සලරුවක කතාව
හර්බි සෙනෙවිරත්න හා සීතා ජයවර්ධන
ඊයේ රෑ පෙන්වන්නට පටන් ගත් එදා රෑ මෙතෙක් ලංකාවේම නිපද වූ එකම චිත්‍රපටියකි.
1953 පෙබරවාරි 15 ඉරිදා ලංකාදීප පත්‍රයේ 13 වැනි පිටුවේ පළ වූ විශේෂාංගයක ධරම්සි ලියා තිබුණි. ධරම්සි යනු ඉරිදා ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය විශේෂාංග කර්තෘ ව සිටි ධර්මසිරි ජයකොඩිය. එදා රෑ චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළේ 1953 පෙබරවාරි 14 වෙනිදා සිටය.
අශෝකමාලා චිත්‍රපටය 1947 වසරේ සම අධ්‍යක්ෂණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්න විසින් මුල් වරට තනිවම අධ්‍යක්ෂණය කළ එදා රෑ චිත්‍රපටය කඳානේ සුන්දර චිත්‍රාගාරයේ ආරම්භ කළේ 1951 ජුනි 20 වෙනිදාය. මේ ප්‍රවෘත්තිය ලංකාදීප පත්‍රය වාර්තා කර තිබුණේ මේ ශීර්ෂ පාඨයෙනි.
සිනමා චිත්‍රපටි ලංකාවේම නිපදවයි.
එතෙක් දකුණු ඉන්දීය චිත්‍රාගාරවල නිපද වෙමින් තිබූ සිංහල චිත්‍රපට ලංකාවේ චිත්‍රාගාරයක නිපදවීමට මුල් පියවර තැබුවේ ශාන්ති කුමාර් සෙනෙවිරත්න බව මේ ප්‍රවෘත්තියෙන් මොනවාට පැහැදිලි වෙයි. බෞද්ධ, හින්දු, මුස්ලිම් හා රෝමානු කතෝලික ආගම්වල චාරිත්‍ර අනුව ආගමික සිරිත් විරිත් පවත්වා කඳානේ දී එදා රෑ (That Night) චිත්‍රපටය ඇරැඹුණු බව ද එහි වාර්තා වී තිබුණි. අශෝකමාලා චිත්‍රපටය නිෂ්පාදනය කළ සිලෝන් තියටර්ස් සමාගමට රුපියල් ලක්ෂ දෙක හමාරක් උපයා දුන් නිසා ශාන්ති කුමාර්ගේ එදා රෑ නිපද වීමට සිලෝන් තියටර්ස් සමාගම එකඟ විය.
මේ කාලයට ආසන්න (1950) දිනක් ලංකාදීප පුවත් පතේ උප කර්තෘවරයකු වූ ඩී.වී. සෙනෙවිරත්නට ශාන්ති කුමාර් හමු වී ඇත.
බලන්න සෙනේ, අශෝක මාලා ත් කරලත් අවුරුදු එක හමාරක් ගත වුණා. මට තවම දෙවෙනි චිත්‍රපටිය හදන්න බැරි වුණා නොවැ. මගේම වියදමින් චිත්‍රපටියක් හදන්න මිල මුදල් තිබුණා නම් ඉන්දියාවට ගිහින් චිත්‍රපටියක් කරනවා. ශාන්ති කුමර් කනස්සල්ලෙන් කියූ කතාවක් ගැන 1969 වනිතාවිත්ති පුපත් පතට ඩී.වී. සෙනෙවිරත්න ලියා තිබුණි.
එය ශාන්ති කුමාර් සෙනෙවිරත්නගේ සංක්‍රාන්ති සමය විය. චිත්‍රපටියක් අධ්‍යක්ෂණ්‍ය කිරීම පසෙක දමා තමා භාරතයේ දී මැනවින් ප්‍රගුණ කළ නර්තන කලාව උගන් වන පාසලක් ඇරඹුවේය. එය ශාන්ති නිකේතනය නම් විය. එ් අතර ශාන්ති රජයේ චිත්‍රපට අංශය (G.F.U.) තිබුණි. වාර්තා චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කිරීමට පවරා ඇත. මේ චිත්‍රපට දෙකේ ලුවී රුද්‍රිගු, ජෝසප් සෙනෙවිරත්න, සිරිමතී රසාදරී, චාන්දනී ගුණතිලක රඟපෑහ.
