රාවණා රජුගේ අධිරාජ්‍යය පිළිබඳ විද්වතුන් අතර විවිධ මත පවතී. එසේ වුවත්, රාමාණය හා මහා භාරත කාව්‍යය සත්‍ය සිද්ධීන් මත ගොඩනැගී ඇතැයි පවසන ඉතිහාසඥයින් අතරින් කල්කටා විශ්ව විද්‍යාලයේ ප‍්‍රාග් ඉන්දියානු ඉතිහාස අංශයේ ආචාර්ය අසීම් කුමාර් චැටර්ජි ගේ මතය අනුව රාමායණයේ අනාවරණය වෙන්නේ ආර්ය ගෝත‍්‍රිකයින් ඉන්දියාවේ දකුණු දෙසට සංක‍්‍රමණය වෙමින් නව ජනපද පිහිටුවා ඇති බවයි. ඒ යුගයේ සැබෑ දේශපාලනය හා සමාජ තත්ත්වය පිළිබිඹු වෙන්නේ රාමායණයෙන් හා මහාභාරතයෙන් බව බොහෝ දෙනෙකු ගේ විශ්වාසයයි. ටැටර්ජි මතය අනුව රාමායණයේ පූර්ව භාගය ලියැවී ඇත්තේ ක්‍රි.පූ 2000 දී පමණ ය.
සින්ධූ මහා නිම්නයේ සිට අමෙරිකාවේ පීරූ දේශය දක්වා රාවණයින් ගේ අධිරාජ්‍ය පිහිටා තිබුණේ යැයි ඇතැම් විද්වතුන් පවසන නමුත් එය රාවණයින් ගේ ආගමික දර්ශනය අනුගමනය කළ ප‍්‍රදේශ පමණක් වූ බැව් කිව හැකි ය. රාවණයින් ගේ සංස්කෘතිය අද දක්වා ග‍්‍රීසිය වැනි බටහිර රටවල විහිදී පවතී.
කෙසේ වෙතත්, රාම රාවණ යුද සමයේ, යුද්ධය සඳහා අවශ්‍ය ගුවන් යානා නිෂ්පාදනය කළේ, එවකට ප‍්‍රබල ගුවන් යානා ඉංජිනේරු වරයෙක්ව සිටි ධීර රකුසා ය. ඔහු තීක්ෂණ බුද්ධියකින් හෙබි රකුසෙකි. කිසියම් ගුවන් යානයක් නිෂ්පාදනය කිරිමට පෙර, රාවණ රජතුමා හමුවීම ඔහුගේ පළමු කර්තව්‍යයයි. එහිදි තම ගුවන් යානා සැළැස්ම ඇඳ ගත් කටු සටහන් කිහිපයක් ම ඉදිරිපත් කෙරේ. මේ අවස්ථාවට මේඝනාද කුමාරයා ද සහභාගී වේ. කුමාරයා ගුවන් යානා පැදවිමට පමණක් නොව, ගුවනේ කරණම් ගසමින් විවිධ සංදර්ශණ පැවැත්විමට ද දක්ෂතා පෙන්වා ඇති බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. යුද්ධ
ගුවන් යානා නිෂ්පාදනය කිරීමේදී දක්ෂිණ ලංකාවේ කතළු පුරයේ කතළු, ඉන්දාදාර කුමාරයන් සහ වීර රකුසා ගෙන් ලැබෙන්නේ අපමණ වු සහායකි. ඔවුන් නොසින්නට, ඒ ආකාරයේ ගුවන් යානා සාදා ගැනීමට හැකියාවක් නොලැබෙන බව රාවණ රජතුමා නිතර ප‍්‍රකාශ කළ බව කියැවේ. ඒ අනුව කතළු කුමාරයා විසින් රත‍්‍රන් ද, ධීර රකුසා විසින් රිදී ද, අටකලම්පන්නේ ඉන්දාදාර විසින් පිරිසිදු වානේ ද සපයති. ”සහශ‍්‍රගත” යුද්ධ ගුවන් යානය නිෂ්පාදනය වන්නේ එවන් පසුබිමක් යටතේ ය.
