පෙර භවයේ ප්‍රබල සාක්කි
සිඟිති පුතාට වයස අවුරුදු දෙකකි. මහත් හඬ නඟමින් නිවස ඉහළින් ගුවන් යානයක් පියාසර කළේය. වහා මිදුලට දුව ගිය දරුවා මව ඇමතීය.
‘‘අම්මයි මමයි ගියෙත් ඒ වගේ එකකින්’’ යයි දරුවා ප්‍රකාශ කළේය. පුත්‍රයාගේ එම ප්‍රකාශය පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළ මව එය දරුවාගේ සුරංගනා කතාවක් විය හැකියයි සිතුවාය. සති කීපයක් ගතවිණි. නැවත දිනෙක ගුවන් යානයක් දුටු දරුවා එදිනද මව අමතා ‘‘අම්මයි මමයි ගියේ ඔය වගේ එකකින් තමයි’’ යයි කීවේය.
පුත්‍රයාගේ එම ප්‍රකාශය මවට ප්‍රහේළිකාවක් විය. එම දරුවා එසේ කියන්නේ ඇයිදැයි විමසීමට මවට සිතුණි.
‘‘ඔයා ප්ලේන් එකක ගියේ නෑනෙ. අම්මත් එක්ක ගියේ කොහේද?’’ යැයි ප්‍රශ්න කළාය. දරුවා එයට දුන් පිළිතුර වූයේ,
‘‘ඇයි අම්මට මතක නැද්ද අම්මයි මමයි ප්ලේන් එකේ ගියේ’’ යනුවෙන් මවගෙන් ප්‍රශ්නයක්ද අසමිනි. කිසි දිනෙක ගුවන් යානයකින් නොගිය තම පුත්‍රයා කරනු ලබන මෙම ප්‍රකාශය මවට ගැටලුවක් වී තිබිණි. මාස කීපයක් ගතවන විට දරුවාගේ ගුවන් යානාව පිළිබඳ ප්‍රකාශය අඩුවී ගියේය. එහෙත් ඔහු වෙනත් ජීවිතයක තොරතුරු අනාවරණය කරන්නට විය.
මෙම දරුවා උපත ලබා තිබුණේ උඩවලව ප්‍රදේශයේදී 1993 වසරේදීය. ඔහු ප්‍රකාශ කළේ සර්පයකු දෂ්ඨ කිරීමක් පිළිබඳවය. පෙර භවයේදී භික්ෂුන් වහන්සේ නමක ලෙස සිටි බවත් මෙම දරුවාට මතක තිබිණි. පෙර භවයේ දී සොහොයුරන් කීප දෙනෙක් සිටි බවත් කොළඹ ප්‍රදේශයේ පන්සලක සිටි බවත් ඔහු ප්‍රකාශ කළේය. ඔහු හෙළිකළ තොරතුරු පිළිබඳව අප පර්ෙය්ෂණ පවත්වන විට එම දරුවාට වයස අවුරුදු හයක් පමණ වී තිබිණි.
පෙර භවය පිළිබඳව ඔහු අනාවරණය කළ තොරතුරු තරමක අපැහැදිලි බවක් දක්නට ලැබිණි. එහෙත් ඔහු කුඩා කල දී හෙළි කළ ගුවන්යානාවේ ගමන් ගත් සිදුවීම අතිශය පුදුම උපදවන සුලුවිය. ඒ බැව් හෙළි වූයේ මව සමග කරන ලද සාකච්ඡාවේදීය. දිනේෂ් නම් එම දරුවාගේ මව සමග සිදු කළ සාකච්ඡාව ඒ අයුරින්ම මෙසේය.
ප්‍රශ්නය - ඔබේ දරුවා පෙරභවයක තොරතුරු හෙළි කිරීම ආරම්භ කළේ වයස අවුරුදු කීයේ සිටද?
පිළිතුර - වයස අවුරුදු දෙකේ පමණ සිට
ප්‍රශ්නය - පෙර භව ජීවිතය ගැන ප්‍රකාශ කළේ කෙසේද?
