මේෂ ලග්නයේ සංකේතය එළුවෙකුගේ රූපයයි. මධ්‍යම ප්‍රමාණයේ සිරුරක්ද හතරැස් මුහුණක්ද ඇති මේෂ ලග්න හිමියෝ බොහෝ දුරට නිරෝගීමත්ය, මඳක් ඉදිරියට නැමී ගමන් කරයි. මේෂ ලග්නය පුරුෂ රාශියක්ද, තේජෝ රාශියක්ද, උත්තර රාශියක්ද, වඳ රාශියක්ද, දිවා - රාත්‍රී සම රාශියක්ද චර රාශියක්ද වේ.
මේෂ ලග්න හිමියෝ යමක් කිරීමට සිතුවොත් එය කෙසේ හෝ කරයි. උනන්දුවෙන් හා උත්සාහයෙන් යුක්තය, නිර්භීතය. තරමක් ආඩම්බරය. ඔවුන්ට උසස් අදහස් ද ඇත. ඉවසීම අඩුය. එබැවින් රණ්ඩුවලට පැටලීමට කැමතිය. කොයි දේටත් ඉක්මන් වේ. ප්‍රශංසා ලැබීමට, ප්‍රසිද්ධියට කැමැති නිසා ඕනෑම අමාරු වැඩකට වුවද ඉදිරිපත් වෙයි. පටන් ගත් වැඩක් අතරමග නතර නොකරන අතර අවසානය දක්වාම උත්සාහය අත් නොහරී.
වැඩ කටයුතු අතපසු කිරීමට අකැමැති අතර කළ යුතු දේ එවේලේම කිරීමට සිතයි. කරන කියන හැම දෙයකින්ම ජය ගැනීමට කෙසේ හෝ උත්සාහ කරයි. කිසිවෙකුට යටත් වීමට කැමැති නැති අතර, අනුන් වෙනුවෙන් කැපකිරීමටද අකැමැතිය. හැමවිටම කැපී පෙනීමට, ප්‍රමුඛස්ථානය ගැනීමට තම බලය, ශක්තිය යොදයි.
නිතරම ආහාර අවශ්‍ය අතර ශරීර ශක්තිය ගැනද සැලකිලිමත් වෙයි. බාහිර අලංකාරයට, විනෝදයට කැමැති අතර පිරිසිදුකමද අගය කරයි. කාමාශාව අධික බැවින් විවාහ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ. ඔහුගේ හෝ ඇයගේ අදහස් ගැන සැලකිලිමත් වෙයි. තමාගේ දුර්වලකම් අන්‍යයන්ට නොපෙන්වන අතර ආත්ම වර්ණතාවට කැමැති බැවින් තමාගේ ගුණ කියන්නට ඉතා ලැදිවේ. මේෂ ලග්නකරුවන් යුක්තිගරුක අය වන අතර කෙළෙහිගුණ සළකන්නෙක්ද වෙයි. ඔවුන් හැමවිටම තමා ගැන විශ්වාසය තබයි.
හිසේ අමාරු, මොළයේ ආබාධ, ලේ දෝෂයෙන් සෑදෙන සමේ රෝග, නින්ද නොයාම කැක්කුම් ගෙන දෙන රෝග පහසුවෙන් වැළඳේ.
මේෂ ලග්න හිමි කේන්ද්‍රයක ලග්නභාවයේ හෙවත් පළමු වැනි කොටුවේ රවි පිහිටීම ශරීර ශක්තිය, නිරෝගී බව, කීර්තිය උදාර සිතුවිලි ජන්මියාට ලබාදෙයි.
අප්‍රේල් හෝ මැයි මාසයේ උදෑසන උපත ලද අයෙකුට මෙම පිහිටීම ඇති වේ. සඳු ලග්නගත වී සුබ දෘෂ්ටි ලදොත් යහපත් වන අතර පාපී ග්‍රහ දෘෂ්ටි ලැබීම ඉක්මන් කෝපයට හා පහත් ක්‍රියා කිරීමට හේතු වෙයි.
කුජ ලග්නගත වීමෙන් රුචක යෝගයද යෙදී ජන්මියා ප්‍රතාපවත් අයෙකු බවට පත් වෙයි. බුද ලග්නයේ නම් ඉගෙනීමට දක්‍ෂ වන අතර පුළුල් දැනුමක් ඇති අයෙකු බවට පත් වේ. ගුරු ලග්නගත වීම මේෂ ලග්න හිමියන්ට කදිම පිහිටීමකි. එමඟින් ජන්මියා ප්‍රසන්න පෙනුමැති, ආගමට ලැදි, සමාජයෙන් ගරු බුහුමන් ලබන, හොඳ අවබෝධ ශක්තියක් ඇති, පවුලට ළැදි, උගත්, ශ්‍රේෂ්ඨ අයෙකු බවට පත් වේ.
මේෂ ලග්න හිමියන්ගේ ලග්නයේ සිකුරු පිහිටා සුබයින්ට පෙනේනම් හොඳ ආදරවන්තයකු හෝ ආදරවන්තියක මේ ලග්නගත සිකුරු නිර්මාණශීලී කලාකාමීන් බිහි කරයි.
සෙනසුරු ලග්නයේ නම් දුක දරාගෙන දියුණුවීමට පුළුවන. කේතු මේෂ ලග්නගතවීමෙන් බෝ වන රෝග, ලේ විෂවීමෙන් සෑදෙන රෝග සෑදිය හැකිය. මේෂ ලග්නයට රාහු සුබ ග්‍රාහියෙකු නොවේ.
භාරත භාෂ්කර් ශිරෝමණී
ගෞරව සම්මානලාභී ජ්‍යොතිර්වේදී
කපිල ඉන්දික ගුණදාස
මාලිබොඩ - දැරණියගල.
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මේෂ ලග්නයෙන් උපන් ඔබ ගැනයි, මේ