යතුරු පැදි ධාවනය කරන කාන්තාවන් රැසක් මග තොටදී දැකිය හැකිය. කාන්තාවන් අත වැඩිපුරම ඇති යතුරුපැදිය වන්නේ ස්කූටියයි. ස්කූටිය නතරවී මහමග රස්තියාදු වන කාන්තාවන්ද නිතර දැකගත හැකිය.
ප්‍රශ්නය වන්නේ ස්කූටියෙන් ඉගිලෙන සුන්දර රුවැත්තියන් ස්කූටිය කැඩුණු පසු හදාගන්න දන්නවාද යන්නය.
අප මේ වෑයම් කරන්නේ ඒගැන උපදෙස් ටිකක් දෙන්නය. ගාල්ල ඉමදූව යතුරුපැදි අලුත්වැඩියා කරන වසර 50 කටත් වඩා සේවා පළපුරුද්ක් සහිත තාක්ෂණ ශිල්පී ව්‍යාපාරික එඩ්මන් කොඩිතුවක්කු (55) මහතා ඒ ගැන කතා කරන්නේ මෙහෙමය.
තමා යතුරු පැදිය ධාවනය කරන වේගය පැයට කිලෝ මීටර් 40 හෝ 35 විය යුතුය. එය සුත්‍රයකි. එනම් ඒ වේගය ඇයට පාලනය කළ හැකි වේගයකි. නැතිනම් අනතුරක් වන අවස්ථාවේ දී විශේෂයෙන්ම යතුරු පැදියක් නම් ක්ෂණිකව ඉන් ඉවතට පැන ගන්නටද හැකියාවක් මේ නිසා ඇත.
හැම විටම මහ පාරේ මැද තම යතුරු පැදිය ධාවනය කරන්න. එවිට ඔබ ආරක්ෂිතය. සුරක්ෂිතය. වාහන පාරේ වැඩියි කියා මාර්ගයේ පදික වේදිකාව පැත්තේ වාහනය ධාවනය කරවන්නට ගියවිට අනතුරු සිදුවන ප්‍රවණතාව වැඩිය.
තමා නිතර ගමන් කරන මාර්ගය පිළිබඳ නිසි අවබෝධයක් රිය පදවන කතුන්ට තිබිය යුතුය. නිවසේ සිට නගරයටත්, නිවසේ සිට තම සේවා ස්ථානයටත් ගමන් කරන මාර්ගය ගැන මතකයක් තිබේ නම් අැය දක්ෂ රිය පදවන්නියකි.
මෙම මාර්ගයේ අතුරු මාවත් කිහිපයකි. මේ මාර්ගයේ වංගු රැසකි. මේ මාර්ගයේ පටු ස්ථානද බොහෝය. මේ මාර්ගයේ ලිස්සන ප්‍රවණතාව ද වැඩිය. ආදි වශයෙන් මාර්ගය පිළිබඳ මනා අවබෝධයක් රිය පදවන කාන්තාවන්ට තිබිය යුතුය. එවිට අනතුරු සිදුනොවන්නේය. සිදු වුවද එය මඟ හැර යන්නට ඇයට හැකියාවක් ලැබේ.
කිසි විටකත් තිරිංගවලට අත පය තබාගෙන රිය නොපදවන්න. එය වැරදි කටයුත්තකි. ක්ෂණිකව යම් වෙනසකට අනුගත විය හැකි උපරිම හැකියාව පිරිමි රියැදුරන්ට වැඩිය. මෙය කාන්තාවන්ටද වැදගත්ය. ඒ නිසා එය සත්තකින්ම රිය පදවන කතුන්ට වැදගත්ය.
‘‘මම ලස්සනයි. මගේ දිහා අර කොල්ලා බලන් ඉන්නවා. අර වාහනයේ අයියා මා දිහා බලන් ඉන්නවා. මම ලස්සනට වාහනය පදින්න ඕනෑ.’’ මේ ආකාරයට සිතා කලබල වී සිත නොසන්සුන් කරගෙන ඉදිරියෙන් ධාවනය වන වාහනයේ තම යතුරුපැදිය හප්පා ගත් අවස්ථාව වාර්තා වී ඇත.
ඒ නිසා ප්‍රදර්ශනාත්මක රිය පැදිවීමක් කාන්තා රිය පදින්නියන්ට නම් අදාළ නොවේ.
එක් වර සංඥා, නැතුව හෝ ඇතිව වමට හෝ දකුණට හරවන්නට යන්නේ නම් එය වැරදිය.
රටේ ලෝකයේ සිදුවන වාහන අනතුරු පිළිබඳ අවබෝධයක්ද කාන්තා රිය පැදිකරුවන්ට තිබීම අගනේය. එය වැදගත්ය. වාහන පදවනවිට වාහනය තමාගේ ඇඟේ කොටසක් කර ගන්නේ නම් අනතුරක් නැත. ඒ අනුව, සාර්ථක ගමනක් නිමාකළ හැකිය. තමාගේ ශරිරයේ කොටසක් වශයෙන් තම යතුරුපැදිය ධාවනය කරන්නේ නම් අනතුරු සිදු වන්නේ නැත. යතුරු පැදියේ වේගය පාලනය කර ගත හැකි පරිදි වාහනය ධාවනය කරන්නේ නම් මාර්ගයේ ඇති වන ක්ෂණික බාධකවලට මුහුණ දිය හැකිය. තමාගේ මෙන්ම වාහනයේද සමබරතාව රැකගන්නේ නම් එය තම ජීවිතයට මෙන්ම වාහන පදින අන් කිරිල්ලියන්ටද මනා වූ පාඩමකි.
සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ස්කූටියෙන් ඉගිලෙන කිරිල්ලියන්ට පාඩම් ටිකක්
Perera Saturday, 07 August 2021 01:34 AM
වයස අවුරුදු 55 යි සේවා පළපුරුද්ද අවුරුදු 50 යි .එතකොට බාස් වැඩ අවුරුදු 5 හේ ඉඳන්ද කරන්නේ .තව උපදෙසක් දීලා තියනවා, මහා පාර මැද්දේ ස්කූටිය පදින්න කියලා. නියමෙට තියෙයි මෙයාලා 35 ට - 40 ට පාරේ මැද්දේ තියන් කොටන කොට අනිත් අය මෙයාලාගේ පස්සෙන්ද එතකොට යන්න ඕන