පිළිතුර - සර්පයෙන් දෂ්ඨ කළ බවත් කීවා. එයා මහණ වී සිටි බවකුත් කිව්වා.
ප්‍රශ්නය - මහණ වී සිටි පන්සලක් ගැනත් කීවාද?
පිළිතුර - හෝමාගම ප්‍රදේශයේ සිටි බවක් හෙළි කළා.
ප්‍රශ්නය - පවුලේ තොරතුරු කීවාද?
පිළිතුර - සහෝදරයින් කීප දෙනෙක් සිටි බවත් මතක තිබුණා
ප්‍රශ්නය - ඔහු කළ වෙනත් ප්‍රකාශ මොනවාද?
පිළිතුර - එයා මුලින්ම ප්ලේන් එකක් ගැන පුදුම කතාවක් කළා.
ප්‍රශ්නය - ඒ කුමක්ද?
පිළිතුර - දවසක් ප්ලේන් එකක් යනවා දැකලා අම්මයි මමයි ගිය ප්ලේන් එකත් ඒ වගේ යැයි කීවා.
ප්‍රශ්නය - ඔබල ප්ලේන් එකක ගිහින් තියෙනවද?
පිළිතුර - දරුවත් එක්ක මම ගිහින් නෑ
ප්‍රශ්නය - ඔබ පමණක් ගිහින් තියෙනවද?
පිළිතුර - ඔව්
ප්‍රශ්නය - කොහේද ගියේ?
පිළිතුර - මම මැදපෙරදිග රැකියාවකට ගියා. ගිහින් මාස කීපයකින් ආපසු ආවා.
ප්‍රශ්නය - ඒ බැව් දරුවා දැනගෙන සිටියාද?
පිළිතුරු - නෑ. එතකොට දරුව ලැබිලත් නෑ මම රට යන කොට දරුවා පිළිසිඳ ගැනීම සිදු වී තිබුණ. ඒ බැව් නොසලකා මම රට ගියා. මාස කීපයකට පසුව මම ආපසු ආවා.
ප්‍රශ්නය - ඔබ ගුවන් යානයෙන් ආපසු එනවිට දරු ගැබට මාස කීයක් ඇතිද?
පිළිතුර - මාස හයක් විතර ඇති දරුවා ලැබුණේ ලංකාවට පැමිණි පසුවයි.
මෙසේ මව අප සමග එදා අනාවරණය කළාය. මව් කුස තුළ සිටියදී ඔබ සමග ගුවන් යානයේ ගමන් කළ බැව් දරුවා මගින් හෙළවීම මෙම පුනර්භව සාධකයේ අතිවිශේෂ සිදුවීමක් ලෙස පර්ෙය්ෂණ අතරට එක්විය.
මේ අයුරින් මව්කුස තුළ සිටියදී මව මුහුණ දුන් සිදුවීම් සහ මවගේ ඇතැම් ක්‍රියාවන් අනාවරණය කළ දරුවන් කීප දෙනෙක්ම පෙර භවය හෙළි කළ දරුවන් අතර සිටිති. ඒ අතරින් මව් කුස සිටියදී මව සායන සඳහා ගිය රෝහල නිවැරදිව පැවසූ දරුවෙක්ද විය.
එම දරුවාගේ උපත සිදුවූයේ කුරුණෑගල රෝ්හලේදීය. බහ තෝරන වියට පැමිණි එම දරුවා ප්‍රකාශ කළේ ඔහුට මව හමුවූයේ රෝහලේදී බවය. මව හමුවුණේ කෙසේදැයි විමසූ සැම විටම එම දරුවා පැවසුවේ ‘‘අම්මා ඉස්පිරිතාලෙට ආවා’’ යනුවෙනි. ඒ පිළිබඳව මවගෙන් විමසූ විටදී දරුවා බිහිවීමට සිටියදී ඇය මාතෘ සායන සඳහා එම රෝහලට ගිය බැව් හෙළි කළාය. දරුවා බිහිවීමට සිටියදී මව ගිය රෝහල නිවැරදිව හෙළි කිරීමද මෙම පුනර්භව සාධකයේ ප්‍රබල සාක්කියක් විය.
