IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මැරෙන තුරුම ‘කොල්ලෙක් වූ’ අඩනිරුවත් සඟරාවේ අයිතිකාරයා

ලිංගිකත්වය ඉස්මතු කරමින් පුරුෂ පක්ෂය උදෙසා ප‍්‍රකාශයට පත් කෙරුනු සුප‍්‍රකට ‘ප්ලේබෝයි’ සඟරාවේ නිර්මාතෘවරයා වූ හියු හෙෆ්නර් පසුගිය 27 දා මිය ගියේය. 91 වැනි වියේ පසු වූ ඔහු මිය ගියේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ‘ප්ලේබෝයි මැන්ෂන්’ නමින් හැඳින් වුණු සිය නිවෙසේදීය. ඔහුගේ මරණය ස්වභාවික හේතූන් මත සිදු වූවක් වන අතර සිය ජීවිත කාලය පුරාම ඔහු ගත කරනු ලැබුවේ වචනයේ පරිසමාප්තයෙන්ම ප්ලේබෝයි කෙනකු නොහොත් සෙල්ලක්කාර තරුණයකුගේ ජීවිතයකි. 

හියු හෙෆ්නර් චිකාගෝ නුවරදී 1953දී ප්ලේබෝයි නමින් සඟරාවක් ආරම්භ කිරීමට කටයුතු කළේ ඇමෙරිකානු සංස්කෘතිය උඩුයටිකුරු කරමිනි. භාෂණයේ නිදහස උදෙසා නිතර කතා කළ හෙෆ්නර් තම මවගෙන් ණයට ගත් ඩොලර් 1000ක මුදලින් මිතුරන් කිහිපදෙනකු සමඟ ආරම්භ කළ ප්ලේබෝයි සඟරාවේ මුඛ්‍ය අරමුණ වූයේ පාඨකයන් සඳහා නිරුවත් ඡායාරූප ඉදිරිපත් කිරීම හා එමගින් පාඨක, විචාරක, වාරණ සාමාජිකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කිරීමය. එය ඇමෙරිකානු ලිංගික සංස්කෘතියේ විප්ලවයක් ඇති කළ සඟරාවක් බවට පත් විය. 


සුරූපිනියන්ගේ කාමුක ඡායාරූපවලට අමතරව ආතර් සී. ක්ලාක්, ඉයන් ෆ්ලේමිං, ව්ලැදිමිර් නබකොව්, සාවුල් බෙලෝ, චක් පැලැනියුක්, හරූකි මුරකාමි, මාග‍්‍රට් ඇට්වුඩ්, රෝල් ඩාල් වැනි ලෝක ප‍්‍රකට සාහිත්‍යධරයන්ගේ කෙටි කතා මෙන්ම හාවි කුට්ස්මන්, ජැක් කෝල්, එල්ඩන් ඩෙඩිනි, ජූල්ස් ෆිෆර්, ෂෙල් සිල්වර්සටයින්, රෝලන්ඩ් බී. විල්සන් වැනි ලෝක ප‍්‍රකට කාටූන් ශිල්පීන්ගේ කාටුන්වලින් ද සැරසීමට හෙෆ්නර් පියවර ගත්තේය. එය කලාකරුවන්, ක්‍රීඩකයන්, සංගීතඥයන්, ආර්ථික විද්‍යාඥයන්, චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්, මාධ්‍යවේදීන්, නවකතාකරුවන්, නාට්‍යවේදීන් දේශපාලනඥයන්, ආගමික නායකයන් වැනි සමාජයේ ප‍්‍රකට පුද්ගලයන්ගේ සම්මුඛ සාකච්ඡා හා තොරතුරු වලින්ද සමන්විත වූ හෙයින් ඇමෙරිකාවේ වැඩියෙන්ම අලෙවි ​ෙවන සඟරාවක් බවට පත් වීමට වැඩි කලක් ගත නොවීය. ප්ලේබෝයි සඟරාව නිදහස් මතවාදයක් ප‍්‍රකට කළේය. 

 

 

1950 පමණ කාලයේ හියු හෙෆ්නර් ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය ලබා ‘එස්කොයා’ සඟරාවේ ලේඛකයකු වශයෙන් කටයුතු කළේය. 1953දී ඔහු තමාගේම සඟරාවක් ආරම්භ කිරීමට පියවර ගත් අතර එය ‘ප්ලේබෝයි’ නම් විය. පළමු කලාපයේ මැද පිටු සැරසුණේ මැරලින් මොන්රෝගේ නිරුවත් ඡායාරූප වලිනි. කලකට ඉහත මැරලින් මොන්රෝ දින දර්ශන පෙළක් සඳහා පෙනී සිටි එම ඡායාරූප හෙෆ්නර් ඩොලර් 500ක මිලක් ගෙවා තමා සතු කර ගත්තේය. ප්ලේබෝයි සඟරාවේ පළමු කලාපය එම ඡායාරූප වලින් සැරසුණු අතර සඟරාව උණුකැවුම් මෙන් අලෙවි වූයේය. එහි මිල ඩොලර් සත 50ක් විය. දින කිහිපයක් තුළ සඟරාවේ පිටපත් 53,991ක් අලෙවි වී තිබිණි.. 


