IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මැදිවියේ සිටි දුටුගැමුණු රජු හදිසියේ මියගියේ නාග විෂකින්ද?

ලංකා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨ ආගමික හා යුද වීරයා වන්නේ දුටුගැමුණු රජුය. (ක්‍රි.පූ. 161-137) මහා වංශයේ වීරයා ඔහුය. මහා වංශයේ හා ථූප වංශයේ ගැමුණු රජු ගැන දීර්ඝ විස්තර එයි. එහෙත් දීප වංශයේ ඔහු ගැන විස්තර ඉතා කෙටිය. කාම්​ෙබා්ජ මහා වංශයේ ගැමුණු රජු ගැන අපේ මහා වංශයටත් වඩා තොරතුරු එයි. 
  
වංශකතා අනුව ළමාවිය අග එළාර රජු හා සටනට තම පියා වූ කාවන්තිස්ස රජුගෙන් අවසර ඉල්ලා ඒ අවසර නොලද විට පියාට ස්ත්‍රී ඇඳුම් යවා අකීකරුව කොත්මලේ කොටඟේපිටියට පලාගොස් අවුරුදු දොළහක් “ගුත්තා” නමින් වෙස්වළාගෙන එහි ඌරුපැලැස්සේ ගමගෙදර වාසය කළේය. ගැමුණු රජු ගැන කොත්මලේ එන ජනප්‍රවාද දඹදෙණි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1236-1270) හා එක සමානය. ගැමුණු කුමරු ‘අප්පුවා’ නමින් වෙස්වළාගෙන සිරිමල් එතනා සමග පෙමෙන් වෙළෙයි.   


කාවන්තිස්ස රජු මියගිය පසු ගැමුණු කුමරු සොයා කොත්මලේ පුසුල්පිටියට එන පෙරහර ගැමුණු කුමරු ළඟ ඇතා දණ ගසයි. වෙස් වළාගෙන සිටි ගුත්තා රන්මැණිකා කැටුව මාගම ගොස් රජ වූ බව ජනකතා, ජනකවිවල එයි. පළමුව ගැමුණු රජු තම රාජ්‍ය අයිතියට විරුද්ධව නැගී සිටියි. සහෝදර තිස්ස කුමරු පරදවා කුඹුරු කරවීමට දීඝවාපියට යවයි. 

 
ඉන්පසු මහියංගණය සිට මහවැලි ගඟ දිගේ දෙමළ බළකොටු තිස් දෙකක් බිඳිමින් අනුරාධපුර බලා යයි. ජනකතා අනුව කොත්මලේ ගැමුණු කුමරු හෝ ඔහුගේ ආධාරක සේනාවක් කටුගස්තොට තලවින්න හරහා මහියංගණයට ගොස් ඇත. මේ වනවිට ගැමුණු කුමරු තරුණ වියේ සිටි අතර එළාර මැදිවිය පසුකර මහලු විය ළංවූ අයෙකු විය. ගැමුණු කුමරු අතින් ද්වන්ද සටනකදී එළාර පැරදී මැරුම් කෑවේය. මහාවංශය අනුව එළාරගේ රාජ්‍ය කාලය අවුරුදු හතළිහක් විය.   


ජනප්‍රවාද අනුව කොත්මලේ දී කුමරු පාවාගත් ගැමි තරුණිය රන්මැණිකා ය. කොත්මලේ තවත් ගම්වල ඇය ‘සිරිමල්එතනා’ යනුවෙන් හඳුන්වයි. ඒ බව කොස්සගම ලෙන් ලිපියක ‘රමණීබරිය’ යනුවෙන් හඳුන්වන බිසව ගැමුණු රජුගේ රම්මැණිකා යන නාමයට කිට්ටු ස්වරූපයක් ගනියි. පියංගල ලෙන්ලිපිය අනුව ගැමුණු රජුගේ බිසවක් ‘රාජිතා’ නම් වෙයි. සාලිය කුමරුගේ මව රජුගේ තවත් බිසවකි. පියංගල ලෙන්ලිපි අනුව රජුට දියණියක් සිටි බව කියයි.   


එළාර පැරදවීම, ලංකාව පළමුවරට එක්සේසත් කිරීම, මිරිසවැටිය බැඳවීම, ලෝවාමහාපාය කරවීම, රුවන්වැලි සෑය කරවීම ගැමුණු රජුගේ ප්‍රධාන කාර්යයන් කීපයකි. වංශකතා අනුව ඔහු ආගමික වීරයෙකි. එහෙත් රුවන්වැලි සෑයේ වැඩ නිම කිරීමට පෙර රජු හදිසියේ රෝගාතුර විය. මරණාසන්නව සිටි රජුට පෙනෙන පරිදි රුවන්වැලි සෑයේ නොනිමි කොටස් සුදු රෙදිවලින් වසා ඒ නිමකළ අයුරින් පෙනෙන පරිදි තිස්ස කුමරු සකස් කළේය. රහත් හිමිවරු රජුට පිරිත් කීහ. ඒ අතරතුර රජුට ඇසෙන පරිදි රජු කළ පින් ඇතුළත් පින්පොත කියවා ඇත. ඒ අතරතුර රජු මියගියේය. 