පෙරභවය හෙළි කළ දරුවකු මගින් අනාවරණය වූ තවත් අතිශය පුදුම සිදුවීමක් ඉන්දියාවේ සිදුකළ පර්ෙය්ෂණයකදී හෙළිවී තිබේ. එය සිදුවී ඇත්තේ රිය අනතුරකින් මරණයට පත් වූ දැ රියක යළි උපත ලැබීමේ පුනර්භව සාධකයක් මගිනි. මියගිය දැරිය සිය සොහොයුරා සමග බයිසිකලයකින් මාර්ගයේ යනවිටදී මාර්ගයේ නවතා තිබූ ට්‍රක් රථයක ගැටිණි. ට්‍රක්රථයේ රියැදුරා එක්වරම එහි දොර විවෘත කිරීම මෙම අනතුරට හේතුව විය. බයිසිකලය ට්‍රක් රථ දොරේ වැදී වීසිවී ගියේය. එහි සිටි දැරිය ඇද වැටී සිදු වූ තුවාල නිසා මරණයට පත්විය. එම අනතුරෙන් මියගිය දැරිය හඳුන්වා තිබුණේ ‘‘ප්‍රභා’’ යන නමිනි.
හිස ප්‍රදේශය දරුණු ලෙස තුවාල සිදුවී තිබූ ඇය ඒ වන විට සිව් වැනි වියේ පසුවූවාය. ඇය මෙලොව අතහැර ගිය අනතුර සිදු වූයේ 1970 ඔක්තෝබර් මාසයේදීය.
මාස කීපයක් ගතවිණි. ප්‍රභාගේ මවට දරු පිළිසිඳ ගැනීමක් සිදුවිණි. එහෙත් ඇය ඒ සඳහා කැමැත්තක් නොදැක්වූවාය. සැමියා සමග සාකච්ඡා කළ ඇය දරු ගැබ ඉවත් කිරීමේ ගබ්සාවක් සිදු කළාය. දින කීපයක් ගතවිය. මියගිය දියණිය සිහිනයක් මගින් ඇයට දර්ශනය විය. ඇය මව වෙත පැමිණ ‘මට ඉන්නට ඉඩ දෙන්න’’ යැයි ප්‍රකාශ කළාය. සිහිනෙන් දුටු මියගිය දැරිය පිළිබඳව මව එතරම් අවධානයක් යොමු නොකළාය.
තවත් සති කීපයක් ගතවිණි. ඇය නැවතත් දරු පිළිසිඳ ගැනීමකට ලක්වූවාය. එවරද ඇය එම දරුගැබට කැමැත්තක් ෙනාදැක්වීම නිසා එවර ද ගබ්සාවක් සිදු කරගනු ලැබුවාය. ඉන් අනතුරුවද මවට නැවත දක්නට ලැබුණු සිහිනයක් වූයේ මියගිය දියණිය ඇය වෙත පැමිණ ‘‘මට ඉන්නට ඉඩ දෙන්න’’ යන ප්‍රකාශය කරන අයුරුය.
මේ අතරතුර ඇය තෙවැනි වරටත් දරු පිළිසිඳ ගැනීමට ලක්වූවාය. එවර එම දරුගැබ ආරක්ෂා කිරීමට මව තීරණය කළාය. එම දරුගැබට නියමිත කාල සීමාව ගතවී ඇය දරුවකු බිහිකළාය. ගැහැනු දරුවකු වන ඇය උපත ලැබුවේ පෙර භවයේ සිදුවූ අනතුරෙන් ලද තුවාල කැලැල් උපන් ලප ලෙසද ලැබීමෙනි.
