පුරාණ ලංකාවේ අලි දඩයම -2
වනාන්තරයේ නිදහසේ සැරිසරන අලි ඇතුන්ගේ ගමන නතර කර ඔවුන් හීලෑකර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය මහත් වෙහෙසකර කටයුත්තකි.
වනාන්තරේ ප්‍රචණ්ඩව හැසිරෙන අලි රංචුවක් කුලප්පු කරවා ඒ කලබලය මැද ඒමේ අත දුවන අලි ඇතුන් කොටුවක් තුළට කොටුකර ගැනීම අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කළ යුතු මහත් වෙහෙසකර ත්‍රාසජනක කටයුත්තකි.
මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩු සමයේ මෙම ත්‍රාසජනක අත්දැකීම විඳීම සඳහා ප්‍රභූ පංතියේ බ්‍රිතාන්‍යයෝ මෙම ඇත් ගාල අසල දින ගණන් නැවතී කමින් බොමින් විනෝද වෙමින් ගත කළහ. ඔවුන්ගේ ආවතේව කිරීම සඳහා දහස් ගණනක ලාංකිකයෝ සැදී පැහැදී සිටියහ.
සමහර ලාංකිකයින් රාජකාරිමය වශයෙන් බැඳී සිටීම නිසා ද තවත් සමහර ලාංකිකයන් බ්‍රිතාන්‍ය ධන කුවේරයන්ගෙන් කීයක් හෝ ගතමනාවක් ලබා ගැනීම සඳහා ද මෙම ඇත් ගාල්වල සේවයට පැමිණියහ.
ඇත් ගාලට අලි ඇතුන් ගාල් කිරීම ධන කුවේරයන්ට ත්‍රාසය මුසු විනෝද ජනක අත්දැකීමක් වුණාට අසරණ සතුන්ට මහත් වේදනාබර කටයුත්තකි. සමහර අලි ඇතුන් ද මෙම ත්‍රාසජනක කටයුත්තේදී ජීවිතයෙන් ද වන්දි ගෙවති. තවත් සමහරුන්ට බරපතළ තුවාල සිදුවේ. ධනකුවේරයන් මහත් සතුටක් විඳින්නේ මෙම සත්වයන් විඳින දුක බලා සිටීමෙනි.
ධන කුවේරයන්ට අමතරව දේශීය ජනතාවට ද මෙම අලි ගාල් නැරඹීම විනෝද ජනක කටයුත්තකි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ජනයා එකතු වන සෑම කටයුත්තකදීම රජයට බද්දක් අයකර ගැනීමේ සිරිතක් පැවැති හෙයින් අලි ඇල්ලීම හා එම කටයුත්ත නැරඹීම බ්‍රිතාන්‍යයන්ට හොඳ ආදායමක් ලබාගත හැකි මාර්ගයක් විය.
අතීත ලංකාවේ ජනතාව ජීවත් වූයේ ගම්මාන ආශ්‍රිතවය. අද මෙන් නවීන මහාමාර්ග හා රථ වාහන නොතිබූ එකල එක පළාතක ජනයා තවත් පළාතක සිදුවන දේ දැන ගන්නේ බොහෝ කාලයකට පසුවය. ගම්මාන පිහිටා තිබුණේ ද ඈතින් ඈතය.
සමහර තැනක ගම්මාන කිහිපයක් එකට ද සමහර තැනක තනි ගම්මානයක් පමණක් ද පිහිටා තිබුණේ මහා මාර්ග බහුලව නොතිබූ නිසාය. මේ නිසා ගම්බද ජනතාවට විනෝදාස්වාදය ලබා ගැනීමේ මාර්ග ඉතා අඩුවිය. කරත්ත මඟින් දීර්ඝ වන්දනා ගමන් ගියේ විනෝදාස්වාදය ලබාගැනීමේ එක් මාර්ගයක් වශයෙනි.