තමා විසින්ම ඉංග්රීසිෙයන් ලියන ලද කතා පිටපතක් රැගෙන ශාන්ති සිලෝන් තියටර්ස් අධිපති සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් හමුවීමට කොටුව රීගල් සිනමා හලට යාබදව ඇති ඔහුගේ කාර්යාලයට ගියේය. කතා පිටපත කියවා බැලූ සර් ගාඩිනර් එය නිෂ්පාදනය කිරීමට එකඟ විය. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි එම්පයර් සිනමා හලේ කාමරයක සිට ශාන්ති කුමාර් තමා ලියූ කතාව විකාශය කළේය. එවකට සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රචාරක නිලධාරියාව සිටි ප්‍රේමනාත් මොරායස් මේ කතාවට අනුව දෙබස් රචනා කළ අතර ඒ සඳහා ශාන්තිගේ බාල සොහොයුරු හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු සහය වූහ.
ආලයත් විවාහයත් අතර ඇති වන ගැටීම් අලලා සමාජ සාමයට බාධක උස්මිටිකම් පහත්කොට තකන කතාවක් තමා විසින් ලියන දැයි ශාන්ති කුමාර් ඉරිදා ලංකාදීපයට කියා තිබුණි. චිත්‍රපට කතා පිටපත සකස් කිරීමෙන් පසු කාර්මික ශිල්පීන්, නළු නිළියන් තෝරා ගත් ඔහුට මුහුණ දුන් ලොකුම අභියෝගය වූයේ ලංකාවේ චිත්‍රාගාරයක් ෙත්රා ගැනීමය.
ශාන්ති මුලින්ම ගියේ රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා හමුවීමටය. වාණිජ චිත්‍රපටයක් කිරීමට තම අයතනයෙන් පහසුකම් සලසන්නේ නැතැයි ඔහු ශාන්තිට කියා ඇත. ඊළඟට ඔහුගේ අවධානය යොමු වූයේ කඳානේ අභිනවයෙන් ඉදිකෙරුණු සුන්දර චිත්‍රාගාරය වෙතය.
එහි අධිතිවරයා එස්.එම්. නායගම් හමුවීමට ශාන්ති ගියේ චකිතයකිනි. ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය ඉදිරිපත් කිරීමේ තරගය නිසා නායගම් හා ශාන්ති අතර මත භේදයක් තිබුණ ද ඔහු සිලෝන් තියටර්ස් සමාගමට උදව් කිරීමට එකඟ විය.
කඳානේ සුන්දර චිත්‍රාගාරයේ මුලින්ම කැමරා ගත කළ චිත්‍රපටය එදා රෑ ය. චිත්‍රපටයේ වැඩ කටයුතු භායක් පමණ නිම වෙද්දී නායගම් සිලෝන් තියටර්ස් සමාගම සමග තිබූ ගිවිසුම කඩ කළේය. නායගම් නිෂ්පාදනය කිරීමට සැලසුම්කොට තිබූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයේ වැඩ කටයුතු කඩිමුඩියේ ආරම්භ කළේය. දවල් කාලයේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා කැමරා උපකරණ හා පසුතල ලබා ගත හැකි වූයේ රාත්‍රී කාලයේ දී බව කණස්සල්ලෙන් ඉරිදා ලංකාදීපයට (1953 පෙබරවාරි 15) කියා තිබුණි.
එහි මෙසේ සඳහන් වී ඇත.
අවුරුදු දෙකකට පමණ පෙර මුහුර්තය පවත්වා කඳානෙන් ඇරඹුණු එදා රෑ ශාන්ති කුමාර්ට දිගින් දිගටම රෑ නින්ද නැති කළ රෑම නිපද වූ චිත්‍රපටයකි. රෑ වී එළිවෙන තුරුත් රෑ තිස්සේ එදා රෑ නිපදවන්නට සිදු වූයේ එදා රෑ නිපද වූ සුන්දර චිත්‍රාගාරයේ නිෂ්පාදන භාණ්ඩ දවල් තිස්සේ වෙනත් වැඩවලට නායගම් යොද වන ලද බැවිනි.
නායගම් ට අවශ්‍යව තිබුණේ එදා රෑ වැඩ කටයුතුවලට බාධා පමුණුවා එය තිරගත කිරීමට පෙර තමාගේ චිත්‍රාගාරයේ තමා නිපද වූ බණ්ඩා නගරයට පැමිණීම මුලින්ම තිරගත කිරීමටය. ශාන්ති කුමාර් ද උත්සාහය අත්හැරියේ නැත. නළු නිළියන් හා කාර්මික පිරිසගේ නොමඳ සහායත් අප්‍රතිහත ධෛර්යයත් ඔහුට ලැබිණි. එහෙත් ලංකාවේ ප්‍රථම වරට චිත්‍රපට ගත කළ සිංහල චිත්‍රපටය ලෙස ඉතිහාසගත කිරීමට ශාන්ති කුමාර් සමත් විය.