මෙම දැරියගේ පුනර්භව සිදුවීම මවගේ ගබ්සාව නතර කරවා ඇගේ මව් කුසෙන් යළි ඉපදීමක් සිදුවූ අවස්ථාවක් ලෙස පර්ෙය්ෂණ අතරට එක්වී ඇත. මේ පිළිබඳව සිදුකළ පර්ෙය්ෂණය හින්දු ප්‍රකාශනයක් වූ Manohar Kahaniyan නම් සඟරාව මගින්ද 1978 ඔක්තෝබර් කලාපයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්ෙය්ෂණ ග්‍රන්ථයක (Abortion) හෙවත් ගබ්සාකිරීම් පුනර්භව සාධක අතර දක්නට ලැබූ සිදුවීමක් ලෙසද එය ඇතුළත් කර තිබේ.
මව් කුස තුළ සිටියදී මව මුහුණ දුන් සිදුවීමක් සම්බන්ධ තොරතුරු හෙළිකළ දරුවෙක් මීට වසර ගණනකට උඩදී කළුතර ප්‍රදේශයේ දී උපත ලැබීය. එම දරුවා උපතින් එක් අතක ඇඟිලි එකට බද්ධ වී ඇති අයුරින් පිහිටා තිබිණි. අර්ධ වශයෙන් ආබාධිත ලෙස තිබූ එම අත පිළිබඳව දරුවා කළ ප්‍රකාශය ද පුදුම උපදවනසුලු විය. ඔහු පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී එම අත පෙන්වමින් ඔහු කියා සිටියේ,
‘මම මේ අතින් බිත්තියට ගැහැව්වා’ යනුවෙනි. පාසල් ගුරුවරියක වූ දරුවාගේ මවට එම ප්‍රකාශය ඇදහිය නොහැකි ප්‍රකාශයක් වීය. එහිදී මවගෙන් අසන්නට ලැබුණු සිදුවීම දරුවාගේ ප්‍රකාශය හා දැඩි සබඳතාවක් දක්නට ලැබිණි. එනම් දරුවා බිහිවීමට මව් කුස තුළ සිටියදී මව දැඩි ලෙස ආරක්ෂාකාරීව සිටියාය. දරු ගැබට මාස පහක් පමණ ගතවිය.
දිනක් නිවසේ සිටි මව පය ලිස්සා නිවසේ බිත්තියක් අසල බිම වැටුණි. ඒ අවස්ථාවේ ඇගේ උදර ප්‍රදේශය බිත්තියේ වැදීම නිසා ඇය බිය පත් වූවාය. වෛද්‍යවරයකු හමුවූ ඇය දරුගැබ පරීක්ෂා කරවීය. කුස තුළ සිටින දරුවාට හෝ ඇයට කිසිදු හානිදායක තත්ත්වයක් සිදුවී නැතැයි වෛද්‍ය මතය විය.
මාස ගණන සම්පූර්ණ වී දරුවා ගේ උපත සිදු වූ අතර ඔහුගේ එක් අතක ඇඟිලි ආබාධිත තත්ත්වයට පත්ව සිටියේය. දකුණු අතේ ඇඟිලි නොවැඩි තිබීම එම ආබාධිත තත්ත්වයයි. බහතෝරන වියට පත් වූ දරුවා ප්‍රකාශ කළේ තම ආබාධිත අතින් බිත්තියකට පහරදුන් බවකි. එම දරුවා පිළිබඳව සිදු කළ පර්ෙය්ෂණයේදී මවගෙන් අනාවරණයවූ එම සිදුවීම පුනර්භව සාධකයක් මගින් කුස තුළ සිටි දරුවකුගෙන් හෙළි වූ ප්‍රබල සාක්කියක් ලෙස පර්ෙය්ෂණවලට ඇතුළත් වී තිබේ.
මව් කුස තුළ සිටියදී මව ගිය විහාරස්ථානයක් හෙළි කළ දරුවකුද මීට වසර කීපයකට උඩ දී කාසල් රෝහලේදී උපත ලබා තිබිණි. එම දරුවා බහ තෝරන වියේ සිට දැඩි ලෙස බුදු දහමට මහත් ඇලුම් කළ අයෙකි. එයා ඉතා කුඩා කල සිටම මල්, පහන් පූජා, කිරීමටත් බුදු පිළිමවලටත් ආශාවක් දැක්වීය. පෙරභවය හෙළි කළ එම දරුවා ප්‍රකාශ කළේ ඔහුට මව හමුවූයේ කැලණිය විහාරස්ථානයේදී බවය. ඒ පිළිබඳව සිදු කළ පර්ෙය්ෂණයේදී මවගෙන් හෙළි වූ තොරතුරු එම දරුවාගේ පුනර්භව සාධකයට ඉතා වැදගත් විය.
