IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


රවි ධනු රාශි ගතවීම ඔබට කොහොමද?

 

 

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ලෙස සැලකෙන රවි ග්‍රහයා 2019 දෙසැම්බර් මස 16 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශියට පැමිණෙයි. 2020 ජනවාරි 15 දින දක්වා රවි ග්‍රහයා ධනු රාශියේ තැන්පත්ව සිටී. ඉන් පසුව බුධ ග්‍රහයාද 2019 දෙසැම්බර් මස 25 දින සිට 2020 ජනවාරි 13 දක්වා ධනු රාශියේ ගමන් කරයි. මේ වන විට සෙනසුරු ග්‍රහයා සමග ගුරු ග්‍රහයාද කේතුද ධනු රාශියේ ගමන් කරමින් සිටී.   


මේ අතර රවි ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන 2020 ජනවාරි 15 දින දක්වා කාලය තුළ කෝණ මාසයක් උදාවේ. එම නිසා මෙම කෝණ මාසය තුළ විවාහ මංගල කටයුතු හා ගෘහ නිර්මාණ කටයුතුවලට සුබදායක නොවන බව මතක තබාගන්න එහෙත් 2019 දෙසැම්බර් මස 25 වන දින සිට 2020 ජනවාරි  බුද ග්‍රහයා ධනු රාශියේ ගමන් කරන කාලයේ නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට අකුරු කියවීමට හා සියලුම අධ්‍යාපන පාඨමාලා ඇරඹීමට සුබ කාලයක් උදා වේ.   


රවි මාරුව ඔබේ ලග්නයට බලපාන හැටි....  


මේෂ   


ඔබේ කේන්ද්‍රයේ නමවැන්නේ රවි සමග ශනි, ගුරු ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. පසුගිය මාසයේ තිබූ ප්‍රශ්නයකට විසඳුම් ලබා ගත හැකි වේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට සුබදායක වේ. වි​දේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටුවේ. ඔබේ ලග්නාධිපති කුජ දෙසැම්බර් 25 වැනිදා සිට අටවැන්නේ ගමන් කිරීම නිසා තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත.  


වෘෂභ   


ඔබේ කේන්ද්‍රයේ රවි සමග ශනි, ගුරු අටවැන්නේ ගමන් කිරීම එතරම් සුබදායක නොවේ. ගෘහජීවිතයට තරමක බාධා ඇතිවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. ගෘහාශ්‍රිත ව්‍යාපාරවලින් එතරම් ලාභ නොලැබේ. තැන්පත් ධනය පරිහරණයේදී වඩාත් සැලකිලිමත් වන්න. උසස් අය සමග කටයුතු කරනවිට කල්පනාකාරී වන්න. රුධිර පීඩනය හා උෂ්ණාධික රෝගවලින් පරෙස්සම්වන්න. සෙනසුරු දශා ගත කරන අයට අපලයි.  


මිථුන   


බුධ හිමි ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ රවි සමග ගුරු ශනි හත්වැන්නේ ගමන් කිරීම මිශ්‍රඵලදායකයි. උසස් අයගේ ආධාර උපකාර ලබා ගැනීමට හැකිවේ. බිරිඳ හෝ සැමියාට මිශ්‍රඵලදායක වේ. ප්‍රසිද්ධ සතුරන් සමග අවුල් වියවුල් ඇතිවීමටද ඉඩ ඇත. හවුල් ව්‍යාපාර වලටද මිශ්‍රඵලදායක වේ. ශරීර සෞඛ්‍යය රැකගන්න.   


කටක   


සඳු හිමි කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ හයවැන්නේ රවි සමග ශනි, ගුරු ගමන් කරයි. ඔබේ රැකියා හා ව්‍යාපාර කටයුතුවලට උසස් අයගේ උදව් උපකාර ලැබෙන අතර සේවක පක්ෂයේ සහයෝගයද ලැබෙන නිසා සාර්ථක වේ. ඔබට තරග විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ හිමිවේ. බලා​පොරොත්තු වූ ණය මුදලක් ලැබේ. සතුරු බලවේග මර්දනය වේ. නඩුවලින් ජයගත හැකි වේ.  


සිංහ   


රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති වන රවි සමග ශනි ගුරු පස්වැන්නේ ගමන් කරයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මිශ්‍රඵලදායක වේ. දරුවන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමේදී කල්පනාකාරීව කටයුතු කරන්න. කෙසේ නමුත් දෙසැම්බර් 25 සිට කුජ ග්‍රහයා හතරවැන්නට පැමිණි නිසා ගෘහජීවිතය ගත කිරීමේදී ඉක්මන් කෝපය පාලනය කර ගන්න.  


