම් යැයි දක්වා ඇත. ඒ අග්‍රවූ උතුමන් කෙරෙහි බුදුපිළිමයක් දෙස බලාහිඳිමින් හෝ සිත පහදවා ගැනීම ඒ ගුණ සිහිකිරීම මහත් ඵල ආනිශංස ගෙන දෙන්නේමය.  
බුදු පිළිමයක් නිකම්ම හැඩගැන්වූ මැටි ගොඩක්ද? සිමෙන්ති ගොඩක්ද? නැත. පිළිමය අබියස ජනිත වන යහපත් සිතුවිලි තරංග ඒ ආශ්‍රිතව වේ. එයට වැඳුම් පිදුම් කරන විට එය තවත් වැඩිවේ. නිතර වැඳුම් පිදුම් කරන බුදුපිළිම අබියස බුදුමැදුරුවල සිතට ගතට දැනෙන්නේ අපූරු සහනදායී සුවයකි.  


එවැනි තැන්වලදී කරන යහපත් පැතුම් සපලවන බවද එහි යන එන බැතිමත්හු දනිති. පන්සල්වල පිළිම නිමවන්නේ එයට අදාළ සිරිත්, සම්ප්‍රදාය වත්පිළිවෙත් ආදිය ඉටු කරමිනි. නොපෙනෙන විශ්ව බලවේගයන් මෙවන් පිළිමයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව මෙයින් පෙනේ. ලොව තුළ අපට පෙනෙන දැනෙන දෙයට වඩා නොපෙනෙන දේ පවතී.  
දෙවියන් බ්‍රහ්මයන් මෙන්ම වෙනත් අමනුෂ්‍යයන්ද පින්පවු අනුව ඔවුනට නිසිතැන් ආශ්‍රිතව වෙසෙති. සම්‍යක් දෘෂ්ඨික දෙවියෝ කරුණාවට මෛත්‍රියට පිනට දහමට කැමතිය. නිතර දහමෙහි හැසිරෙන මනුෂ්‍යයන්ටද නිතර බොදු පිළිවෙත් සිදුකෙරෙන වෙහෙර විහාර වලටද කැමැත්තෝය. ඒ නිසා එවැනි ඇත්තන්ද එවැනි තැන්ද රකිති.  
සිදුහත් උපත, ගිහිගෙය හැර ගොස් තවුස් වෙස් ගැනීම, බුද්ධත්වයට පත්වීම සහ බුදුසිරිතේ විවිධ අවස්ථාද දෙවියන් බ්‍රහ්මයන් සම්බන්ධ කතා පුවත්වලින් යුක්ත බව ප්‍රකටය.  
පිරිනිවන් මංචකයේ වැඩසිටි බුදුරදුන් තම සසුන අනාගතයේ සිරිලක මැනවින් ස්ථාපනය වීමට හේතු කාරණා යෙදෙන බව දැක ලක් බුදුසසුන රකින්නට සක්දෙවි රජහට පැවරීය. සක්දෙවි මහා බලසම්පන්න උත්පලවර්ණ (උපුල්වන්) දෙවිහට ඒකාර්ය නියමය පවරන ලදී. විජය කුමරු සත්සියයක් පිරිවර සමග ලක්දිව ගොඩබට දිනයද බුදුන් පිරිනිවි දිනමය. උත්පලවර්ණ දෙවියන් තවුස් වෙසින් පැමිණ විජය ඇතුළු පිරිසට ආශිර්වාද ලබාදුනි. මේ මහා වංශයේ එන පුවතයි. උපුල්වන් ගැන දීපවංශයේද සඳහන්ය.  
මේ දෙවියන් නිල්පැහැයෙන් යුක්ත බවට පිළිගැනේ. නිලුපුල් නම් ව්‍යවහාරයක්ද වේ. විෂ්ණු දෙවියනට අයත් පැහැයද නිල් පැහැයයි. ඇතමෙක් මේ දෙදෙනා එකම දෙවි කෙනෙක් යැයි කියන අතර තවත් අය දෙදෙනෙක් යයි කියති. කෙසේ වුවත් ඒ දෙවියන් වෙනුවෙන් ගොඩනැගුණ පැරණි දේව මන්දිරය දකුණේ දෙවිනුවර මහ දෙවොලයි. ලංකා රක්ෂක දිව්‍යරාජයා නම් මෙතුමන් බව විශ්වාස කෙරේ.  


කෝට්ටේ යුගයේ රචිත මයුර, පරෙවි, කෝකිල, තිසර යන සංදේශ කාව්‍ය හතරෙහිම දෙවිනුවර උපුල්වන් දේවාලය පිළිබඳව සඳහන් වේ. හංස සංදේශයේද මේ දෙවියන් ගැන සඳහන් වේ.  


