මනාලිය වී ඥාතීන් සමග
සයාරි සහ රියෝ නන්ද
සැබෑ ප්‍රේමය වූ කලී ජීවිත ගිමන් හල තුළ කිසිදා මැකී නොයන සුන්දර සිහිවටනයකි. විටෙක එය ජීවිතය ක්‍රියාත්මක කරවන, පණගන්වන යතුරක් බවට පත්වෙයි. විටෙක ප්‍රේමණීය ආශ්වාදයෙන් පුරවාලයි. සැබෑ ප්‍රේමය යනු කිසිදා ඉවත දැමිය නොහැකි, කිසිදු බාහිර බලවේගයකින් ගලවා දැමිය නොහැකි ආශ්වාදනීය වූ පරම පවිත්‍ර බැඳීම් දාමයකි.
ඉන්දුනීසියානු ජාතික යුවතියකවූ ඉන්ටන් සයාරි සහ ඉන්දුනීසියානු තරුණයකු වූ රියෝ නන්ද ප්‍රථමා ඒ පරම පවිත්‍ර සැබෑ ආදරයෙන් වෙළී සිටි පෙම් යුවළක් වූහ.
ඇය සහ වෛද්‍යවරයකු වූ රියෝ නන්ද ප්‍රථමා අතර විවාහය සිදුවන්නට නියමිතව තිබුණේ ගෙවීගිය නොවැම්බර් 11 වැනිදාටය. තාරුණ්‍යයේ ආරම්භක මොහොත ගෙවමින් සිටින සුන්දර සයාරි තමාගේ මනාලිය වනදා ඇය සැරසී සිටිය යුතු අැඳුම ඇය පැලැඳිය යුතු මාල වළලු සහ මල්දම ගැන රියෝ නන්ද තුළ තිබූ අදහස් සියල්ලම ඔහු තම මනාලියට කියා තිබුණි.
“ඔයා ලස්සන සුදු කබායකින් සැරසිලා, සුදු රෝස පොකුරකින් සැරසෙන්න ඕනෑ. වෙලාවටම මට එන්න බැරිවුණොත් ඔයා ඒ විදිහටම සූදානම් වෙලා වෙඩින් ෆොටෝ එකට පෙනී ඉන්න ඕනෑ....” රියෝ නන්ද කීවේ විහිළුවක්ද කරමිනි. ඇය ඒ සියල්ල සතුටින් බාරගත්තාය. පාසල් වියේ සිට වසර 13 ක කාලයක් පෙම් කළ තම ප්‍රේමවන්තයාගේ සියලු අදහස් ඇය හොඳින්ම දැන සිටියාය.
ඔහු ජකර්තාවේ පැවති රාජකාරි කටයුත්තක් සඳහා ගොස් තම ගම්පියස වූ පන්ග්කල් පිනන්ග් දූපත කරා ආපසු ඒමට ලයන් එයාර් ෆ්ලයිට් ජේ.ටී. 610 යානයට ගොඩවනවිටත් ඇය වෙළී සිටියේ තව දින කීපයකින් එළඹෙන ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය පිළිබඳ මිහිරි සිතුවිලි දාමයක ය.
එහෙත් ජේ.ටී. 610 දරන ලයන් එයාර් ගුවන්යානය යළි කිසිදා ගොඩබිමකට සේන්දු වූයේ නැත. එය උඩට ඔසවන ගමන අතරතුරදී එක්වරම පහතට හැරී මුහුදට කඩා වැටුණේ මගීන් 189 ක් සමගය.
එම පුවත ඇසූ සයාරි ඉකිබිඳ වැලපුණාය. වසර 13 ක ප්‍රේමය තමාගෙන් සදහටම ගිලිහී ගොස් ඇත. මුහුදට පතිත වූ යානය යළි මුහුද මතුපිටට එන්නේ නැත. ඇගේ ආදරණීය පෙම්වතාද ඒ සමගම ජීවිත ගමන අවසන් කළ බව ඇය දැන සිටියාය.
හඬාවැලපීමෙන් අනතුරුව ඇය තවත් තීන්දුවකට එළඹුණේ තම පෙම්බරයා වෙනුවෙනි. සැබෑ ප්‍රේමයක් කිසිදා මියැදෙන්නේ නැත. දෙදෙනාගේ පරම පිවිතුරු බලාපොරොත්තුව වූ විවාහ දිනය එළඹීමට නියමිතව ඇත්තේ 11 වැනිදාටය. ඔහු කී පරිදිම සුදුවතින් සැරසී සුදු මල් කළඹක් ගෙන විවාහ ඡායාරූපයට පෙනී සිටින්නට ඇය තීරණය කළාය.
“මං එයා වෙනුවෙන් ඒ තීන්දුව ගත්තා. එයා කියපු විදිහටම සැරසිලා විවාහ ඡායාරූපයට පෙනී සිටියා. ඔහු දකින්න ආසා කළ මගේ මද සිනාව ඔහු වෙනුවෙන්ම මම ඡායාරූපයට දුන්නා...” ඇය තම ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහන් කළාය.
ඇගේ ප්‍රේමවන්තයාද සමග මුහුදු පතුලට ගිය බෝයිං 737 දැවැන්තයා නිෂ්පාදනය කර වසරක්වත් ගතව තිබුණේ නැත. බෝයිං යානයේ ගියර් පද්ධතියේ දෝෂයක් මෙම ඛේදවාචකයට හේතුවන්නට ඇතැයි සැලකේ.
ප්‍රථම ප්‍රේමය, සැබෑ ප්‍රේමය මේ කිසිම අනතුරක්වත් කිසිම හේතුවකින් වෙන්කළ නොහැක්කේ ය.
ප්‍රේමකීර්ති රණතුංග
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
වෙන්කළ නොහැකි සැබෑ ප්‍රේමය