දරුවා බිහිවීමට සිටියදී මවට විහාරස්ථානවලට යෑමට බලවත් ආශාවක් ඇති වූ බැව් මව ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම කැළණි විහාරස්ථානයට ගිය බවත් ඒ වන විට දරු ගැබට මාස තුනක් පමණ වී සිටි බවත් ඇය අප සමග හෙළි කළාය. පෙර භවය හෙළි කළ එම දරුවා අනාවරණය කළ පරිදි මව කැලණි විහාරය වැඳ පුදා ගැනීම සඳහා ගිය ගමන දරුවා විසින් හෙළි කිරීම ප්‍රබල සාක්කියක් වීය.
මීට වසර ගණනකට උඩදී තායිලන්තයේ උපත ලද දැරියක් මගින්ද මව් කුස පිළිසිඳ ගැනීම සිදුවූ අවස්ථාවක් අනාවරණය කර තිබිණි. පුනර්භව පර්ෙය්ෂකයකු වූ ප්‍රැන්සිස් ස්ටෝරි විසින් සිදු කළ එම පර්ෙය්ෂණ ඔහුගේ Rebirth නම් ග්‍රන්ථයට ඇතුළත් කර තිබේ. 1963 වසරේදී උපත ලබා සිටි එම දැරිය ප්‍රකාශ කරනු ලැබුවේ පෙර භවයේදී චීන ජාතික කාන්තාවක් ලෙස ජීවත්ව සිටි බවය. ඇය හැඳින්වුණේ සම්රූත් යනුවෙනි.
එම දැරිය පෙරභවය හෙළි කිරීම ආරම්භ වූයේ වයස අවුරුදු හයේ දීය. දිනක් ඇගේ මව පුංචි දැරියට නිවස පිරිසිදු කරන ලෙස පැවසුවාය. එයින් කෝපයට පත් දැරිය ‘මට මගේ ගෙදරට යන්න ඕනෑ’’ යයි මවට එක්වරම පැවසුවාය. ඉන් අනතුරුව ඇය පදිංචිව සිටි ගම් ප්‍රදේශයත් පෙරභවයේ මවගේ නමත් හෙළිකළාය. එම තොරතුරු අනුව ඇයට පෙරභව නිවසට යෑමටත් නෑදැයින් හඳුනාගැනීමටත් අවස්ථාව ලැබිණි.
තායිලන්ත ජාතික දෙමාපියන් වුවත් ඇයට චීන භාෂාවේ වචන කීපයක්ද නිවැරදිව ප්‍රකාශ කිරීමට මතක තිබිණි. පෙර භවයේ සිට ඇය දැන් මව වෙත පැමිණියේ කෙසේදැයි දිනක් මව ඇගෙන් විමසීමක් කළාය. ඇය මව් කුසට පැමිණි අයුරු අනාවරණය කිරීම මෙම පුනර්භව සාධකයේ අතිශය වැදගත් කරුණක් විය. ඇය පිළිබඳව සිදු කළ පර්ෙය්ෂණය ඇතුළත් වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ
When Her Mother Asked Somroon How The Came To Be Born When She Was, She Replied ''You Don'T Know Anything About It of Course I came With You, You Took The Bus And A Boat and I Hung Onto Your Clothes, That's How I Came To You''
යනුවෙනි. මව සමග බස් රියකින් සහ බෝටුවකින් පැමිණීමෙන් පසු මව් කුසෙන් උපත ලැබී ඇති බැව් එම දරුවාගෙන් අනාවරණය වීය.
තිස්ස ජයවර්ධන
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මව් කුස සිටියදී ගිය ගුවන් ගමන හෙළිකරයි