IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ශාස්ත්‍රධාර භූමි ජන්ම සහ සඳරු රේඛා

අත්ලේ ප්‍රධාන රේඛාවන්ට අමතරව සමහර අයගේ අත්වල පිහිටන තවත් ලුහුඬු රේඛා කීපයක් පිළිබඳවයි මෙවර ලිපියෙන් ඔබව දැනුම්වත් කරන්නේ. ඒ තමයි ශාස්ත්‍රධාරී රේඛාව, භූමි රේඛාව, ජන්ම රේඛාව සහ සතුරු රේඛාව දැන් අපි බලමු එම රේඛාවන් පිහිටා ඇති ආකාරය හා එමගින් ඔබට ලැබෙන සුභ අසුභ කෙසේද කියා. 

 
දැන් ඔබ බලන්න මේ සමග පළවී ඇති රූපසටහන දෙස අංක (1) මැණික්කටු රේඛා ආශ්‍රයෙන් ජීවන රේඛාවෙන්, ශීර්ෂ රේඛාවෙන් හෝ හෘද රේඛාවෙන් ආරම්භ වන ශාස්ත්‍රධාරී රේඛාව පිහිටන්නේ කීර්ති රේඛාවටත්, සුඛරේඛාවටත් මැදිවෙලා බව ඔබට අවබෝධ වෙන්න ඕන. කීර්ති රේඛාවේ සාමාන්‍ය පිහිටීමත් සුඛ රේඛාවේ සාමාන්‍ය පිහිටීමත් (ශාස්ත්‍රධාරී රේඛාවේ දෙපැත්ත) කෙටි ඉරිවලින් සලකුණු කර ඇති නිසා එම රේඛාව පිහිටා ඇත්තේ කෙසේද කියා ඔබට පැහැදැලි ඇත.   


කීර්ති රේඛාව රවි මණ්ඩලයෙන් අවසන් වෙන බවත් සුඛ රේඛාව බුධ මණ්ඩලයෙන් අවසන් වන බවත් පෙර පළවූ ලිපි වලින් ඔබ දැනුම්වත් වෙලා ඇති. නමුත් ශාස්ත්‍රධාරී රේඛාව අවසන් වන්නේ වෙද ඇඟිල්ලටත් සුළැඟිල්ලටත් අතර ඇති නිම්න ප්‍රදේශයෙන්. වෙනත් අයුරකින් පැහැදිලි කරනවා නම් හරියටම ඇඟිලිකරු දෙක අතරින් මේ අයුරින් කාගේ හෝ අතක රේඛාවක් පිහිටා තිබේ නම් එය ශාස්ත්‍රධාරී රේඛාව යයි පැහැදිලිව කිව හැකිය.   


ශාස්ත්‍රධාරී රේඛාව හැම කෙනෙකුගේම අත්වල පිහිටන රේඛාවක් නොවේ. නොයෙකුත් විදියේ ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව මනා ප්‍රවීණතාවක් ලබන විශාරදයන්ගේ අත්වල පමණයි බොහෝවිට මෙම රේඛාව දැකිය හැක්කේ. උපතින් උරුම වූ හෝ උත්සාහයෙන් ඇතිකරගන්නා ලද අසහාය බුද්ධි බලයක් ඇති අයගේ අත්වලත් මෙම රේඛාව පිහිටිය හැක. ජ්‍යොතිර්වේදීන්, පුවත්පත් කලාවේදීන්, ගත් කතුවරුන්, විද්‍යාඥයින්, චින්තකයින්, කවියන් වැනි ප්‍රසිද්ධ ජීවිත ගතකරන අයගේ අත්වල ශාස්ත්‍රධාරී රේඛාව ඇති බව පර්​ෙ‌ය්ෂණ වලින් ඔප්පු වී ඇත.   


ශාස්ත්‍රධාරී රේඛාව හක්ගෙඩි ලකුණකින් අවසන් වීම වඩාත්ම සුභඵල ගෙනදෙන පිහිටීමක් වේ. දස දිශාවන්හි පැතිර ගිය කීර්තියක් ඇති ඔවුන් මිනිසත් බවේ උතුම් සංකේතයක් වෙයි. එම රේඛාව මන මත්ස්‍ය (මාළුවා) සලකුණක් තිබීමද ඒ වගේම සුභ පිහිටීමක්.   


භූමි රේඛාව   


මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අගභාගය ඡේදනය කරමින් මහපට ඇඟිල්ල දෙසට විහිදයන අංක 2 සලකුණු කර ඇති රේඛාව දැන් හඳුනා ගන්න. එය තමයි භූමි රේඛාව. ඉඩකඩම් වගේම භූමියෙන් ලබාගන්නා මැණික් නිදන් වස්තු වැනි දේවලට හිමිකරුවන් වන අයගේ අත්වල බොහෝවිට භූමි රේඛාව දැකිය හැකිවේ. මැටි ගල් වැලි ඛනිජ සම්පත් උපයෝගී කරගන්නා ව්‍යාපාර වලින් දියුණු වන අයගේ අත්වලද පිහිටිය හැකි භූමි රේඛාව වෙනත් ඉරිවලින් ඡේදනය වීම (කැපීයාම) සුභ නොවේ. ඉඩකඩම් සම්බන්ධ නඩු හබ අවුල් වියවුල් ඇතිවීම එවැනි ලක්ෂණ හේතු විය හැක. දූපත් ලකුණු කළු ලප වැටීමද ඒ වගේම අශුභඵල ගෙනදෙයි. ඉඩකඩම් තමන්ගේම වාසියට තීන්දු වන නිසා භූමි රේඛාව මත දිස්වන චතුරස්‍ර ලකුණ සුභ පිහිටීමක් වේ. 