 1954 වසරේ සිට රේ බ‍්‍රැඩ්බරි නම් ලේඛකයාගේ ‘ෆැරන්හයිට් 451’ නමැති නවකතාව කොටස් වශයෙන් පළ කිරීමට හෙෆ්නර් පියවර ගත් අතර එය සඟරාවේ ජනප්‍රියත්වයට බෙහෙවින් ඉවහල් විය. දශක 7කට ආසන්න කාලයක් මුළුල්ලේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ පැවති ප්ලේබෝයි සඟරාවේ පිටපත් අලෙවි වූයේ ලක්ෂ ගණනිනි. එහි වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූයේ 1972 නොවැම්බර් කලාපයේය. ඉන් පිටපත් 7,161,561ක් අලෙවි වී තිබිණි. සෑම වයස් කාණ්ඩයකම පිරිමි පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය සඟරාවක් වූ ප්ලේබෝයි සඟරාව වැඩි වශයෙන් අලෙවි වූයේ උසස් විද්‍යාල සිසුන් අතරය. බ්රේල් ක‍්‍රමයෙන් මුද්‍රණය කෙරුණු පිරිමින් සඳහා වූ පළමු සඟරාව වූයේද ප්ලේබෝයි සඟරාවය. මේ වන විට එය රටවල් 20ක පමණ මුද්‍රණය කෙරෙන අතර වසරකට පිටපත් බිලියනයකට අධික ප‍්‍රමාණයක් අලෙවි කෙරේ. 


ප්ලේබෝයි සඟරාවේ ලාංඡනය වූයේ බෝ කරපටියක් පැළඳි හාවකුගේ රුවකි. එවැනි රුවක් තම ලාංඡනය වශයෙන් තෝරා ගැනුණේ එහි ඇති හාස්‍යජනක ලිංගික අරුත හේතුවෙන් යැයි හෙෆ්නර් කියා තිබිණි. හාවා යනු දඟකාර සෙල්ලක්කාරයන් සඳහා වන සංකේතයකි. 


‘‘මම ලිංගික සංස්කෘතිය කෙරෙහි තිබූ වැරදි ආකල්ප වෙනස් කර දැමුවා. මිනිසුන්ට දැන් සතුටින් ජීවත් විය හැකියි. විවාහයට පෙර ලිංගිකව ඇසුරු කිරීම පිළිකුල් සහගත ක්‍රියාවක්ය යන සිතිවිල්ල මා නැති කර දැමුවා’’යි 1992 නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් හෙෆ්නර් කියා තිබිණි. 


මෙතෝදිස්ත මාපියන්ට දාව 1926 දී හියු හෙෆ්නර් උපන්නේ චිකාගෝවේදීය. දෙවැනි ලෝක යුද සමයේ ඇමෙරිකානු එක්සත් ජනපද හමුදාවේ සේවය කළ ධහු තමාගේම සඟරාවක් ආරම්භ කිරීමේ සිහිනයක පසු විය. එතෙක් පැවැති සඟරා ආකෘතියෙන් මිදී ලිංගිකත්වය විදහාපාන විවාදාත්මක සඟරාවක් ආරම්භ කිරීමට ඔහුට හැකි විය. පසු කාලයේ ඔහු මුද්‍රිත මාධ්‍ය මෙන්ම සිනමාව, සුවඳවිලවුන්, රෙදිපිළි, ස්වර්ණාභරණ වැනි ව්‍යාපාර වෙතද යොමු විය. 


1960 දී ඔහු සමාජශාලා රැසක් ආරම්භ කළේය. ඒවායේ සේවය කළ වේටර්වරියන් සඳහා ඔහු අපූරු ඇඳුමක් නිර්මාණය කළේය. එම ඇඳුම ‘බනි ඉයර්ස්’ හා ‘කොට්න් ටේල්’ නමින් හැඳින්වුණු ‘හා කන්’ යුගලයකින් සහ ‘හා වලිගයකින්’ සමන්විත විය. ඔහුගේ ප්ලේබෝයි සමාජශාලා සංස්කෘතිය වෙත විශාල පිරිසක් ආකර්ෂණය වූයේය. එහිදී සාමාන්‍ය පුද්ගලයන්ට වුව කිසියම් මිලක් ගෙවා බනී කෙල්ලන් සමඟ සමීප සබඳතාවක් ගොඩ නගා ගැනීමට අවසර ලැබිණි. 2008 වසරේ ප්ලේබෝයි මැන්ෂන්හි දී සුප‍්‍රකට නළු බිල් ක්‍රොස්බි මත්ද්‍රව්‍ය ලබා දී තමා දූෂණය කළ බවට බනී කෙල්ලක වූ කෝල් ගොයින්ස් 2014දී නඩු පැවරීම හේතුවෙන් ප්ලේබෝයි මැන්ෂන්හි අභ්‍යන්තර සිදුවීම් කරළියට පැමිණියේය. 