 
වංශකතා අනුව ගැමුණු රජු මියනවිට අවුරුදු පනහක් පමණ වයසේ මැදිවියේ සිටි අයකු බව පෙනී යයි. ඔහුගේ මරණය නොසිතු පරිදි හදිසියේ සිදුවූවක් බව පෙනී යයි. මීට හේතු කිසිවක් වංශකතාවල ඇතුළත්ව නැත.   


ජනප්‍රවාද අනුව දුටුගැමුණු රජුගේ මරණයට හේතුව දරුණු නාග විෂකි. ජනප්‍රවාදවල මේ පිළිබඳ එන තොරතුරු අනුව රුවන්වැලිසෑය අසලදී එම දාගැබ වැඳීමට එන රූමත් නාග කන්‍යාවක් දැක රජු බලෙන් ඈ අල්ලා තම ආශා ඉටුකර ගනියි. මේ නාග කන්‍යාව නා ලොව ජයසේන නාරජුගේ බිසවක් බව සමහර කථාවල එයි.   


තවත් ජනකතා අනුව ඇය ජයසේන නාරජුගේ නැගණියකි. මේ නාග කන්‍යාවගේ අවුලට පසු ජයසේන නාරජු ගැමුණු රජු මරා දැමීමට කීපවරක් උත්සාහ කර ඇත. ජනප්‍රවාදවල ගැමුණු රජුට සිටි ප්‍රබලම විෂ වෛද්‍යවරු දෙදෙනකුගේ නම් කියවෙයි. ඉන් පළමුවැන්නා රාජ්‍ය වෛද්‍ය කපුරුනාථයි. දෙවැන්නා රාජ්‍ය වෛද්‍ය හත්බාට්ටීය.   


සමහර විට මේ නම් දෙකෙන්ම හඳුන්වන්නේ එක් අයෙකු විය හැක.  


කීපවරක් ජයසේන නාරජු ගැමුණු රජුට දෂ්ට කර ඇත. එහෙත් කපුරුනාථගේ ප්‍රතිකාරවලින් රජු සුවපත් විය. අන්තිමේ ජයසේන නාරජු මිනිස් වෙසක් මවාගෙන කපුරුනාථ හමුවී කතාබහකොට සර්ප විෂ මර්දනය කළ නොහැකි මාරක වේලාවල් නැකැත් මොනවාදැයි විමසා ඇත. කපුරුනාථ කී මාරක නැකැතකින් ජයසේන නාරජු ගැමුණු රජුට පළිගැනීමේ අදහසින් දෂ්ට කර ඇත. රාජ්‍ය වෛද්‍ය කපුරුනාථට ද ඔහු දෂ්ට කර ඇත. එහිදී කළ යුතු ප්‍රතිකාවලදී ගතයුතු ඖෂධ පැළෑටියටම අතු දිගු කර ගෙනම කපුරුනාථ මැරී වැටුණේය. නාග විෂ උග්‍රවූ රජු ඖෂධ වර්ග මවුකිරි ඇතුළත් බෙහෙත් ඔරුවක ලා ප්‍රතිකාර කළද සුවපත් කළ නොහැකිව එම සර්ප විෂෙන්ම මිය ගියේය.   


වංශ කතාවල රජුගේ මරණය ගැන කිසිවක් නොකියයි. මේ ජනප්‍රවාදවල එන තොරතුරුවල හරය සත්‍ය විය හැකි ය. මේ ජනප්‍රවාදවල එන අලංකාර හා එකතු කිරීම් බැහැර කළ විට දරුණු නාග විෂකින් රජු හදිසියේ මළ බව පෙනී යයි. ජනප්‍රවාදවල මේ හරය අලංකාර කරන එකතු කිරීම් තිබිය හැකිය.   


ගැමුණු රජු හදිසියේ මළ පසු තිස්ස කුමරු රජුගේ ආදාහන කටයුතු ඉතා ඉහළින් ඉටු කළේය. ගැමුණු රජුගේ මව වූ විහාර මහා දේවිය ගැමුණු රජුව මැදිවියේ තවම ජීවතුන් අතර සිටියාය. පාලි රසවාහිණී ග්‍රන්ථයේ තොරතුරු අනුව කාවන්තිස්ස රජු විහාරදේවිය පාවා ගන්නා විට ඇගේ වයස අවුරුදු දොළහක් විය. ඇය කාවන්තිස්ස රජුට වඩා පරම්පරාවකින් පමණ ළාබාල වූවාය. 

 
ගැමුණු රජුගේ හදිසි මරණයෙන් පසු සිත කලකිරුණු විහාරමහාදේවිය දැඩි ලෙස සිත කලකිරී පැවිදි වූ බව පෙනෙයි. යාල කොටාදැමුහෙළ ලෙන්ලිපි දහහතරක හා මිහින්තලේ ලෙන්ලිපි දෙකක ‘අභිසවෙර’ නම් මෙහෙණියක් ලෙන් පිදූ බව කියයි. මේ ලෙන් ලිපිවල එන අභිසවෙර යනු විහාරමහාදේවිය බව මහාචාර්ය පරණවිතාන පෙන්වා දෙයි.   

 

 


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන   



අදහස් (0)

මැදිවියේ සිටි දුටුගැමුණු රජු හදිසියේ මියගියේ නාග විෂකින්ද?

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 107 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 80 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 47 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site