එදා රෑ චිත්‍රපටයේ කතාව විකාශය වන්නේ මෙසේය.
රංජිත් කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂතා දක්වයි.
සිය පවුලේ නඩත්තුව සඳහා විශල අරගලයක් කළත් රංජිත්ගේ පියා තම පුතුගේ අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාමට හැම උපකාරයක්ම කරයි. තමා කරන සුළු ව්‍යාපාරයෙන් ලැබෙන මුදල අරපිරිමසා ගෙන පියා රංජිත්ව උසස් පාසලකට ඇතුළු කරන්නේ සතුටු කඳුළු වගුරුවමිනි. උසස් ලෙස සමත් වන රංජිත් තම පියා මෙතෙක් කළ දුක්ඛිත ජීවිතයෙන් මුදවා ගැනීමට රැකියාවක් සොයයි. පියාගේ පැතුම ඉටු කරමින් රංජිත් විශාල වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ලෙස්ලි ගුණරත්න යටතේ උසස් රැකියාවක් ලැබෙයි. රංජිත්ගේ බුද්ධිය නිසා ගුණරත්නගේ ව්‍යාපාර දියුණුවට පත්වෙයි.
දැන් රංජිත් කඩවසම් ක්‍රියාශීලී නිහතමානී තරුණයෙකි. ඔහු කෙරෙහි තරුණියන්ගේ සිත් ඇදී යන්නේ නිරායාසයෙනි. ධනවත් පවුලක තරුණියක් වූ චන්ද්‍රා රංජිත් හා ප්‍රේම සබඳතාවක් පත්වාගෙන ගියාය. රංජිත්ගේ වත්පොහොසත් කම ගැන නොසිතූ චන්ද්‍රා ඔහු සමග විවාහ වීමට කැමති වූවාය. චන්ද්‍රාගේ පියා මුදලිඳු කෙනෙකි. ඔහු සහ ඔහුගේ බිරිඳ ධන මානයෙන් හිස උදුම්මා ගත් දෙදෙනෙකි. චන්ද්‍රා හා රංජිත් අතර සම්බන්ධය දැනගත් ඔවුන් තම දුවට තර්ජනය කරමින් ඔවුන්ගේ සම්බන්ධයට තහනම් නියෝග පැනවූහ.
රංජිත් සේවය කළ මහා පරිමාණයේ ව්‍යාපාරයේ අධිපති ගුණරත්න මහතාගේ බිරිඳ මියගොස්ය. ඔහුට සිටියේ එකම පුතා වික්ටර් ගුණරත්න නාස්තිකාරයෙකි. ඔහුට බීමත් කමට මෙන්ම සල්ලාලකමට ළැදි අපූරු මිතුරන් කිහිප දෙනෙකුගේ ඇසුර ලැබිණි. වික්ටර් මිතුරන් සමග සමාජ ශාලාවල කාලය කා දැම්මේය. බීමත්ව තරුණියන් පහස ලබමින් වික්ටර් පියාගේ ධානය නාස්ති කළේය.
චන්ද්‍රාගේ මව (මුදලි බිරිඳ) ගුණරත්නගේ සොහොයුරියකි. තම පුතු වික්ටර්ට විවාහ කර දීමෙන්වත් ඔහු සුමගට යොමු වේ යැයි ගුණරත්න සිතුවේය. මේ ගැන ගුණරත්න තම සොහොයුරිය හා මස්සිනා සමග කතා කළේය. චන්ද්‍රා සමග පැමිණ තම නිවසේ නවතින්න යයි ගුණරත්න තම සොහොයුරියට ආරාධනය කළේ ද උපායක් වශයෙනි.
චන්ද්‍රා නොදැක සිටීමත් ඇගේ ප්‍රිය සල්ලාපයෙනුත් ඈත්වී සිටි රංජිත් බලවත් සංතාපයට පත් විය. දිනක් චන්ද්‍රා කොළඹ දී රංජිත්ට හමුවීමට අවස්ථාව සැළසුණි. මේ හමු වීම දුටු වික්ටර්ගේ කෝපයත් ක්‍රෝධයත් දස දහස් වාරයකින් දැඩි විය. මේ සම්බන්ධය වහාම නතර කරන්නැයි රංජිත්ට තර්ජනය කිරීමෙන් සෑහීමකට පත් නොවූ වික්ටර් ඔහුට පහර දුන්නේය.