ඇතැමුන් හෙෆ්නර් හඳුන්වා ඇත්තේ අශ්ලීල සල්ලාලයකු ලෙසිනි. මිය යන තෙක්ම ඔහු ගත කළේ ශෘංගාරාත්මක ජීවිතයකි. නිතර තමාගේ වයසට වඩා තුන් හතර ගුණයකින් බාල රූමතියන් පිරිවරා සිටින්නට ඔහු ප්‍රිය කළේය. ‘ප්ලේ මේට්ස්’ නමින් හැඳින්වුණු එම සුරූපිනියෝ ඔහු සතුටු කිරීමට අමතරව සඟරාවේ නිරූපිකාවන් ලෙසින්ද කටයුතු කළහ. බොහෝ නිරූපිකාවෝ වාසය කළේ ඔහු ජීවත් වූ ප්ලේබෝයි මැන්ෂෙන්හිය. තමා නිරූපිකාවන් 1000කට අධික පිරිසක් සමඟ සබඳතා පැවැත්වූ බැව් හෙෆ්නර් වරක් කියා තිබිණි. 

 

 

1949දී හෙෆ්නර්ගේ පළමු විවාහය සිදු වූයේ මිල්ඩ‍්‍රඩ් විලියම්ස් සමඟිනි. එම විවාහය දසවසරකින් අවසන් වන විට ඔහු දරු දෙදෙනකුගේ පියකු විය. ඔහුගේ දෙවැනි විවාහය සිදු වූයේ ‘ප්ලේමේට්වරියක’ වශයෙන් එම මන්දිරයේ ජීවත් වූ කිම්බර්ලි කොන්ඩ‍්‍රඩ් සමඟිනි. ඇය ඔහුට වඩා වසර 36කින් බාල වූවාය. එම විවාහය ද දික්කසාදයකින් අවසන් කෙරුණු අතර එම විවාහයෙන්ද ඔහුට දරුවන් දෙදෙනකු සිටී. ඔහුගේ තෙවැනි බිරිය වූයේ ඇමෙරිකානු නිරූපිකාවක වූ ක්‍රිස්ටල් හැරිස්ය. හෙෆ්නර් මිය යන තෙක්ම ඇය ඔහුගේ බිරිය වූවාය. 2012 ඇය හෙෆ්නර් සමඟ විවාහ වන විට ඔහුට වඩා වසර 60 කින් බාල යුවතියක වූවාය. 


විවාහකයකු වුවද ඔහු වෙනත් අඟනුන් ඇසුර කිසි දිනක අත් නොහැරියේය. විවාහ නොවී ඔහු හා එකට ජීවත් වූ ගැහැනුන් රැසකට වන්දි ගෙවීමට විවිධ අවස්ථාවල හෙෆ්නර්ට සිදු විය. ඩොනා මිෂෙල්, මැරලින් කෝල්, ලිලියන් මියුලර්, ෂනන් ට්වීඩ්, බාබි බෙන්ටන්, කැරන් ක්‍රිස්ට්, සැන්ඩ‍්‍රා තියඩෝර් වැනි අඟනුන් සමඟ ඔහුගේ සමීප ඇසුරක් පැවැති අතර එවැනි සමීප ඇසුරක් පැවැත්වූ කැරී ලේ ඔහුගෙන් වන්දි වශයෙන් ඩොලර් මිලියන 35 ඉල්ලා 1971දී නඩුවක් ද පැවරුවාය. වරක් ඔහු එකම පවුලේ සොහොයුරියන් දෙදෙනකු සමඟ එකවර සබඳතා පැවැත්වීය. 
හියු හෙෆ්නර් නිරෝගී පුද්ගලයකු විය. සිය ජීවිත කාලය තුළ ඔහු රෝගයකින් පෙළුණි නම් ඒ 1985දී වැළඳුණු එතරම් තදබල නොවන හෘදයාබාධයකින් පමණකැයි ඔහුගේ මිතුරෝ පවසති. රෝගය සුවවීමෙන් පසු ඔහු එතෙක් පවත්වාගෙන ගිය නොහික්මුණු ජීවන රටාව හා රාත්‍රි කාලයේ නොකඩා පවත්වන ලද සාද යම් පමණකට සීමා කළේය. 1988දී ප්ලේබෝයි සඟරාවේ මෙහෙයුම් කටයුතු සිය දියණියක වූ ක්‍රිස්ට් වෙත පවරන ලදී. 


