IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රට පැන්න මධූෂ් පෙම්වතිය බලන්න ඇවිත්

රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-4

ලංකාවට හෙරොයින් ගෙන එන ප‍්‍රධාන මාර්ගයක් වන්නේ ඇෆ්ගනිස්ථානය හා ඉන්දියාව හරහා මුහුදු මාර්ගයෙන් ලංකාවේ බටහිර වෙරළ තීරයට පැමිණෙන බෝට්ටුය. මධූෂ් ද මෙවැනි බෝට්ටු මගින් ලංකාවට හෙරොයින් එවීම බොහොම නිදහසේ කරගෙන යන බවක් වාර්තාවන තොරතුරු අනුව පෙනෙන්නට තිබේ. ඔහු අද ලංකාවේ පමණක් නොව ඩුබායිවලද හෙරොයින් ජාවාරම පවත්වාගෙන යන අතර ඒ සියල්ල සිදුකරන්නේ ඉන්දීයාවේ ත‍්‍රස්තවාදියෙකුගේ සහයෙන් බවත් එම ත‍්‍රස්තවාදියා ඇෆ්ඝනිස්ථානයේ සිට අවට රටවල් ගණනාවකට හෙරොයින් බෙදාහරින්නෙකු බවත් මෙරට බුද්ධි අංශ සොයාගෙන තිබේ. 


  
හොරොයින් පමණක් නොව මධූෂ් ද ආරක්ෂක අංශ ඇස වසා මේ බෝට්ටු මගින් විටින් විට ලංකාවට පැමිණෙන බවටද මධූෂ් පිළිබඳව පරීක්ෂණ පවත්වන අංශ වෙත වාර්තා වී තිබේ. එහෙත් කොතැනක හෝ පවතින වරදක් නිසා ඒ කිසිවක් හෝ කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට තවමත් අපේ ආරක්ෂක අංශ අසමත්ව ඇත. මධූෂ් ලංකාවෙන් පැන ගියේද දකුණේ ප‍්‍රබල දේශපාලනඥයෙකුගේ උදව් ඇතිව බව ප‍්‍රසිද්ධ රහසකි. එසේම එම දේශපාලනඥයාගේ පුතාගේ මංගල උත්සවයට ද මධූෂ් පැමිණ ඇති බවටද විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතී. ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලාබාල දැරියක සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යමින් මධූෂ් ඇය හමුවීමට මෙරටට අවස්ථා කීපයකදී පැමිණ ඇති බවට පවතින තොරතුරු ඔස්සේ ද ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.   


මධූෂ් මුලින්ම හිරගෙදර ගියේ කුමන වරදක් මතද යන්න විවාද සම්පන්නය. මධූෂ්ගේ ගමේ ඇතැමෙක් පවසන්නේ ඔහු නොකළ වරදකට හිරේ ගිය බවය. තවත් කෙනෙක් පවසන්නේ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් හිරේ ගිය බවය. කෙසේ වෙතත් එක් අවස්ථාවකදී අධිකරණයෙන් ඇප ලබාදී තිබියදීත් ඔහු වෙනුවෙන් ඇප තැබීමට කිසිවෙක් නොසිටීම නිසා තවත් මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාරයේ කාලය ගෙවන්නට මධූෂ්ට සිදුවිය. ඒ 2003 - 2004 කාල වකවානුවේදීය. ගමේ චණ්ඩියෙකු ලෙසද, බස්වලින් කප්පම් ගන්නෙකු ලෙස ද ප‍්‍රදේශයේ නමක් දරා සිටි මධූෂ් කුඩුකාරයකු කරන්නට සමත් වෙන්නේ මේ කාල වකවානුවේ ඔහුට හමුවූ බන්ධනාගාරගත රැඳවියන්ය.   


බස් රථ හිමියන්ගෙන් හා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත් මධූෂ්ට හෙරොයින් ජාවාරම අලුත් අත්දැකීමක් එකතු කරනු ලැබිණ. සුළු මුදලක් ආයෝජනය කර එකවර විශාල මුදලක් ඉපයීමට හැකි මේ ජාවාරම ඔහුගේ හිතට අල්ලන්නට ඇත. එතැන් සිට තමන්ගේ ජාවාරම කරගෙන යා හැකි ජාලයක් හදාගන්නට ඔහු කටයුතු කළේය.   


