සාර්ථක විවාහයකින් ගම්‍ය වන්නේ අඹු සැමි දෙදෙනාගේ හදවත් තුළ ඇති ආදරය බැඳීම හිතෛෂි බව සතුට සමගිය සේම කායික බැඳීම ලිංගික සබඳතා දරුඵල එකිනෙකා අනෙකා කෙරෙහි සංවේදී වීම ආදී කරුණුය.
ඇතැම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අධිකාම යෝග පිහිටීම ඇතිවීමට පුළුවනි. එවන් කාම යෝග ඇති උදවිය විවාහ වියයුත්තේ එවැනිම යෝග යෙදී ඇති අය සමගයි. මේ සඳහා පොරොන්දම් පරික්ෂාවත් කේන්ද්‍ර 02 ගැළපීමත් ගැන සැලකිය යුතුයි.
කාමුක යෝග යෙදෙන ක්‍රම කීපයකි. කුජ සිකුරු 02 න් එකට සිටීමෙන් 01-04-07-10 යන ස්ථානයක නම් අධික කාමාශාවන් ඇති අයකු වෙයි. මෙම සංයෝගය ශරීර ශක්තිය ගෙන දෙයි. මෙම යෝගය යෙදී ඇති අයකුට එවන් යෝගයක් යෙදුන සහකරුවකු හෝ සහකාරියක විවාහවීම ගැළපෙයි.
මිථුන ලග්නයෙන් උපන් අයකුගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ලග්නගතව සිටිවිට (01) සිකුරු ධනු රාශියේ නොහොත් 07 වැන්නේ සිටිවිට එය කාමාධික යෝගයක් වෙයි. මිථුන ලග්න හිමිකරුවකුගේ හිමිකාරියකගේ බුධ කුමන ස්ථානයක සිටියත් එතැනින් භාව 06 කින් එහා 07 වැන්නේ සිකුරු සිටීම ද අධිකාම යෝගයකි.
සිංහ ලග්න හිමියන්ගේ රවි සිකුරු දෙදෙනා 04 වැන්නේත් (වෘශ්චික රාශියේ) සහ 04 අධිපතියා (කුජ) ලග්න ගතව සිටියදී සඳු 03 වැන්නේ තුලා රාශියේ සිටීමද අධිකාම යෝගයකි. කේන්ද්‍ර සටහනේ රවි කුජ 07 සිටීමද අධිකාම යෝගයකි.
ලග්නය වෘශ්චික වී කුජ 07 වැන්නේත් 07 වැන්න අධිපති සිකුරු ලග්නයේත් ස්ථාන මාරුකරගෙන සිටීමත් රවි 11 වැන්නේ වීමත් කාමුක යෝගයකි. කුජ සිකුරු සංයෝගය වැඩිපුරම කලාකරුවන්ට නළු නිළියන්ට පිහිටා ඇති බව පෙනේ.
සිකුරු සෙනසුරු එකට සිටීමෙන් වාසනාවන්ත විවාහ ජීවිතයක් ගත කළ හැකිය. ඇතැම්විට විවාහය ප්‍රමාද වීමට පුළුවනි. බුධ සිකුරු දෙදෙනා අභ්‍යන්තර හැඟීම් රාගය කාමය අවුස්සයි. සංගීත කලා කටයුතුවල යෙදී සිටින අයට මෙම යෝගය වැඩිවශයෙන් බලපායි.
ෙක්න්ද්‍ර සටහනේ 07 වැන්නේ කුජ ශනි රාහු කේතු සිටීම විවාහයට එතරම් ශුභදායක නැත. රාහු සමග සඳු 07 සිටීමෙන් කාමාධික ගුණය වැඩිකරයි. මෙය විවාහ ජීවිතයට සේම චරිත ශුද්ධියට ද බලපායි.
හත අධිපතියා සහ 05 අධිපතියා එකට සිටීමෙන් විවාහය ඉක්මන්වෙයි. හත්වැන්න අධිපතියා සමග කුජ (අඟහරු) සංයෝගවීමෙන් කාමාශා බලවත් වන අතර විවාහය ද ඉක්මන් වෙයි.
විවාහ ජීවිතයේ සැප අඩුවන්නේ ගුරු සඳු සංයෝග යෙදීමෙනි. කේන්ද්‍ර සටහනේ 02-05-07-11 යන තැනක ගුරු සඳු සංයෝගය පිහිටා ඇත්නම් විවාහ ජීවිතයේ සැප අඩු කරයි.
මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී කලාභූෂණ
ආර්.ඇම්.ටී.බී. රත්නායක.
ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.
’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි
දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත
මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල
පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.
ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
විවාහය සහ අධිකාම යෝග