රංජිත්ගේ හා චන්ද්‍රාගේ පෙම් සබඳතාව නොබිඳිය හැකි බව සක්සුදක්සේ දැනගත් චන්ද්‍රාගේ මව වික්ටර් සමග එක්වී රංජිත් තම පියාගේ ව්‍යාපාරික කටයුතුවලින් නෙරපා දැමීමට උත්සාහ ගත්හ. අවංක සේවකයකු වූ රංජිත් රැකියාවෙන් අස්කිරීමට පෙර මේ සම්බන්ධය නතර කරන ලෙස ගුණරත්න අවවාද කෙළ්ය. ගුණරත්නට අවශ්‍ය වූයේ වික්ටර් හා චන්ද්‍රාගේ විවාහය ඉක්මණින් කිරීමටය.
වික්ටර් පිළිකුල් කළ චන්ද්‍රා රංජිත් සේවයෙන් පහ කිරීම හේතුවෙන් මුරණ්ඩු වූවාය. රැකියාවද පෙම්වතිය ද අහිමි වූ රංජිත් රැකියාවක් සොයා කොළඹට පැමිණ එයින් ප්‍රතිඵල නොලැබ ඔහු පොළොන්නරුව බලා ගියේ ජනපද යෝජනා ක්‍රමය යටතේ රැකියාවක් ලබා ගැනීමටය.
රංජිත් දැන් ජීවත්වන්නේ හැඟීමකින් තොරවය. ඔහුට අනාගතයක් ගැන හැඟීමක් නැත. ඔහුගේ සිත බලවත් ලෙස කැළඹුණේ හදිසියේම තමා බලමින් සිටි පුවත්පතේ පළවී තිබුණු චන්ද්‍රා - වික්ටර්ගේ විවාහය ළඟදීම සිදුවන බව දක්වන ප්‍රවෘත්තියෙනි.
තම පියාගේ හදිසි මරණයට පැමිණීමට තරම්වත් රංජිත්ගේ මානසික තත්ත්වය අවුල් වී තිබුණි. මිතුරන්ගේ බල කිරීම නිසා ඔවුන් ලබාදුන් මුදල් ද රැගෙන පියාගේ මෘත දේශය අවසන් වරට දැක ගැනීමට රංජිත් පිටත් විය.
වික්ටර් - චන්ද්‍රා විවාහ කර ගැනීමේ උත්සවයට තව ඇත්තේ සතියකි. එහෙත් තම පරණ පුරුදු අත්නොහළ වික්ටර් මිතුරන් සමග දූකෙළියට ගියේය. දුරාචාරයේ, යෙදුණේය. තම පියාගේ ධනය දහස් ගණනින් විනාශ කර දැම්මේය. දූ කෙළියේ දී වික්ටර් තමා සතු මුළු මුදලම පැර දී වෙරි මරගාතේ මුදල් දිනූ තැනැත්තාට වෙඩි තැබීය. ඔහු මැරී වැටුනේය.
බලවත් සේ කැලඹුණු වික්ටර් ගෙදර පැමිණියේ මරු විකලයෙනි. චන්ද්‍රා බලෙන්ම තම මෝටර් රථයට ගොඩනංවා ගත් වික්ටර් අධික වේගයෙන් රථය පැදවීය. තම රථයට මිනිසෙකු වේගයෙන් හැපුණේය. ඔහු රංජිත්ය.
ජීවිතයේ කිසිදු අරමුණක් නොමැතිව සුන් වූ බලාපොරොත්තු ඇතිව පාරේ යමින් සිටි රංජිත් පාරේ ඇවිද්දේ උම්මන්තකයකු ලෙසය. අනතුරට ලක් වූ රංජිත් විසිවී බිම වැටුණි. වික්ටර්ගේ මෝටර් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් පිටට පැන ගොස් පෙරළුණි. මේ මාරක අනතුරින් වික්ටර් එතැනම මියගිය අතර චන්ද්‍රා බරපතළ ලෙස තුවාල ලැබුවාය.
රංජිත් හා චන්ද්‍රා රෝහලට ගෙන එනු ලැබීය. ඔවුන් දෙදෙනාම පිය වී සිහිය ලැබෙන විට දින ගණනක් ගත වී තිබුණි. දෙදෙනා එකිනෙකා හඳුනා ගත්හ. අනපේක්ෂිත ලෙස යළිත් පෙම්වතුන් යුවළ හමු වූහ. යළිත් වෙන් කරලිය නොහැකි ලෙස මේ පෙම්වතුන් යුවල ප්‍රේමාභිෂේක ලැබූහ.
එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ චන්ද්‍රා ලෙස රඟපෑවේ සීතා ජයවර්ධන (1925-1978) චිත්‍රපටයක රඟ පෑ මුල්ම අවස්ථාව විය. ඇය පුවත්පත් කලාවේදිනියකි. ලේඛිකාවකි. උඩරට නැටුම් මෙන්ම භරථ, මනිපුරි, කථකලි මෙන්ම බටහිර නර්තයෙන් ද කුසලතා පෙන්වා තිබුණි. නිව්මන් ජුබාල්ගේ ලිලියම්, එදිරිවීර සරච්චන්ද්‍රගේ පබාවතී නාට්‍යවල රඟ පෑ ඇය ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතේ කාන්තා පිටුවේ සංස්කාරකවරිය ද වූවාය. එංගලන්තයේ පුවත්පත් කලාව හැදෑරූ ඇය ඊවිනිං ස්ටෑන්ඩඩ් පුවත් පතේ ද කලක් සේවය කර තිබුණි. හිටපු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලකගේ ලේලියකි. ඇය ඇගේ පියා කර්නල් සී.පී. ජයවර්ධනය. එවකට ආදායම් බදු කොමසාරිස්වරයකුව සිටි සාලි පරාක්‍රම ඇගේ සැමියාය. පසු කලෙක සීතා ඔබ්සර්වර් පත්‍රයේ උපකතුවරියක් ලෙස ද සිලෝන් වුමන් පත්‍රයේ ද සංස්කාරිකාවක ලෙස ද කටයුතු කළාය.
රංජිත් ලෙස රඟපෑවේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න (1916-1967) ය. වික්ටර් ලෙස මයිකල් සන්නස් ලියනගේ (1908 - 2006) ද, ලක්දාස් ලෙස ප්‍රේමනාත් මොරායස් (1923-1998) ද බණ්ඩා ලෙස හර්බි සෙනෙවිරත්න (1925-198....?) මුදලි ලෙස ඔස්ටින් අබේසේකර (1912-1984) ලෙස ද මුදලි බිරිය ලෙස Phyllia Perera ද, මැගී ලෙස වංශවතී දවුලගල ද රඟ පෑ අතර බර්ගර් ජාතික නළු නිළියන් වන Chelvathy phillipe, Molly De Hoedt, Lueilly Perere, Moriain Perera, Jimmy Uonsanden, Stanly Joseph, Aseez mihla ද චරිත නිරූපණය කර ඇත. පසු කලෙක චිත්‍රපට නළුවකු හා අධ්‍යක්ෂවරයකු වූ ඩඩ්ලි වානගුරු (1922 - 2003) ගායකයකු හා නළුවකු වූ තිලකසිරි ප්‍රනාන්දු (1913 - 1974) මෙහි සෙසු චරිත රඟපෑහ.
එදා රෑ චිත්‍රපටයේ ගීත හා දෙබස් ඇතුළත් සිංදු පොතක් නිකුත් වී ඇත. එහි ඉංග්‍රීසියෙන් ද තොරතුරු පළ වී ඇත. සීතා ජයවර්ධන හා ශාන්ති කුමාර් රඟපාන ප්‍රේම ජවනිකාවක් සහිත මේ සිංදු පොත Shanti Kala Niketan Present THAT NIGHT කියා හඳුන්වා තිබුණි. එහි සඳහන්ව ඇති පරිදි චිත්‍රපටයට සම්බන්ධ පිරිස මෙසේ දක්වා ඇත.
කතාව හා කතා පිටපත ශාන්ති කුමාර්, දෙබස් - හර්බි සෙනෙවිරත්න සහ ලුවී රුද්‍රිගු, ගීත රචනය - ඩී.ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න හා ලුවී රුද්‍රිගු, කැමරාකරණය - වී.කේ.බී. මානියම්, ශබ්ද පරිපාලනය ඒ.එස්. රාම මූර්ති, සංගීතය මොහොමඩ් ගවුස්, වේෂ නිරූපණය සී.එල්. බාස්කරන්, කලා අධ්‍යක්ෂණය ජේ.ඒ. වින්සන්ට්, කේ.ඩී. මුත්තු නිෂ්පාදන විධායකය.
එදා රෑ චිත්‍රපටයට ගීත 12 ඇතුළත් වී ඇත. මෙහි ගී තනු ස්වතන්ත්‍ර බව පවසන මාහාචාර්ය සුනිල් ආරියරත්න එයින් ආනන්දේ ආනන්දේ හර් දේ පෙම් ගීත රසේ ගීත දෙක ජනප්‍රිය වූ බවත් (සිංහල චිත්‍රපට ගීතාවලිය (1947-1956)) සඳහන් කරයි.
ශාන්ති කලා නිකේතන ඉදිරිපත් කරන එදා රෑ සිංදු පොතේ 1953 ගීතය පෙර කෙටි හැඳින්වීමක් ද කර තිබුණි. එය චිත්‍රපට දෙබස් හා කතා වෙන සේ එදා ස්වරූපය වටහා ගැනීමට කදිම සාක්ෂියකි. කෙනෙකු උත්සාහ කළොත් මේ ශක්ති සම්පන්න ප්‍රාසාදය වුණත් විනාශ කරන්ඩ පුළුවන් රංජිත් කියයි.