ධීර රකුසා විසින් රත‍්‍රන්, රිදී, පිරිසිදු වානේ හෙවත් යකඩ පමණක් නොව හිමාලය කඳු කරයෙන් ගෙන්වන ලද මයුර ශාඛයේ ලී කොටස් ද මෙම සහශ‍්‍රගත ගුවන් යානයේ දාරයට සවි කර තිබුණි. ඒ ගුවන් යානය පදවන නියමුවා ගේ ආරක්ෂාවටය. යකඩ භාවිතය ලෝකයට හඳුන්වා දුන්නේ ද යක්ෂ ග්‍රෝත්‍රිකයන් ය. ”යකඩ” නිසා ”යක්ෂ” යන නම ලැබී තිබේ. මේ ආකාරයේ දාව්‍ය භාවිිතා කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සහශ‍්‍රගත අපූර්ය ගුවන් යානයෙන් වෙනත් ග‍්‍රහලෝකයකට වුවද, ඉතාමත් පහසුවෙන් පහර දිය හැකි බව රාවණ කතා තල්පතේ සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ වැඩිදුරටත් පවසති.
මෙම යුද්ධ ගුවන් යානය සාදා තිබුණේ රන්, රිදී.යකඩ සමඟ මයුර ලීය ද භාවිතා කරමිනි. එහි ගමන් කළ හැකි වූයේ දෙදෙනෙකුට පමණි. බොහෝ ඉඩක් වෙන් කර තිබුණේ බෝම්බ, ආයුධ, ආදී යුද්ධයට අවශ්‍ය දේ රැුගෙන යාම සඳහා ය. මෙම අපූර්ව යුද ගුවන් යානය මෙරට තුළ කිසිදු අවස්ථාවක පාවිච්චි කිරිමට රාවණා රජතුමා අවසර ලබා දුන්නේ නැත. එයට හේතුව වූයේ එමඟින් විශාල මිනිස් සංහාරයක් සිදු වන බැවිනි. මේ ආකාරයෙන් අති භයානක යුද්ධ ගුවන් යානා නිපද වූ බව, විභිෂණ ගෙන් රාම කුමාරයාට දැන ගැනීමට ලැබුණු අතර, ඒ වන විට පටන් ගෙන තිබූ රාම රාවණ යුද්ධය නවතා දමා ආපසු යා යුතු යැයි, රාම ගේ අග‍්‍ර පුරෝහිත හනුමන් යෝජනා කළ ද, ඔහු එය ප‍්‍රතික්ෂේප කළේ මෙසේ පවසමිනි..
”මම පැමිණියේ ලංකාව බලන්න නොවේ. මෙහි සඟවා සිටින සීතා දේවිය රැගෙන යාමටයි. එම නිසා ඔබ කවුරු ආපසු ගියත්, මම එන්නේ නැහැ. ” යනුවෙන් රාම කුමාරයා පැවසී ය. එසේ වුවත්, රාවණා රජතුමා ගේ වීරත්වය ගැන හොඳ අවබෝධයක් තිබුණ විභීෂණ කියා සිටියේ, මෙම යුද්ධය ඉතා කුඩා සටනක් ලෙස රාවණ රජතුමා සළකන බැවින් සහශ‍්‍රගත වැනි යුද්ධ යානයක් යොදවන්නේ නැති බව ය. එමනිසා හනුමන් ඒ ගැන බිය වීමට අවශ්‍ය නොවන බවය.