තමා සතුව තවත් මන්දිර ඇති බැවින් 2016 ජනවාරියේ තම ප‍්‍රාණ භුක්තිය තබා ගනිමින් ප්ලේබෝයි මැන්ෂන් මන්දිරය ඩොලර් මිලියන 200කට අලෙවි කිරීමට හෙෆ්නර් කටයුතු කළේය. 


දේශපාලනමය වශයෙන් මැදිහත් පුද්ගලයකු වූ හෙෆ්නර් ඩිමොක‍්‍රටික් පක්ෂයට මෙන්ම රිබප්ලිකන් පක්ෂයට ද විශාල වශයෙන් ආධාර කළේය. 2012දී ඔහු බැරැක් ඔබාමාගේ දෙවැනි ජනාධිපති ව්‍යාපාරයට සහය දුන්නේය. විවිධ සමාජසේවා කටයුතු සඳහා ද ඔහු විශාල වශයෙන් දායකත්වයක් සැපයීය. 


2015 වසරේ සිට තම සඟරාවේ පූර්ණ නිරුවත් ඡායාරූප පළ නොකිරීමට හෙෆ්නර් තීන්දු කළේය. එහෙත් පාඨක ප‍්‍රතිචාරවලට සවන් දීමට සිදු වූ බැවින් 2017 යළි එවැනි ඡායාරූප පළ කිරීමට ඔහුට සිදු විය. 


ඔහු කිසි දිනෙක මැරලින් මොන්රෝ ඇසුරු කර නොමැති වුවද ඇයට සිතින් පෙම්බැන්දේය. ජීවත් වන කාලයේ ඇය හමුවන්නට අවස්ථාවක් නොලද හෙෆ්නර් තම මරණින් පසුව හෝ ඇය අසලින් සැතපෙන්නට ප්‍රිය කළ හෙයින් 1992දී ඇයගේ සොහොනට යාබද බිම්කඩ ඩොලර් 75,000කට මිලට ගත්තේය. මරණින් පසු ලොස් ඇන්ජලීස් නුවර වෙස්ට්වුඩ් අනුස්මරණ උද්‍යානයේ ඇති මැරලින් මොන්රෝගේ සොහොනට යාබදව තමා මිහිදන් කරන මෙන් ඔහු සිය අවසන් කැමැත්තෙන් ඉල්ලා තිබිණි. මරණින් පසු ඇය හා ප්‍රේමාන්විතව ගත කිරීම තම අරමුණ යැයි ඔහු පවසා තිබිණි. 

 

 

1953 සිට හෙෆ්නර් ප්ලේබෝයි සඟරාවේ ප‍්‍රධාන කතුවරයා ලෙස ද ප්ලේබෝයි එන්ටප‍්‍රයිසස් සමාගමේ ප‍්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය. ඔහුගෙන් පසු ප්ලේබෝයි සඟරාවේ පරිපාලනය පැවරෙනුයේ සිය බාල පුත‍්‍රයා වන කූපර් හෙෆ්නර් වෙතය. 


හෙෆ්නර් බොහෝ විවේචනවලට ලක් වූ පුද්ගලයකු විය. එහෙත් විවේචනයට බිය නොවූ ඔහු තමන්ට හරි යැයි හැඟුණ දේ කළේය. මිය යන තෙක්ම අනංගයකු ලෙස ජීවත් වූ ඔහු දිවියෙන් සමුගත්තේද සුරඟන යහනක නිදමින් සිටින විටකය. ඔහුගේ මරණය ඔහුට පෙම් කළ බොහෝ ගැහැනුන් හඬවන්නට සමත් විය. කලකට ඉහත ප්ලේබෝයි සඟරාවේ නිරූපිකාවක වූ කිම් කර්ඩාෂියන් වෙස්ට් තම ශෝකය පළ කරමින් මෙලෙස සඳහන් කර තිබුණාය.

‘‘පුරාවෘත්තයක් බඳු හියු හෙෆ්නර් ඔබ සමාදානයේ සැතපේවා. ප්ලේබෝයි කණ්ඩායමේ සාමාජිකාවක වීම මට මහත් ගෞරවයක්. ඔබ සැමදා මගේ මතකයේ රැඳේවි. හියු ඔබට අප ආදරෙයි.’’ 

 

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



අදහස් (0)

මැරෙන තුරුම ‘කොල්ලෙක් වූ’ අඩනිරුවත් සඟරාවේ අයිතිකාරයා

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 102 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 33 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 73 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 57 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 38 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 45 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 85 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site