අලි ගාල හෝ ඇත්ගාල අසල ඉදිවන තාවකාලික නගරය ද ගම්වැසියන්ට විනෝදාස්වාදය ලබා ගැනීමේ මාර්ගයක් බවට පත්වන්නේ මේ නිසාය. ජනතාවට විනෝදයත්, එවකට නාගරික ජනයා භුක්ති විඳි ආහාර පානත්, ලබා ගැනීමේ කඩ සාප්පු ද ඇතුළත්ව ගාල නගරය හෙවත් ‘‘ක්‍රාල් ටවුන්’’ නමින් හැඳින් වූ තාවකාලික නගරයක් ඇත්ගාල අසල ඉදිවීම මේ අනුව සිදුවෙයි.
මෙවැනිම තාවකාලික නගරයක් පුරාණ ලංකාවේ මුතු කිමිදීම සිදු වූ මන්නාරම, සිලාවතුර, මරිච්චිකට්ටි ආශ්‍රිත ප්‍රදේශයේ ද මුතු කඩන කාල සීමාවේ පිහිටුවා තිබිණි.
එම නගරයේ හතළිස් දහසක පමණ ජනතාවක් ගැවසුණු බව බ්‍රිතාන්‍ය යුගයේ වාර්තාවල සඳහන් වන අතර අලි ගාල අසල පිහිටුවෙන ‘‘ක්‍රාල් ටවුන්’’ හෙවත් ගාලේ නගරයට ද අති විශාල පිරිසක් එක් රැස් වන්නට ඇත.
මෙම තාවකාලික නගරයේ ඉදිවන කඩ කාමර කුලියට දී බ්‍රිතාන්‍ය පාලකයෝ බදු මුදලක් ලබා ගත්හ. එය ඔවුන්ගේ භාණ්ඩාගාරයට වාර්ෂිකව එකතු වූ හොඳ අරමුදලක් ද විය.
ගාල නගරයේ කඩ කාමර පිරී යන්නේ කොළඹ නගරයේ කඩ සාප්පුවල ඇති බ්‍රිතාන්‍යයෙන් ගෙන ආ නවීන බඩු භාණ්ඩ විදේශීය ආහාර වර්ග රෙදිපිළි සබන් පුයර ආදියෙනි. පවුල් පිටින් වන්දනාවේ යන්නා සේ දේශීය ජනතාව මෙම අලි ගාල නැරඹීමට පැමිණි බව බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ වාර්තාවල සඳහන්ය. මෙසේ පැමිණෙන බොහෝ දෙනා අලුත් පන්නයේ ධනවතුන්ය.
බ්‍රිතාන්‍ය රජයේ උදව් උපකාරයෙන් යමක්කමක් උපයා ගත් ධනවතුන්ය. මේ නිසා ඔවුන් ස්වභාවයෙන්ම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට මනාපය දැක්වූවන්ය. අලි අල්ලන සමය උදා වූ පසු විනෝද සංචාරයක් යන අයුරින් මේ ධනවත්තු වනාන්තරයට ඇතුළු වී ‘‘ක්‍රාල් ටවුන්’’ හෙවත් ගාල නගරයට ගොස් එහි බිම් කොටසකට කුලිය ගෙවා තාවකාලික කූඩාරමක් අටවා ගනිති.
මේවා ඉදිවන්නේ පොල් අතුවලිනි. දේශීය ධනවතා කුලිය ගෙවා ලබාගත් බිම් කොටසේ තාවකාලික මඩු තනාදීම සඳහා පොල් අතු පටවා ගත් කරත්ත රැගත් කුලීකාරයෝ ද සිය ගණනක් පැමිණ සිටිති. නගරය තැනීම සඳහා මේ දෙපිරිසම අන්‍යෝන්‍ය උපකාරයෙන් කටයුතු කළ යුතුය.