සහශ‍්‍රගත යුද්ධ ගුවන් යානයේ විශේෂත්වයන් කිහිපයක්ම තිබේ. උඩු ගුවනේ එක් ස්ථානයක හෝරාවක පමණ කාලයක් නවතා සටන් කළ හැකි වීම ඉන් ප‍්‍රධාන ය. එපමණක් ද නොව මෙම ගුවන් යානයෙන් එක්වර වෙඩි උණ්ඩ දහසක් මුදා හැරිය හැකිය. එම උණ්ඩ පොකුරු ආකාරයෙන් මෙන් ම, තනි තනිව ද මුදා හැරීමට ද හැකියාව පැවතුණි. තනි තනිව, හෝ පොකුරු පිටින් මුදා හරින වෙඩි උණ්ඩ වල ප‍්‍රමාණය වෙනස් කරමින්, එය හසුරුවන පුද්ගලයාට අවශ්‍ය ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරිමට හැකිය. මේ අනුව මුළු මහත් ප‍්‍රදේශයක් ක්ෂණයකින් ගින්නෙන් පුළුස්සා අළු කළ හැකි ගුවන් යානයකි. එදා මෙම ගුවන් යානය කල්පිටිය මුහුදු තීරයේ යුද්ධ අභ්‍යාසයක නිරත වු අවස්ථා කිහිපයක්ම වාර්තා වේ. එවන් අවස්ථා වල එහි සිටි ධීවර ජනතාව එම ප‍්‍රදේශයෙන් ඉවත් කළ බව ද කියැවේ.
එම යානයෙහි දැකිය හැකි තවත් විශේෂත්වයක් වනුයේ ශබ්දය පාලනය කිරීමේ ඇති හැකියාවයි. යුද්ධ ගුවන් යානා වලින් බෝම්බ හෙළීමේදි ශබ්දය වැඩි කිරිමට වෙනම උපකරණයක් ද තිබී ඇත.
සහශ‍්‍රගත ගුවන් යානය නිෂ්පාදනය කිරීමෙන් පසු රාවණ රජතුමාට එය පිළිගැන්විය යුතුව තිබුණි. එය චාරිත‍්‍රයකි. ඒ සඳහා වන උත්සවය කල්පිටිය මුහුදු තීරයේදී පැවැත්විණි.. ඒ සඳහා විශාල යක් පිරිසක් රැස්වී සිටියහ. මෙය තම ජාතියට ආඩම්බරයක් වන බැවින් සියළුම යක්ෂ ග්‍රෝතිකයන් පැමිණ සිටියේ සතුට ප‍්‍රකාශ කිරීමේ අදහසිනි. කල්පිටිය මුහුදු තීරයට, ලකේගල සිට ගුවන් යානය පදවා ගෙන පැමිණියේ මේඝනාද කුමාරයා ය. මෙම ගුවන් යානය නවතා තැබීම සඳහා ඒ වෙනුවෙන් ම කළුගල් පිඨිකාවක් ද ඉඳිකර තිබුණි. මහජන ප‍්‍රීති ඝෝෂා මධ්‍යයේ ගුවන් යානය පිඨිකාවට පැමිණියේ ය. ගුවන් නියමුවා වූයේ මේඝනාද කුමාරයා ය.
එහිදි රැස්ව සිටි පිරිස ඇමතූ රාවණ රජතුමා.. ”මෙම විශිෂ්ට යුද්ධ ගුවන් යානයෙන් අප රටේ එකුදු යක්ෂයෙක්වත් ඝාතනය කිරිමට මම අදහස් කරන්නේ නැහැ.. වෙනත් ග‍්‍රහ ලෝක සමඟ සටන් කිරිම සඳහා යොදා ගන්නවා. ඒ සඳහා නිෂ්පාදනය කළ යානයක්... දරුවනි.. මෙම යන්ත‍්‍රය ලක්වැසි තොපගේ ජයග‍්‍රහණයක්.. ” යැයි පැවසී ය.
පසුව සහශ‍්‍රගත ගුවන් යානයට නැගුණු රාවණ රජතුමා.. එය පණ ගන්වා.. ගුවන් ගත කළේ සිය ගුවන් දස්කම් ජනතාවට ප‍්‍රදර්ශනය කරමිනි. මෙම යානය පෙළහර පාන විට එහි ශබ්දය කල්පිටියේ සිට පුත්තලම දක්වා ඉතා සීග‍්‍රයෙන් පැතිර ගියේ ජනතාව විශ්මයට පත් කරමිනි. එම ප‍්‍රදේශයේ ජිවත් වන සිවුපාවුන් ඇතුළු වන සතුන් යානයේ ශබ්දයට බියට පත් වී තැති ගත් අතර, වන රොදයේ ගල් ගුහා වල සැඟ වුණු බව රාවණා කතා ග‍්‍රන්ථයේ සඳහන් වේ.