මධූෂ් කුඩු පාතාලය හරහා වඩාත් වේගයෙන් කරළියට එන්නේ 2013න් පසුවය. ඒ ඔහු ඩැනී හිත්තැටිය ඝාතනය, මීගමුවේ ලීසිං සමාගම් දෙකක් කොල්ලකෑම ඇතුළු චෝදනා රැසකට විටින් විට බන්ධනාගාරගතව සිට 2013දී ඇප මත මුදාහැරීමෙන් පසුවය. එලෙස ඇප මත මුදාහැරුණු මධූෂ් ඉන්දියාවට පළාගියේය. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඇති කරගත් එකඟතා ඇතිව ඩුබායිවලට පැන ගත් ඔහු එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. හෙරොයින් පමණක් නොව ඔහු කේරළ ගංජා ජාවාරම ද කරගෙන ගොස් ඇතැයි මෙරට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත.   


ඔහු මාකඳුරේ මධූෂ් ලෙස කරළියට එන විටත් දකුණේ බලය තිබුණේ කොස්ගොඩ සුජී අතේය. ඒ නිසා තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කොස්ගොඩ සුජී සමග ගැටෙන්නට මධූෂ්ට සිදුවිය. ඒ ගැටුමේදී ද එකිනෙකා මරාගැනීම නිසා දෙපාර්ශ්වයේ බොහෝ දෙනෙකුට ජීවිත අහිමි විය. මධූෂ් මෙන්ම සුජී ද සිටින්නේ ඩුබායිවල සැඟවීලාය. එකම රටේ දෙපැත්තක සැඟවී සිටිමින් ඔවුහු තම ජාවාරම් සියල්ල නවීන තාක්ෂණය යොදා ගනිමින් මෙරටදී ක‍්‍රියාත්මක කරති. ඒ සඳහා තමන් වෙනුවෙන්ම ජීවිතය පුදන්නට වුව සූදානම් පාතාල සාමාජිකයන් නිර්මාණය කරගනිති.   


එය ආරම්භ කරන්නේද බන්ධනාගාරයෙනි. බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයෙකු හිතවත් කරගන්නා ඔවුන් ඒ අය මගින් තෝරාගත් පිරිසක් මුදල් ඇප දී බේරාගනු ලබයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නේද හෙරොයින් ජාවාරම් මගින් උපයන මුදල්ය. ඉන්පසු ඒ පිරිස තමන්ට අවශ්‍ය පරිදි හසුරුවා ගැනීමට මධූෂ් මෙන්ම සුජීද සමත් වෙති.   


කොස්ගොඩ සුජී සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට යොදාගන්නා එක ප‍්‍රධාන සාධකයක් බවට පත්වන්නේ සමයංය. එසේම පොඩි ලැසීද කලක් ඔහුගේ ගෝලයෙක් විය. එසේම පොඩි ලැසී විටෙක මධූෂ් සමගද ගනුදෙනු පවත්වා ඇත. කොස්ගොඩ සුජි සමග එක්ව දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරම ආක‍්‍රමණය කළ සමයං, මධූෂ්ගේ ප‍්‍රබල හතුරකු බවට පත්විය. මධූෂ්ගේ හිතවතෙක් වන හර්ෂ යසස් සමයං විසින් ඝාතනය කිරීම තමන්ට එල්ල කළ මරු පහරක් ලෙස මධූෂ් දැක්කේය. ඒ හර්ෂ යසස් යනු ඩැනී හිත්තැටිය ඝාතනයේ දෙවැනි සැකකරු වන නිසා මෙන්ම තමන්ගේ හොඳම ගෝලයෙකු වන නිසාය. මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව එකතුවූ මේ ඝාතනය නිසාද සමයං මධූෂ්ගේ ප‍්‍රධාන හතුරකු බවට පත්විය. එහි අවසානය වූයේ සමයං සමගම කලක් එක්ව සිට පසුව ඔහුගේ හතුරෙකු බවට පත්වූ අංගොඩ ලොක්කා ලවා සමයං ඝාතනය කිරීමට කටයුතු කිරීමය.   