උපුල්වන් දෙවියන්ගේ දෙවිනුවර ආගමනය සහ සංදේශ කාව්‍ය විස්තර මෙහි සඳහන් නොකෙරේ.  


කෙසේ වුවත් මේ දෙවියන් ප්‍රාදේශීය දෙවි කෙනෙකු නොව මහදෙවියන් බවට පිළිගැනීමක් පවතී. කතරගම දෙවියන් මුල්වරට ගොඩබසිනු ලැබුවේද දෙවිනුවරටය. දෙවිනුවර වාර්ෂික ඇසළ පෙරහැර සමය මුළුමහත් රුහුණේම ජනයා ශුද්ධ පොහොය හැටියට සලකා පහන් පැල් තනා ගෙවල් දොරවල් පවිත්‍ර කොට තමන්ද ශීලයක පිහිටා පේවීමෙන් කටයුතු කිරීම අතීත යුගයේ පටන් සිරිත බව දෙවිනුවර පරමවිචිත්‍රාරාම රජමහා විහාරාධිපති කල්‍යාණවංශ නිකායේ අනුනායක දෙවිනුවර සිරි සුනන්ද මහනාහිමිපාණෝ (95) වරක් අප සමග පැවසූහ.  


ශ්‍රද්ධා භක්තියේ ප්‍රමාණයට හා ශීලවන්තභාවය අනුව මේ දෙවියනගේ පිහිට පිළිසරණ අපමණ බව දෙවිනුවර පුදබිමට යන එන බැතිමත්හු දනිති.  


අන්තවාදී විනාශකාරී අදහස් දරන ත්‍රස්ත පිරිසක මෙහෙයවීමෙන් බුදුපිළිම විනාශ කරමින් මිනිස් ජීවිත බිලිගනිමින් කළ විපත තරමක් ප්‍රමාදවී හෝ ආරක්ෂක අංශවල මෙහෙයුමට කොටුවිය. විනාශකාරී දුෂ්ට අදහස් දැරූ පිරිසේ නායකයන්ගේ ජීවිත විනාශවූ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය. බුදුනට, දෙවියනට ගරු කරන රටට හිතැති සාමය අගයන ජනයා අද කියන්නේ කුමක්ද? ලංකා රක්ෂක දෙවියන් විසින් මේ සියලු දුෂ්ට අරමුණු රටට හෙළිකොට ඒ පිරිස කොටුකර දුන් බවයි. දෙවැනි වතාවට කරන්නට ගිය විපත ද විශ්මිත ලෙස වැළකී ගියේය.  


විශේෂයෙන් දකුණේ දෙවිනුවර ප්‍රදේශයේ ජනතාව දෙවියන් අපේ මූණ බැලුවා. යන්තමින් රට රැකුණා. බුද්ධ ධර්මයට එරෙහි වන්නන්ට වැඩිකලක් ඉන්න බැහැ ආදී වදන් පවසනු ඉකුත් මාස කිහිපයේ අපට අසන්නට ලැබිණි. දාන මාන සෙත් පිරිත් ශීල සමාදාන වැඩසටහන් අවසානයේ කළගුණ දත් කෘතවේදී ජනතාව ලෝක පාලක, ශාසනාරක්ෂක පින් කැමති දෙවියනට ඒ පින අනුමෝදන් කරති. සසුන රැකෙන්නේද දේවාශිර්වාද ලැබෙන්නේද ශීලවන්ත ගුණවන්ත ගිහි පැවිදි දෙපිරිසේ යහපත් ක්‍රියාකාරකම් මතය.  
ත්‍යාගශීලීත්වයෙන්ද අනුනට නොයෙක් අයුරින් සෙත සැලසීමෙන්ද ශීලයක් ආරක්ෂා කිරීමෙන්ද විශේෂයෙන් තෙරුවන් කෙරෙහි මහත්වූ ප්‍රසාදයෙන්ද දිරිගෙවූ මනුෂ්‍යයන් මරණින් මතු දේවාත්මලාභීහු බවට පත්වෙති.  


ඔවුහු යහපත් ජීවිත ගතකරන මනුෂ්‍යයන්ට සෙත සලසති. සසුන රකිති.  


රටට සෙත වැඩ සිදුවන්නේ උතුම් ගුණ ඇති මිනිසුන් වැඩිවූ තරමටය. ආරක්ෂක අංශවලටත් දෙවියන්ටත් ජනතාව පින් දෙති.  

 


(දෙවිනුවර පිළිබඳ ඔබ මින් පෙර නොඇසූ කතා ඉදිරියේදී කියවමු)  


දෙවිනුවර දම්සිරි කරුණානායක   

 



අදහස් (0)

බුදුපිළිම වැනසූ ත්‍රස්ත කල්ලිය කොටුකර දුන්නේ ලංකා රක්ෂක දෙවියන්ද?

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 21 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 16 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 95 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 109 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 80 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site