සහශ‍්‍රගත ගුවන් යානයේ තවත් විශේෂතා කිහිපයකි. එනම් ජලයේ යාත‍්‍රා කිරිමට ඇති හැකියාවයි. මුහුද සහ ගංඟා වල යාත‍්‍රා කරමින් මුහුදින් ද සටන් කිරීමට යොදා ගත හැකි අපුර්ව හැකියාවයි. මෙම යානය කල්පිටිය මුහුදු වෙරළේ පෙළහර පෑ දිනයේදී ම, සීත කඳුකරය අසළ ඇති තැනි තලා වන ගත පෙදෙසට ද පියාසර කර තිබේ. එහිදි කිතුල්ගල අසළ මහ මුකලාන ට ගිනි සැර විඳීමට පටන් ගත්තේ ය. එම ගිනි දැල් ඉතා සීග‍්‍රයෙන් කිතුල්ගල සිට අවට ප‍්‍රදේශයට පැතිර ගියේ ය. ඒ ආකාරයෙන් එම ගිනිදැල් වලින් පිළිස්සුණු පෙදෙස වර්තමානයේ ”ගිනිගත්හේන” නමින් හැඳින්වෙන බව රාවණ කතාවේ සඳහන් වේ.
එදා එම ගුවන් යානයෙන් සිදු වු විනාශය දැක මහත් කම්පාවට පත් වු රාවණ රජතුමා මෙම ගුවන් යානය මෙලොව තුළ කිසිදු යුද්ධයකට යොදා නොගන්නා ලෙස මේඝනාද කුමරුට උපදෙස් දුන්නේ ය. මේ තරම්, යුද්ධ ගුවන් යානා තිබියදීත්, රාම සමඟ පැවති සටනට එය භාවිතා නොකළේ, එය සුළු සටනක් ලෙස සිතමිනි. සහශ‍්‍රගත ගුවන් යානයේ හෝ මිත‍්‍ර කිසිදු රටක ආධාර නොලබාම හුදෙකලා සටනක නිරත විය.
රාවණා රජු ගේ දඬුමොණර යානයේ දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අතර, කිසියම් ගමනක් පිටත්ව යාමට පෙර වතාවත් කිහිපයක් ඉටු කළේ ය. ඉන් ප‍්‍රධාන වන්නේ සුර්ය දෙවියන්ට වන්දනා කිරිමය. ඉන්පසු යාතිකා කිරීමෙන් අනතුරුව යානය පණ ගන්වා පිටත්ව යති.
අදටත් රාවණ රජතුමා ලක්දිවට පැමිණේ. ඒ අමාවක පෝය දිනයේ දී එර්දි බලයෙනි. එතුමා ජන්මලාභය ලද දක්ෂිණ ලංකාවේ රාජ ග‍්‍රාමයේ යක්විල (රිදිපුරයට - පිහිටි කේසිනී (රාවණාගේ මව ගේ - ගේ මාලිගාවට පැමිණ නමස්කර කරනු ලබන බව වශිෂ්ටමුණිතුමා, භාවනාවේදි ප‍්‍රකාශ කර ඇති බව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා තවදුරටත් සඳහන් කරයි.