අලි අල්ලන සමය උදා වූ පසු දින දෙක තුනක් තුළ ගාල අවට පැල්පත් සිය ගණනකින් යුතු නගරයක් ඉදිවී අවසන් වෙයි. අලි අල්ලන සමය පුරාම එම කටයුතු ද නරඹමින් කාබී විනෝද වෙමින් මෙම දේශීය ධනවතුන් සහ සංචාරකයෝ ප්‍රීතිමත් සමයක් ගෙවා දමති.
ඔවුන්ගේ හිතසුව පිණිස මේ නගරයේ ගැවසෙන තවත් පිරිසක් ද වෙති. නාටිකාංගනාවන්, නාට්‍ය කණ්ඩායම් සහ වෛශ්‍යාවන් එම පිරිස වේ.
මාස කීපයක් අලි ගාල් කරන කටයුතු සිදු කෙරෙන නිසා දහස් ගණනක කුලීකාරයෝ ද එම ප්‍රදේශයේ ගැවසීම සිදු වේ.
ඔවුන්ගේ කාංසිය මකා දැමීමට විවිධ නාට්‍ය කණ්ඩායම් නාට්‍ය ඉදිරිපත් කරති. එය වර්තමානයේ ‘‘විනෝද මේලාවක’’ සිදුවන කටයුතුවලට සමානය. අලි ගාලේ සේවය කර කීයක් හෝ සොයා ගන්නා කුලීකරුවන් අතට ගන්නා මුදලට තට්ටු කිරීම නගරයේ ගැවසෙන විනෝදාස්වාදය සපයන්නන්ගේ අරමුණ වේ.
අලි ගාල අවට ආරක්ෂාවට පොලිසිය අනවශ්‍ය වූ බව ද එ් කටයුත්ත සිංහල ප්‍රධානීන් අතින් කෙරුණු බව ද ජෝන් ෆර්ගසන් ලියා ඇත්තේ මේ විදිහටය.
‘‘මෙතරම් ජනගහණයක් එකතු වුවද මෙම අලි ගාල අවට ඉදිවන ගාල නගරයේ නීතිය හා සාමය රැකීමට පොලිස් භටයන් අවශ්‍ය නැත. ඒ කටයුත්ත කෙරෙන්නේ ලාංකික මුලාදෑනියන්ගේ අතවැසියන් අතිනි. කෝරාල, ආරච්චි යනාදී නම්වලින් හැඳින්වෙන මොවුන් තම ජනයා ඉදිරියේ අති බලසම්පන්නය. මට හමුවූ එක්නැලිගොඩ එවැන්නෙකි.
උඩු රැවුල වවා ගරු ගාම්භීර විලාශයෙන් සිටි ඔහු පුරාණ උඩරට රාජධානියේ සිට පැමිණ සිටියේ අලි අල්ලන කණ්ඩායමක ප්‍රධානියා ලෙසය. ඔහු යටතේ හීලෑ අලි දුසිමකට අධික ගණනක් සමග ආවතේවකරුවෝ ද පැමිණ සිටියහ.
එක්නැලිගොඩගේ මූලස්ථානය යටියන්තොට දිස්ත්‍රික්කයේ උතුරට බරව පිහිටා ඇත. ඔහු එහි වාසය කරන්නේ ඔහුගේ ඉහළ බලතල තිබු ඥාතියාගේ අනුප්‍රාප්තිකයා ලෙසය. (මේ කියන්නේ අවසන් රජුගේ අගමැතිව සිටි එක්නැලිගොඩ නිලමේ ගැනය) සහායකයා ලෙස ඔහුගේම ඥාතියකු වන ඉද්දමල්ගොඩ කටයුතු කරයි. (දෙවැනි වතාවක එක්නැලිගොඩගේ අලංකාර ගෘහයේදී මම ඔහු මුණගැසුණෙමි. එවර ඔහු එකල සමාජයේ ජනප්‍රියව තිබූ ඉංග්‍රීසි පන්නයට අතට අතදී මා පිළිගත්තේය).’’
යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය ලේඛකයකු වූ ජෝන් ෆර්ගසන් සඳහන් කරයි.