නෑ රංජිත්, එය මේ ලෝකයේ කිසිම කෙනෙකුට කරන්නට පුළුවන් දෙයක් නොවෙයි. මම ඔයාට බැඳී තිබෙන ආදරය ස්ථිරයි.
රංජිත්ගේ උත්තරයේ පිළිතුරක් වශයෙන් මේ කිව්වේ චන්ද්‍රාය. දෙදෙනාට ෙදදෙනා මුහුණ ළං කර ගත්තෝ ය. ප්‍රේමය නමැති මලේ රස උරා බොන මේ බඹරුන් දෙදෙනා මේ මනු ලෝකයේ අනංගයාගේ මඟුල් මඩුවේ අඹුසැමි දෙදෙනාත්ය.
ඊළඟට එන්නේ චන්ද්‍රා හා රංජිත් ගයන ප්‍රේම ගීතයකි. හර්දේ පෙම් ගීත රසේ ගීතය ගයන ගායක යුවළ හෝ ගීත රචකයගේ නම් පළවී නැත. (මේ ගීතය මොහිදින් බෙග් සහ රුද්‍රාණි ගයන බවත් එහි පද මාලාව ඩී.ටී. ප්‍රනාන්දුගේ බවත් සිංහල චිත්‍රපට ගීතාවලියේ (1947-1956) කෘතියේ සඳහන් වෙයි.
රංජිත් හා චන්ද්‍රා ගයන හෝ දුල් වේ ප්‍රේම ධාරා (ගායනය මොහිදින් බෙග් සහ රුද්‍රාණි. ගීත රචනය ඩී.ටී. ප්‍රනාන්දු) මේ ගීතයේ හැඳින්වීම මෙසේය.
එකිනෙකා ළඟ සිට ගෙන ප්‍රේම රසය භුක්ති විඳින්නාක් මෙන් ගීත භාණ්ඩයේ හඬින් එය අසා සිටින කාට වුවත් වැටහෙන්නේය. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මොහිදීන් බෙග් ගැයු ගී නාදේ ශාන්ත ප්‍රේමයේ ගිතය සඳහා පෙනී සිටින්නේ රංජිත්ය. මේ ගීතය ගැන එන විවරණයේ මෙසේ සඳහන් වෙයි.
දැන් නම් චන්ද්‍රාට මේ ලෝකය අපායකි.
තම පවුලේ රහස් සියල්ලම සක්සුදක්සේ පෙනේ. අහෝ ලෝකයක හැටි.
චන්ද්‍රා තම පියා වූ මුදලිට මෙසේ කීවාය. තාත්තා රංජිත් මේ ගමෙන් ඈත්වීමටත් ඔහුගේ පියාගේ හදිසි මරණයකටත් මම ද හවුල්කරුවෙක්.
රුද්‍රාණි ගයන ගීතයකි. ආනන්දේ ආනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි රුද්‍රානි සහ මොහිදින් බෙග් ගැයූ නයනා රසී මේ ඔබ මා සුදා වේ ගීතයේ රචනය ඩී.ටී. ප්‍රනාන්දුගෙනි. මේ ගීතයේ විවරණය සඳහන් වී ඇත්තේ මෙසේය.
හදිසියෙන් ලැබුණ ටැලිපෝන් පණිවිඩයකි. එදා හවස බෝට්ටු පැදීමේ මේ විනෝදයට රංජිත්ගේ ආරාධනාවට චන්ද්‍රා කැමති වුණේ හඳ එළියෙන් බබලන්නා වූ සන්ධ්‍යා සමයේ චන්ද්‍රයෝ දෙදෙනෙකුගේ ආලෝකය රංජිත්ට ලබා දෙන අදහසිනි.
මොහිදීන් බෙග් ගයන ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ ස්ථිර ආලෙ යයි පලා දුප්පත් වූ කල්හි ගීතය ගැන සිංදු පොතේ ඇති විස්තරයයි මේ.
එක් සන්ධ්‍යාවක හවස් මානයේ පත්‍රයක් බලමින් සිටි රංජිත්ට හදිසියේම දක්නට ලැබුණේ චන්ද්‍රාගේත්, වික්ටර්ගේත් විවාහ ගිවිස ගැනීමයි.
ෙමය රංජිත් කවදාවත් නොසිතූ දෙයකි. ක්ෂණයකින්ම රංජිත්ගේ මුඛයෙන් මේ වචන ස්වල්පය පිට විය. දුප්පතා වූ කල්හි ස්ථිර ආලයත් පළා යයි.