අංගොඩ ලොක්කාට ද සමයංගෙන් පළිගැනීමට එමට කාරණා තිබිණ. ඒවා එකින් එක කතා කිරීමට මෙය වෙලාව නොවන්නේ මධූෂ්ගේ හෙරොයින් ජාවාරමේ දිග පළල හඳුනාගැනීමට එයින් බාධා ඇති වෙන බැවිනි. අංගොඩ ලොක්කලා මධූෂ් සමග ගහපු ගේම අනුව සමයං ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර රථයකින් කඩුවෙල අධිකරණය කරා ගෙන යමින් සිටිිදී කලුතර එතනමඩලේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්විය.   
මේ සමූහ ඝාතනයේ සැකකරුවන් බවට අංගොඩ ලොක්කා පත්වුවද ඔහු තම ළගම සගයා වන ලඩියා සමග කාටත් රහසේ ඉන්දියාවට පලාගොස් ඇති බව පොලිස් පරීක්ෂණලදී හෙළි විය. ඔවුන් එලෙස පලාගොස් තිබෙන්නේ මධූෂ්ගේ උදව් ඇතිව බොට්ටු මගින් බවටද පොලිසිය සැක පළ කරයි. කෙසේ වුවද ඉන්දියාවේදී අංගොඩ ලොක්කා හා ලඩියා ආගමන විගමන නීතී උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට පත්වූහ. මාස කීපයක් එරටදී හිරබත් කෑ ඔවුහු මේ වන විට නිදහස්ව ඇති නමුත් ඔවුන්ට එතැනින් පසු සිදුවූයේ කුමක්දැයි කිසිවෙක් දන්නේ නැත.   


එහෙත් දැනට වාර්තා වන පරිදි මධූෂ් තම හෙරොයින් මුදල් යොදවා අල්ලා ගන්නා ජාලයන්ගේ සහය ඇතිව තවදුරටත් අංගොඩ ලොක්කාට හා ලඩියාට ඉන්දියාවේම සැඟවී සිටින්නට මග හෙළි කර දී තිබේ. එසේ සිදුකරන ඔහු ඔවුන් හරහා සිය මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට සමත්ව ඇත. ඩුබායිවල සිට ඇෆ්ඝනිස්ථානය හරහා මධූෂ් එවන හොරොයින් ලංකාවට එවනු ලබන්නේ ලොක්කලාය. ඒ හොරොයින් දකුණේදී බෙදාහරින්නේ ඩිලයිට්ලාය. උතුරේදී බෙදාහරින්නේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ය. මධූෂ් විනීතා ගුණසේකර මගින් ඇගේ සැමියා වූ කොටි පොලිස්පති ලෙස හැඳින්වූ නඩේසන් හඳුනාගන්නා අතර එමගින් හඳුනාගන්නා කොටි සාමාජිකයන් සමග ගනුදෙනු කරනු ලබයි. යුද්ධ සමයේදී මධූෂ් උතුරට ගොස් ඔවුන්​ෙගන් යුද පුහුණුවද ලබාගෙන ඇතැයි ආරක්ෂක අංශ වෙත යම් යම් තොරතුරු වාර්තා වී තිබෙන අතර මේ වන විට මධූෂ්ගේ කල්ලියේ හිටපු කොටි සාමාජිකයින් මෙන්ම යුද හමුදාවෙන් පලාගිය අයද සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු බොහෝ ඝාතන සැලසුම් කරන්නේ ඔවුන්ගේ සහය ඇතිව බවද ආරක්ෂක අංශ පවසති.   


මොවුහු මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී අද වන විට ජීපීඑස් තාක්ෂණය පවා යොදාගන්නා බවටද ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. එමගින් ගනුදෙනුකරුවා පැමිණ සිටින ස්ථානය තහවුරු කරගන්නා ජාවාරම්කරු අවශ්‍ය ද්‍රව්‍ය එම ස්ථානයට සපයා ඊසිකෑෂ් ක‍්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනු ලබති. අංගොඩ ලොක්කා ලංකාවට එවන කුඩුවලට අදාළ මුදල් මෙරට සිටින මධූෂ්ගේ ගෝලයන් එකතු කරගනු ලබන්නේ ඊසිකෑෂ් ක‍්‍රමයට වන අතර ඒ මුදල් මධූෂ්ට යවන්නේ උණ්ඩියල් ක‍්‍රමයටය. ඒ සඳහා මැදිහත්ව තිබෙන්නේ පසුගිය මාර්තු 16 වැනිදා අලුත්කඩේ නුරානියා වීදියේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් විසින් බවටද මේ වන විට තොරතුරු හෙළි වෙමින් පවතී.   