කන්‍යා   


ඔබේ කේන්ද්‍රයේ හතරවැන්නේ රවි සමග ශනි, ගුරු ගමන් කිරීම සුබාසුබ මිශ්‍රඵලදායක වේ. මෙම මාසය ඇතුළත රැකියාවේ සිත් තැවුල් ඇතිවිය හැකිබව පෙනේ. පදිංචිය පිළිබඳවත් ගෙවල් ඉඩකඩම් සම්බන්ධව කරදර ඇතිවීමට ඉඩ ඇත. කෘෂිකාර්මික කටයුතු හා නිවසේ දියුණුවට කරන කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. හෘදයාබාධ ඇති අය ශරීර සෞඛ්‍යය ගැන පරෙස්සම්වන්න.   


තුලා   


ඔබේ කේන්ද්‍රයේ තුන්වැන්නේ රවි සමග ගුරු, ශනි ගමන් කරයි. සුබඵලදායක වේ. උත්සාහය හා ධෛර්යය වැඩි වේ. රජයේ රැකියාවල නිරත වන අයට උසස් නිලධාරීන්ගේ උදව් උපකාර ලැබේ. සහෝදරයකුගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලැබේ. කෙටි ගමන් බිමන්ද යෙදේ. අසල්වාසින් අතර සුහදතාවය වර්ධනය වේ. ඔබේ ආදායම් තත්ත්වය යහපත් වේ. ලිපි ලේඛන හා අධ්‍යාපන කටයුතුවලට සුබයි.   


වෘශ්චික   


ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නේ රවි සමග ශනි, ගුරු ගමන් කිරීම මිශ්‍රඵලදායක වේ. තැන්පත් ධනය වැයවීමට කරුණු යෙදිය හැකියි. කෙසේ නමුත් ආදායම් මාර්ගද ඇතිවේ. උෂ්ණාධික රෝග හා ඇස්වල රෝගද ඇතිවීමට ඉඩ ඇත. ගෘහජීවිතය මිශ්‍රඵලදායක වේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලට සුබයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.   


ධනු   


රවි සමග ගුරු ශනි ඔබේ කේන්ද්‍රයේ ලග්නයේ ගමන් කිරීම නිසා සුබාසුභ මිශ්‍රඵල ගෙන දෙනු ඇත. ශාස්ත්‍රීය හා අධ්‍යාපන කටයුතුවලට සුබඵලදායක වේ. වැඩිදුර ඉගෙනීමකට දොරටු විවර වෙයි. පෙරපින හා වාසනාව උදාවේ. උසස් අයගේ අාධාර උපකාර ලැබේ. දැඩි ලෙස අවිවේකී කාලයක් වනු ඇත. හිසේ රෝග, උෂ්ණාධික රෝගවලින් පරෙස්සම්වන්න. සෙනසුරු දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.   


මකර   


ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නේ රවි සමග ගුරු, ශනි ගමන් කිරීම අපලදායක වේ. ඔබ සාර්ථකව කරගෙන ආ කටයුතුවලට තරමක බාධා ඇතිවිය හැකියි. විදේශ ගමන් පිළිබඳව තිබූ බලාපොරොත්තු ඉටුවීමට බොහෝදුරට ඉඩ ඇත. රැකියා කටයුතුවලදී උසස් නිලධාරින් අමනාපවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. වියදම් පාලනය කර ගන්න. නීති විරෝධී කටයුතුවල නිරත නොවන්න. උෂ්ණාධික රෝග ගැන සැලකිලිමත් වන්න.   


කුම්භ   


සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නේ රවි සමග ගුරු, ශනි ගමන් කිරීම සුභඵලදායක වේ. ආදායම් මාර්ග යහපත් වේ. උසස් අයගේ ඇසුර ලැබේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරුවල උසස්වීම් ලැබේ. නව රැකියා ලාභ ලැබේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නයකට විසඳුම් ලැබේ. පිරිස් බලය ලබයි. අවිවාහක අයට මංගල යෝග උදාවේ. හවුල් ව්‍යාපාරවලට සුබයි.  


මීන   


ඔබේ කේන්ද්‍රයේ රවි දිග්බලව ගුරු, ශනි සමග දසවැන්නේ ගමන් කිරීම සුභඵලදායක වේ. නව රැකියා අපේක්ෂකයින්ගෙ බලාපොරොත්තු ඉටු වේ. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වේ. තනතුරුවල උසස්වීම් ලැබේ. රැකියා කටයුතුවලට උසස් අයගේ ආධාර උපකාර ලැබේ. ඔබේ නම පැතිරේ. බිරිඳ හෝ සැමියාට සුභඵලදායකයි. නිවසේ දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි වේ.   


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුභඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා, බෝධි පූජා, ආලෝක පූජා තැබීම සුබය. සූර්ය පිරිත හා මෝර පිරිත කියවීමත් යහපත් වේ.   


2020 නව වසර අපේ රටටත් ඔබ සැමටත් සාමය සතුට සහ සෞභාග්‍යය උදාවේවා!   


ජ්‍යොතිෂවේදිනී   
අජන්තා ඒකනායක, 
මාංගොඩ, මැදමහනුවර.   



අදහස් (0)

රවි ධනු රාශි ගතවීම ඔබට කොහොමද?

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 21 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 16 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 95 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 109 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 80 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 195 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site