අපගේ ලිපියට පාදක වූ සටහන රැගත් ජෝන් ෆර්ගසන්ගේ සටහන අනුව බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ඇල්බට් කුමාරයා අලි ඇල්ලීම නැරඹීමට පැමිණි ඇත් ගාල පිහිටියේ ලබුගමටය.
එකල කොළඹ නගරය අද තරම් විශාල නොවූ අතර, එය ඉතා කුඩා බිම් කොටසකට සීමා විය. ලබුගම කලටුවාව වැනි ප්‍රදේශ එදා මහ ඝන වනාන්තර විය.
බ්‍රිතාන්‍ය ලේඛක ජෝන් ෆර්ගසන් සඳහන් කරන ඇල්බට් කුමාරයාගේ සම්ප්‍රාප්තිය සිදුවන්නේ මෙවැනි වනයක තිබූ ඇත් ගාලක් නැරඹීම සඳහාය.
‘‘එවැනි සුන්දර වනාන්තරයක් මම මෙයට පෙර කිසිම රටකදී දැක නැත්තෙමි. අහස උසට විහිදුණු දැවැන්ත වෘක්ෂ ද, එහි එතුණු විවිධ ප්‍රමාණයෙන් සැදි වැල් ද අමුතු ලෝකයකට අප ගෙන ගියේය. වඳුරන් වැනි කුඩා සත්තු අප දැක කච පච ගාමින් ඒ මේ අත පනින්නට වූහ. අපි අසුන් අරා අලි ගාල ළඟට ගියෙමු.
අලි ගාල අපටවත් එක්වරම හඳුනාගත නොහැකි තරමට සූක්ෂම ව බැඳ තිබිණ. සුවිසල් ගස් ඉතිරි වන සේ ඒ අතරට කුට්ටි කළ විශාල කඳන් කෙළින් අතට සිටුවා ඒවා මැදින් කැපූ කඳන් බැඳ තිබේ. මේ වැට අතිශයින් ශක්තිමත්ය. කිසිදු හස්තියකුට වැට බිඳගෙන යා නොහැක්කේය’’ ෆර්ගසන් සඳහන් කරයි.
එංගලන්තයේ ඔටුන්න හිමි ඇල්බට් කුමාරයා සහ වේල්සයේ ජෝර්ජ් කුමාරයා එංගලන්තයේ සිට නැව් නැංගේ ඔවුන්ගේ පරම්පරාවට අයත් ලංකාව නමැති කිරීටයේ ගම්බිම් නරඹා හැකි පමණ විනෝදවීමේ පරමාර්ථයෙනි.
මෙම දෙදෙනාගේ විනෝදය සඳහා ලංකාවේ විවිධ උත්සව සූදානම්ව තිබූ අතර ලබුගම වනාන්තරයේ ඇත් ගාලේදී අලි ඇතුන් ඇල්ලීම නැරඹීම ද එයින් එකක් විය.
එහෙත් හදිසියේම අලියකු අසනීප වීම නිසා සූදානම් කර තිබූ උත්සවය වෙනස් කිරීමට සිදු වූ බව 1882 ජනවාරි 31 අඟහරුවාදා දාතමින් ජෝන් ෆර්ගසන් ලියා ඇති ලිපියක සඳහන් වේ. එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
‘‘ආණ්ඩුවේ දිසාපති විසින් සකස් කරන ලද සැලැස්ම ඇත් ගාල බාර නිලධාරි ඩෝසන් මහතාගේ අදහසට අනුව ක්‍රියාත්මක කිරීමට තිබුණේ මෙසේය.
පිටත සිටි ඇතුන් ඇත් ගාල තුළට පන්නාගෙන ඒම සඳහා බෙර හඬ නගමින් ඔවුන් පසුපස එළවාගෙන ඒමට නියමිත විය. එය සිදුකිරීමට තිබුණේ ඊයේ රාත්‍රියේය.