 

 

උණ්ඩියල් ක‍්‍රමය යනු මුදල් එහා මෙහා ගෙන යන ක‍්‍රමයක් නොවන අතර ජාවාරමට සම්බන්ධ වන පාර්ශ්වයෙන් මුදල් ටික එකතු කරගැනීම මෙරට සිටින එක් පුද්ගලයකු විසින් සිදුකරන අතර එයට සමාන මුදලක් විදේශ ගතව සිටින ඔහුගේ සගයෙක් අනෙක් පාර්ශ්වයට ගෙවීමය. එහෙත් දැනට හොරොයින් ජාවාරමේදී එහා මෙහා යන කෝටි ගණනාවක මුදලක් මේ ක‍්‍රමයට ගෙවීම අපහසු වන බැවින් අදාළ මුදලම පන්දාහේ නෝට්ටුවලින් සකස් කර ගුවන් යානා කාර්ය මණ්ඩලවල සේවය කරන්නෙකු භාවිත කර යැවීමේ ක‍්‍රමයක්ද ක‍්‍රියාත්මක වෙමින් පවතින බවටද ආරක්ෂක අංශ වෙත වාර්තා වී තිබේ. රිස්වාන්ට ව්‍යාපාරිකයෙකු වීම නිසාම පළමු ක‍්‍රමයට ඔහු ලවා මුදල් ගෙන්වා ගැනීම මධූෂ්ට පහසු වෙන්නට ඇත.   


රිස්වාන් ඝාතනයට ලක්වෙන්නේ මෙවැනි ගනුදෙනුවක නිරත වෙමින් සිටියදීය. රිස්වාන් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පමණක්ම නොවේ. වසර දහයකට පමණ පෙර පටන් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ජීවත්ව ඇත. එහි පාතාල කල්ලියක් සමග කටයුතු කර තිබෙන අතර එකල වූ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ද පත්ව ඇති බවට පොලිස් වාර්තා ද පවතී. එසේම ඔහු කඹුරුගමුවේ මධූෂ් සමග මිය යන තෙක්ම දුරකථන සම්බන්ධතා පවත්වා ඇති බවට රිස්වාන්ගේ ජංගම දුරකථනයේ දත්ත මගින් හෙළි වී තිබේ. එපමණක් නොව අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව ඇති දැනට විදේශගතව සිටින පාතාල කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්තේ දිනුක සමගද රිස්වාන් දුරකථනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවට කරුණු හෙළි වී ඇත. රිස්වාන් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී නැතිවම බැරි පුරුකකි. රිස්වාන් ඝාතනය සම්බන්ධයෙන් මධූෂ් කලබල වෙන්නේත් ඒ වෙනුවෙන් කොස් මල්ලීගේ හිස ඉල්ලා සිටින්නේත් ඒ පාඩුව එතරම්ම බලවත් වන නිසා විය යුතුය.   


මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාලයන්ට තමන්ගේ අනෙකුත් ජාවාරම් පවත්වාගෙන යාමේදී වඩාත් ආරක්ෂාකාරී වෙන්නේ බන්ධනාගාර ගතව සිටීම හෝ විදේශගතව සිටීමය. බොහෝ දෙනා මුදල් ලබාගැනීම මෙන්ම ගනුදෙනුකරුවන් හඳුනාගැනීමත් නවීන ජංගම දුරකථනවල පහසුකම් භාවිත කරමින් සිදුකරනු ලබති. ඒ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් බිය වද්දා අවශ්‍ය ඉඩකඩ සකස් කර ගනිති. එයට අවනත නොවන්නන් කෙරෙහි වෙනම අවධානය යොමු කර තම දේශපාලන හිතවත්කම් භාවිතා කරමින් සේවා ස්ථාන මාරු කිරීම් හෝ වෙනත් වැරදි පටවා විනය පරීක්ෂණවලට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයන් ඇති කරති. මේ නිසා අද වන විට බන්ධනාගාරය හෙරොයින් ජාවාරම පවත්වාගෙන යාමේ ප‍්‍රධාන තිප්පළක් බවට පත්ව තිබෙනවාදැයි සිතෙන තරම් තත්ත්වයක් මතුව තිබේ.   

 

 

 


මුදිතා දයානන්ද



අදහස් (0)

රට පැන්න මධූෂ් පෙම්වතිය බලන්න ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 104 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 34 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 77 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 61 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 38 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 46 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site