අප දන්නා පරිදි ජීවය පවතින එකම ග්‍රහයා පෘථිවියයි. පෘථිවියේ මහා වනාන්තර ඇත්තේ සියයට හයකටත් වඩා අඩු ප්‍රමාණයකි. ගොඩබිම ජීවීන්ගෙන් සහ ගහකොළවලින් හරි අඩකට පමණ නිවහන මේ වනාන්තරය. වසර මිලියන ගණනක් තිස්සේ දිනපතා මේ වනාන්තරවලට ආලෝකය, ජලය සහ පෝෂණය සමව හිමිවෙයි. රූස්ස ගස් මුදුන් තම තමන්ගේ නිවහන කරගත් පක්ෂීන්, ක්ෂීරපායීන්, කෘමීන් සහ උරගයන් බොහෝ දෙනෙකි.
පුංචි මකරා
ඔබ පුංචි උරගයකු නම්, ඔබ ඔබට ගැළපෙන රූස්ස ගසක් තෝරා ගත්තොත් එය ඔබේ ජීවිත කාලයටම ප්‍රමාණවත්ය. ජීවිත කාලය පුරාවට එම ගස ඔබේ නිවස වනු ඇත. තම නිවහන කර ගැනීමට ගසක් සොයන ඩ්‍රේකෝ කටුස්සෙකි. ඩ්‍රේකෝගේ යනු මකරා යන අර්ථයයි. කළු තිත් සහිත තද දුඹුරු අළු සහ සුදු පැහැති සිරුරක් හිමි ඩ්‍රේකෝගේ ප්‍රමාණය පැන්සලක් තරම්ය. ඩ්‍රේකෝගේ ප්‍රියතම ආහාරය කුහුඹුවන්ය. මේ කටුස්සා ‘ඩ්‍රේකෝ’ යන නමින් හැඳින්වෙන්නේ සුවිශේෂී හේතුවක් නිසාය. සුවිශේෂී හැකියාවක් නිසාය.
රූස්ස ගසක්
කුහුඹුවන් බහුලව ගැවසෙන රූස්ස ගසක් කෙරෙහි ඩ්‍රේකෝගේ අවධානය යොමු වෙයි. මේ එක් ගසක් ඔහුට ජීවත් වීමට ප්‍රමාණවත්ය. ආහාරය සඳහා කුහුඹුවන් බහුලය. ආරක්ෂාව පමණක් නොව හොඳින් හිරු එළිය ද මේ ගසට ලැබෙන නිසා උණුසුම අතින් ද අඩුවක් නැත. මේ ගස නිවහන කර ගැනීමට හැකි නම් කොතරම් අපූරුද? ඒත් ඊට බාධාවකි. මේ ගසට දැනටමත් හිමිකරුවෙකු සිටී. ඒ, ගසේ එක් අත්තක ඈතින් බලා සිටින තවත් ඩ්‍රේකෝ කටුස්සෙකි. මේ කටුස්සා ප්‍රමාණයෙන් විශාල පිරිමි සතෙකි. ගසේ හිමිකරු ඔහුය. අැතැම් මනුෂ්‍යයන් සේම ඩ්‍රේකෝ කටුස්සෝ ද බෙදා හදාගෙන ජීවත් වෙන්න කැමැත්තක් නොදක්වති.
අනතුරු
ඩ්‍රේකෝ කටුස්සන්ගේ තල්ල කහ පැහැතිය. දීප්තිමත් කහ පැහැති තල්ල කොඩියක් සේ කෙළින් කළ හැකිය. එය ඩ්‍රේකෝගේ අනතුරු අැඟවීමේ සංඥාවය. ප්‍රමාණයෙන් විශාල පිරිමි සතා කුඩා පිරිමි ඩ්‍රේකෝ කටුස්සාට අනතුරු අඟවයි. අනවසරයෙන් තමාගේ ගසට ගොඩ වූ කුඩා පිරිමි සතාට කිසිදු සමාවක් නොලැබෙන බව දන්වයි. ලොකු පිරිමි සතා අනතුරු අඟවා බලා සිටින්නේ ද නැත. ඔහු සටනට සැරැසෙයි.
සටන් කරනවාද ? පනිනවාද ?
ලොකු පිරිමි සතා කුඩා පිරිමි සතා වෙත කඩා පනී. ලොකු පිරිමි සතා සමඟ සටන් කළොත් දිනන්න ලැබෙන්නේ නැති බව කුඩා සතාට වැටහෙයි. ලොකු සතාගෙන් බේරී කුඩා සතා ගස දිගේ ඉහළට දිව යයි. ලොකු කටුස්සා පහළ සිට පසුපසින් පන්නයි. ගස මුදුනේ අත්තක් කෙළවරට කුඩා ඩ්‍රේකෝ ළඟා වෙයි. දැන් මොකද කරන්නේ? පලා යෑමට තැනක් නැත. කටුස්සා සිටින්නේ අඩි ගණනාවක් උසිනි. ඩ්‍රේකෝ කුඩා කටුස්සාට දැන් ඇත්තේ විකල්ප දෙකකි. එක්කෝ ආපසු හැරී ලොකු කටුස්සා සමඟ සටන් කළ යුතුය. නැතිනම් ගස මුදුනේ සිට පහළට පැනීම කළ යුතුය.
පියසැරිය
කුඩා ඩ්‍රේකෝ ගස මුදුනේ ඉහළ සිට පනී. ඩ්‍රේකෝ යනු නිකම්ම නිකම් කටුස්සකු නොවෙයි. සාමාන්‍ය උරගයකු ද නොවෙයි. ඩ්‍රේකෝට අහසේ පියාසර කළ හැකිය. අහසේ පාවෙමින් යෑමට ඉතා සියුම් තුනී සමක් ඉදිරිපස ගාත්‍රා අතරින් උරයට සම්බන්ධ වී ඇත. ඒ අනුව හම්බාවකු හා සමාන අයුරින් පහසුවෙන් අහසේ පා වී යන්න හැකිවෙයි. කුඩා ඩ්‍රේකෝ පහළට පනී. සුරංගනා කතාවල පියාඹන මකරුන් සිහිපත් කරමින්, පියාපත් විදහාලූ ඩ්‍රේකෝ අහසේ පාවී ගොස් තවත් ගසක කඳක් මත පතිත වෙයි. මකරා යන නම ඩ්‍රේකෝට පටබැඳී ඇත්තේ එහෙයිනි. මේ අයුරින් මකරුන් මෙන්, අහසේ පාවී යන මේ උරගයන් දකින්න ලැබෙන්නේ මෙවැනි මහ වනාන්තරයේ පමණි එය සැබැවින්ම විස්මිත දසුනකි. ඩ්‍රේකෝ කටුස්සකුට මෙසේ පා වෙමින් අඩි 100 ක් පමණ දුර එක පිම්මට යා හැකිය.
පියඹා යයි
ලුසිත ජයමාන්න
ප්ලැනට් අර්ත් ඇසුරිණි
එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව
ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.
මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.
ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මහ කැලේ මැද පියාඹන කටුස්සා