එදවස රාවණා රජු සතුව රත‍්‍රන් තහඩුවක කැටයම් කරන ලද අලංකාර යන්ත‍්‍රයක් තිබුණි. එම යන්ත‍්‍රය නිතර පළඳින අතර, ”පරචිත්ත දර්ශන යන්ත‍්‍රය” ලෙස මෙය හැඳින්වේ. එය බෙල්ලේ එල්ලා ගෙන සිටින කාලයේ ඔහු ළඟට පැමිණෙන පුද්ගලයන් පැමිණි කාරණය පමණක් නොව ඔහු හෝ ඇය ගේ සිත තුළ සඟවා ගෙන ඇති සිතුවිලි ඉතා පහසුවෙන් දැන ගැනීමටත් හැකියාව පවතී. මෙම යන්ත‍්‍රයට ද කොටු දොළහකි.
ඔහු ගේ සතුරා ගමන් කරන්නේ කොහේද ඉන්නේ කොහේද, සටන් බිමට එනවද නැතිද යන්න දැන ගැනිමට තවත් යන්ත‍්‍රයක් ‘‘ල් දර්ශන” නමින් පැළඳ ගෙන සිටියේ ය. එය සාදා තිබෙන්නේ පදම් කළ කොටි සමකිනි. එහි කොටි තෙල් වලින් රූප සටහන් යොදා ඇත. එම යන්ත‍්‍රය අශෝක ගසක් ළඟ තබා කොටි තෙල් වලින් පහනක් පත්තු කර කළුදෑවෙකු (කළු පැහැති දිවියෙකුගේ සමක් උඩ වාඩිවී ” ඕං දුර්ගා......” නැමති මන්ත‍්‍රයෙන් ජපකරන විට සතුරා ගේ ක‍්‍රියාකාරකම් දැක ගත හැකිය. විභිෂණ මේ බව දැන සිටි නිසා, රාම කුමාරයාට ගැන දැනුම් දි තිබුණි. ඒ අනුව රාම කුමාරයා ද එවැනි යන්ත‍්‍රයක් සාදා ගැනීම සඳහා උත්සාහ කළ ද, අසාර්ථක වු බව රාවණ කතා පුස්කොළ ග‍්‍රන්ථයෙහි සඳහන් වේ.
රාවණා රජු ඝාතනය කිරිම සඳහා, රාම කුමාරයා ද බොහෝ වෙහෙස මහන්සි වී, යන්ත‍්‍රයක් සාදා ගත්තේ ය. ඒ සඳහා විභිෂණ ගේ සහාය ද ලැබුණි. එය පෑනක් තරම් කුඩා රොකට් එකකි. ඉතාමත් වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ලබා දී තිබුණි. එහෙත් රාවණා රජු ළඟ ඇති ඊටත් වඩා ප‍්‍රබල ආරක්ෂක යන්ත‍්‍රයක් පැළඳ ගෙන සිටි බැවින් ඉන් ප‍්‍රයෝජනයක් ලබා ගත හැකි වූයේ නැත. රාමා ගේ එම මිසයිලය රාවණා රජු ළඟට ගොස් ආපසු එයි. එය ”රාමසැරය” නමින් හැඳින් විය.
යුද්ධ අභ්‍යාස සඳහා රාවණා ගේ ඇමති මණ්ඩලය ද සහභාගි වෙති. කාර රාක්ෂයා එක් ඇමතිවරයෙකි. ඔහු ගමන් කරන්නේ රෝද හතරක යකඩ වාහනයකිනි. වර්තමාන මෝටර් රථයේ උපතට ද බලපා ඇත්තේ එම වාහනය බව ආචාර්ය ඔබේසේකරයන් ගේ අදහස ය. මහිද, සූර, උග‍්‍රසේන, තිරමුණි, මාන, භානු, යන නම් වලින් විශේෂ දක්ෂතා පෙන්නුම් කළ රාක්ෂයන් ද සිටියහ.
මතු සම්බන්ධයි...
සිසිර කුමාර බණ්ඩාර
හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.
අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්
කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති
ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.
සීතල දෙසැම්බරය අවසන් වීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඉන් අනතුරුව එළඹෙන නව වසර පිළිගැනීමට දැනටමත් බොහෝ දෙනා සිටින්නේ නැවුම් බලාපොරොත්තු පොදි බැඳගෙනය
වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රාවණාගේ යුද අභ්‍යාස