එදා රෑ චිත්‍රපටයට විකට ගීත ද ඇතුළත් ව තිබුණි. මැගී (වංශවතී දවුලගල) හා බොංසෝ (ලුවී රුද්‍රිගු) මවන මේ ප්‍රේම ජවනිකාවට පසුබිම් ගිතයක් ඇතුළත්ව ඇත. මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍යාරි වෙන්ඩකෝ ආලේ නම් මේ ගීතය ගයා ඇත්තේ හර්බි සෙනෙවිරත්න සහ ලතා ප්‍රනාන්දු (වල්පොල) විසිනි. ලතා චිත්‍රපට පසුබිම් ගායනයට එක් වූ මුල්ම අවස්ථාව මෙය විය. මේ ගීතියේ රචනය ලුවී රුද්‍රිගු ගෙනි.
ගීතමය අවස්ථාව ගැන සිංදු පොතේ මෙසේ විස්තර කර ඇත.
කොෙහ් හිටියත් මට නං මැගීව මතක් වෙනවාමයි. ඒක හින්ද නොමැ හොයා ගෙනම ආවේ.
මෙවැනි ආදාර සුරතල් වචන දෙදෙනා හුවමාරු කර ගත්තාය.
මැගී ලෙට්ස් බයි. ගෝන්ස් බී බයි ගොන්ස් කියා බොංසෝ මැගී ගේ අතින් ඇල්ලුවේ සදහටම මැගීව බොංසෝට හිමි වේ ය යන අදහසිනි.
බංඩා (හර්බි සෙනෙවිරත්න) හා මැගී (වංශ වතී දවුලගල) විවාහක යුවළ ගයන ගීතයකි. හැබෑම මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසයි. ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ මේ ගීතය ගයන්නේ හර්බි හා ලතාය. ගීතයේ පසුබිම මෙසේය.
තම භාර්යාව ද රේස් සූදුවේ අගතැන්පත් කෙනෙක් බව දන්නා බංඩා ගෙදර ඇවිත් ප්‍රියාවිගේ ද දැන මුතුකම් ලැබ සූදුවට යන්ට පිටත් විය. නමුත් මුදල් කෙරෙහි කෑදරකමක් ඇත්තා වූ මැගී රේස් සූදුවෙන් බංඩා දිනුවොත් ඒ මුදලින් සික්ස් සිලින්ඩර් නෑෂ් කාර් එකක් ගේන්ඩ කිව්වේ ඇගේ ලක් එක ආවේ බංඩා විවාහ කර ගත්තාට පසුවය කියමිනි.
ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ රුද්‍රානි ගැයූ දැවේ ගිනි ජාලයෙන් හර් දේ නොවාවිද නම් ගීතය චන්ද්‍රා ප්‍රේම වියෝවෙන් ගයන ගීතයකි. බංඩා හා මැගී ගයන යුග ගීයක් වූ ලතා හා හර්බි ගයා ඇත. මේ ගීතයේ රචනය හර්බි ගෙනි.
හරි හරි හා හා හා හරි හරි තෑගි නං කෝක වුණත් සිටියා. නම් ගීතයට පෙර මේ දෙබස් ඛණ්ඩය ඇතුළත්ව ඇත.
අනේ මැගී අද නම් සුබම ආරංචියක්. එහෙනං කියපල්ලා කෝ.
බංඩාගෙන් සියලු විස්තර දැනගත් මැගී අන්තිමට මුකුලු සිනාවක් පෙන්වීය. දැන් නම් බංඩා මැගීට ඉනා වෙලාය.
එහෙනං මැගී උඹ ඉල්ලන ඕනෑම එකක් අරන් දෙනවා.
ඩී.ටී. ප්‍රනාන්දු රචනා කළ බයිලා ගීතයක් ද මේ චිත්‍රපටයට ඇතුළත් විය. සිංහල චිත්‍රපටයක ආ මුල්ම බයිලා ගීතයයි මේ. ලුවී රුද්‍රිගු සහ පිරිස ගයන මගේ පණා දිලේ සුවිට් බබා වගේ නම් මේ ගීතයට බොංසෝ නෝනා බණ්ඩා මැගී යන චරිත රංගනයෙන් එකතු වූහ.
ගීතයට පෙර එන දෙබස් ඛණ්ඩයකි මේ.
දැන් බොංසෝට බයිලා ජොලියයි ඕනෑ. ලියන මහත්තයම පටන් ගන්ඩ මමත් උදව් වෙන්නම්. අරක්කු බෝතලය කටේ වත්කර ගනිමින් මේ කීවේ බංඩාය.