 
ජන්ම රේඛාව මැණික් කටු රේඛා ආශ්‍රයෙන් ආරම්භ වී ජීවන රේඛාවේ අවසාන කෙළවර කපාගෙන උඩු අත බලා විහිද යන රේඛාව අංක 3න් පෙන්වා ඇත. එම රේඛාව ජන්ම රේඛාවයි. එම රේඛාව පැහැදිලිව දර්ශනය වේ නම් එය වාසනාවන්ත පිහිටීමක්. පූර්ව ආත්ම භවයන්හිදී කරන ලද නොමද පින්බල ඇති ඔවුහු අනේක විධ භවභෝග සම්පත් ලැබීමේ භාග්‍යවන්තයෝ වෙති. එවැනි පිහිටීම් ඇති අයට උපන් භූමියේ ජීවත්වීමෙන් හා උපන් භූමියේ ව්‍යාපාර ආදිය ආරම්භ කිරීමෙන් ශීඝ්‍ර දියුණුවක් ලබාගත හැක. 

 
කාගේ හෝ අතක ජන්ම රේඛාව කැපී කැඩී ගොස් විකෘති වී ඇතිනම් එවැනි අයට උපන් භූමියේ ජීවත් වීමෙන් හෝ උපන් භූමියේ ව්‍යාපාර කිරීමෙන් හෝ දියුණු විය හැකි නොවේ. ජන්ම රේඛාව මත දූපත් ලකුණු හෝ කතිර ලකුණු වැටීමද ඒ වගේම අශුභයි. එවැනි පිහිටීම් ඇති අයට විදේශ රටවලදී හදිසි විපත් අකල් මරණ පවා සිදුවිය හැක. රේඛාව මත චතුරස්‍රයක ලකුණක් තිබේ නම් ඔහු හෝ ඇයට ජීවිතයට එල්ල වන අනේක විධ බාධක මැඩපවත්වා අයෝමය ආත්ම ශක්තියකින් ඉදිරියට යා හැකිය.   


සතුරු රේඛාව   


රූප සටහනේ අංක 4 න් දක්වා ඇත්තේ සතුරු රේඛාවයි. ජීවන රේඛාවේ මුල් භාගය කපාගෙන ගුරු මණ්ඩලයටත් ශනි මණ්ඩලයටත් අතර ඇති ප්‍රදේශයට විහිද යාම සතුරු රේඛාවේ සාමාන්‍ය පිහිටීමයි. එය සතුරු රේඛාව හොඳ පිහිටීමක් නොවේ. සතුරු කියන වචනය කියවෙනවාත් සමගම ඔබට හිතෙනවා ඇති කියන්න යන්නේ කුමක්ද කියා.   
සතුරු රේඛාව යම්කෙනකුගේ අතක පිහිටලා තිබේ නම් එම අයට බො​හෝ සතුරන් සිටින බව මතක තබා ගත යුතුය. සමහර අයගේ සතුරු රේඛාව වෙනත් ඉරි වලින් කැපී ඇත්නම් ඔවුනට සතුරු බලවේග අබිබවා නැගී සිටීමේ ආත්ම ශක්තිය බලය හා හැකියාව ඇති බව කියැවේ. සතුරු රේඛාව දෙවැනි රේඛාවකිනුත් කැපී ඇත්නම් සතුරන් විසින් දෙනු ලබන වස විෂ කැවීමෙන් හෝ සතුරන් විසින් කරනු ලබන හදි හූනියම් වලින් විපතක් සිදුවීමට ඉඩ ඇත. දැන් ඔබ ඔබේ අත් දෙකම දිග හැර බලන්න මෙවැනි රේඛා එකම විදියට අත්දෙකේම පිහිටලා තිබෙනවාද කියා. එකම ආකාරයට අත්දෙකේම එම සලකුණු ඇත්නම් එහි පලාපල අනිවාර්යයෙන්ම ලැබිය හැක. එක අතක පමණක් නම් පලාපල අවම වේ. 

 

 

 
හිඹුටානේ පියතිලකද අල්විස්   
158 හිඹුටාන (රෝහල ඉදිරිපිට) මුල්ලේරියාව නව නගරය  



අදහස් (0)

ශාස්ත්‍රධාර භූමි ජන්ම සහ සඳරු රේඛා

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 21 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 16 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 95 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 109 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 80 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 56 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site