ඉන්පසු අද දින එම අලි අැතුන්ගේ පාදවලට මදු ගසා ගස්වල බැඳ දැමීමට නියමිතය. මේ සඳහා දිනක පමණ කාලයක් ගත වේ. මේ කටයුතු කෙරෙන ආකාරය ජෝර්ජ් කුමාරයාට එක දිගටම දැක ගැනීමට ලැබෙන අතර බදාදාට පෙර කුමාරවරුන්ට කොළඹට සැපත් විය හැකිය.
එහෙත් කලබල වූ ඇතින්නියක නිසා එම වෑයම වෙනස් කරන්නට සිදුවිය.
‘‘අප එහි සිටියදීම එක් ඇතින්නියක ප්‍රචණ්ඩ ලෙස හැසිරුණාය. ඇය මෙල්ල කර ගැනීම ඉතා අසීරු විය. ගරුතර ආණ්ඩුකාර ලොන්ඩන්, කුමාරවරුන් දෙදෙනා, ආණ්ඩුකාර මැතිනිය ඇතුළු ප්‍රභූවරු බය බිරාන්තව බලා සිටියදී මෙම ඇතින්න මෙල්ල කිරීමට කපිතාන් ෆ්‍රට්ට සිදු විය. ඇයට වෙඩි තබන ලදී.’’
එංගලන්තයෙන් ආ කුමාරවරුන්ගේ සහ රට පාලනය කළ බ්‍රිතාන්‍ය ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා ඇත්ගාල තුළ කළබල කළ ඇතින්නක වෙඩි තබා මරා දැමුවේ ඒ අයුරිනි.
මෙය ප්‍රභූවරුන්ගේ සිතැඟි ඉටු කරන්නක් විය. ඔවුන් මෙම ඇත් ගාලට පැමිණියේ මෙවැනි ත්‍රාසජනක ජවනිකා දැක ගැනීමේ අරමුණිනි. එය ඒ ලෙසම ඉටු විය.
මෙම වෙඩි ප්‍රහාරය නිසා එම අසරණ සත්වයාගේ පැටියා හුදෙකලා විය. මව් ඇතින්න අහිමි සොවින් පැටියා කලබල කරමින් ඒ මේ අත දිවූ බව ද පහරදීමෙන් පැටියා මෙල්ල කර ගත් බව ද ෆර්ගසන් ලියා තිබේ.
එකල බ්‍රිතාන්‍ය ප්‍රභූ පංතියේ විනෝදාංශයක් වූයේ තමන් යටත් කරගත් රටවල වන සතුන් දඩයමය. සමහර යුරෝපීයයන් අලි ඇතුන් මරා දැමුවේ දහස් ගණනිනි. අලි දඩයම ත්‍රාසජනක ක්‍රියාවක් සේ සලකන ලදින් තුවක්කුවක් අතින් ගෙන කැලයට යන ඔවුහු යම් දුරක සිට එල්ලය බලා සත්වයාගේ හිස ඉලක්ක කර උණ්ඩයක් මුදා හරියි.
හරියටම ඉලක්කයට එල්ල කර වෙඩි තැබීම හපන්කමක් ලෙස සැලකුණි. එකල තිබූ ස්වයංක්‍රීය නොවන එක වරකට එක උණ්ඩයක් පමණක් නිකුත් වන තුවක්කුවලින් එවැනි දැවැන්තයකුට වෙඩි තැබීම නිර්භය අයකුට පමණක් කළ හැකි දෙයක් වුවද, එමඟින් විනාශ වූයේ එම රටට අයත් වන සත්ව ජීවිතය.
ඇත් ගාලේදී මරා දැමුණු ඇතින්නගේ වල්ගය කපා ඔටුන්න හිමි කුමාරයාට සිහිවටනයක් ලෙස ත්‍යාග කරන ලද බව ද ෆර්ගසන් සඳහන් කරයි.
මතු සම්බන්ධයි
ප්‍රේමකීර්ති රණතුංග
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෙඩි තබා මැරූ ඇතින්නගේ වලිගය රාජ කුමාරයාට