බොංසෝත් දැන් මනමාලයෙකි. තම ප්‍රියාවද සියල්ලන්ට අඳුන්වා දීමට කැඳවා ගෙන ආවේ විනෝද ගමෙනන් පසුව තමාගේ මගුල ද උත්සවශ්‍රීයෙන් ගන්නා අදහසිනි. දැන් සියල්ලෝම (රංජිත්, චන්ද්‍රා, බංඩා, මැගී බොංසෝ) සතුටු ගීතයක් ගයමින් මෝටර් රථයේ අවසාන විනෝද ගමන යන්නේ මේ මඟුල් සක්වල ඒ අයට සදහටම හිමි වූ බව සිතාය.
ගී රසේ ලෝකේ පුරා සදනවා නම් මේ සමූහ ගීතය ඩී.ටී. ප්‍රනාන්දු රචනය කළ අතර මොහිදින් බෙග්, රුද්‍රාණි ඇතුළු පිරිස ගයා ඇත. මෙය චිත්‍රපටයේ සමාප්ති ගීතයයි.
අසෝක මාලා චිත්‍රපටයේ ස්වතන්ත්‍ර ගීත තනු 10 නිර්මාණය කළ මොහොමඩ් ගවුස් ගේ ඒ ගී අතිශයින්ම ජනප්‍රියව විචාරක ප්‍රසංශාවට ද ලක් විය. එහෙත් එදා රෑ චිත්‍රපටයෙහි ආ ගී දොළොසම ගවුස් මාස්ටර්ගේ යැයි සිතිය නොහැකි තරම් නීරස ඒවා බවත් ඒ අතරින් රසිකයන් අතර යාන්තමින් හෝ රඳා සිටියේ රුද්‍රාණි ගැයූ ආනන්දේ අනන්දේ ප්‍රේම හර්දේ මනෝහාරි ගීත පමණක් බව මහාචාර්ය සුනිල් ආරියරත්න (ගාන්ධර්ව අපදාන I) සඳහන් කර ඇත.
ලංකාවේ තිර ගත වූ 15 වන සිංහල චිත්‍රපටය ලෙස තිර ගත වූ එදා රෑ සිංහල සිනමාව බිහි වී වසර හයක් සපිරුණු සමයේ එනම් 1953 පෙබරවාරි 14 වෙනිදා සිලෝන් තියටර්ස් සමාගමේ සිනමා හල්වල තිර ගත විය. මේ චිත්‍රපටය නිපදවීමට එම සමාගමට රු එක්ලක්ෂ විසි පන් දහසක් පමණ වියදම් වූ බව පැවසේ. වියදමට වඩා හත් අට ගුණයක් රුපියල් ලක්ෂ 15 ක් ආදායමක් ලැබුවත් ගවුස් මාස්ටර් ගේ සංගීතය සඳහා වැඩි මුදල වැය වූ බව පවසා ඇති ඩී.වී. සෙනෙවිරත්න චිත්‍රපටයේ දුර්වල අධ්‍යක්ෂණය මතු වී පෙනුණ බව දක්වා තිබුණි.
චිත්‍රපටයේ විකට ගතිය මතු වූයේ බංඩා විසින් මී හරකෙකු එළවන දර්ශනය රූගත කරන විට කැමරාවට හසු නොවන හරියේ සිටින වුන් විසින් වැලිගසන ආකාරයත්, මල් වැලක ආධාරයෙන් ජවනිකාවක මල් ගොමු සොලවන සැටිත් චිත්‍රපටයේ පැහැදිලිව සෙනෙවිරත්නයන්ට පෙනී ඇත. (වනිතා වික්ති 1969)
එ්.ඩී. රන්ජින් කුමාර
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්
කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.
ලංකා බැංකු පරිශ්‍රයකට පිවිසෙන විට එක්වරම නෙත් යොමු වෙන්නෙ එහි විවිධ ඉරියව්වලින් ගනුදෙනු කටයුතුවල නියැළෙන තරුණයකුගේ සේයාරුව. නිරූපණ හැඩරුවට අමතරව නළ
මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ අක්කා නගෝ ආදරේ ගැන ගොඩක් අය කතා වෙනවා.
දක්ෂතාවයට ජාති ආගම් නැති බව පසක් කරමින් සිංහල හා දමිළ සිනමාවේත්, ටෙලිතිරයේත්, තම හැකියාවන් පෙන්වමින් - එම ජනවර්ග දෙකටම අයත් ප්‍රේක්ෂක සිත්සතන් තුළ ලැඟ
‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.
ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහ රෑ හැදූ ලංකාවේ මුල්ම චිත්‍රපටය